Friday, September 8, 2017

හදිසි අනතුර 131.........................පරිගනක පන්තියේදී ඉගෙනගත්පරිදි මගේ  පැරනි චායාරූප එකින් එක වෙනස් කරමින් නැවත සකස්කලෙමි. මෙයට තරමක් වෙලාව  ගතවුවද නිවාඩු තිබෙන හෑමවාරකම මෙම ක්‍රියාව සිදුකලේ ඉක්මනින්ම සියල්ල නිමකිරීම සඳහාය. ෂා........ දුව ලස්සනට පොටො ටික වෙනස්කරලනෙ ඒ කාලෙ හිටියෙ කොල්ලෙක් කියල කියන්නවත් බෑනෙ .......අම්මා මා වෙනස්කල චායාරූප බලමින් පැවසුවාය. මාව කෙල්ලෙක් වෙලාම උපන්නනම් මෙහෙම වදවෙන්න ඕනෙනෑනෙ........මා ප්‍රකාශකරනවිට.......ඒකනම් ඇත්ත .....එහෙනම් මාත් එදා ඉදම්ම මටත් ගැහැනුළමයෙක් ඉන්නව කියල සතුටුවෙන්න තිබුන......කමක් නෑ දැන්හරි මට දුවෙක් ඉන්නවනෙ........ඇය සතුටින් පවසනු ඇසුනි.
              මා නිතරම උත්සාහ ගත්තේ මගේ එම පිරිමි අතීතය අමතක කිරීමටය. මා පිරිමි ළමයෙකු ලෙස  එකල භාවිතාකල සියලු උපකරන විනශ කිරීමට පෙලබුනේ එම අදුරු අතීතය සම්පූරනයෙන්ම මකාදැමීම සඳහාය. මට දැන් පිරිමි අතීතයක් නෑත. මා උපන්නේද ගැහැනු ළමයෙකු ලෙසබව නිතර සිතීමට පුරුදු උනෙමි.
                මේ අතර තුර ඉගෙනීමේ කටයුතුද හොදින් සිදුකලෙමි........සමහර දිනවල මගේ යෙහෙලියන්ද අපේ ගෙදර පෑමිනියේ මා සමඟ පාඩම් කිරීම සදහාය. මා ඔවුන්ට මගේ  පැරනි චායාරූප පෙන්නුවේ මා එදා සිටම ගැහැනු ළමයෙක් යනබව ඒත්තුගැන්වීම සඳහාය. ............අනේ තිලිනි ඔයා  ඒදවස් වල ලස්සන බොනික්කියෙක් වගේනෙ...........හරිම සුරතල් අනේ ...........දම්මි මගේ  චායාරූප දෙස බලමින් කීවාය .........ඒ කාලෙ විතරක් නෙවෙයිනෙ දැනුත් තිලිනි බොනික්කියෙක් වගේ ලස්සනනෙ බලන්නකො තාමත්  සුදට සුදේ ඉන්නෙ........අමාදා මගේ කරට අත දමාගෙන පැවසුවාය.....මා මේතරම් ලස්සන කෙල්ලෙක් වෙලාද.... කල්පනා කල මා......ඔවුන්ගේ මෙම ප්‍රකාශ නිසා මගේ සිතතුල සතුටක් ඇතිවිය.
            මා නිතර මගේ හැඩරුව කැඩපතින් බලමින් සතුටුවුනෙමි......මාව කොල්ලෙක් වෙලා හිටියනම් මෙගේ ඇග දැන් මේ තියෙන විදියට හැඩවෙන්නෙ නෑනෙ.......එහෙනම් මට මේ සිනිඳු  ලස්සන මුහුන වෙනුවට තියෙන්නෙ රැවුල් වැවුනු ගොරෝසු කිසිම හැඩයක් නැති මුහුනක්.......මගේ අත පයවලත් මේ වෙනකොට තාත්තගෙ වගේ මවිල් වැවිල තියෙයි......ඒ වගේ මස් පිඩුපිම්බිලා දැන්වගේ නෙවෙයි කිසිම හැඩයක් නැතිවෙන්න තිබුන.......එහෙනම් මට මෙච්චර වෙලා හැඩ බලන්න රූපයක් නෑ.......දැන් මම කෙල්ලෙක් උන හින්ද කොයි තරම් ලස්සනද......ඕනෙ තරම් වෙලාවක් හැඩ බලබලා ඉන්න පුලුවන්.......ඒ විතරක් නෙවෙයිනෙ මේවගේ ලස්සන කරාබුදාල මාල දාල ......ලස්සන සිනිදු ගවුන් ඇදගෙන ඉන්න පුලුවන් වුනෙත් මාව කෙල්ලෙක් උන හින්දනෙ.......
                අපගේ විභාගය ක්‍රමයෙන්  ලංවන්ට විය.......අපි පාඩම් කරන අතර තුර කන්දේ විහරයට ගොස් බෝධිපූජා පැවැත්වීම පුරුද්දක් වශයෙන් කරගෙන ආවෙමු.....අන්‍ය ආගමිකයෙකු වූ සම්මිද මෙයට අනිවාරයෙන් සහභාගීවීම විසේසත්වයක් විය.......කල් යනවිට ඇයද අප මෙන්ම පූජාවලට සහභාගී වූවාය......අපේ පල්ලිය වගේ නෙවෙයි අනේ මෙතෙන්ට ඇවිල්ල ඔයාල එක්ක පූජා තිබ්බම හිතට පුදුම සහනයක් අනේ දැනෙන්නෙ......ඇය නිතර පවසන්ට වූවාය.........එහෙනම් තිලිනි මෙතෙන්ට ඇවිත් කෙල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කලාවගේ ....උඹත් කොල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරහන්...දම්මී පැවසුවාය....මේ...මට පිරිමියෙක් වෙන්න ඕනෙ නෑ......උඹට ඔන්නම් කරහන්......අනේ මටත් ඕනෙ නෑ......ඕනැ කෙනෙක් ඉන්නවනම් පුලුවන්.......දම්මි සැම දෙනාටම ඇසෙන සේ කීවාය........අනේ අපිටත් ඕනෙනෑ අපි කෙල්ලො වෙලා උපන්නෙ කොල්ලො වෙන්න නෙවෙයි නේද තිලිනි.....අමාදා මගේ අතින් අල්ලාගෙන පැවසුවාය.......ඒකනෙ.....පිරිමි ලමයෙක් ලෙස ඉපදී ගැහැනු ළමයෙකු බවට පත්වී ගැහැනු ජීවිතයේ සතුට හොදින් හදුනාගෙන සිටින මා එසේ පැවසුවෙමි........පිරිමියෙක් වෙන එක මීටවඩා හොදනම් තිලිනි ඒ කාලෙ කෙල්ලෙක් වෙන්න ප්රාර්තනා කරන්නෙ නෑනෙ නේද තිලිනි.......සම්මි මගෙන් විහිලුවට මෙන් ඇසුවාය......එහෙම දෙයක් නෑ අනේ.....මම එදා එහෙම කිව්වෙ විහිලුවට........මා කීවෙමි......
                 විභාග දින ක්‍රමයෙන් ලන්වනවිට තරංග අයියාද මට විටින් විට කතා කරමින් උපදෙස් දෙමින් මාව දිරිගන්වන්ට විය......විභාගය අවසන්විය මගේ යෙහෙලියන් සියලුදෙනම සාර්තකව විභාගයට මුහුන දී ඇතිබව ඔව්න්ගේ කතාබහෙන් තේරුම් ගනීමට හැකිවිය.........දැන්  විභාගෙත් ඉවරෙනෙ ඇන්ටී.....ඒ හින්ද අපි ට්‍රිප් එකක් යමුකෝ.......මගේ ගෙදරට පැමිනි යෙහෙලියන් ...අම්මාට යෝජනා කලාය.......යන්නනම් පුලුවන් ඔයාලගෙ අම්මල තාත්තල දැනුවත්ව තමයි එහෙම කරන්න වෙන්නෙ......අම්මාගේ පිලිතුර විය......අපේ තාත්ත්ගෙ බස් එක ලෑස්ති කරගන්න පුලුවන් සම්මී.......පැවසුවේ ඇගේ පියාටබස් එකක්  තිබෙනබව දන්වමිනි.......එහෙනම් ලේසියිනෙ.......ඔයාල කැමතිනම් අවුලක් නෑ.....දිනයක් දාගන්නකො.......අම්මා කීවාය.
       Transgender body swap ගේ ඡායාරූපය

No comments: