Saturday, September 9, 2017

හදිසි අනතුර 132.........................අපි කතා වූපරිදි විනෝද චාරිකාව සංවිධානය කලෙමු. සම්මිගේ තාත්තා ගේ බස්රථය  මේ සදහා තෝරාගත්තෙමු....අපේ ගමනට තවත් මිතුරියන් එකතුවූ අතර ඔවුන්ගේ දෙමා පියන් සහ තවත් සහෝදර සහෝදරියන්ද එකතුවීම නිසා අපේ පිරිස වැඩිවිය.....මෙය සංවිධානය කිරීමේ ප්‍රධානත්වය ගැනීමට සිදුවූවේ අම්මාටය.....මෙම ගමන දවස් දෙකක් වූඅතර අපි ගියේ කතරගම සහ යාල වනෝද්‍යානය නැරබීමටය......එම දෙදින පුරා අපි බොහෝසේ විනෝද වුනෙමු......මෙවැනි විනෝද කාමී යෙහෙලියන් පිරිසක් ලැබීමට තරම් මා වාසනාවතියෙක් වූවේ මා ගැහැනු ලමයෙකු බවට පත්වීම නිසාබව මට නිරන්තරයෙන් සිහිවිය.....
               මාස කිහිපයකින් අපේ ප්‍රතිඵල  නිකුත්වී තිබුනි......මා සමග පාඩම් කල සියලු දෙනා උසස්ලෙස සමත්වී තිබුනි.....අපි පාස් කෙල්ලෙ.....අමාදා සිනහමුසු මුහුනින් යුතුව මා අසලට පැමින සතුටින් කීවාය.......අපි ඔක්කොමල්ල පාස් ......මා ඇයව තුරුලු කරගෙන පැවසුවෙමි......දම්මි සහ සම්මි අපි අසලට පැමින අපිව බදාගෙන සතුටින් සිප වැලදගන්ට විය......අපි ඔක්කොටම මෙඩිකල් කොලේජ් යන්න පුලුවන් වෙයි......අප සමගේ පැතුම එය විය......මා මෙම ආරන්චිය අම්මා ට පැවසූවිට ඇය මාව නොසෑහෙන ලෙස සිපගන්ට වූවාය.....ඔය ඇති අම්මේ.....මා ඇයව නැවතූවෙමි....මගේ කෙල්ලට තියෙන ආදරේ කියල නිමකරන්න බෑ දුව.......තාත්තත් දැන් ගොඩක් සතුටුවෙයි......පැවසූ ඇය තාත්තාට දුරකතනයෙන් මෙම ආරන්චිය පැවසුවාය......මා තරංග අයියාට මෙය දැනුම් දුන් විට සුබපැතූ ඔහු කොළඹ වෛද්‍ය විද්යාලයට ඇතුලත් වූ විට එහිදී උපකාර කිරීමටද පොරොන්දුවිය.......
                අපගේ සිහින සැබෑකරමින් මටත් අමාදාටත් දම්මි සහ සම්මි තිදෙනාටම කොළඹ වෛද්‍ය විද්යාලයට තේරීම අපේ වාසනාවක් විය........තවත් දෙදෙනෙක් පේරාදෙනියට තේරී පත්විය......හර්සනී ඒ අතර විය.....මටත් කොළඹ ම සෙට් වුනානම් මරුබන්.......උඹල එක්කම ඉන්න තිබුන......ඇය නොසතුටෙන් මෙන් පැවසුවාය......උඹ පේරාදෙනියට පලයන් එතකොට අපිට කියන්න පුලුවන් පේරාදෙනියෙත් අපේ යහලුවෙක් ඉන්නව කියල.....දම්මි ඇයට කීවාය....
                අපි වෛද්‍යයවිද්යාලයට ඇතුලත් වූ පසු තරංග අයියා මට බොහෝසේ උදව්කිරීමට ඉදිරිපත්වීම. අප සැමගේ වාසනවක් විය. වෛද්‍යයවිද්යාලයේ ඉගෙනුම ආරම්භ කල පසු අපිට කොළඹ නැවතීමට සිදුවිය.......මේ කාලය වනවිට මල්ලීද සාමාන්‍යය පෙල විභාගය සදහා සූදානම් වන බව දැනගැනීමට ලැබුනි.....මේ නිසා අපි දෙදෙනාම ගෙදර නොමැති වීම ගැන මට කනගාටුවක් ඇතිවූවේ අම්මාට ගෙදර තනිවීමට සිදුවූ නිසාය......එහෙත් මා දිනකට වතාවක් හෝ ඇය සමග ස්කයිප් මගින් කතා කිරීමට පුරුද්දක් කරගත්තෙමි......
                මොකද දැන් උඹේ බෝයි ෆ්රෙන්ඩ් කියන්නෙ.....දිනක් සම්මි ඇසුවාය....මොන බෝයි ෆ්රෙන්ඩ් ද ?.....මා ප්‍රශ්න කලෙමි......ඇයි තරංග අයිය......ඇය කීවාය. ......එහෙම දෙයක් නෑ බන්.....එයා මගේ සහෝදරයෙක් වගේ.......මා පැවසුවෙමි......ඔව් ඕවගෙ සහෝදරයො වගේ ඉන්න අයතමා අන්තිමට.......ඇයගේ කතාව සම්පූරන කිරීමට ඉඩ නොදුන් මා .......ඔය විකාර කතා නොකිය ඉන්න සම්මි........මා තරහෙන් මෙන් කීවෙමි.......සම්මි කියන්නෙ විකාර කතාවක් වෙන්නෙ කොහොමද....උඹල දෙන්න හොදට ගැලපෙනව.....ඇයගේ කතාව අසාසිටි දම්මී කීවාය.....උඹල ඔක්කොටම පිස්සු.......මා තරහක් ආරූඩකරගෙන කීවෙමි.......උඹට බැරිනම් අපි තරංග  අයියගෙන් අහන්නද.......දම්මි කීවාය......හරි හරි දම්මිටනම් එයා හොදට ගැලපෙනබව පේනව මම අහන්නම්.......මා කීවෙමි.......මට නෙවෙයි බන් උඹට......නැතුව උඹේ ප්‍රේමවන්තය උදුරගන්න මට ඕනැ කමක් නෑ.....දම්මී කීවාය.
                  එදින රාත්රියේ නින්දට යන විට ඔවුන්ගේ මෙම කතාව ගැන මා කල්පනා කලෙමි.....තරංග අයිය කියන්නෙ කෙල්ලෙකුට දාහකින් හොයාගන්න බැරි කොල්ලෙක් ඒත් මම කොහොමද එයාගැන හිතන්නෙ......එයා විතරයි මගේ අතීතය ගැන දන්නෙ.....එහෙම තියාගෙන තරංග අයිය මට කැමතිවෙයිද.........මා තවදුරටත් කල්පනා කරන්ට වුනෙමි......
            සතියක් පමන ගතවිය......මා තරංග අයියා සමග කතාකරමින් සිටිනවිට මා අසලට පැමිනි.....සම්මී.....දවස් දෙකතුනකින් අයියව දැක්කෙ නෑ කියල අඩ අඩා හිටියෙ......අදනම් කෙල්ලට නින්ද යයි......කීවාය......ඒහෙම එකක් නෑ අයියෙ මේකිට පිස්සු......මා ඇයට සැරකලෙමි......මම බොරු කියනවනම් අමාදගෙන් අහන්න.......ඇය අසල සිටි අමාදා පෙන්වා කීවාය.......අපිට පද හදන්නෙ නැතුව යන්න අනේ මෙතැනින්.......මා කීවිට. හරි හරි කරදර නොකර අපි යන්නම්........සම්මී අමාදා සමග අපි අතරින් ඉවත්වනවිට තරංග අයියාගෙන් සමුගත්  මා දුවගෙන ගොස් ඔවුනට එකතුවුනෙමි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: