හදිසි අනතුර 134................... මගේ ෆයිනල් එක්සෑම් එකට තියෙන්නෙ තව මාස දෙකක් විතරයි. ඊටපස්සෙ මට මෙහෙ ඉන්න වෙන එකක් නෑ......කොහේහරි දුරකට යන්න වෙයිද දන්නෙ නෑ......පැවසූ ඔහු...ටික වෙලවක් කල්පනා කරන්ට වූවාය......මා ඔහු දෙස බලා සිටියේ ඔහුගේ සිත තුල කියාගැනීමට නොහැකි යම්දුකක් ඇති බව කල්පනාකරමිනි.......අයිය ගියාම අපිට තමා පාඩු....මා පැවසුවෙමි......මම කොහේ ගියත් නන්ගිවනම් අමතක කරන්නෙ නෑ.....ඔහු මගේ මුහුන බලාගෙන පැවසුවේ සිතේ දුක සිරකරගෙන බව මට තේරුනි.....මාත් එහෙමයි අයියෙ..මට කරපු උදවු කවදාවත් අමතක වෙන්නෙ නෑ......මා කීවෙමි. ඔහුගේ සිත තුල යම්කිසි දෙයක් හිරකරගෙන සිටිනබව තේරුම් ගත් මා......ඇයි අයියෙ මොකක් හරි ප්‍රස්නයක්ද..... ඇසුවෙමි.....මට ඊයෙ ඔයාගෙ යාලුව සම්මි හම්බවුනා.....ඔහු පැවසූවිට......ඒ පිස්සු කෙල්ල මොනවද මා ගැන කිව්වෙ......කලබලයට පත්වූ මා ඇසුවෙමි....කලබල වෙන්න එපා ඔයා ගැන නරකක් කිව්වෙ නෑ.....එයා කියන එකත් හරි තිලිනි.....ඒත් මට ඔයත් එක්ක මේ ගැන කතාකරන්න මොකක්ද වගේ.......ඔයාගෙ තාත්තල ලොකු සල්ලි කාරයො.....අපිට ඔයාලට වගේ සල්ලි නෑ......අනිත් එක මම මේවගේ දෙයක් කිව්වොත් ඔයා මොනව හිතයිද දන්නෙත් නෑ......ඔහු පවසන්ට වූවේය......අපේ තත්තලට සල්ලි තිබුනට ඒක මෙතෙන්ට අදාල නෑනෙ අයියෙ......අයිය මොනව ඇහුවත් මම අයිය ගැන අහිතක් හිතන්නෙ නෑ.....මා පැවසුවෙමි.......ඉතින් කියන්නකො අර පිස්සු කෙල්ල මොනවද කිව්වෙ කියල......මා පැවසුවෙමි......ටික වෙලාවක් මා දෙස බලා සිටි ඔහු...සම්මි ලොකු දෙයක් කිව්වෙ නෑ.....එයා කියනව ඔයා හරි හොදයි කියල......පැවසුවේය......ඉත ින් ඕක කියන්න දෙයක් ද. එයාලට වැඩිය ඉස්සර ඉදම්ම අයිය මා ගැන දන්නවනෙ.....පැවසූ මම ......සම්මි ඒක නෙවෙයි කියල තියෙන්නෙ වෙන මොකක් හරි නේද......මා ඇසුවෙමි.......ඔව්....ඔහුගේ පිලිතුර විය.....මොකක් ගැනද.....මා කුතුහලයෙන් යුතුව ඇසුවෙමි.....එයා කියනව අපි දෙන්න හොදට ගැලපෙනව කියල.....කීවේය.......ඉතින් ගැලපෙන හිද නේන්නම් අපි මෙච්චර කල් ආස්සරේ කලේ.....මම කිව්වෙ ඒකිට පිස්සු කියල......මා ඇය ගැන තරහක් ආරූඩකරගෙන කීවෙමි.....ඉතින් මම කිව්ව අපි දෙන්න ගැලපුනාට අපේ පවුල් දෙක ගැලපෙන්නෙ නෑ කියල......ඒක ඇත්තනෙ නේද තිලිනි.......ඔහු දුකෙන් මෙන් ඇසුවාය.....මට දැන්නෙ තේරුනේ ....ඒකි අපි දෙන්නට මගුල් කපුකමක් කරල කියල......මා සිනාසෙමින් කීවෙමි.......ඒක තමයි......මාත් ඒගැන එයාට මොකුත් නොකිව්වෙ.......පැවසූ ඔහු ලැජ්ජාවෙන් මෙන් බිමබලාගත්තේය.......අයිය අපිට වඩා සල්ලිවලින් දුප්පත් වුනා කියල මට වැඩක් නෑ අයිය මනුස්සකමින් පොහොසත්......මට ඒ ඇති.....ඒත් අයියෙ අපිට මේ ගැන තවටිකක් හිතන්න වෙනව......මා කීවෙමි......ඒ මොකද......මගේ පිලිතුරින් විශ්මයට පත්වූ ඔහු ඇසුවේය.....මම එයාට එක පාරට කැමැත්ත කියන්නෙ කොහොමද......මම දැන් ගෑනියෙක් උනාට උපන්නෙ පිරිමියෙක් විදියට......මේවගේ අඩුවක් මට තියාගෙන අයියට කැමති වෙන්නෙ කොහොමද......තව ටික දවසකින් අයිය සමාජය පිලිගත්ත වෛද්‍යවරයෙක් ......එහෙම අයට මට වඩා හොද කෙල්ලො ඕනැතරම් හොයාගන්න පුලුවන්.......තරංග අයිය කියන්නෙ හුගක් හොද කෙනෙක් ...මම කොහොමද එහෙම කෙනෙක්ව අමාරුවෙ දාන්නෙ එයා කමති උනත් මම බෑ කියනව.....මා සිතාගත්තෙමි.....මොකද කල්පනා කරන්නෙ.......මා කල්පනා කරමින් සිටින විට ඔහු ඇසුවේය.......
No comments:
Post a Comment