හදිසි අනතුර 133.......................මොකද අපිව පන්නලා අපි ගාවටම ආවෙ...මාදෙස බැලූ අමාදා තරහෙන් මෙන් කීවාය.....උඹල ඕනැ නැති දේවල් කියනව බන් ඒකයි එහෙම කිව්වෙ......මගේ හිතේ එහෙම අදහසක් නෑ.....මා අමාදගේ අතේ එල්ලෙමින්. ....හිතේ නැත්නම් දැන්වත් හිතට දාගනින්.....සම්මි සිනසෙමින් කීවාය......අනේ මට ඕනෙ නෑ......මා නැවත කීවෙමි.
මට සතියකින් විතර ඔයාට කතාකරන්න බැරිවුනා කියල නංගි දුකෙන්ද හිටියෙ. පසුදින මාව හමුවූ තරංග අයියා ඇසුවේය......එහෙම එකක් නෑ අයියෙ සම්මිගෙ විකාර.....මා කීවෙමි.....එයාල බොරුවටමත් එහෙම කියන්නෙ නෑ......ඔහු පැවසුවේ සැක මුසු මුහුනෙන් යුතුව මා දෙස බලාගෙනය.... එයාල හිතාගෙන ඉන්නෙ අපි දෙන්න ආදරේකරනව කියල....තරංග අයිය මට සහෝදරයෙක් වගේ. එයාල දන්නෙ නැනෙ එහෙම දෙයක්......ඉතින් අපි දෙන්න ආදරේ කරනව තමයි.....තරංග අයියා මෙසේ පවසන විටම......දම්මි තවත් යෙහෙලියක සමග අපි අසලට ආවාය......මම උබව හොයනව....මෙයා මෙහෙ ලවුකරනව.....විකාර කියවන්න එපා බන් ......මොකද හදිස්සියේ.....මා ඇසුවෙමි......තිලිනි මම යන්නම්......තරංග .අයියා අපෙන් ඉවත්වීමට සූදානම් වනවිටම......පොඩ්ඩක් ඉන්න තරංග මම තිලිනිට පනිවිඩයක් කියන්න ආවෙ.....ඔයාලට ඉතින් භාධාකරන්න හොද නෑනෙ......දම්මි කීවිට.....නෑ දම්මි මට පරක්කු වෙනව මම යන්නම්......කී ඔහු අපෙන් ඈත්විය.......අපරාදෙ මම හින්ද ඔක්කොම අවුල් උනා නේද....ඇසූ දම්මී.....සොරි තිලිනි.... කී ඇය ඇගේ පනිවිඩය කීවාය......
ඉතින් අපි දෙන්න ආදරේ කරනව තමයි.....තරන්ග අයියා මට පැවසූ එම වචන මගේ දෙසවනේ දෝන්කාර දෙන්ට විය....එයා එහෙම කිව්වෙ මොකක් හිතාගෙනද දන්නෙ නෑ....මගේ අතීතය දන්නා තරංග අයියා මට ආදරේ කිරීමේ අදහසකින් එසේ පැවසුවා වීමට බැරිය.........ඔහු පවසන්ට ඇත්තේ ඔහු මට නංගී කෙනෙකුට මෙන් ආදරය කරන බව වියහැකිය....
තිලිනි මට ඔයාව හෙට හම්බවෙන්න ඕනැ.....රාත්රියේ මා බෝඩිමේ සිටිනවිට තරංග අයියා දුරකතනයෙන් කතාකර පැවසුවේය........ඇයි අයියෙ හදිස්සියේ.....මා ඇසුවෙමි.....හදිස්සියක් නෑ.......මට ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනැ......ඔහු කීවේය.....මොකක්ද අයියෙ.....මා ඇසුවෙමි......ඒක පෝන් එකෙන් කියන්න බෑ හෙට හමුවෙමුකෝ......ඔහු කීවේය. මොකක් ද දන්නෙ නෑ අයියට මගෙන් අහන්න ඕනැවෙලා තියන දේ.....මා දුරකතනයෙන් මුහුනට තට්ටු කරමින් කල්පනාකලෙමි. මගේ අතීත ජීවිතය ගැන කවුරු හරි දැනගෙන ඒක අහන්නද දන්නෙ නෑ......එහෙම එකක් සිද්දවුනොත් හරි වැඩේ වෙන්නෙ......මගේ සිතට බියමුසු හැගීමක් ඇතිවිය......
මොකද බන් කෝල් එක ආව වෙලාවෙ ඉදන් අහස පොලව ගැටගහන්න වගේ......කෝ මෙහෙදියක් කාගෙන්ද කෝල් එක ආවෙ කියල බලන්න.....සම්මී මගේ අතේ තිබුනු දුරකතනය එකවරම උදුරාගත්තාය.......මා එය නැවත ගැනීමට උත්සාහ කරන විට ඈතට දිවගොස් එයට පැමිනි ....අංක බලන්ට වූවාය.......මම හිතුව හරි......මේ තියෙන්නෙ ප්රේමවන්තගෙ නොම්මරේ.......ඔය ගැන නෙවෙයි බන් මම කල්පනාකලේ වෙන දෙයක්......මා කීවෙමි. ......දිව බොරු කිව්වත් හිත බොරුකියන්නෙ නෑ බන් .....කී ඇය දුරකතනය නැවත දුන්නාය.
පසුදින තරන්ග අයියා පැවසූ පරිදි ඔහු මුනගසීමට ගියේ දම්මී සමගය......අර ඉන්නෙ ගිහින් කතාකරහන්......තරන්ග අයියා පෙන්වා පැවසූ දම්මී.......මම යන්නම් කීවාය......යන්න එපා උඹත් වරෙන් .....දම්මිගේ අතින් ඇදගෙන තරන්ග අයියා අසලට ගියෙමි.......සොරි දම්මි.....මට තිලිනි එක්ක තනියම කතාකරන්න ඕනැ......කීවාය......ඕකනෙ මම කිව්වෙ....මෙයානෙ මාවත් ඇදගෙන ආවෙ.....පැවසූ දම්මී අපෙන් ඈත්වූවාය.....
මොකක් ද අයියෙ ප්රස්නෙ......මා ඔහු අසලින් වාඩිවී ඇසුවෙමි.......මේක ඉතින් ලොකු ප්රස්නෙකුත් නෙවෙයි හැබැයි පොඩි එකකුත් නෙවෙයි......ඔහු කීවේය.....
No comments:
Post a Comment