හදිසි අනතුර 141.......................පසු දින අම්මා කේන්දර කොපිය රැගෙන ගෙදරින් පිටත් වූ අතර මා මල්ලිකා සමග කුස්සියේ වැඩවල නිරත වුනෙමි..... බේබිට දැන් හොදට උයන්න පුලුවන් හින්ද මේ වැඩකරන්න ඕනැ නෑ....මල්ලිකා මා එලවලු කපනදෙස බලා පැවසුවාය. ගෑණු ලමයෙක් උනාම මේ වැඩ කරන්න ඕනැ මල්ලිකා නැත්නම් කම්මැලි වෙනව. මා පැවසූ විට.....ඒකනම් සහතික ඇත්ත බේබි. වැඩකාරියෙකුගෙන් වැඩගන්නත් මේව ඉගෙනගෙන තියෙන්න ඕනැනෙ ......ඇය කීවාය. මා පිරිමි ලමයෙක් ලෙස සිටිකාලයේ මෙන් නොව ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු මෙවැනි ගැහැණු කරන වැඩවල නිරත වීමට ඉතා දැඩි කැමැත්තක් ඇතිවී තිබුනි.....මෙය මගේ සන්සාරගත පුරුද්දක් විය හැකි බව මටම සිතුනි. මේ බවයේ වැරදීමකින් පිරිමි සිරුරක් ලබා ඉපදුනත් මීට පෙර බව වල මා කාන්තාවක් වසයෙන් සිටින්ට ඇත. එදා මා කාන්තාවක් වසයෙන් පුරුදු කරගත් එම පුරුදු මේ ආත්ම බාවයටද පැමිනෙන්ට ඇත. කුමක් හෝ අකුසලයකින් මා පිරිමි ලමයෙකු වී ඉපදුනත්....පසු වනවිට ඒ අකුසල කර්මය ගෙවීගොස් නැවත මට සුපුරුදු ගැහැනු කම ලැබෙන්ට ඇත.....මා කලින් සිටි එම පිරිමි ජීවිතයට වඩා මේ ගැහැනු ජීවිතය කෙතරම් සුන්දරද....මා ඇසුරු කරන යෙහෙලියන් කෙතරම් හොදද......කල්පනා කරන්ට වුනෙමි......ටික වේලාවකින් අම්මා ආපසු පැමිනියාය.....මා ඉක්මනින් ඇය අසලට දිවගියේ හදහන් වල ප්‍රතිඵල විමසීම සදහාය.....ඔන්න දුවේ මට හිතුනවගේම සිද්ද වුනා....අම්මා සිනාසෙමින් පැවසූ විට.හදහන් ගැලපෙන බව පවසන්ට ඇති යනුවෙන්සිතුනත්......ඒ මොකක්ද අම්මේ....ඇසුවෙමි.....මම ඊයෙම කිව්වනෙ මේව නොබැලුවත් ඔය දෙන්න ගැලපෙනව කියල.....ඔන්න කේදරත් ගැලපෙනව කිව්ව.....ඇය සතුටින් පවසන්ට වූවාය.....අම්මේ ඇති යන්තම් අපිට තිබුන ලොකුම භාදකය ඉවරයි.....මේක දැම්ම තරන්ග අයියට කියන්න ඕන්නැ......සිතූ මා ඉක්මනින්....කාමරයට ගොස් තරන්ග අයියාට ඇමතුමක් ගත්තෙමි.......කාර්ය බහුල බැවින් පසුව අමතන්න.....මා විසන්දි කර සුවල්ප වේලාවකට පසු නැවත උත්සාහ කලෙමි......එහෙත් මුල් පනිවිඩයම නැවත ලැබුනි.....මෙච්චර වෙලා කා එක්ක කතාකරනවද මන්ද.....මා නොයිවිසිලිමත්ව කල්පනා කලෙමි.......නැවත උත්සාහ කලත් ප්‍රතිඵල රහිතවිය......එවිට මගේ සිතට දුකක් සමග තරහක් ඇතිවිය.....මා දුර කතනය විසන්දි කර.....තරහෙන්ම කුස්සිය දෙසට ගියෙමි......තරංග පුතාට කිව්වද.......මාව දුටු අම්මා ඇසුවාය.....තාම නෑ අම්මෙ....පස්සෙ කියනව......මා සිදුවූ දෙය නොකියා පැවසුවෙමි. ......දුවට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල මුහුනෙන් පේනව.....මේක කිව්වට පස්සෙ මොකක් හරි ප්‍රස්නයක් උනාද.....ඇසූ ඇය.....කෝබලන්න මම කතා කරන්න......ඇය දුරකතනය අසලට ගියාය.......තරන්ග පුතාද.....ඇසූ ඇය......මේ කතාකරන්නෙ තිලිනිගෙ අම්මා.....කේන්දරේ බැලුව හොදට ගැලපෙනව කිව්ව....පැවසූ ඇය.......ඔහු පවසන දේ අසා සිට.....මට කේන්දර බලන්නෙ නැතුවම හිතුන පුතේ ඔය දෙන්න හොදට ගැලපෙනව කියල....මම දුවටත් ඒක තමා කිව්වෙ......පැවසූ අම්මා.....දුව ඉන්නවා....දුව....මේ තරංග අයිය කතාකරනව......මම වැඩක් කියල පස්සෙ කතාකරන්නම් කියන්න.....මා කීවෙමි........එයා කියනව පුතාට පස්සෙ කතාකරන්නම් කියල......පැවසූ අම්ම....දැන් මේගැන තිලිනිගෙ තාත්තට කියන්න ඕනැ....ඒවගෙ පුතාගෙ දෙමවුපියන්ටත් කියන්න......අම්මා කීවාය.....සුවල්ප වෙලාවකින් රිසීවරය තැබූ අම්මා.....ඇයි දුවේ ඒ ලමය එක්ක කතා නොකලේ.....මගෙන් ඇසුවාය. .....දැන් අම්ම පනිවිඩය කිව්වනෙ..... මම පස්සෙ කතාකරන්නම්......මා කීවෙමි......වෙනදට ඒ ලමය කතා කරනව කිව්වම සන්තෝසෙන් එන ඔයා අද මොකද?......ප්‍රශ්නාර්ථව මා දෙස බැලූ ඇය.......කුස්සිය දෙසට පිය මැන්නාය.
නැවත කාමරයට ගිය මා දුරකතනය ගෙන දැම්ම කතාකරනවද නැද්ද යනුවෙන් කල්පනා කරන්ට වුනෙමි.....මම කතා කලේ නැති උනාම එයාට දුක හිතෙන්න ඇති...ඒත් එයා මේකට ගන්න ඕනැනෙ. මොකද දන්නෙ නෑ ගත්තෙ නැත්තෙ...මම කතා නොකලට එයාටත් තරහ ගියාද දන්නෙ නෑ.......සිතුනු මා දුරකතනය දෙස බැලුවෙමි.....මේකට කොහොම කෝල් ගන්නද.....තරගිය පාර මම මුලු පෝන් එකම ඕෆ් කරලනෙ.....එයා මේකට ගත්තද දන්නෙත් නෑ.....මා ඉක්මනින් එය නැවත ඔන් කලෙමි.....සුලු වෙලාවකින්.....එය නාද විය.......තරන්ග අයියා බව දැනගත් මා ඔහුට කතා කලෙමි......අම්මෝ ගන්නව ගන්නව පෝන් එකත් ඕෆ් කරගෙන ඔයා මොනවද මෙච්චර වෙලා කලේ.....ඔහු ඇසුවේය.....ඊට ඉස්සෙල්ල මට කියන්න.....ඔයාට අපේ අම්ම කතාකරන්න ඉස්සෙල්ල.....ගොඩක් වෙලා කතාකරකර හිටියෙ කා එක්කද කියල.......මා ඇසුවෙමි......
No comments:
Post a Comment