Thursday, September 14, 2017

හදිසි අනතුර 138..................කාමරයට ගිය මා තරංග අයියාට දුරකතන ඇමතුමක් අරගත්තෙමි......ඔයා කීයටද අයියෙ එන්නෙ......නමය විතර වෙනකොට එනව......පැවසූ ඔහු ...ඔයා මොකද කරන්නෙ ඇසුවේය......මම නෙවෙයි අම්මා බෑනව පිලිගන්න සෑහෙන ලෑස්තිවෙනව......මා කීවෙමි.....ඒ මොනවද අප්පේ.....ඔහු ඇසුවේය.....ඇවිල්ලම බලන්නකො......මා කීවෙමි.......අම්ම විතරද ලෑස්තිවෙන්නෙ.....ඔහු ඇසුවේය.....මට ඉතින් ලෑස්තිවෙන්න පුලුවන් අම්මගෙන් අවසර ලැබුනොත් විතරනෙ.....අද ඇවිත් බලන්නකො මොකද වෙන්නෙ කියල.....ඇයි මොකුත් අවුලක්ද...ඔහු ඇසුවේය......එහෙම එකක් නෑ එන්නකෝ....මා කීවෙමි.
               මා අල්මාරිය ඇර ලස්සන ගවුමක් තේරීමට පටන්ගත්තෙමි......මා ගැහැනු ලමයෙකු බවට පත්වූ දිනවල සිට විටින්විට මිලදී ගත් ගවුන් සහ කාන්තා ඇදුම් වලින් අල්මාරිය පිරී ගොස් තිබුනු නිසා කුමක් අදින්නදැයි සිතාගැනීමට නොහැකිවිය. කොල්ලෙක් වෙලා හිටියනම් මට මේතරම් ඇදුම් නෑනෙ....ඔය මොකක්ත්  හරි කලිසම් කෑල්ලක් අදින්න තිබුන. ඒත් දැන් මම කෙල්ලෙක් හින්ද ලස්සනට ඇදින්න ඕනැනෙ.....සිතමින් සිටිනවිට.....අම්මා කාමරයට ආවාය......අල්මාරිය ඇරගෙන මොනවද දුවේ කල්පනාකරන්නෙ......මා දෙස බැලූ අම්මා ඇසුවාය.....මොකක්ද අදින්නෙ කියල කල්පනා කලේ......මා කීවිට සිනාසුනු අම්මා ඔයාටත් දැන් හැම ගෑනියෙකුට තියෙන ප්‍රස්නෙ ඇවිල්ල වගේ......කීවාය. ....ඒ මොකක්ද අම්මෙ.....මා ඇසුවෙමි......කොච්චර ඇදුන් තිබුනත් හිතට හරියන එකක් හොයාගන්න බෑ.....ඒකනම් සහතික ඇත්ත අම්මෙ..... මාවත් කෙල්ලෙක් උනාට පස්සෙ තමා ඒක තේරුනේ......මා ගවුන් කිහිපයක් එලියට ගෙන තෝරමින් කීවෙමි......දුවේ ඔය රෝස පාට ගවුම ඔයා වැඩිය ඇදල නෑනේද.......ඒක අදින්න ඒක ඔයාට හරි හැඩයි......අම්මා ගවුමක් පෙන්වමින් කීවාය......ඇගේ කැමැත්ත පරිදි එය තෝරාගත් මා....තරංග අයිය කැමති පාට අහගන්න බැරිවුනානෙ...කීවෙමි......මේ ඒව අහගන්න පුලුවන් ඔයාල දෙන්න එකතු වුනාට පස්සෙ දැන් ඔය කැමති එකක් ඇදගන්න.....අම්මා කීවාය.....දුවත් එක්ක කතාකරකර හිටියොත් මට කඩෙන් මොනව හරි ගේන්න බැරි වෙනව දුව ලෑස්ති වෙන්න මම කඩේට ගිහින් එන්නම්......අම්මා හනික කාමරයෙන් පිටවූවාය.
                  මා ගවුම හැද කොන්ඩය පීරීමට පටන්ගත්තේ කුමන මොස්තරයක් කොන්ඩයට දැමීම සුදුසුදැයි කල්පනා කරමිනි... අම්මට කිව්වොත් ලස්සනට කොන්ඩෙ හදල දෙයි ඒත් එයා පරක්කු වේයයි සිතුනු ..මා කුස්සිය දෙසට ගියේ  මල්ලිකා ලවා කොන්ඩය සකස්කරවා ගැනීම සදහාය.....එහෙත් ඇය කුස්සියේ වැඩ වල නිරත වෙමින් සිටි නිසා එයද කරගැනීමට නොහැකිවිය.....ආපසු කාමරයට ගියමා .......අම්මා එනතුරු කොන්ඩය කඩාගෙන සිටියේ......මාගේ කොන්ඩය දැනට හින මට්ටමටත් වඩා පහලට වැවී තිබෙන නිසා.....එයට මෝස්තර දැමීම මට තරමක් අපහසු නිසාය......මට ඉස්සර තිබුනෙ කොට කොන්ඩයක් නෙ...ඒක ඉතින් පීරුවත් එකයි නැතත් එකයි .....දිග නැති හින්ද අවුල් වෙන්නෙ නෑ......දැන් දිගට වැවිල හින්ද පීරන්න අමාරු වුනත් මේ දිගකොන්ඩෙට මම ගොඩක් ආදරෙයි......මා කොන්ඩා ටික ඉදිරියට ගෙන ආදරයෙන් අත ගෑවෙමි....කොන්ඩෙ පීරගෙන මූනට මේකප් ටිකකුත් කරගන්න ඕනැ......අම්ම පරක්කු වෙයිද මන්ද කල්පනාකල මා ලා පැහැති තොල් සායම් ගෙන තොල්වල ගාගත්තෙමි......කොල්ලන්ට වගේ නෙවෙයිනෙ......කෙල්ලන්ටලස්සන වෙන්න කොච්චර දේවල් තියෙනවද......මා තොල්වල හැඩ කැඩපතින් නරබමින් කල්පනාකලෙමි......ටික වෙලාවකින් අම්මා පැමිනියාය මා ඇය අසලට දිව යනවිට ඇගේ අතේ පාර්සල් කිහිපයක් තිබුනි.......ඒ ලමය දවල් වෙනකන් හිටියොත් කන්න දෙන්නත් එක්ක බඩුගෙනාව........අම්මා ඒවා කුස්සියට රැගෙන යන අතර තුර කීවාය. ....මොකද ලමයො කොන්ඩෙ කඩා දාගෙන......ඔහොමද ඒ ලමය ඉස්සරහට යන්නෙ...නිකන්..පිස්සියෙක් වගේනෙ......මගේ පිට දිගේ විහිදී තිබුනු කෙහෙරැලි දෙස බලා කීවාය......කොන්ඩෙ හදාගන්න අම්ම එනකල් හිටියෙ.......මා කීවෙමි...ඔයා ගැහැනු ලමයෙක් වෙලා දැන් අවුරුදු කීයක් වෙනවද තාම කොන්ඩෙ හදාගන්න බැරිද ........අම්මා නෝක්කඩු සවරූපයෙන් ඇසුවාය.....බැරිකමක් නම් නෑ ඒත් ලස්සන කොන්ඩ මෝස්තර දාන්න දන්නෙ අම්මනෙ.....මා පැවසූවිට.......කෝ මෙහාට දෙන්න පනාව .....දැන්ම මනමාලියෙක් වෙන්න හදනවනෙ....සිනාසෙමින් පැවසූ ඇය.....කොන්ඩය සකස්කිරීමට පටන්ගත්තාය.......අමුතු කොන්ඩා මොස්තරයක් යෙදූ ඇය මගේ මුහුනටද සුලු මේකප් කිහිපයක් කර ලස්සන කලාය.
             තරංග අයියා පැවසුවා මෙන් නවය වනවිට ගෙදරට ආවේය.......එන්න පුතේ ඇවිත් වාඩිවෙන්න... අම්මා ඔහුව පිලිගත්තාය......ඔහුගේ අතේ තිබුනු පාර්සලයක් මා අතට දුන් ඔහු සැටියේ වාඩිවුනේය.......පුතා එනව කියල අපේ දුව ඊයෙ ඉදම්මයි සූදානම් වෙන්නෙ....... මා දෙස බලා පැවසූ අම්මා සැටියේ වාඩිවුනාය.......පුතාට තව වැඩිකාලයක් නෑලු නේද......අම්මා ඇහුවාය......ඔව් ඇන්ටි ඊට පස්සෙ කොහේ යන්න වෙයිද දන්නෙ නෑ.......ඔහු පිලිතුරු දුන්නේය....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: