Friday, September 8, 2017

GENDER REASSIGNMENT SURGERY (MALE TO FEM

Gender Reassignment Surgery | Male to Female Sex Change Surgery in India
ස්ත්‍රී  පුරුෂ භාවය වෙනස්කිරීමේ ශල්‍යකර්මය  (පිරිමි සිට ගැහැණු)

          පිරිමි ළමයෙක් තුල මානසිකව ගැහැණු ළමයෙකුගේ හැඟීම ඇති වුවහොත්, ඔහුට ලිංගික අනන්‍යතාවයේ ආබාධයක්, ගැහැණු ළමයෙකුගේ ලිංගික හැසිරීමක් ඇති විය හැකිය.මේ නිසා  තමාතුල තුළ ගැහැණු ළමයෙකු සිරවී සිටින බව පිරිමි ළමයෙකුට හැඟේ. ලින්ගිකත්වය තහවුරු කිරීමේ සැත්කම් මගින් මෙය ඉතා සාර්තක ලෙස නිවැරදි කල හැක.ශල්යකර්ම මගින් ලිංගිකත්වය වෙනස්කර ස්ත්‍රී ලිංගය  ප්රතිස්ථාපනය කිරීමේ සැත්කම (එස්ආර්එස්) ලෙසද හඳුන්වනු ලැබේ. මෙම ක්‍රියාපටිපාටියට  පෙර අපේක්ෂකයා මනෝවිද්යාඥයා සහ එන්ඩොක්රීනවේදියා ඇතුළු අපගේ කණ්ඩායම විසින් ඇගයීමට ලක් කළ යුතුය.

ඔබ සම්පූර්ණ කාන්තාවක් බවට පත් කිරීම සඳහා විවිධාකාර ශල්‍යකර්ම හා ක්රියාපටිපාටි මෙයට ඇතුළත් වේ. එම ක්‍රියාපටිපාටි වන්නේ:

පියයුරු වර්ධනය  කිරීම - ස්වභාවික පෙනුමක් ලබා දෙන ලෙස තම අවශ්‍යතාවයන් අනුව පියයුරු විශාලත්වය  වැඩි කළ හැකිය. මෙහි ප්‍රතිඵලය වන්නේ ස්වාභාවික පෙනුම, සැහැල්ලු හා හොඳ හැඩය ඇති පියයුරු ලබා දීමයි.
ක්රියාපිළිවෙත්: මෙය පියයුරු ඇතුලත සිලිකන්  තැන්පත් කිරීම මගින් සිදුකෙරේ. අතුරු ආබාධවලින් තොර මෙය ඉතා හොදින් ශරීරයේ තැපත් කරනු ලැබේ. ඔබේ සිරුර තුල ඇති මේදය පියයුරු තුල තැන්පත්කිරීම මගින්ද පියයුරු විශාල කිරීම සිදුකෙරේ.

කාල පරිච්ඡේදය: පැය 1 සිට 1 1/2 දක්වා. එදිනම ඔබට ගෙදර යන්න පුළුවන්.

නිර්වින්දනය: සාමාන්ය හෝ දේශීයව ආලේපනය

සුවවීමේ කාලය: දින 1 සිට 2 දක්වා

ලිංගික ශල්‍යකර්මය -මෙය පුරුෂ ලිංගික අවයවයේ සිට ස්ත්‍රී ලිංගික අවයවයට වෙනස් කිරීමේ සැත්කම වේ.  හැකි තරම් ස්වාභාවික පෙනුමක් ඇති ස්ත්‍රී  ලිංගික අවයවය නිර්මානය කරන අතර හා හැකි තරම් ලිංගික තෘප්තිය ලබාගනීමටද ඉඩ සලසයි.

ක්රියාපිළිවෙත: මෙහිදී පුරුෂ ලින්ගයේ  මාංශ පේශි සහ පටක හා වුර්ෂන කෝෂ  ඉවත් කරන අතර පුරුෂ ලින්ගයේ පෙරසම යෝනි මාර්ගය සෑදීම සදහා යොදාගනී.මෙහි මාංශපේශී, සහ බාහිර ලිංගික පෙනුම ස්ත්‍රීන්ට සමාන ලෙස පෙනෙන්නට නිර්මානය කෙරේ.  ලිංගික සංසර්ගයක් ඇති කිරීම සදහා යාේනියට ප්රමානවත් ගැඹුරක් ලබාදෙන   අතර penile skin inversion and / or sigmoid colon  තාක්ෂණය භාවිතා කරයි.

කාල සීමාව: පැය 3 සිට 5 දක්වා. නිර්වින්දනය: සාමාන්ය

නිවසට යෑමේ කාලය: දින 7 සිට 10 දක්වා. අවශ්යතාවයට අනුව ඔබට දින 2 සිට 7 දක්වා රැඳී සිටිය හැකිය 

No comments: