සීයා 39..................................බොස් මුන් තුන්දෙනාට කරන්ට් එක අල්ලමු.....එකෙක් පැවසුවේය. ඒත් එක පාර මරන්න එපා ටික ටික මරපල්ල....පැවසූ නායකයා....සීයා අසල තිබුනු පුටුවේ වඩිවී පැවසුවේය.....බොස් මේක කොම්පියුටරයක්ද කොහෙද......සීයාගේ මැෂින් එකෙ මොනුටරය දෙස බැලූ එකෙක් කීවේය........ඒයි බලපන් ඒකෙ මොනවද තියෙන්නෙ කියල.....මේක ඕෆ් කරල බොස් තියෙන්නෙ....ඉතින් ඕක දිහා බලාඉන්නෙ නැතුව ඔය වයර් එක තියෙන්නෙ.....ඒක ප්ලග් එගට ගහපන්කො......නායකයා කීවේය.....මැසින් එකනම් වැඩ ඒත් මොකුත් පේන්නෙ නෑ බොස්.....කෝබලන්න......පුටුවෙන් නැගිට්ට නායකයා මොනිටරය දෙසට ගියේය.....මේකෙ මොකක් හරි කෝඩ් එකක් ඇති......පොඩ්ඩක් හිටපන්කො කෝඩ් එක නාකියගෙන් අහගන්න.....කී ඔහු සීයා අසලට පැමිනියේය......ඕකට කෝඩ් එකක් නැ..ලමයිනේ...ඔතන තියෙන ලිවර් එක ඔන් එකට දැම්මම හරි......සීයා කීවේය.......තෝ බොරු කිව්වොත් බලාගෙනයි පැවසූ නයකයා සීයා අසල අනිත් පුටුවේ වාඩිවී .....ඕක දාල බලපන් වැඩකලේ නැත්නම් මම මූ ගැන බලාගන්නම්.......සීයා දෙසට අත දිගුකර කීවේය......එවිටම එක් අයෙක් ලිවරය ඉස්සුවේය......එවිටම පුටුවේ වාඩිවී සිටි ඔවුන්ගේ බොස් ගේ සිරුර ගැහෙනු දුටුවෙමි.......ඔහු පුටුව මත සිහි නැතිවිය.......එය දුටු ඔහුගේ ගෝලයින් දෙදෙනා ලිවරය නැවත ඕෆ් කර .....මොකද බොස්ස් උනේ......ඔහු අසලට පැමින ඔහුගේ උරහිසෙන් අල්ලා සොලවමින් අසන්ට විය......මේ පුටුවට කරන්ට් එක ලීක් වෙන්න ඇතිබන්.....දැන් මොකද කරන්නෙ......බියට පත්වූ ඔවුන් ඇසුවේය......වතුර ටිකක් ගෙනෙන් සිහිය නැතිවෙලා විතරයි තියෙන්නෙ.....එක අයෙක් කාමරයෙන් පිට වූවේ ජලය රැගෙන ඒමටය.....එවිට ඔව්න්ගේ බොස්ට සිහිය එන බව දුටුවෙමි........සිහිය ආ බොස්.......ඔහුගේ අත් දෙක සහ සිරුර දෙස බලා......මට මොකද මේ වුනේ......ඇසුවේය......බොස් මුන් මේ පුටුවට කරන්ට් එක හයි කරලද කොහේද ඒකයි බොස් ට කරන්ට් එක වැදුනෙ.......ඒකත් එහෙමද.......පැවසූ ඔහු.....කෝ අනිත් එකා.....ඇසුවේය......බොස් ට සිහිය නැතිවුන හින්ද වතුර ටිකක් ගේන්න ගියා......දැන් මට වතුර ඕනැ නෑ ........උබේ අතේ තියෙන පිහිය මෙහාට දියන්.......මුන් තුන්දෙනා ඉවරයක් කරලම දාන්න....... එම ගෝලයාගේ පිහිය අතට ගත් ඔහු......දැන් උබත් පලයන් එලියට......මම වැඩේ කරලම එන්නම්.......ඔහු නියෝග දුන් පසු ඔහුගේ ගෝලයා එලියට ගියේය.......ඔහු එලියල ගිය පසු දොරවසා අගුලු දැමූ බොස්. පිහියත් උලුක් කරගෙන අපි අසලට එනු දුටුවෙමි......මාව කුසල් බවට පත්වෙනු කෙසේ වෙතත්......අපිට දැන් මැරෙන්න වෙන්නෙ......අනේ අම්මෙ අනේ තාත්තෙ මට ආයෙත් කුසල් වෙලා ගෙදර එන්න වෙන්නෙ නෑ...මට දැන් වෙන්නෙ මේ මැරයො අතින් මැරුම් කන්න.......අනේ දෙවියනේ මම මොනවරදක් කලාටද මෙහෙම දෙයක් වෙන්නෙ........ඔහු පිහිය දිගු කරගෙන අපි අසලට එන විටම දොරට තට්ටු කරන හඩ ඇසුනි.......බොස්ස් බොස්ස් ඉක්මනට දොර අරින්න........එලියෙන් හඩක් ඇසුනි.......මොන කරදරයක් ද මන්ද?...මට මේ වැඩේ ඉවරයක් කරන්න ඉඩ දෙන්නෙ නෑනෙ......පැවසූ ඔහු දොර දෙසට ගියේය.......මොකද බන්.....දොර යන්තම් ඇරිය ඔහු ඇසුවේය......බොස්ස් කවුද එකෙක් මිදුලෙ මුරට හිටිය අපේ ගෝලයන්ට ගහනව.......උන් කීදෙනෙක් ඉන්නවද.....බොස්ස් ඇසුවේය......ඇයි බොස්ස් පස්දෙනෙක් නැවැත්තුවනෙ......මම ඇහුවෙ නවත්තපු ගාන නෙවෙයි .....කී දෙනෙක් ඇවිත් උන්ටගහනවද කියල....ඔහු ඇසුවේය...එක්කෙනයි... උපහාසයට මෙන් සිනාසුනු බොස්.........පස්දෙනෙක් එක්ක එක්කෙනෙ කුට ගහන්න බැරිද...උබල එතෙන්ට යන්න එපා......ඒක ගැන උන් බලා ගනියි...උබල දෙන්න මෙතනම ඉන්න ඕනැ මම අඩගැහුව ගමන් එන්න ඕනැ...........ඔහු දොර වසා ආපසු පැමිනෙන විට .........යකෝ ඇයි උබල මාව මේ පුටුවට තියල බැන්දෙ......සීයා කෑගසන හඩ ඇසුනි......ඔහු අසලට ගිය බොස් ඔහුගේ ඇස්දෙක කලු රෙදි කැබල්ලකින් ගැට ගැසුවේය......මොකක් ද යකෝ මට කරන්නෙ..මට මොකුත් පේන්නෙ නෑ.......සීයා කැගසන්ට විය....සීයාගේ හඬ පිට නොවනලෙස තවත් රෙදි පටියකින් මුව ආව්රනය කරන්ට විය.. අනේ අපේ අහින්සක සීයට මූ මොකක්ද මේ කරන්න හදන්නෙ.....මා හඩමින් කල්පනා කලෙමි....හරි දැන් ඔහොම හිටපන්.....පැවසූ බොස්.....පිහිය අමෝරාගෙන අපි දෙසට පැමිනෙන්ට විය......දැන් ඉතින් අපේ අව්සානය ලගයි .....මා ඉදිරියට පැමිනෙන මරනය ගැන සිහිකරමින්......ඇස්දෙක තදින් පියා ගත්තෙමි........
No comments:
Post a Comment