සීයා 40..........................................මා අසලට පැමිණි ඔහු මගේ අත්වල බැද තිබුනු බැමි කපා ලිහන බව දැනුනි. මොකක්ද මූ මේ කරන්න හදන්නෙ......මා බිය මුසුව ඇස් ඇර බැලුවෙමි.........උබල බය වෙන්න එපා ......ඌයි මායි අර පුටුවෙදි මාරුවුනා......දැන් මම තමයි .....සීය......කුසල් අසලට ගිය ඔහු කුසල් බැද තිබුනු බැමිද ලෙහන්ට විය......දැන් උබල මාව මේ පුටුවට තියල බැදහල්ල......ඔහු පුටුවේ වාඩ්ඩිවී කීවේය......කුසල් ලනුව ගෙන සීයාගේ වේසයෙන් සිටි මැරයා පුටුවට තබා තදින් ගැටගහන්ට විය.....මට කිසිදෙයක් පේන්නෙ නැතිවෙන්න ඇස් දෙක ගැට ගහල කෑගහන්න බැරිවෙන්න කටත් ගැටගහපල්ල.....ඊට පස්සෙ මැසින් එකේ ලීවරය ඔන් පැත්තට දාපල්ල.....අපි දෙදෙනා ඔහු පැවසූ පරිදි ඔහුව පුටුවට තබා බැද ලීවරය ඔන් කලෙමු......එවිටම ඔව්න් දෙදෙනා ගෙස්සෙන අයුරුත් ඉන්පසු ඔව්න්ට සිහි නැති වෙන අයුරුත් අපි බලා සිටියෙමු.......සීයාව බැද තිබුනු පුටුව අසලට ගිය මා ඔහුගේ ඇස්දෙක සහ මුව බැද තිබුනු බැමි ගැලවුවෙමි......ඇස්දෙක හැර මා දෙස බැලූ සීයා.....දුවේ දැන් හරි මාව ලිහපල්ල......ඔහු කීවේය. පොඩ්ඩක් මෙහාට එන්න ඉන්දිකා.....කුසල් මාව සීයාගෙන් ඈතට එක්ක ගියේය......එක පාරටම බැමි ලෙහන්න යන්න එපා මේ දෙන්න ඇත්තටම මාරුවෙලාද කියල...බලා ගන්න ඕනැ.........මගේ කනට කර කීවේය.....කොයි එකටත් ඔයා පරිස්සමින් ඉන්න.....පැවසූ ඔහු සීයාගේ බැමි ගැලවීමට පටන්ගත්තේය.....පුටුවෙන් නැගිට්ට සීයා.....මගේ වැඩේ හරී මගේ වැඩේ හරී......ඔහු සතුටින් නටන්ට විය......වැඩේ හරි නෙවෙයි සීයෙ ....දැන් මේ මැරයන්ගෙන් නිදහස් වෙන විදියක් කල්පනා කරන්න ඕනැ.....වට පිට බැලූ සීයා.......ඒකත් ඇත්තනෙ......පැවසුවේය.......දැන් සීයයි ඉන්දිකයි ඔහොම ඉන්න මම එලියෙ ඉන්න එවුන් ගැන බලා ගන්නම්......පැවසූ කුසල් කාමරයේ දොර දෙසට ගියේය.......පරිස්සමින් කුසල්......මම කීවෙමි.......මේ ඌ පරිස්සම් වෙයි.....දැන් ඔය ලමය පරිස්සම් වෙන්න ඕනැ.....මහාට එන්න යනුවෙන් පැවසූ සීයා මාව රහස් දොරකින් වෙනත් ස්තානයකට ගෙන ගියේය......ඔන්න ඔහොම ඉන්න.....මෙතැන කාටවත් පේන්නෙ නෑ......හැබැයි මෙතැන තියෙන ටී වී වලින් එලියෙ වෙන දේවල් ඔක්කොම බලන්න පුලුවන්.....ඔහු මට ඒවා ක්රියාත්මක කර පෙන්නුවේය........දුව බය නැතුව ඔහොම ඉන්න මාත් ඒ කොල්ලට සපෝර්ට් එකක් දෙන්න ඕනැ.....සීයාද එලියට ගියේය.......කුසල් කරාටෙ දන්න හින්ද උන්ට ගහයි......ඒත් වයසක සීය එතැනට ගිහින් මොනව කරන්නද ......සිතූ මම එලියේ පෙනෙන දර්ශන දෙස බැලුවෙමි.........කුසල් මැරයන් දෙදෙනාට පහරවල් එල්ල කරන ආකාරය බලා සිටියෙමි.......ඔවුන් එල්ල කල සමහර පහර වලින් කුසල් විසිවනවිට මට බියක් දැනුනි.......එහෙත් ඔහු නැවත සටනට අවතීරනය වී ඔවුන්ට දැඩි පහරවල් එල්ල කරන්ට විය......මේ අතර සීයාද එක් අයැකුට පහර දෙන අයුරු මා බලා සිටියේ පුදුම සහගතවය.....හතුරා බිම වැටුනු වාරයක් පාසාම සීයා උඩපනිමින් අත් පොඩි තැලුවේ පොඩි ලමයෙන් ලෙසය.......ගේ තුල සිටි දෙදෙනාව මිදුලට තල්ලු කල කුසල් මිදුලේ තිබුන ඉඩකඩ යොදාගෙන තදින් පහර දෙන අයුරු දුටුවෙමි........මිදුලේ තවත් පුද්ගලයෙක් සතුරන්ට පහර දෙන අයුරු ඇස ගටුනි.......හොදින් බලූ විට ඔහු ප්රනීත් බව හදුනා ගැනීමට ලැබුනි......ප්රනීත්ටත් හොදට කරාටෙ පුලුවන්නෙ......මා කල්පනා කලෙමි.....පැය කාලකටත් වැඩිකාලයක් සටනේ නිරත වීමෙන් පසු කාමරයේ සිටි මැරයන් දෙදෙනාව නැවත කාමරය තුලට ගෙන දොර වැහුවේය.......සුලු කාලයක් ගතවිය......පොලිස් නලා හඩ නන්වමින් පොලිස් වාහන කිහිපයප් ගේ අසල නවතිනු පෙනුනි......එවිටම මා අසලට පැමිනි සීයා.....දැන් බයවෙන්න එපා දුවේ ඔක්කොම හරි......ඔහු මාව බදාගෙන පැවසුවේය......යමු.....ඔහු මාව රැගෙන මැරයන් සිටින ස්තනයට ගියේය......ඒ වනවිටද කුසල් ඔවුන් දෙදෙනාගේ අත් කකුල් ගැටගසා තිබුනි.......එලියට ගිය සීයා පොලීස් නිලධාරීන් සමග නැවත පැමිනියේය........මෙන්න ඉන්ස්පෙක්ටර් මුන් ටික එකතුවෙලා තමයි මගේ පුතාවයි ලේලිවයි මරල තියෙන්නෙ අද මුන් ආවෙ අපිවත් මරන්න.......ගැට ගසා සිටි මැරයන් දෙස බැලූ පොලිස්ප්රධානියා ......මුන් මරුවෙ කියල අන්කල්ට ශාක්ශි තියෙනවද ඇසුවේය.......ඒ දවස්වල ශාක්සි නෑ කියල මුන් ටික බෙරුනා.......සීයා පැවසුවේය..........
No comments:
Post a Comment