Monday, March 6, 2017

සීයා 33................................සාදය පැවැත්වීමට නියමිතදින උදෙන් පිබිදුනු මම සීයා සමග ඒ සදහා සූදනම් උනෙමි. මා ගෙදර සාලය සැරසූ අතර සීයාටද උදවු උනෙමි. සවස හය පමන වන විට කුසල් ප්‍රනීත් සමග පැමිනියේය......සාලයට ඇතුල්වූ කුසල්......පුදුමයෙන් මෙන් මා සැරසූ සැරසිලි දෙස බලන්ට විය.....කොහොමද ලස්සනද.....මම අසුවෙමි.....මාර ලස්සනයිනෙ සීයද මේව කලේ.......කුසල් ඇසුවේය......මට ඕව කරන්න බෑ පුතේ ඉන්දිකා දුව තමා ඕව කලේ.....කුසල් පවසනු අසාසිටි සීයා කීවේය.....ෂා ඉන්දිකාට දැන් සැරසිලි වැඩත් හොදට පුලුවන්නෙ......ප්‍රනීත් කීවේය.......... ඉතින් වාඩිවෙන්නකො.....මම බීම හදාගෙන එන්නම්.......පැවසූ මම කුස්සියට ගොස් බීමා සාදාගෙන පැමිනි විට.......සාලයේ තිබුනු ඉන්දිකාගේ පින්තූරයක් බලමින් මා දෙසට පිටුපස හරවා සිටිනිසා මා ලගට පැමිනෙනු ඔව්න්ට පෙනුනේ නැත.......මචන් උබල දෙන්න ආයෙත් මාරුවෙන්න එපා....කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න දැන් ඉන්දිකාට හොදට හුරුයි බන්. .කී ප්‍රනීත් ...උඹ මොකද කියන්නෙ උඹ කැමතිද ආයෙත් ඉන්දිකාගේ ජීවිතයට යන්න....ඇසුවේය.......මම අකමැති උනා කියල මොනව කරන්නද බන් ඒකිට කුසල්ගෙ ජීවිතේ ආයෙත් ඕනැ කියනවනෙ.......කුසල් පවසනු ඇසුනි.......මා හිමින් සීරුවේ අදියර කිහිපයක් පස්සට ගියේ ඔවුන් පැවසූ දේ මගේ දෙසවනට නොවැටුනු සේ හැගවීමටය.........මොනවද බලන්නේ......මා පැමිනි බව ඔව්න්ට හැගවීමට ඇසුවෙමි.......මේ ඉන්දිකාගෙ පොටෝස් වගයක් බැලුව.......මා අසලට පැමිනෙමින් ඔවුන් පවසන්ට විය......මම නම් ඉතින් ඔය පොටෝස් වල ඉතිහාසය දන්නෙ නෑනෙ......කවුරු හරි ඇහුවත් කියන්න තේරෙන්නෙ නෑ......මම කීවෙමි.......අයියෝ සුලුදෙයක් නේ ඕක ඉතින් කුසල්ගෙන් අහගන්නකෝ......ප්‍රනීත් කීවේය. ......ඕව ඉතින් දැනගත්ත කියල මට වැඩක් නෑනෙ ඕව වටින්නෙ කුසල්ටනෙ........ඇයි ඔයා එහෙම කියන්නෙ.....ප්‍රනීත් ඇසුවේය......මම ඉතින් වැඩිකාලයක් මෙහෙ ඉන්නෙ නෑනෙ......ඔව්න්ට  සිසිල් බීම වීදුරු දෙක පිරිනමා මමත් එකක් ගෙන පුටුවේ වාඩිවෙමින් පැවසුවෙමි......ඉතින් සීය මැසින් එක හදාගන්න කන්වත් ඉන්නවනෙ.....ඔහු කීවේය.....ඔව් එතකල් විතරනෙ......මා කීවෙමි......ඔව්ව ගැන කතාකරල වැඩක් නෑබන් වෙන දෙයක් වෙයි.......දැන් අපිව කොහාට තේරෙයිද දන්නෙ නෑ......කුසල් මාතෘකාව වෙනස් කරමින් ඇසුවේය.......මටනම් හිතෙන්නෙ ඉංජිනියරින් වලට තේරෙයි.......මම කීවෙමි......මටත් එහෙම හිතෙනව බන්.......කුසල්  කීවේය......ඉතින් කොල්ලනේ කෙල්ලනේ ඔහොම ඉදල හරියන්නෙ නෑ සින්දුවක් එහෙම කියල විනෝද වෙලා කෑම ටිකක් කාල.....පලයල්ල.......අපි අසලට පැමිනි සීයා කීවේය......සීයට සින්දු කියන්න පුලුවන්ද......මම ඇසුවෙමි.....ඇයිදුවේ ඔයා මම සින්දු කියනව අහල නැද්ද....ඇසූ සීයා...ඔයා කොහේ අහන්නද මේ ඊයෙ පෙරේදනෙ මා ගෙදෙට්ට ආවෙ......මේ ලමයනම් මා ගැන දන්නව......කුසල් දෙසට අත දිගුකර  පැවසුවේය.......ඔව් අපේ සීය නොදන්න දෙයක් නෑ.....කුසල් සිනාසෙමින් කීවේය.
                සීයාට හොදින් සින්දු කීමටත් නැටීමටත් දක්ෂ බව දැනගත්තේ අදය......කුසල්ද ඔහුට නොදෙවෙනි විය.....මා ගේ උප්පත්ති ගතිය වන ලැජ්ජාසීලී ගතිය නිසා මා පැත්තක වාඩිවී ඔවුන් විනෝදවන ආකාරය බලා සිටියෙමි......එන්නකො ඉන්දිකා ඔයා හිටිය කොල්ලෙක් නේද මාර ලැජ්ජාවක්නෙ තියෙන්නෙ......ප්‍රනීත් මාව නැටුමට සම්භන්ද කර ගැනීමට නොයෙක් වර උත්සාහ කලත් නොහැකිවිය......මේ සීයේ ....   ඔයාගේ කැඩුන කියන මැසිම හදන්න එපා......ඒ මොකද පුතේ.....සීයා ප්‍රනීත්ගෙන් ඇසුවේය.......ඕක හැදුවොත් මෙයා ආයෙත් කොල්ලෙක් වෙනව.....ඒ හින්ද සීය ඕක හදන්නෙ නැතුව මෙයාව ඔයාගෙ දුව හැටියටම තියා ගන්න......ඒ මොකද බන් එහෙම කිව්වෙ......සීයා පුදුමයෙන් මෙන් ප්‍රනීත් දෙස බලා ඇසුවේය......සීයේ මෙයා ආයෙත් කොල්ලෙක් වුනොත් මෙයා දෙකටම නැති එකෙක් වෙනව.......ඒකයි කිව්වෙ......අනේ මන්ද කොල්ලො.....මටත් එහෙම හිතෙනව......ඒත් මේ දෙන්නගෙ කැමත්තනෙ......සීයා කීවේය.....මේ සීයේ මමනම් කැමතියි කිව්වෙනෑ ඔන්න......කුසල් කීවේය......එහෙනම් දුවගෙ කැමත්තටද.....මේ මාරුවෙන්න ඕනැ කියන්නෙ....ඔව් සීයෙ මෙයාටනෙ ඕනැ කියන්නෙ......කුසල් කීවේය.......දුවේ මාත් කැමතියි දුව ඔය විදියටම ඉන්නවනම්........මටත් පේනව දුවට මේ ගැහැනු ජීවිතේ හොදට ගැලපෙනව කියල......මේ හැමෝමත් කැමතියි දුව ඔහොමම ඉන්නවනම්.....සීයා තවදුරටත් කීවේය.......අනේ මට බෑ සීයේ.......අවසානයේදී මගේ අව්සාන තීරනය ප්‍රකාශකලෙමි.........අපේ රාත්‍රී භෝජනයෙන් පසු සාදය අවසන් විය ඔවුන් ආපසු යනවිට රාත්‍රී දහය පමන විය.....රෑවෙලා යන්න බය නැද්ද......මම ඔව්න්ගෙන් අසනු බලා සිටි සීයා එයාල කොල්ලොනෙ ලමයො.....කොල්ලන්ට මොන බයක්ද.......සීයා කීවේය.......ඒ වුනාට කුසල් කෙල්ල්ක් වෙලානෙ හිටියෙ....මම කීවෙමි......එයා ඒ කලෙත් යකාටවත් බය නෑ දැන් කොහොමටවත් බය නැතුව ඇති...සීයා සිනාසෙමින් කීවේය.
           අපිව විශ්වවිද්‍යාලයට තෝරා පත්කර ගැනීමට මාස තුනක් පමන ගතවිය......අප සිතූපරිදි අපි තුන්දෙනාම ඉංජිනේරු අන්සයට තේරී තිබුනි.......මාත් කුසලුත් එකම විශ්වවිද්‍යාලයට තේරී පත්වීම මට සතුට ගෙනදෙන කරුනක් විය.......මේ අතර මා මැසිනෙක සෑදීම සදහා නිතරම සීයාව දිරිමත් කලෙමි........තව මාස කීපයයිනෙ ලමයෝ තියෙන්නෙ ඔයාගේ පොතේ සල්ලි ටික ගන්න පුලුවන් උන ගමන් මම රට යනව.....ඒ එන්නෙ කෑල්ල හොයාගෙනමයි......සීයා ස්තිර ලෙසම පැවසුවේය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: