හදිසි අනතුර 139.................ඔව් ඉතින් ඩොක්ට කෙනෙක් උනාම කොහේ වැඩකරන්න වෙයිද දන්නෙ නෑනෙ........දුවත් කිව්ව ඔයා යන ආරංචිය අවිත්ම කියන්න ඕනැ කිව්ව කියල.......පොඩ්ඩක් ඉන්න දුවේ මම මල්ලිකාට කියල එන්නම් තේ ටික ලෑස්ති කරන්න කියල...පැවසූ..අම්මා අපි අසලින් ඉවත්වූවාය.......ඔයා මොක්ක්ද අම්මට කිව්වෙ ...මම ආවෙ දුර පලාතකට යනව කියන්න නෙවෙයිනෙ.....තරහෙන් මෙන් පැවසූ තරංග අයියා......ඔයා වැඩේ කාලවගේ දැන් මම කොහොමද මේ ගැන එක පාරටම අහන්නෙ.....ඔහු නලලේ අත තබාගෙන පැවසුවේය.....මම කිව්ව තරංග අයියෙ.....අම්ම දන්නව ඔයා ආව කාරනාව......මා කියනවිට.....දන්නව තමයි......මා දෙස බලා පැවසූ ඔහු තරහෙන් මෙන් අහක බලාගත්තේය.......අම්මා නැවත අපි අසලට පැමින වාඩිවූවාය.......පුතා ගියහම අපේ දුවට තමා පාලු.....මෙයාගෙ කටේ තියෙන්නෙම තරංග අයිය කියන වචනෙනෙ.......ඔය ලමය කරපු උදවු හැමතිස්සෙම කියනව.....අම්මා කීවාය......ඕව මොනවද ඇන්ටි....කාට හරි කරදරයක් උනාම අපි උදවුකරන්න ඕනැනෙ.......ඔහු පැවසුවේය.......ඉතින් පුතේ ඔයාගේ තාත්ත මොකද කරන්නෙ......අම්මා මාතෘකාවට පැමිනෙන්නාක් මෙන් ඔහුගෙන් ප්රස්න කලේය.........තාත්ත වැඩකරන්නෙ විදුලි බල මන්ඩලේ.....ඒකෙ ඉන්ජිනේරුවෙක්.....එය අසා සතුටින් සිනාසුනු අම්මා......එහෙනම් තාත්තත් පුතාවගේ හොදට ඉගෙනගත්ත එක්කෙනෙක්.....පැවසුවාය.......තරංග අයියාද එය අනුමත කරමින් සිනාසුනේය. .......අම්ම මොකද කරන්නෙ......අම්ම නම් ගෙදර ඉන්නෙ.....ඔහු පැවසූ විට.... එහෙනම් මම වාගෙ.....කීවාය.......සහෝදර සහෝදරියො එහෙම......අම්මා තවත් ප්‍රශ්නකරන්ට වූවාය.......අක්ක කෙනෙක් ඉන්නව ඇන්ටි එයා උසස් පෙල දක්වා ඉගෙන ගත්ත ඒත් කැම්පස් යන්න බැරිවුනා......දැන් එයා කසාද බැදල.....මාස හයක විතර චූටි දුවෙකුත් ඉන්නව......අනේ අත්තද අයියෙ.....දුව හරි හුරතල් ඇති නේද......මා ඇසුවෙමි.......අපේ දුවට ඉතින් චූටි අය කිව්වම ඊට වඩා දෙයක් නෑනෙ......දැනුත් බෝනික්කෙක් තුරුලු කරගෙනනෙ නිදාගන්නෙත්........අම්මා මා දෙස බලා කීවාය.....ටික වෙලාවක් කල්පනාවේ නිරතව සිටි අම්මා........පුතා ගැන දුව මට කිව්ව......ඒත් දුවගෙ තාත්තට මේක කිව්වෙ නෑ.....ඒකයි මම දුවට කිව්වෙ පුතාට එන්න කියන්න කියල......අම්මා එසේ පවසන විට...තරංග අයියා සතුට සහ ලැජ්ජාව මුසුවූ සිනහවකින් අම්මා දෙස බැලුවේය......ඒත් පුතේ මෙතන ලොකු ගැටලුවක් තියෙනවනෙ.....ඒ මොකක්ද ඇන්ටි.....අයියා පුදුමයෙන් මෙන් ඇසුවේය....පුතා හොදට දන්නවනෙ අපේ දුව ගැන....එයාගෙ අතීතය මේ විදිය නෙවෙයි කියලත් දන්නවනෙ.....අම්මා දුකෙන් මෙන් කීවාය......ඒ අතීතය මට වැඩක් නෑ ඇන්ටි.....තිලිනි දැන් අංගසම්පූරන ගැහැනු ලමයෙක්නෙ....ඔහු පැවසුවේය...ඒකනම් ඇත්ත තමයි ඒත් ..මේක පස්සට බලපායිද කියල මට බයක් තියෙනව පුතේ......ඇන්ටිල කිසි දේකට බය වෙන්න එපා අපි දෙන්න කැමතිනම් ඒ ඇතිනෙ......ඔහු කීවේය......ඔය ලමයගෙ තාත්තල අම්මල මොනව කියයිද දන්නෙ නෑ.....අම්මා ඇසුවාය......මට ඇන්ටිලාගෙ කැමැත්ත දෙන්නකෝ එයාල ගැන මම බලාගන්නම්.....ඔහු පැවසුවේය.....ඒත් පුතේ පුතාගෙ අම්මා තාත්ත අකමැතිනම් ඒක හොද නෑ නේද.....අපේ තාත්ත අකමැති වෙන්නෙ නෑ අන්ටි.....ඒත් අම්ම තමයි පොඩි ගැටලුවක් වෙන්නෙ......එයා ඉතින් පොඩ්ඩක් විතර සැරයි......මට අම්මටත් පැහැදිලි කරල දෙන්න පුලුවන්......ඔහු කීවේය.......නෝනා තේමේසෙ ලැස්තියි......මල්ලිකා අම්මා අසලට පැමින කීවාය......එන්න පුතේ තේ ටිකක් බීල කතාකරමු.......ඇය අයියාට ආරාධනා කලාය. තේ මේසය දෙස බැලූ අයියා......මොකටද මේ..... මෙච්චර මහන්සිවුනේ......ඇසුවේය. .......මේ ඔක්කොම හැදුවෙ පුතාට.....පුලුවන්තරම් කන්න ඕනැ....කී අම්මා කුස්සිය පැත්තට ගියාය........වට පිට බැලූ අයියා....කේක් කැබැල්ලක් අතට ගෙන මට අඩගැසුවේය......මා අහුඅසලට පැමිනි විට......මගේ මුව අසලට එය ලන්කලේය......අම්ම දකියි......මා ලැජ්ජාවෙන් පසකට උනෙමි.....අම්ම නෑ ලමයෝ ....කන්න. පිටුපස බැලූ මා අම්මා අසල නොමැති බව දුටු මා ඉන් කැබැල්ලක් කටින් කඩා ගත්තෙමි...මා දෙස ආදර මුසු බැල්මක් හෙලූ ඔහු....ඉතුරු ටික කෑමට පටන්ගත්තේය. එවිටම අපි අසලට පැමිනි අම්මා......මගේ කට සෙලවෙන දෙස බලා.....ඔක්කොටම ඉස්සෙල්ල මෙයාට බඩගිනි වෙලා වගේ......කීවාය.......අනේ නෑ අන්ටි මමයි මෙයාට කන්න කියල කේක් කෑල්ලක් දුන්නෙ.....අයියා කීවේය......දුන්න ගමන් කේක් කෑල්ල ඔක්කොම ගිල්ලද......මගේ අත දෙස බලා පැවසූ අම්මා.......සිදුවී ඇති දෙය තේරුම් ගත්තාක් මෙන් සිනාසුනාය......තව කන්න ...මේ හැලප හැදුවෙ ඔයාටමයි......අපේ දුවටත් මේවගේ කෑමජාති හදන්න පුලුවන් .....ඒත් අද හැදුවෙ මල්ලිකා......තිලිනි අතින් හදන ඒව මීටවඩා රස ඇති නේද ඇන්ටි.....අයියා අසන විට.....ඊලග දවසෙ ආපුවහහම පුතාට දෙන්න දුව අතින්ම හදවල තියන්නම්කො......අම්මා කීවාය.....
No comments:
Post a Comment