Thursday, September 7, 2017

හදිසි අනතුර 130...........................බලන්න දුවට දැන් කිසිම විවේකයක් තියෙනවද කියල උදෙම්ම නැගිටල කුස්සියෙ වැඩ කරනව. ඊට පස්සෙ ඉස්කෝලෙ යනව. හවසට පන්ති හරි මැහුම් ඉගෙනගන්න හරි යනව. ඒ අතර පාඩම් වැඩත් කරල නින්දට යනකොට ගොඩක් රෑවෙනව. ඒ මදිවට මේ මාසෙකට සැරයක් හැදෙන කරදරේ....දුව කොයිතරම් දුක් විදිනවද......ඉස්සර වගේ කොල්ලෙක් විදියට හිටියනම් මේ එක කරදරයක් වත් නෑනෙ.......අම්මා පවසන්ට වූවාය.....ඉතින් අම්මෙ කොල්ලෙක් උනත් ඉස්කෝලෙ යන්න ඕනැ පන්තියන්න ඕනැ....මා පැවසුවෙමි......කොල්ලෙක් උනහම උයන වැඩ මැහුම් වැඩ.....නෑනෙ දුව.... එයාලට තියෙන්නෙ ඉගෙන ගන්න එක විතරයි.....ඇරත් මාසෙකට සැරයක් හැදෙන ඔය කරදරෙත් හැදෙන්නෙ නෑ නෙ......ඉතින් අම්මෙ හැම ගැහැණු ලමයෙකුටම මෙහෙම වෙනවනම් මට උනහම මොකද?......මා ඇයගෙ වචන ගනනකට නොගෙන මෙන් පැවසුවෙමි.......ඔයා අනිත් ගෑණු ලමයි වගේ නෙවෙයිනෙ......ඔයා උපන්නෙ පිරිමි ලමයෙක් විදියට.....ඔයා ගැහැනු ලමයෙක් බවට පත්වුනේ අහම්බෙන්නෙ ලමයෝ......අම්මා පවසනවිට......ඒක අහම්බෙන් උනේ නෑ අම්මෙ.....මම කරපු ප්‍රාර්ථනාවක්  ඉස්ටවුනා කියල මට හිතෙන්නෙ....ඔව් මටත් තෙරෙනව ඔයාට ඉස්සර ඉදම්ම ගෑණු ලමයෙක් වෙන්න ඕනැකම තිබුන කියල. ඔන්න දැන් ඔයාගෙ ප්‍රාර්ථනාව ඉස්ට වුනානෙ දැන් ඉතින් විදෝන එකයි ඇත්තෙ....අම්මා අමනාපයෙන් මෙන් කීවාය......මම විදවන්නෙ නෑ අම්මේ ගැහනු කමේ සුදරත්වය විදිනව මිසක්.......මා සිනාසෙමින් කීවෙමි......කවද හරි කසාද බැදල බබාල හම්බවෙන්න ගියාම හොදට විදින්න පුලුවන් වෙයි.....අම්මා කීවාය.......අම්ම කෙනෙක් වෙන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද අම්මේ...කී මම.......අම්මා බුදුවේවා කියන්නෙ නිකමට නෙවෙයිනෙ.....කීවෙමි.....මම ඉතින් ඕව ගැන මොකුත් කියන්න යන්නෙ නෑ විදලම බලන්න පුලුවන් වෙයිනෙ.....අම්මා සෙමින් පැවසුවාය......මම ගැහනු ලමයෙක් වෙන්න කැමති උනේ ඒ ඕනැ දේකට ලෑස්තිවෙලා..අම්මේ....මා පිලිතුරු වසයෙන් කීවෙමි......අනේ මන්ද.....අම්මා පැවසූවිට.....ඇයි අම්මේ.....අම්මා කැමති නැද්ද මට මෙහෙම උනාට......ඇසුවෙමි......අකමැති නෑ දුවේ......මම ගොඩක් සතුටුයි ඔයා මගෙ දුවෙක් උනාට.... මටත් ඉතින් දුවෙක් නැතුවනෙ හිටියෙ....ඒත් දුව විදින කරදර දැක්කම මට දුක හිතෙනව.....ඇය කීවාය.....අයියෝ.... මට ඒව කරදර නෙවෙයි අම්මේ.....මම හිතාගෙන ඉන්නෙ මේ ඔක්කොම මගේ ගැහැනු කමට ලැබුනු ආශීර්වාද කියල.....අම්මා දුක්වෙන්න එපා......මා අම්මාගේ මුහුන සිපගනිමින් කීවාය.......ඇය මාව තුරුලු කරගෙන උකුලේ හොවාගෙන......ඔයා කියන එකේ ඇත්තක් තියෙනව දුවේ......ඔයා දුවෙක් උනා කියල මාත් කොච්චර සන්තෝසෙන්ද ඉන්නෙ....ඔයා කොල්ලෙක් උනානම්  දැන් ඉලන්දාරියෙක් ඉලන්දාරියෙක්ව කිහොමද මම මේ විදියට උකුලෙ තියාගෙන හුරතල් කරන්නෙ......මගේ මුහුන සිපගනිමින් කීවාය......ඕකනෙ කියන්නෙ අම්මේ.....මටත් අම්මගෙ උකුලෙ ඉන්න පුලුවන්වුනේ මාත් කෙල්ලෙක් උන හින්දනෙ......කී මා.....මාත් දැන් සතුටින් ඉන්නෙ..... අම්මත් සතුටින් ඉන්නෙ....මම ගැහැණු ලමයෙක් උනාට පස්සෙ අපේ ගෙදර ඔක්කොම සතුටින්නෙ ඉන්නෙ......මා පැවසුවෙමි....ඒකනම් සහතික ඇත්ත....පැවසූ..අම්මා නැවත මගේ මුහුන සිපගත්තාය.
                  දින ගනන් ගතවනවිට මා පිරිමි ලමයෙකු ලෙස ඉපදුනු බවද අමතක කලෙමි......ඒ දිනවල මා කොල්ලෙක් ලෙස ගත් චායාරූප පවා නැරබීම ප්‍රතික්ශේප කලෙමි.....අම්මේ මගෙ ඉස්සර ගත්ත පොටෝස් ඔක්කොම අයින් කරන්න.....මා දිනක් අම්මාට කීවෙමි.....ඒ මොකද දුවේ.....අම්මා ඇසුවාය....ඒවයේ ඉන්නෙ මම කොල්ලෙක් විදියටනෙ.....මට ඒව බලන්න ආසනෑ.......මා කීවෙමි......ඔයාගෙ තනි පොටෝනම් අයින් කරන්න පුලුවන් ඒත් අනිත් අයත් එක්ක ගත්ත පොටෝ වල තමා ගැටලුව තියෙන්නෙ.....අම්මා කීවාය....අම්මේ ඒවටත් වැඩක් කරන්න පුලුවන්.....මා කීවෙමි......ඒ මොකක්ද?.... විසිකරන්නනම් එපා.......අම්මා කීවාය......විසිකරන්න ඕනැ නෑ අම්මෙ ඒ ටිකේ මගේ පොටෝස් ටික මාව කෙල්ලෙක් විදියට පේන්න එඩිට් කරමු......මා යෝජනා කලෙමි......ඒකනම් හොද අදහස ඒත් කොහොමද ඕක කරන්නෙ......අම්මා ඇසුවාය......මම පොටෝ එඩිට් ඉගෙන ගන්නම් ඊටපස්සෙ මටම පුලුවන් කරගන්න.....ඒකටත් ඉතින් පන්තියකට යන්න වෙනවනෙ.....අම්මා කීවාය......ඔව් අම්මෙ පන්තියක් තියෙනව මම ඒකට යන්නම්.......මා කීවෙමි.....දුවගෙ කැමැත්තක්. ඒත් තාත්තටත් කියන්න ඕනැ......අම්මා කීවාය.....
               තාත්තාගේ අවසරය පරිදි මට පරිගනක පතියකටද ඇතුලත් වීමට හැකිවිය.....මේ අතර තුර තාත්තා මට වටිනා පරිගනක යන්ත්‍රයක්ද ස්කෑන් යන්ත්‍රයක් ද ගෙන දුන්නේය......මේ පොටෝ එඩිට් ක්‍රමය හොදින් ඉගෙන ගත්තේ මගේ පොටෝ එඩිට් කරගෙන මා කුඩාකල සිටම කෙල්ලෙක් ලෙස සිටිබව පෙන්වීම සදහාය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: