Friday, March 17, 2017

සීයා 43......................................සීයේ අපිදෙන්න හෙට ආයෙත් මාරුවෙනව......ගෙදරගිය මම සීයාට පැවසුවෙමි.....ඇයි දුවේ එකපාරටම එහෙම තීරනයක් ගත්තෙ...අපේ අතින් දුවට අඩුපාඩුවක්වත් උනාද.......සීයා මාදෙස කනගාටුවෙන් මෙන් බලා ඇසුවේය.....අනේ නෑ සීයේ මම මෙහෙට උනාටපස්සෙ සීය කිසිම අඩුපාඩුවක් නොකර මාව බලා ගත්ත......ඒත් සීයෙ මට ආයෙත් ගෙදර යන්න ඕනැනෙ.......මම කීවෙමි....හුම්.....යනුවෙන් පැවසූ ඔහු...ස්තෝපුවේ හාන්සිපුටුවේ ඇලවී කල්පනාවක නිරතවන බව දුටුවෙමි......ඉන්දිකාගේ කාමරයට ගිය මා නැවත වරක් මේ කාමරයට පැමිනෙන ඉන්දිකා වෙනුවෙන් කාමරය අස්කිරීමට පටන්ගත්තෙමි.......මා පාවිච්චිකල ඇගේ ඇදුම් සෝදා පිරිසිදුකිරීමට එකතුකලෙමි......අනිකුත් ඇදුම් පිලිවෙලට නවා තැන්පත්කලෙමි.......කිලිටි ඇදුම් සෝදා ඒවාද ඇදුම් රාක්කයේ තැන්පත් කල මා ස්තෝප්පුවට යනවිටද සීයා හාන්සිපුටුවේ වාඩිවී කල්පනා කරමින් සිටිනබව දුටුවෙමි.....සීය මෙච්චර වෙලා කල්පනා කරන්නෙ මොනවද?....සීය අලුත් පරීක්‍ෂණයක් කරන්න හදනවද......සිතූ මම ඔහුදෙස බැලුවෙමි......එවිටම මදෙස බැලූ ඔහු....ඔය පුටුවෙන් වාඩිවෙන්න දුවේ...මට පොඩ්ඩක් දුවත් එක්ක කතාකරන්න ඕනැ.....පැවසුවේය.......පුටුවේ වාඩිවූ මම ඔහුදෙස ප්‍රස්නාර්තව බලා සිටියෙමි......දුවට ආයෙත් ගෙදර යන්නම ඕනැද?.......ඔහු ඇසුවේය.....ඔව් සීයේ මට හෙට ඉදන් ආයෙත් ගෙදර යන්න පුලුවන්නෙ.......මම සතුටු සිතින් කීවෙමි.......දුව කැමති නැද්ද දිගටම මෙහෙ ඉන්න.......දුවට කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නෙ නැතුව මම බලා ගන්නම් .....මම නැතත් දුවගෙ නැන්ද දුවට ගොඩක් ආදරෙයි.......සීයා මෙසේ පැවසූවිට...සීය මට ගොඩක් සලකන එක ඇත්ත... ඒත්...මම ආසයි සීයෙ ඉස්සර හිටියවගේ කුසල් කියන පිරිමි ලමය වෙලා ඉන්න.....මම කීවෙමි......ඒවුනාට ලමයෝ......ඔයා ගැහැනු ලමයෙක් විදියට හොදට මේ ගෙදර හිටිය.....ඔයා පිරිමි ලමයෙක් වෙලා කාලයක් හිටියත් ඔයා ගැහැනු ලමයෙක් උනාට පස්සෙ මම දැක්කෙ නෑ ඔයාට ඒ තිබුනු පිරිමි ගතිගුන වලින් පොඩ්ඩක්වත්......ඔයා ඒ තරම් හොදට ගැහැනු ගතිගුන වලින් පිරුනු ලමයෙක් උනා.....මෙසේ පවසා සිනාසුනු සීයා........ඒකට අපේ ඉන්දිකා.....ගැහැනු ගති කියන ඒව ගෑවිලාවත් තිබුනද කියල මම දන්නෙ නෑ......දැන් මට පේනව එයා කොල්ලෙක් උනාට පස්සෙ ගොඩක් සතුටින් ඉන්නව කියල......මටනම් පේනෙ ඔය දෙන්න ඔහොම ඉන්න එක ගැලපෙනව කියල. ඒ හින්ද මම කියන්නෙ ඔයාල ආයෙත් මාරුවෙන්න එපා කියල......එහෙම උනොත් මට හොද දුවෙක් නැතිවෙනව.......ඔහු කනගාටුවෙන් මෙන් පැවසුවේය.......ඒ උනාට සීයේ මගෙ අම්මටයි තත්තටයි එයාලගෙ පුතා නැතිවෙනවනෙ......මම කීවෙමි.....එහෙම වෙන්නෙ නෑනෙ දුවේ.....මට පේනව එයාලටත් දැන් හොද එඩිතර පුතෙක් ඉන්නව කියල.......ඔහු පැවසුවේය......දුවේ ඔයා අනාගතය ගැන බයවෙන්න එපා ඉන්දිකාගෙ තාත්තට හොද දේපලක් තියෙනව ඒවයෙ ආදායම යන්නෙ ඉන්දිකාගෙ බැංකු ගිනුම් වලට ඔයා මෙහෙ හිටියොත් ඒ සේරම බූදලය ඔයාට අයිතිවෙනව.......සීයා පවසන්ට විය......අනේ මන්ද සීයේ මම ආස ආයෙත් කොල්ලෙක් වෙලා ඉන්න......මම කීවෙමි......ඇයි දුවේ ඔයා එහෙම හිතනෙ ගැහැනු ජීවිතේ හොද නැද්ද....ඇසූ සීයා.......ගැහැනු කෙනෙක් උනාම ටිකක් කරදර තමා.....කොල්ලෙක් වෙන එක තරම් නිදහසක් නෑ තමයි..... පවසන්ට විය.....අනේ මමනම් එහෙම හිතන්නෙ නෑ සීයෙ මුලදි කරදරයක් වගේ හිතුනට කෙල්ලෙක් වෙලා ටික දවසක් ගියාට පස්සෙ ඒව එච්චර ගානක් නෑ.....මුලදි මමත් හිතාගෙන හිටියෙ කෙල්ලෙක් වෙලා ජීවත් වෙනව කියන එක හුගක් කරදර වැඩක් කියල......ඒත් මට දැන් තේරෙනව ගැහැනු කමට හුරුවුනාම ඒව එච්චර ගානක් නෑ කියල.....කොල්ල කාලෙවගේ නෙවෙයි කෙල්ලෙක් උනාම නිදහස ටිකක් සීමා වෙනව ඉස්සර වගේ ඕනැ ඕනැ දිහා යන්නවත් ඕනැ විදියට ඉන්නවත් බෑ.......ඒත් දැන් මට ඒකත් ගානක් නෑ සීයෙ.......මම කීවෙමි......මොකක් හරි දේකට හුරුවෙනකන් විතරයි ගැටලු ඇතිවෙන්නෙ.....ඊට පස්සෙ ඒකට හුරුවෙනව......සීයා සිනාසෙමින් පැවසුවේය.....දුවේ ඔයාල මාරුවෙන එක ගැන කලබල නොවී ටිකක් කල්පනා කරල තීරනයක් ගන්න.....මම කියනවට තව දවස් දෙක තුනක් කල්පනා කරල බලල කියන්නකො......සීයා නැවත කීවේය.....සීය කියන හින්ද මම තව ටිකක් කල්පනා කරන්නම්......මම කීවෙමි.
                 පසුදින මා අසලට පැමිනි කුසල්.......දැන් අද හවස අපිදෙන්න මාරුවෙනව නේද?...ඇසූ ඔහු..අද මම ඒකට ලෑස්තිවෙලා ආවෙ.......කනගාටුවෙන් මෙන් පවසනු ඇසුනි......සීය කිව්ව තව දවස් දෙකක් විතර ඉන්න කියල.......මම කීවෙමි......ඒ මොකද.....කුසල් ඇසුවේය......සීයා සහ මා අතර වූ සන්වාදය සම්භන්දව කිසිවක් නොකී මම.....දන්නෙ නෑ......කීවෙමි......එහෙනම් මැෂින්  එකේ මොකක් හරි ගැටලුවක්ද දන්නෙ නෑ.....ඔහු එසේ පවසන විට ඔහුගේ සිතතුල යම් සතුටක් ඇති බව තේරුනි.
                 මා දවස් දෙකක් කුසල් බවට පත්වෙනවාද නැත්නම් මේ විදියට ඉන්නවාද යන ගැටලුව ඇතිවිය.......අවසානයේ මා එක් තීරනයකට බැස ගත්තෙමි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: