මම කොල්ලෙක් වෙලා හිටිය කියල දැන දැනත් ඇයි තරංග අයිය මට කැමති උනේ......මා කල්පනා කලෙමි.......කොහොම උනත් මේ ගැන අම්මට කියන්න ඕනැ......එයාලගෙ කැමැත්ත නැතුව මට කිසිම දෙයක් කියන්න බෑ.....පසුදින ගෙදර ගිය පසු මේ ගැන අම්මාට පැවසීමට හිතාගත්තෙමි.
අම්මේ.... තරංග අයිය ලගදිම ඩොක්ට කෙනෙක් වෙනවනෙ.....පසුදින මා තරංග අයියාගැන පැවසීමට එසේ මුලපිරුවෙමි.......හොද ලමයින්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනැ දුවේ.....අම්මා ඔහු ගැන සතුටින් කතාකරන්ට වූවාය......දැන් ඔයාගෙ යාලුවො ටික කොහොමද......ඇය තවදුරටත් ඇසුවාය......එයාලත් හොදින් ඉන්නව අම්මෙ......එයාල කියනව දවස්ක අපේ ගෙදර එන්න ඕනැ කියල....අම්මව බලල යන්න......මා කීවෙමි......එන්න කියන්න මටත් ඒ ලමයි ටික දකින්න ආසයි.....අම්මා කීවාය......අම්මේ......තරන්ග අයිය ගැන අම්ම මොකද හිතන්නෙ......මා ලැජ්ජාවෙන් මෙන් ඇසුවෙමි.......කොල්ලො දාහකින් හොයාගන්න බැරි කොල්ලෙක්......දුව ඇයි එහෙම ඇහුවෙ.......අම්මා ප්‍රස්නාර්තව මා දෙස බැලුවාය......නෑ අම්මෙ එයාගෙ අදහසක් තියෙනව වගේ මා ගැන.....මා පැවසූ විට.......ඇයි ඒ ලමය දුවට මොකුත් කිව්වද.......එහෙම දෙයක් නෑ අම්මෙ......එයා කතාකරන කොට මට එහෙම දෙයක් තේරෙනව......තරංග අයියා මගෙන් ඇසූ බව නොකියා එසේ කීවෙමි.....මගේ කතාවට සිනාසුනු අම්මා.....ඔයාටත් දැන් ගෑනු ලමයින්ට උපත්තියෙන් පිහිටන නුවන තියෙනව වගේ......පැවසූ ඇය......ඒත් දුවේ එයා ඔයත් එක්ක කතාකරන්නෙ එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්ද කියල අපි කොහොමද හරියටම දන්නෙ....ඇරත් දුවගෙ යට ගිය දේවලුත් දන්න කෙනානෙ එහෙම එකේ එයා දුවට කැමතිවෙයිද කියන්න බෑ.......පැවසුවාය......බැරි වෙලාවත් කැමති උනොත්.....මා ඇසුවෙමි......මා දෙස පුදුමයෙන් බැලූ අම්මා.......ම්ට හිතෙන්නෙ ඒලමයට නෙවෙයි ඕනැ වෙලා තියෙන්නෙ මෙයාට වගේ....ඒ ලමය නරක ලමයෙක් නෙවෙයි. ඇරත් එයා ඉස්සරහට ඩොක්ට කෙනෙකුත් වෙනව......අපිට හොදට ගැලපෙනව ඒත් දුවේ......ඔයා කොහොම කෙනෙක් ද කියල ඒ ලමය දන්නවනෙ......ඉතින් ඒ ගැනත් ටිකක් කල්පනා කරල බලන්න......අම්මා පවසන්ට වූවාය.......
No comments:
Post a Comment