Thursday, March 2, 2017

සීයා 28..............................මේ අවස්තාවේදී දිස්නි සහ තවත් යෙහෙලියන් කිහිපදෙනෙක්ද මා අසල විය. මොනවද ඉන්දිකා කරන්නෙ ගිහින් ඌට කම්මුල් පාරවල් දෙකතුනක් දීල වරෙන්කො.......මා නිස්සබ්දව සිටිනු දුටු දිස්නා කීවාය.....මා පෙර සිටි ඉන්දිකා නොවන බවත් ඉන්දිකා කුසල්බවට පත්වී ඇතිබවත් නොදන්නා මේ සියලු යෙහෙලියන් පුදුමයෙන් මෙන් මා දෙස බැලුවේ මා නිස්සබ්දව සිටින නිසාය......අපි මොකුත් කිව්වොත් තමයි.....මෙයාට තදවෙන්නෙ.....ඒත් පිට ස්කෝල වල එවුන්ට ඒ මොකුත් නෑ......ඉන්දිකාගේ හතුරකු වන නිසාන්තගේ කට හඩ ඇසුනි.......මේ කරදර ඉවසීමට නොහැකි තැන මා නැගිට්ටේ එතැනින් ඈතට යෑමටය......මා නැගිටිනවිටම නිසාන්ත අසල සිටි ඔහුගේ යහලුවන් ඈත් වන්ටවිය.....මෙයාල බයවෙලා වගේ මම නෙගිට්ටෙ මෙයාලට ගහන්න කියල..මට සිතුනි...මට ටිකක් ඈතින් සිටි කුසල් මා දෙස බලන අයුරු දුටුවෙමි.......ඔහු ප්‍රනීත් සමග මා අසලට පැමිනෙන අයුරු දුටු මා හිටි තැනම හිටගෙන සිටියෙමි......නැගිටල එන්න නන්ගි.... මෙතෙන්ට ආවොත්.....එමකොල්ලා මට නරක වචනයක් කියන අයුරු කුසල්ටද ඇසුනු බව තේරුනි......ඔහු කෙලින්ම ගියේ ඒ කොල්ලා අසලටය.....ආ මේ පෙන්ද ආවෙ ගහන්නද......නිසාන්ත පවසන අයුරු මට ඇසුනි......නිසාන්ත සිතාගෙන ඉන්නේ කුසල් යනු මගේ චරතය නිසා.... පෙන්ද යනුවෙන් ඔහුව හැදුන්නුවේ ඒනිසාය......කුසල් මට අපහාස කල කොල්ලගේ කමිස කරෙන් අල්ලන අයුරු දුටුවෙමි.....ඒයි ගහපියවු ඕකට ගහපියවු ඔය පෙන්දට නිසාන්ත තවදුරටත් කීවේය......එවිටම කටකාර කොල්ලාගේ යහලුවෙක් කුසල්ට පහරක් එල්ල කරන අයුරු දුටුවෙමි.......ඔහු පහර එල්ල කරනවාත් සමගම කුසල් එල්ල කල පහරින් ඔහු කැරකී බිම පතිත විය.....එවිටම තවත් කෙනෙක් පහර එල්ල කිරීමට සූදානම් විය .....ඔහුටද වැදුනු පහරින් ඔහුද බිම පතිත විය......මෙය චිත්රපටි ජවනිකාවක් මෙන් අපි බලා සිටියෙමු.....කුසල්ට පහර දීමට සූදනම්වූ සැමදෙනාම පහර කාගෙන කුසල් අසලින් ඈත්වෙන අයුරු අපි බලා සිටියෙමු.....මීට පස්සෙ තොපි එකෙක් හරි අපේ ස්කෝලෙ කෙල්ලෙකුට මොනව හරි කියල තිබුනොත් බලා ගනියව්.......ඔහු බනින දෙස බලා සිටි මම....... දැන් ඇති කුසල් මෙන්න මෙහාට එන්න.....මම කීවෙමි.......කවුද අනේ කුසල්ට ඔහොම ගහගන්න ඉගැන්නුවේ .......අපි දන්න හැටියටනම් කුසල් හරිම නිවට ලමයෙක් එයා ගැහැනු අපිටත් වඩා අන්තයි.......ගීතිකා පවසනු මා අසා සිටියෙමි......යෙහෙලියන් හැම කෙනෙක්ම කුසල් ගැන කතා කලේ පුදුමයෙනි.....මෙතෙක් කල් නිවට ලමයෙක් ලෙස සිටි කුසල්ට මෙවැනි ධෛර්ය ලැබුනේ කෙසේ දැයි ඔවුන් හැම කෙනෙකුටම ගැටලුවක් විය......ඔයා කුසල්ට සටන් කරන හැටි උගන්නලා දැන් සද්ද නැතුව ඉන්නව නේද. මමත් මේ පුදුමවෙලා බලාගෙන හිටියෙ වෙනද එක වචනෙ කියන කොට තදවෙන ඉන්දිකාට මොකද මේ අද වෙලා තියෙන්නෙ කියල.......දිස්නී කියන්ට විය.
              මීට පස්සෙ මොකක්හරි කරදරයක් උනොත් මට කියන්න ඉන්දිකා.....අපි ගෙදර යනවිට ඔහු පැවසුවේය......ඒ වුනාට වැඩිය ඕවගෙ දේවල් වලට පැටලෙන්න එපා කුසල්......මෙවැනි දේවලට අකමැති මම පැවසුවෙමි.... මට ඉස්සර වගේ නෙවෙයි කොල්ලෙක් උනාම හොදට ශක්තිය තියෙනව....කරාටේ තාක්ශනය එක්ක ශක්තියත් පාවිචි කලොත් මුන් මැරිල වැටෙනව ඒ හින්ද ගොඩක් වේගෙ අඩුකරල ගැහුවෙ.......ඔහු කියන්ට විය .
              මට අපේ ගෙදර යෑමට අපහසු වුනත් කුසල් දවස දෙකතුනකට වරක් හෝ පැමින සීයා බලා යෑම  සිරිතක් විය....ඒ අතර තුල මට ගැහැනු ජීවිතය ගතකිරීමට උපදෙස් ලබා දීමටද අමතක කලේ නැත.......කොල්ලෙකුට එතරම් ගැටලු පැන නොගත්තත් ඒ සැම දෙයක් ම ඔහු මගෙන් විමසන්ට විය......කුසල්ගෙන් ලැබුනු සහයෝගය නිසා මට දවසින්දවස ගැහැනු ලමයෙකුමෙන් ජීවිතය වෙනස්කරගැනීමට හැකිවිය.......දිනෙන් දින විභගයද ලන්වන නිසා අපි දෙදෙනාට වැඩ අදික විය මේ නිසා සමහර දිනවල කුසල් සවස් වනතුරු මා සමග එකතුවී පාඩම් වැඩ කිරීමට හුරුවිය......ඔහු අම්මට කියාතිබුනේ පිරිමි යහලුවෙකුගේ ගෙදර ගොස් පාඩම් කරනබවය......නැතිනම් ගැටලුවලට මුහුන දීමට සිදුවන බව ඔහු හොදින් දැන සිටියේය......මේ අතර සීයාද මැෂින් එක යථාතත්වයට ගෙන ඒමට  උත්සාහ කරන බව අපිට තේරුනි........ඔය දෙන්නගෙ විභාගෙට ඉස්සෙල්ල මේක හදාගත්තොත් හොදයි කියල මට තේරෙනව .....දිනක් සීයා අපි දෙදෙනාට කීවේය.....හදා ගත්තත් දැන්ම අපි දෙන්නව මාරුකරන්න එපා සීයේ.......කුසල් කීවේය......කුසල් ඇගේ ගැහැනු ශරීරෙට ආපහු යන්න අකමැති හින්දද එහෙම එපා කියන්නෙ සැක සිතූ මම.....ඇයි කුසල් එහෙම කියන්නෙ.....මම නම් දැන් උනත් කැමතියි.......කීවෙමි........මා දෙස අමුතු බැල්මක් හෙලූ කුසල්.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: