සීයා 38.............................මට වූ පොරොන්දුව ඉටුකිරීම සදහා තව දින දෙකක් පමන ඉතුරුව තිබුනි.....එදින ඉරිදා දිනයක් නිසා මා ගෙදර සිටියෙමි ...කවුද අපේ ඉදිරි දොරට තට්ටුකර කතාකරනු ඇසුනි.....දුවේ මම කාමරේ වැඩක් පොඩ්ඩක් කවුද කියල බලන්න.....කාමරේ සිටි සීයා කාමරේ දොර බාගෙට ඇරගෙන මට පැවසුවේය. ....මම ගොස් දොර ඇරියෙමි......හැඩි දැඩි මනුස්සයෙක් මා දොර අරිනවාත් සමගම ගේතුලට ඇතුලුවිය.......උබල චන්ඩි නේද......ඔහු පවසන විට මා බියෙන් ගැහෙන ගතින් යුතුව ඔහු දෙස බැලුවෙමි......ඒ අව්ස්තාවේම තවත් පුරුශයින් දෙදෙනෙක් ගෙට ඇතුලුවිය. මේ කිව අරන් වරෙන් මේ නාකිය ඉන්න කාමරේට.....එම විධානයත් සමගම මාව අල්ලාගත් ඔවුන් දෙදෙනා මාව සීයාගේ කාමරය තුලට ගෙන ගියේය. මේ නාකියව මේ පුටුවට තියල බදිනව......සීයව මැසින් එකේ පුටුවට තබා බදින්ට විය......මේකිව ඔය ජනේලෙ ඩ්රිල් එකට තියල බදිනව.....උබල මේ මොකද කරන්නෙ.....පොඩ්ඩක් හිටපන් කරන දේ බලා ගන්න පුලුවන්......ඒයි කෙල්ලෙ උබ කරාටෙ උගන්වපු කොල්ල කොහේද ඉන්නෙ......මම කාටවත් ඉගැන්නුවෙ නෑ.....මම කීවෙමි.....මොකද යකෝ බොරුකියන්නෙ.....ඔහු මගේ මුහුන හරහා පහරක් ගසමින් පැවසුවේය......අනේ .අන්කල් මම කරාටේ උගන්වන්න තරම් කරාටෙ දන්නෙ නෑ....මම හඩමින් කීවෙමි.....බොරු කියන්න එපා යකෝ......තොගෙ තාත්තවයි අම්මවයි මැරුව වගේ මම තෝවත් මරනව.....ඔහු සැරෙන් කියන්ට විය.....කියපිය ඒ කොල්ල කවුද කියල......කුසල් වෙන්න ඇති.....බියට පත්වූ මම කීවෙමි.....ඌ ඉන්න තැනට ටෙලිපෝන් තියෙනවද ඔහු ප්රස්න කලේය.....මම ඔව් යනුවෙන් පැවසුවෙමි......එහෙනම් දැන්ම වූට මෙහාට එන්න කියල කියනව.......එතකොට උබල තුන්දෙනාවම එකට තියල මරන්න පුලුවන්.....ඔහු කීවේය......දැන් මෙකිව ටෙලිපෝන් එක ගාවට එක්ක ගිහින් මේකි ලවාම කෝල් එකක් ගනිවු. ඔහු මා අසල සිටි මැරයන් දෙදෙනාට පැවසුවේය......මාව ජැනේලයට ගැට ගැසූ බැමි ලිහා දෙමූ ඔව්න් දෙදෙනා මගේ දෑත් පිටුපසට කර බැද දුර කතනය අසලට රැගෙන යන්ට විය......මා පැවසූ දුරකතන අන්කයට කුසල්ට ඇමතුමක් ගත් ඔව්න් කතාකරනලෙස රිසීවරය මගේ මුව අසලට ලන්කලේය......හලෝ කුසල් ඉක්මනට එන්න මට කරදරයක්......මම හඩමින් කීවෙමි......මම දැන්ම එනව.....ඔහු කලබලයෙන් කීවේය.....නැවත මාව කාමරයේ බැද සිටි ස්තානයේම ගැට ගැසුවේය......මොනවද ලමයිනේ මේ කරන්නෙ.....සීයා කැගසන්ට විය.....කට වහපිය නාකිය......තව පොඩ්ඩකින් වෙනදේ උබලට බලාගන්න පුලුවන්......ඔහු එසේ පවසන විට ජීවිතේ පලමුවරට මට මරන බිය දැනෙන්ට විය......මා හඩමින් බැමි ලිහාගැනීමට දැගලුවෙමි.......බොස් අරූ එනව......එක් අයෙක් නායකයාට කීවේය.......ඌට වෙන කරදරයක් කරන්න එපා ඌ කරදර කරන්න හැහුවොත් මෙහෙඉන්න දෙන්නව මරනව කියල උගේ අත්දෙක ගැට ගහල මේ කාමරේට එක්ක වරෙන්......ඔහුගේ නියෝගය විය......සුලු වෙලාවකින් අත්දෙක පිටුපසට ගැට ගැසූ කුසල් කාමරය තුලට රැගෙන එන අයුරු දුටුවෙමි.......දැන් ඕකවත් අනිත් ජනේලෙ ගැටගහපන්.....මැසින් එකේ හිස් පුටුවේ වාඩිවූ නායකයා පැවසුවේය.......මේ කොල්ලො උබ අපිට ගහල උබේ අතපය හිරි හැර ගත්තනෙ....එදා හිතුවෙ නෑ නේද උබට මෙහෙම දෙයක් වෙයි කියල.......අද අපි ආවෙ මේකිගෙ තාත්තව මරපු විදියටම උබල තුන්දෙනාවත් මරන්න......අපි ඒ මිනී මැරුම කලේ සාක්කි ඉතුරු නොවෙන්න......බලපල්ල අද තොපිට කරන්නෙත් ඒකම තමයි......නායකයා පුටුවෙන් නැගිට කුසල් අසලට පැමින තර්ජනය කර.....ඒයි කෙල්ලෙ මට ඕනැනම් තෝව දූසනය කරල මරන්නත් පුලුවන් ඒත් මම එච්චර පහත් මිනිහෙක් නෙවෙයි....තොගෙ අම්මටත් මම එහෙම කලේ නෑ.....ඔහු මෙගේ කම්මුල දෙපැත්ත මිරිකා තර්ජනය කලේය.......
කිසිවක් කිරීමට ඉඩක් නොමැති අපි තිදෙනා මරන බයෙන් බලා සිටිනවා හැරෙන්ට වෙනත් දෙයක් නොකලෙමු.......පොඩ්ඩක් හිටහල්ල මට ඕනැ උබල තුන්දෙනාව ටික ටික මරන්න.....උබලව එක සැරේ මැරුවම කිසි ගතියක් නෑ....පැවසූ ඔහු හයියෙන් සිනාසුනේය ......ඔහුගේ වියරු සිනාව මගේ කන් අඩි පලාගෙන යන්නාක් මෙන් දැනුනි.....මාස්ටර් තේනුක.....මම එකක් කියන්නද.......උබේ වයිරය තියෙන්නෙ මා එක්කනෙ......මේ වයසක මනුස්සයටයි ගැහැනු ලමයටයි හිරිහැර නොකර පුලුවන්නම් මාත් එක්ක සටනට වරෙන්......කුසල් අභියෝග කරනු ඇසුනි......මේ මට බන කියන්න එන්න එපා.....මම උබලට කරන දේ මම කරන්නම් ඔහු කීවේය......
No comments:
Post a Comment