Sunday, March 19, 2017

සීයා 44.....................................මම ඉපදුනේ කොල්ලෙක් විදියට හැදුනෙ වැඩුනෙ කොල්ලෙක් විදියට. මාව මේ විදියට කෙල්ලෙක් බවට පත්වුනේ මගෙ කැමැත්තෙන් නොවෙයි....ඒක අහම්බෙන් සිදුවුන දෙයක්......එහෙම දෙයක් සිදුනොවුනනම් මම තවමත් කොල්ලෙක් ඉන්දිකා ගැහැනු ලමයෙක්....අහම්බෙන් මට ලැබුනු මේ ගැහැනු කමට වඩා  හුරු පුරුදු පිරිමි ජීවිතය මට හොදයි.....ඒ හින්ද සීයට කියනව මට ආයෙත් කුසල් බවට පත්වෙන්න ඕනැ කියල......සිතූ මම....කුසල් කියනව වගේ..මම මේ මාස කීපයට ගැහැනු ජීවිතයට හුරුවෙලා ඉන්න හින්ද මට එකපාරටම පිරිමි ජීවිතයට හුරු වෙන්න බැරි වෙයිද.....එහෙම උනොත් මාව සිසී කෙනෙක් කියල අනිත් කොල්ලො මාව කොන්කරයිද?.....ඉස්සර වගේ ආයෙත් මාව කොල්ලන්ගෙන් වෙන්වෙලා ඉන්න වෙයිද......ස්කෝලෙ යන කාලෙ වගේ නෙවෙයි දැන් ඔක්කොමල ලොකු අය....ඒ කොල්ලො අතර මම කෙල්ලෙක් වගේ ඉන්න වුනොත් සෑහෙන්න කරදර වෙයි.....මෙලෙසද සිතූ මම......ඕනෑම දෙයකට මුහුන දීමට තීරනය කල මා නැවත කුසල් බවට පත්වීමට සිතාගත්තෙමි......ඉන්දිකා මගේ මෙම තීරනයට අකමැතිවන බව තේරුනත් ඇය මෙලොවට උපන්නේ ගැහැනු ලමයෙකු ලෙසිනි. ඇයට මගේ පිරිමි සිරුර ලැබුනේ අහම්බෙනි......ඒ නිසා ඇයට මගේ තීරනයට විරුද්ධ වීමට කිසිම හේතුවක් නොමැත.
          මම තීරනය කලා සීයේ ආයෙත් කුසල් වෙන්න......හෙට අපි මාරුව ඇරගන්න කුසක් එක්ක එන්නම්......මම සීයාට පැවසුවෙමි.....මා දෙස පරීක්ශාවෙන් බැලූ සීයා.....ඔය ලමය ඔය තීරනය ගත්තෙ හොදට හිතල බලලද......ඇසුවේය.....ඔව් සීයෙ මම මේ දවස් දෙක තුනේම ඕක ගැන තමා කල්පනා කලේ......මම කීවෙමි......එහෙනම් කමක් නෑ ඔය ලමයින් ගෙ කැමැත්තනෙ.......සීයා සුසුමක් හෙලා පැවසුවේය......හැබැයි දුවේ තව පොඩි ගැටලුවක් තියෙනව.......ඒ මොකක්ද මම ඇසුවෙමි......අද පොලීසියෙන් පනිවිඩයක් එවල තිබුන එදා සිද්දවුන කලබලේ ගැන කට වුත්තරයක් දෙන්න කියල......මටයි ඔයාටයි  ඒ සම්භන්දව කට උත්තර දෙන්න වෙනව......ඒ වෙලාවට ඔයා කුසල් වෙලා හිටියොත් සාක්කිය වැරදෙනව.....ඒ හින්ද පොලීසියෙ වැඩටික ඉවර වුනාට පස්සෙ ඔයාල මාරු වෙන්න කියල මම කියනව.......සීයා මෙසේ පවසන විට මගේ බලා පොරොත්තුව තව දුරටත් කල්යන බව මට හැගුනි.....අනේ සීයේ එතකොට කවද්ද අපි ආයෙත් මාරුවෙන්නෙ......මම දුක්බරව ඇසුවෙමි.......හෙට උදේ පොලීසියට එන්න කිව්ව......ඊට පස්සෙ පුලුවන්......සීයා පැවසුවේය......හෙට උදෑසන පොලීසියට ගොස් කට උත්තර දුන් පසු අපිට මාරුවීමට හැකිබව දැනගත් මගේ සිතට සහනයක් ඇතිවිය.....එතකොට කුසල් පොලීසියට යන්න ඕනැ නැද්ද.....මම ඇසුවෙමි.......මම ඕ අයි සී ට කිව්ව කුසල්ව මේ ගැටලුවෙන් අයින් කරන්න කියල ඒ ලමය ආවෙ අපිට උදවුකරන්නනෙ......සීයා කීවේය......
              මට හෙට පොලීසි යෑමට තිබෙන නිසා කැම්පස් යෑමට නොහැකි කුසල්ට දැන්වූ මම......හෙට සවසට අපේ මාරුව සිදුකර ගැනීමට හැකිනිසා සවස පැමිනෙන ලෙස ඔහුට දැන්වූවෙමි. පසුදින උදෑසන මාත් සීයාත් පොලීසියට ගොස් සිදුවූ සිද්දිය සම්බන්දව කට උත්තර ලබා දුන්නෙමු......ආපසු ගෙදරට පැමිනි මම කුසල් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ කාලයකට පසු නැවත මගේ පිරිමි සිරුර තුලට යෑමටය.....අපසු යාමට සූදානම්ව ඉන්දිකාගේ කාමරයේ සියල්ල පිලිවෙලට තාබා ඔහු එන තුරු ඇදිරි වැටෙන තුරු බලා සිටියත් කුසල් පැමිනෙන පාටක් නොතිබුනි.......මා කිහිපවරක් ඔහුගේ ගෙදරට දුරකතන ඇමතුම් ලබා ගත්තත් ඔහු ඒ වනවිටත් ගෙදර පැමින සිටියේ නැත.....කුසල්ට මක් වෙලාද මන්ද වෙනදට මේ වෙලාවට ගෙදර එනව....මගේ මේ වැඩේ හින්ද මග හරිනවද දන්නෙත් නෑ......මා කල්පනා කලෙමි......බලන්නකො සීයේ තාමත් කුසල් ඇවිත් නෑනෙ......මම සීයාට කීවෙමි.......මා දෙස බලා සිනාසුනු සීයා......ඔයලමයට වගේ එයාට ඒක ගැන ඒ තරම් වුවමනාවක් නැතුව ඇති......කීවේය.....එහෙම කියල හරියන්නෙ නෑනෙ සීයෙ එයා ඉන්නෙ මගේ ශරීරෙ ඇතුලෙනෙ......ඒක මටයි අයිති.....මම කීවෙමි.......ඒ ලමය ඒක අයිතිකරගන්න එකක් නෑ....ආපහු දෙයි......අද මොකක් හරි වැඩක් ඇති ඒකයි පරක්කු ඇත්තෙ.....අනිතෙක ඒලමයත් කොල්ලෙක් වෙලා ඉන්න අන්තිම දවසත් අදනෙ.....පරක්කු වෙලා හරි එයි......සීයා කීවේය. එහෙත් අද දින කුසල් නොඑනබව රෑබෝවීමෙන් වැටහුනි......පසුදින උදෑසන මට කුසල්ව මුනගැසුනි......මොනවද කුසල් ඊයෙ මම කොච්චර වෙලා බලා හිටියද ඔයා ආවෙනෑනෙ......මම නෝක්කඩු සවරූපයෙන් කුසල්ට පැවසුවෙමි.......අනේ සොරි ඉන්දිකා....මම පොඩිගමනක් ගිය හින්ද ගෙදර යනකොටත් රෑ එකොලහ විතර වුනා......ඔහු පැවසුවේය......අදනම් බෑ කියල හරියන්නෙ නෑ කොහොමහරි එන්න ඕනැ.....මම කීවෙමි......හරි...හරි...මම ඔයාට පොරොන්දුවුනානෙ......මම ඒ පොරොන්දුව අද ඉස්ටකරන්නම්......ඔහු පැවසූවිට.....මගේ සිතට සතුටක් ඇතිවිය.....විස්වවිද්යාලයේ.......අපි වාඩිවී සිටි බන්කුව ඉදිරිපිට තිබෙන වැව දෙස සතුටින් බලා සිටි මම.......කුසල් මට ඔයාට කියන්න කාරනාවක් තියෙනව......පැවසුවෙමි.......ඒ මොකක්ද.....ඔහු ප්‍රශ්නාර්තව  ඇසුවේය........අපි අද හවස මාරුවෙනවනෙ ...ඊට පස්සෙ කියන්නම්.......මා කීවෙමි....

No comments: