Friday, March 3, 2017

සීයා 30...........................මේක හදන්නනම් ලේසි වැඩක් නෙවෙයි කියල......මේ දවස් ටිකේම.... උත්සාහ කලා වෙනවිදියකින් හරි හදන්න ඒත් සාර්තක නෑ......මේකට අවස්ය කෑලි හොයගන්න පිටරට යන්නම වෙනව......ඔහු පැවසුවෙය. ඕකට පිටරට යන්නම ඕනෙ නෑනෙ ඒක හදන කොම්පැනියට කිව්වම එවයිනෙ......මම කීවෙමි......එහෙම හරියන්නෙ නෑනෙ දුවේ මම ම ගිහින් හරියන එක බලල ගේන්න ඕනැ.....මේක ලෙහෙසි වැඩකුත් නෙවෙයි.......ලොකු ගානක් යන වැඩක්....මගේ ගාව තියෙන සල්ලි මේකට යෙදෙව්වොත් අපේ ගෙදර වියදමට ගැටලුවක් ඇතිවෙනව......මම මේ කල්පනා කලේ ඒකට මොකද කරන්නෙ කියල.......සියා එසේ පැවසූ විට මැෂිම සාදාගැනීමට බැරිවේදැයි මගේ සිතට සැකයක් ඇතිවිය....අ..අනේ සීයෙ ඒක හදාගන්න බැරිවෙයිද.......මම ගොතගසමින් පැවසුවෙමි. බැරිනෑ දුවේ මේ මුදල් ටික කොහොම හරි හොයාගත්තොත් පුලුවන්......ඔහු කීවේය.
               අපි දෙදෙනාගේ මාරුවීම තවත් කල්ගතවන බව සීයාගේ කතාවෙන් තේරුනි......මා සීයා පැවසූ දේ කුසල්ට කීවෙමි.....අනේ මන්ද ඉන්දිකා ඔච්චර ගානක් කොහෙන් හොයන්නද කියල ලක්ශ ගානක්නෙ......ඔහු කීවේය.......අපිදෙන්න මොකක්හරි ජොබ් එකක් කලොත් බැරිවෙයිද කුසල් ......මම ඇසුවෙමි......ඒකට තව අවුරුදු කීයක් ඉන්න වෙයිද.....අපේ විභාගෙ ප්‍රතිඵල එනකොට තව මාස දෙකක් විතරයයි......අපිට කැම්පස් යන්න පුලුවන් උනත් ඒකෙ අවුරුදු හතරක් පහක් ඉන්න ඕනැ.....ඊට පස්සෙ ජොබෙකක් කරන්න ඕනැ.....ඔය ගාන හොයන්න ජොබ් එකට ගිහින් අවුරුදු තුන හතරක් යයි........මෙහෙම බැලුවම තව අවුරුදු දහයක්වත් යයි.......ඔහු කීවේය.......අපෝ  එච්චර කල් ඉන්න මට බෑ...... එතකල් සීය ඉන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.......මා කීවෙමි.......මේ අපේ සීය හොද පිට් පොරක් හොදද එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ.......කුසල් සිනාසෙමින් ....කීවේය. ......ඒ වුනාට මම කැමති නෑනෙ එච්චර කල් ඉන්න......මම කීවෙමි......හරි අපි මොකක් හරි මේකට කරමුකෝ......ඔහු රිසීවරය තිබ්බේය.
           මම ලෝන් එකක් අරගෙනවත් මේක හදන්න කියල කල්පනා කලේ.......කුසල් සීයා හමුවීමට පැමිනි දින සීයා පැවසුවේය.......සීයෙ අපේ තාත්තගෙ වත්තෙ ආදායම එකතුකරගත්තොත් බැරිවෙයිද.......කුසල් ඇසුවේය.......ආ දැන්නෙ මට මතක් උනේ......පුතාගෙ වත්තෙ ආදායමෙන් දැන් හොදගානක් එකතුවෙලා ඇතිනෙ.......සීයා සතුටින් කියන්ට විය......ඉන්දිකා ගාව පොත ඇති ඒක ගෙනිහින් චෙක් කරල බැලුවොත් හරිනෙ සීයෙ.......ඔහු තව දුරටත් කීවේය......හරි හරි මම බලන්නම්........කොහේද කුසල් ඒක තියෙන්නෙ.......මා ඇසුවෙමි.......එන්නකො....ඔහු මා සමග කාමරය්ට ගියේය සීයාද අපි පිටුපසින් පැමිනියේය........අල්මරිය ඇරිය ඔහු එහි රහස් ලාච්චුවක තිබුනු ලියවිලි අතරින් බැන්කු පොත අතට ගත්තේය.....මේ තියෙන්නෙ සීයෙ......ඔහු එය සීයාට දුන්නේය.......දැන් මේව අයිති ඉන්දිකාටනෙ......මා දෙස බැලූ කුසල් කීවේය......අනේ මට අනුන්ගෙ සල්ලි ඕනැ නෑ......මට මගේ ශරීර කූඩුව ආපහු ලැබුනොත් ඒ ඇති......මම කීවෙමි......මම මේක හෙටම අරන්ගිහින් බලන්නම්......සීයා සතුටින් පැවසුවේය.
               පසුදින බැන්කුවට ගිය සීයා මුහුන පුලුටුකරගෙන ගෙට ගොඩවෙන අයුරු දුටුවෙමි........මොකද සීයෙ උනේ.......සල්ලිනම් තියෙනව දුවේ ඒත් මේව ගන්න ඔයාට අවුරුදු දහ අට වෙනකන් ඉන්න ඕනැ.......ඔහු කීවේය.......තව වැඩිකල් නැතුව ඇතිනෙ සීයේ.....කෝ බලන්න......මා පොතේ සදහන් උපන්දිනය සොයන්ට වුනෙමි.......ඉන්දිකාට අවුරුදු දහ අට පිරීම සදහා තවත්  මාස අටක් පමන සිටීමට සිදුවන බව දුටුවෙමි........ඇය මට වඩා මාස දෙකකින් පමන බාලවිය........මේ වැඩේට තවත් මාස අටක් ඉන්න ඕනැ ඊට පසේ සීය මැසින් එක හදන්න මාස කීයක් යයිද.......මම හිතන්නෙ මේ වැඩේට තව අවුරුද්දක් විතර යයි....... එතකල් මට දිගටම කෙල්ලෙක් වෙලාතමයි ඉන්නවෙන්නෙ.......මා කල්පනා කලෙමි.
              ඉන්දිකා සීයා ලග සිටියත් ඇයට ආදායම් මාර්ග තිබෙන බව දැනගත්තේ අදය......එයාගෙ අම්ම තාත්ත කොහේද දන්නෙ නෑ ඉන්නෙ......මෙතෙක් කල් මා ඇය ගැන සෙවුවේ නැතත් මට මෙසේ කල්පනා විය....සීයෙ ඉන්දිකාගෙ අම්මයි තාත්තයි කොයිරටේද ඉන්නෙ....සීයා විවේකව සිටිනවිට මා සීයාගෙන් ඇයගේ දෙමයුපියන් ගැන විමසුවෙමි......ඒ දෙන්න මෙහෙන් ගියා ගියාමයි කොහේ ඉන්නවද කියල දෙවියො තමයි දන්නෙ........සීයා දුක්බරව කීවේය......ඒ කියන්නෙ එයාගෙ අම්මයි තාත්තයි එයාව තනිකරල ගිහිල්ල.......මම කනගාටුවෙන් කීවෙමි......ඒ ලමයගෙ අම්මයි තාත්තයි අද හිටියනම් ඒකෙල්ල රැජිනක්.......එයාට මෙහෙම දුක් විදින්න ඕනැ නෑ......ඔහු මාදෙස බලා දුකෙන් කීවේය......ඉන්දිකාගෙ අම්මයි තාත්තයි හරිනරකයිනෙ ඇයි ඉන්දිකාව මෙහෙ තනියම දාල ගියේ......මා ඇයගේ දෙමාවුපියන් ගැන තරහෙන් ඇසුවෙමි......ඒක ඒ ලමයගෙ අවාසනාව දුවේ......මම හිටියෙ නැත්නම් අද ඒලමය අනාතවෙනව...  සීයා කීවේය.....ඒකනම් ඇත්ත සීයෙ.....කාත් කවුරුවත් නැති ඒ අහිංසක  කෙල්ලට සීය පිහිටවුන එක ලොකු දෙයක්.......මම කීවෙමි.
               අම්ම ඔයට කෝල්කරේවත් නැද්ද කුසල්......මා කුසල් හමුවූවිට ඇසුවෙමි......කවදාවත් ඇස්වල කදුලු නොදුටු ඔහුගේ ඇස්වල කදුලු පිරුනු බව මා දුටුවෙමි......සොරි කුසල් මම මේක ඇහුවට......මම ඔහුගෙන් සමාව ගත්තෙමි.....ඒක දිග කතාවක් ඉන්දිකා...... ඔයා දැන් ඉන්දිකා වෙලා හින්ද මේව දැනගත්තට කමක් නෑ ඔහු කීවේය.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: