Friday, September 15, 2017

හදිසි අනතුර 140........තව කන්න පුතේ මේ ඔක්කොම පුතාවෙනුවෙන් පිලියෙල කලේ.....අම්මා තේ එක ඔහු සලලින් තබා පැවසුවාය.....අනේ බෑ ඇන්ටි....දැන් හොදටම බඩපිරිල......ඔහු කුස අතගාමින් පැවසුවේය......තේ කෝප්ප්ය තබා අම්මා ආපසු යනදෙස බලා සිටි අයියා.....තේ කෝප්පය අගේ මුව දෙසට ලන්කලේය....අයිය බොන්න.....මා කීවෙමි .....නෑ ඔයා ටිකක් මේකෙන් බොන්න......ඔහු සෙමින් කීවේය.....ඕකට වහදාල නෑ බය නැතුව බොන්න.....විහිලුවට පැවසූ මා ඉන් උගුරක් බීවෙමි......වහ දාපු එකක් නෙවෙයි .....ආදරේටනේ ...තරහෙන් මෙන් පැවසූ අයියා තේ කෝප්පයේ මා පානය කල පැත්තෙන්ම පානය කලේය.....අනේ අයියට තරහ ගියාද ....මම විහිලුවක්නෙ අයියෙ කලේ.....මා දුකෙන් මෙන් කීවෙමි..හරි හරි තව උගුරක් බොන්නකො ඔහු නැවත කෝප්ප්ය මගේ මුවට ලංකලේය.....අම්ම දකියි....බයෙන් පැවසූ මා ඉන් උගුරු කිහිපයක් පානය කලෙමි.
               පුතා ගැන මගෙනම් අමනාපයක් නෑ.....ඒත් පුතේ මේවකරන්න ඕනැ චාරිත්‍රයක් තියෙනවනෙ.....පුතාගෙ කේන්දර කොපිය දුන්නොත් අපිට බලන්න පුලුවන්...කේන්දර ගැලපෙනවනම් මේක ගැන දුවගෙ තාත්තටත් කියන්න ඔනැ....ඒ වගේ තමයි පුතාගෙ අම්ම තාත්තත් දැනුවත් වෙන්න ඕනැනෙ.......තේ පානය අවසානයේ සාලය තුල  සැටියේ වාඩිවූ අම්මා පවසන්ට වූවාය....ගැටලුවක් නෑ ඇන්ටි මම අද හෙටම ඒක ගෙනත් දෙන්නම්.....හැබැයි ඇන්ටි පොඩි ගැටලුවක් නම් තියෙනව.....ඒ මොකක්ද පුතේ....අම්මා ගැටලු සහගතව ඇසුවාය...... ඒකෙ ඔරිජිනල් එක තියෙන්නෙ අම්ම ගාව.....මාගාව ඒකෙ පොටෝකොපියක් තියෙන්නෙ...... පැවසුවේය....ආ ඒකට කමක් නෑ ඒක ගෙනත් දෙන්නකෝ.....ඇය කීවාය....මම ගිහින් එන්නම් ඇන්ටි..... ටික වෙලාවකට පසු ඔහු ආපසු යෑමට සූදානම් වී පැවසුවේය......පුතේ ඉන්න දවල්ට කාලම යන්න.....අම්මා ඔහුට ආරාදනා කලාය......අනේ බෑ ඇන්ටි.....ගෙදර අම්මත් බලාගෙන ඇති තාම නැත්තෙ මොකද කියල......ඔයා කොල්ලෙක්නෙ පුතේ ....ඉතින් බයවෙන්න දෙයක්යෑ.... අම්ම ඔච්චරටම බලාඉන්නෙ මොකටද...අම්මා ඇසූවිට......එයාගෙ හැටි ඔහොම තමයි ඇන්ටි.....මාත් කියල ආවෙ යාලුවෙක් හම්බවෙලා ඉක්මනට එනව කියලනෙ.....ඔහු පිලිතුරු දුන්නේය......අපරාදෙ... අයිය ටිකක් පරක්කු වෙනව කිව්වනම් දවල්ට කාලම යන්න තිබුනනෙ.....මා කීවෙමි.....ඒකනේ......අම්මා මගේ කීම අනුමත කලාය..... වෙනවෙලාවක එන්නම්කො නංගි......නංගි අතින්ම උයන ඒව කාලම යන්න....අයියා ආපසු යෑමට සූදානම්ව සිනාසෙමින් කීවේය.....අපෝ මම උයන ඒව කාල ආපහු එයිද දන්නෙ නෑ.....මා සිනාසෙමින් කීවෙමි......මට බය හිතෙන්නෙ ඒව කාල ආපහු නොඑන එක නෙවෙයි...කෑම වල රස වැටිල දිගටම එයිද කියල.....පැවසූ අම්මා හයියෙන් සිනාසුනාය......හරි හරි ඇවිත් බලන්නම්කො කවුද අත්ත කියන්නෙ කියල.....අවසානයේ ඔහු පැවසුවේය......
            අයියා අපේ අම්මාට වැද ගෙදරින් පිටවූ පසු......හරිම හොද කොල්ල.....ඕවගෙ අය අද කාලෙ හොයාගන්න අමාරුයි දුවේ......ඒත් ඔක්කොටම ඉස්සෙල්ල හදහන් ගැලපෙනවද කියල බලන්න ඕනැනෙ......අම්මා පවසන්ට වූවාය......ගැලපුනේ නැත්නම් අපරාදෙ නේද අම්මෙ......මා කනගාටුවෙන් පැවසුවෙමි......මටනම් හිතෙනව ඔයදෙන්න ගැලපෙනව කියල.....අම්මා කීවාය......අම්ම කොහොමද දන්නෙ.....මා විමතියෙන් ඇසුවෙමි.....ඔය දෙන්න දිහා බැලුවම කියන්න පුලුවන්.....ඉස්සර ඉදම්ම ඔය දෙන්න හොද යාලුවො. ඒ යාලුකම ඇති වුනේ ඔයා ගෑනු ලමයෙක් කියල හිතාගෙන නෙවෙයිනෙ.....මට හිතෙන්නෙ ඔය දෙන්නට තියෙන්නෙ සන්සාරගත බැදීමක් කියල.....මේ කේන්දර වලිනුත් පෙන්වන්නෙ ඒ සන්සාරගත බැදීමම තමයි......අම්මා පැවසුවාය......අනේ එහෙම වෙනවනම් කොච්චර හොද්ද......මා  කල්පනාකලෙමි....
             සවස පහට පමන ගෙදර සීනුව නාද විය.....දම්මිද දන්නෙ නෑ.....එයත් අද හෙට එනව කිව්ව....ඒත් මේ හවස්වෙලා......කල්පනා කරමින් දොර අසලට ගොස් දොර ඇරියෙමි.......කවුද දුවේ.....අම්මා හාන්සි පුටුවේ වාඩිවී පත්තරයක් කියවන ගමන් ඇසුවාය....අම්මේ තරන්ග අයියා.....මා සතුටින් කීවෙමි......පත්තරය අසල තිබුනු ටීපෝව මත තබු අම්මා සිනහ මුසු මුහුනෙන් ඔහු දෙස බැලුවාය......මෙන්න ඇන්ටි..... කේන්දර කොපිය අම්මා අතට දෙන අතර තුර කීවේය......ගෙනාපු එක හොදයි....මට හෙට උදෙම්ම මේක අරගෙන යන්න පුලුවන්......එය අතට ගත් ඇය කීවාය.....එහෙනම් මම ගිහින් එන්නම් ඇන්ටි......අයියා පවසනවිට.....පොඩ්ඩක් ඉන්න පුතේ තේ එකක් බීල යන්න......ඕනෙ නෑ ඇන්ටි......මම යන්නම්....ඔහු කලබලයෙන් මෙන් කීවේය......අනේ අයියෙ එහෙනම් කූල් එකක්වත් බීල යන්න......මා කීවෙමි......නංගි කියනවනම් බොමු.....පැවසූ ඔහු අම්මා අසල තිබුනු පුටුවේ වාඩිවූවේය.....මල්ලිකත් කොහාටද ගිහින්.... දූ ගිහින් හදාගෙන එන්නකෝ......අම්මා කේන්දර කොපිය කියවමින් පැවසුවාය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: