Tuesday, March 7, 2017

සීයා 37...........................කුසල් ගෙදර නැතිලු සීයෙ......මම සීයාට පැවසුවෙමි......ගෙදර ආවහම එන්න කියන්න මම ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ......සීයා කීවෙය........අනේ මන්ද සීයෙ මෙයා කොහේ ගිහින්ද කියල දැන් සතියකටත් වැඩි නෙ.....මම කීවෙමි......එයාට මාරුවෙන්න ඕනැ නැතුව මග ඇරලවත් ගිහින්ද.....සීයා විමසුවේය.....ඒක තමා සීයෙ මම මේ කල්පනාකලේ.....මටත් පෙනුන එයා ඒකට වැඩි කැමැත්තක් නෑ කියල......ඒකට කමක් නෑ දුවේ.... දුව මෙහෙ ඉන්න මම දුවව හොදට බලාගන්නම්. ....සීයා කීවේය.
              තවත් සතියක් පමන ගතවිය......දුවේ කුසල්ද කොහෙද කතාකරනව.....දුරකතනයේ රිසීවරය අත තබාගෙන සීයා මට කතා කලේය......මා සතුටින් එය අතට ගත්තෙමි......කොහෙද අනේ ඔයා ගිහින් හිටියෙ.......මම කුසල්ගෙන් ඇසුවෙමි....පොඩි වැඩකට ගියා ඉන්දිකා.....මම ඇවිත් කියන්නම්කො......ඔහු කීවේය.....සීය මැෂින්  එක හදල ඔයා එනකන් බලා ඉන්නෙ.....මම කීවෙමි......හරි හරි මම එන්නම්කො......කුසල් කීවිට මට දැඩි සතුටක් ඇති විය......කොයි වෙලාවටද එන්නෙ......මා ඇසුවෙමි......අද හවස එන්නම්...ඔහු කීවෙය.
                ඔහු අද සවස නිවසට පැමිනි පසු මට නැවත වතාවක් කුසල් ලෙස ගෙදර යෑමට හැකිබව සතුටින් කල්පනාකල මා.....කාමරයට ගොස් අවසන් වතාවට මා සිටි ඉන්දිකාගේ ගැහැනු සිරුර දෙස කැඩපතින් බැලුවෙමි.....අද හවසට ඔයාව ඔයාගෙ නියම හිමිකාරිට බාර දීල.....මම ගෙදර යනව.....මා ඉන්දිකාගේ සුන්දර ගැහැනු සිරුර දෙස බලා සෙමින් මිමිනුවෙමි.......ඊට පස්සෙ මට පුලුවන් කොල්ලෙක් විදියට ඔයාට ආදරේ කරන්න......ඉන්දිකා මට කැමතිවෙයි.....මා ඇයගේ රුවදෙස බලා කල්පනා කලෙමි.
                පොරොන්දුවූ පරිදි සවස කුසල් ගෙදරට ආවේය......ඔහුගේ එක් අතක් වෙලාගෙන සිටීම මට මහත් ගැටලුවක් විය......මොකක්ද ඔය අතට උනේ......මා ඇසුවෙමි.....සොරි අනේ මාව වැටුන පොඩි තැල්මක් වගේ තියෙන හින්ද බේතක් බැන්ද......ඔහු කීවේය. හා ඒකට කමක් නෑ අපිට දැන් මාරුවෙන්න පුලුවන්......මා කීවෙමි......සුවල්පවෙලාවක් කල්පනා කල කුසල් මගේ වැඩේ තාම හරියට කරගන්න බැරිවුනා ඉන්දිකා......මට මේ මාරුවට තව මාස දෙකක් වත් කල් ඕනැ......අනේ මන්ද දවසෙන් දවස කල් යනවනෙ එක්කො සීයගෙ මැසින් එක වැඩකරන්නෙ නෑ නැත්නම් ඔයා මග අරිනව.....මම අමනපයෙන් කීවෙමි.......මම මග අරින්නෙ නෑ ඉන්දිකා....මට පොඩ්ඩක් කල් දෙන්න මම ඉල්ලන්නෙ මාස දෙකයිනෙ.......කුසල් කීවේය.....දුවේ ඔයා ඔය හිටියවගේ තව මාස දෙකක් ඉන්නකො......එයා කියන එකේ මොකක් හරි හේතුවක් ඇතිනෙ......සීයා කීවේය.....හරි හරි ....ඔන්න තව මාස දෙකයි......ඊට පස්සෙ නම්  මට  බෑ......ඔහුගේ බලවත් ඉල්ලීම නිසා මා කැමැත්ත දක්වූවෙමි. ......මා එසේ කැමති වූවිට ඔහුගේ මුහුනේ සතුටු සිනාවක් මතුවෙන අයුරු  බලා සිටියෙමි...... මම ආයෙත් පොඩි ගමනක් යනව.....සතියක් විතර යයි ගෙදරට කතාකරන්න එපා......ආපු ගමන් මෙහාට එන්නම්....ඔහු කීවේය.......අනේ මන්ද මෙයා කොහේ යනවද කියල මා බයේ බෑ......මම කීවෙමි......බයවෙන්න එපා මට කිසිදෙයක් වෙන්නෙ නෑ......කුසල් කීවෙය....හරි හරි පරිස්සමින් ගිහින් එන්නකො......මම කීවෙමි.
            ඔහු ගෙදරින් පිටවූ පසු නැවත පැමිනියේ සතියකට පසුය ඒ වෙනවිට ඔහුගේ අතේ වෙලා තිබුනු වෙලුම්පටි ලෙහා තිබුනි.......යන්තම් ඇති අතට මොකුත් වෙලා නෑ......මා සතුටින් කල්පනා කලෙමි.......මේ දවස්ටිකේ මම ගෙදර ඉන්නෙ කොහේවත් යන්නෙ නෑ....මොකක්හරි උනොත් කතාකරන්න......ඔහු කීවේය.
             මේ අතර අපේ විශ්වවිද්‍යාලයේ අද්යාපන වාරය නැවත ආරම්භවිය.......කුසල් පොරොන්දු වූ කාලය ක්‍රමයෙන්  ලගාවිය. කුසල් අපිට මාරුවෙන්න තියෙන්නෙ තව සතියක් විතරයි.......විශ්වවිද්‍යාලයේ බන්කුව මත වාඩිවී කතාකරමින් සිටි මා කුසල්ට මතක් කලෙමි......ඒකත් ඇත්ත....ඔයාට මම පොරොන්දු වුනානෙ.....ඒක මම කරන්නම්.....ඔහු කීවේය........මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනව.......මම කීවෙමි......ඒ මොකක්ද අප්පේ ඒ......ඔහු ඇසුවේය. .....ටිකක් කල්පනා කල මම.......අපි මාරු වුනාට පස්සෙ ඒක කියන්නම්......මම පැවසුවෙමි......හරි හරි තව සතියනෙ..ඊට පස්සෙ කියන්නකො.....මම ආයෙත් කෙල්ලෙක් වෙලා ඒ කතාව අහන්නම්.....ඔහු කීවේය. ......මා කිසිත් නොකියා සිනාසුනිමි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: