සීයා 29............................මම මෙහෙම කිව්වෙ.. අපේ විභාගෙත් දැන් ලගයි දැන් මම කුසල්ගෙ ජීවිතයට හොදට උහුරුවෙලා ඉන්නෙ.......මට පේනව මෙයාටත් ගැහැනු ජීවිතේ හුරුවෙලා කියල.. දැන් අපිව ආයෙත් වෙනස් වුනොත් ආයෙත් අපිට ඒ ජීවිතේට හුරුවෙන්න ටික දවසක් යනව .ඒක අපේ විභාගෙටත් බලපාන්න පුලුවන්........පවසන්ට විය...... ඔහු කියන එකෙත් ඇත්තක් දැන් මාත් ගැහැනු ජීවිතේට හොදට හුරුවෙලා ඉන්නෙ ආයෙත් එකපාරටම වෙනස් උනොත් ගැටලුවක් වෙන්නෙ......ඒ හින්ද විභාගෙන් පස්සෙ වෙනස් වෙන එක හොදයි......ඒත් බැරිවෙලවත් මම විභාගෙන් පේල් වෙලා කුසල් පාස් වුනොත් කුසල් මාව වෙන්න කැමති වෙයිද.........කුසල් පේල් වෙලා මම පාස්වුනොත්.... මටත් කල්පනා කරන්න වෙනව විශ්වවිද්‍යාලයේ යන එකද හොද කොල්ලෙක් වෙලා ඉන්න එකද හොද කියල.
පාසැලේ එදා සිදුවූ සිද්දියෙන්පසු වෙනත් විසේස ගැටලුවක් ඇති නොවුනි. මට මෙන්ම කුසල්ටද කිසිවෙක් කිසිම ප්‍රස්නයක් ඇතිනොකලේ දැන් ඉන්දිකාට මෙන්ම කුසල්ටද සටන් කලාව හුරුවී ඇති බව ඔව්න් තේරුම්ගත් නිසාය. මම ඔහුට සටන් කරන ආකාරය කියා දී ඇතිබව ඔව්න්ගේ සැකයක් ඇතිවිය......එහෙත් එහිසත්ය තත්වය දන්නේ අපි දෙදෙනා හැරුනුවිට සීයා සහ ..ප්‍රනීත් පමනි.......ප්‍රනීත් මේ ගැන කිසිවෙකුට නොපවසීම නිසා අපේ රහස දිගටම තබා ගැනීමට හැකිවිය.......ප්‍රනීත් සහ කුසල් අතර යහලුකම දිනෙන්දින වර්දනය වන බව මට තේරුනි.......ඔහුද අපි සමග පාඩම් කිරීමට පැමිනියේය......මට වඩා දක්ෂ කොල්ලෙක් සමග යහලුවීමට ලැබීම ගැන ප්‍රනීත් සතුටින් සිටිනබව මට තේරුනි........උබල දෙන්න ආයෙත් මාරුවෙන්න එපා බන් උබල දෙන්නට ඔය ජීවිත දෙක හොදට ගැලපෙනව.......මම මෙහෙම කිව්වට තරහගන්න එපා කොහොමත් ඒ දවස්වල කුසල් හිටියෙ කෙල්ලෙක් වගේනෙ.....මෙයාට යාලුවෙක් විදියට හිටියෙ මම විතරයි....අනිත් කොල්ලො මෙයාගෙ ගැහැනු හැසිරීම් හින්ද කොන්කලා.....මෙයාව ආස්සරේ කරනව කියල මටත් කොල්ලො අපහාස කරන්න ගත්ත ඒත් මම ඒ එකක්වත් ගනන් ගන්නෙ නැතුව ආස්සරේ කලා.....ආයෙත් ඉන්දිකා කුසල් බවට පත්වුනොත් ඒ ආනිසන්සෙම නේද ඇතිවෙන්නෙ.....ප්‍රනීත් පවසන දේ අසා සිටිමට ඔහු පවසන දේවල් වල යම්කිසි ඇත්තක් ඇතිබව මටද තේරුනි.....එහෙත් මට උවමනා වූවේ නැවත පිරිමියෙකු වීමටය..... මගේ අදහස ප්‍රකාස නොකර නිස්සබ්දව සිටියෙමි......
ඒ දිනවල මා මෙන් නොව කුසල් ක්‍රීඩා කටවුතුවලටත් භාහිර දේවල් වලටත් සහභාගීවන නිසා ඔහු පාසැලේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්විය.......එදා මෙවැනි දේවලට සහභාගී වන ඉන්දිකා දැන් පැත්තකට වී සිටීම කාටත් පුදුමයක් විය......මොනවද අනේ ඉස්සර ඔයා හැමදේටම ඉස්සරහට යනව දැන් පස්ස ගහනවනෙ.......මිතුරියන් මට පවසන්ට විය......ඕව කරල හරියන්නෙ නෑ අනේ විභාගෙට තව ටික දවසයි තියෙන්න කොහොමහරි විභගෙ පාස්වෙන්නඕනැ.....මම කීවෙමි.
අපේ විභාග දින උදාවිය.....අපි පාඩම් කර ආකාරයට විභාගයට උත්තර ලිවීමට හැකිවීම අපි දෙදෙනා පාස්වෙනබවට ඉගියක් විය......ප්රනීත්ද විභාගය හොදින් කල බව ඔහුද පැවසුවේය.....දැන් නිවාඩු කාලෙ හින්ද මොනවද කරන්නෙ කුසල්......මම කුසල්ගෙන් ඇසුවෙමි.......මේ දවස්ටිකේ මට හොදට ප්‍රැක්ටිස් වැඩ කරන්න පුලුවන් ....ඔහු සිනාසෙමින් කීවේය......ප්‍රනීත් උබත් වරෙන්කො මාත් එක්ක ප්‍රැක්ටිස් කරන්න.......මට ඔය කරාටෙ තේරෙන්නෙ නෑ බන්.....ඔහු කීවේය......වරෙන් මම කියල දෙන්නම් ....කුසල් කීවේය.......යන්න ප්‍රනීත් ඔයත් ඉගෙනගන්න..මම කීවෙමි....බලමුකො.....ඔහු සතුටින් කියන අයුරු දුටුවෙමි.......ඉන්දිකාටත් කියල දෙන්නකො.....ප්‍රනීත් කුසල්ට කීවේය.......අපෝ මට එපා මම ඕවට කැමති නෑ......මම කීවෙමි.........ඔන්න ඕකනෙ මම කිව්වෙ මෙයාට පිරිමිකම ගැලපෙන්නෙ නෑ කියල......ප්‍රනීත් සිනාසෙමින් පැවසුවේය.......ඒ වුනාට කමක් නෑ මට ඕනැ ආයෙත් කොල්ලෙක් වෙන්න.......මම ලැජ්ජාවෙන් බිමබලාගෙන කල්පනා කලෙමි.....
නිවාඩු දින බැවින් මට සීයාගේ නිවසේ සිටීමට සිදුවිය......සීයා මට උයන ආකාරයත් ගෙදර වැඩ කරන ආකාරයත් කියාදී ඇතිනිසා තනියම උයා ගැනීමට හැකිවිය.......ඔය ලමය උයන කෑම රසයි දරුවො.......සීයා කෑම ගන්න සැමවිටම පවසන්ට විය.......සීයා පරීක්සන කටවුතුවල නිරතවන අතර තුල මා ගෙදර වැඩ කලෙමි......කම්මැලි වෙලාවට පොතක් බැලීම.......සහ මිදුලේ මල් වැවීම මගේ විනෝදාන්සය විය.........දිනක් මා දෙස හොදින් බලා සිටි සීයා ...අපේ ඉන්දිකා ඉන්නකොට ඔච්චර හොදට වැඩකලේ නෑ. එයාට ඕනැකම තිබුනෙ කරාටෙ මිසක් වෙන මොකුත් නෙවෙයි......ඔයලමය පිරිමි ලමයෙක් විදියට කාලයක් හිටියත් හොද ගැහැනු ලමයෙකුගෙ ගතිගුන තියෙනව.......මමනම් කැමතියි ඔය ලමය මේවිදියට ඉන්නවනම්.......අනේ බෑ සීයෙ මට ආයෙත් අපේ ගෙදර යන්න ඕනැ.....මට කුසල් වෙන්න ඕනැ.....මම කීවෙමි......ඒක ඉතින් ඔයලමයගෙ කැමැත්ත......මම මේ කිව්වෙ ඔයලමය ගැහැනු ලමයෙක් විදියට හොදට ගැලපෙනව කියල......ඒත් ඔයලගෙ කැමත්ත ආයෙත් මාරුව ඇරගන්නනෙ ඒ හින්ද ඉක්මනට මැසින් එක හදන්න ඕනැ......මම මේ කල්පනා කලේ..............
No comments:
Post a Comment