Sunday, March 5, 2017

සීයා 32.................................මම මේ කියන එකට මාත් එක්ක තරහ වෙන්න එපා ඉන්දිකා. මම මේ කියන්නෙ ඇත්ත.......ඔයා කුසල් විදියට ඉන්න කොට ඔයාගෙ ගතිගුන කෙල්ලෙක් වගේ නෙ.....දැන් ඔයා ඇත්තටම කෙල්ලෙක් වෙලා මාස ගානක් වෙනව, ඒ මාසගානට ඔයාට හොදට ගැහැනු ගති හුරුවෙලා තියෙනව කියල මට පේනව......ඒ කියන්නෙ ඔයාගෙ ගැහැනු ගති ඉස්සට වඩා තවත් වැඩිව්ලා තියෙන්නෙ.....දැන් ඔයා ආයෙත් කොල්ලෙක් උනොත් එදා තිබුන ගැහැනු ගතියි දැන් අලුතෙන් හුරුවුන ගැහැනු ගතියි එකතුවුනාම ඒ ගැහැනු පුරුදු දෙගුන වෙලා කොල්ලෙක් උනත් ගෑනියෙක් වගේ පෙනෙයි.........ප්‍රනීත් පවසන්ට විය......ඒකනම් සහතික ඇත්ත...මචන්....උබේ කටේ මීපැනි වත්කරන්න ඕනැ.....එය ඇසූ කුසල් හයියෙන් සිනාසෙමින් පැවසුවේය......අනේ යනව යන්නෙ මම එහෙම වෙන්නෙ නෑ.....මා නියම කෙල්ලෙක් මෙන් ඇග ගස්සා කියනවිට.....මා දෙස හොදින් බලා සිටි ප්‍රනීත්.....බලපන් මම කියන්නෙ බොරුද කියල......ඔහොම ගස්සල බනින්න පුලුවන් කෙල්ලන්ට විතරනෙ......මාදෙසට අත දිගුකර කුසල්ට පැවස්වේය......ඒ වුනාට කමක් නෑ මට ඕනෙ අයෙත් කුසල් වෙන්න......මම කීවෙමි....අනේ මන්ද බන් මම කියන දේ මේ මෝඩිට තේරෙන්නෙ නෑනෙ......ප්‍රනීත් නොසටුවෙන් මෙන් කීවේය.
                මාත් කුසලුත් ගෙදරට ගියේ ඉතාමත් සතුටිනි......සීයේ සීයට කියන්න සුභ ආරන්චියක් තියෙනව......කුසල් සීයාට කීවේය.....ආ ඒක හොදයි...කුසල් දෙස බලා සිනාසුනු සීයා.......අප දෙදෙනා දෙස ප්‍රශ්නාර්තව බලා......කොහොමද උබල දෙන්න මාරුව ඇරගත්තෙ.....ඇසුවේය........මාරුව ඇරගත්තෙ නෑ සීයේ....ඒකට සීයගෙ මැෂින් එක හදන්න ඕනැනෙ......අපි මේ කිව්වෙ අපි දෙන්න විභාගෙ පාස් කියල.......ආ ඒකද......ගනනක නොගත් සීයා.....මම මේ පුදුම උනේ සිරුරු මාරු කරන තාක්ශනය ඔයදෙන්න ඉක්මනට හොයාගත්තෙ කොහොමද කියල...... අපේ විභාග පාස්වීම සම්භන්ධයෙන් සීයා එතරම් ගනනකට නොගත් අතර ඔහුට උවමනාව තිබුනේ ඔහුගේ පරීකසනයෙ ප්‍රතිපල ලබා ගැනීමටය........මම මේ නිතරම පර්යේක්‍ෂණ කරන්නෙ මේ මැසින්  එක වෙන විදියකට ක්රියා කරවන්න බැරිද කියල.....ඒත් තාම බැරිවුනා ලමයිනේ......මට හිතෙන්නෙ මේකට රට යන්නම වෙයි කියල........සීයා පැවසුවේය......ඒක නෙවෙයි සීයේ....දැන් අපිට පාටියක් දෙන්නෙ කවද්ද......කුසල් ඇසුවේය......ඔයදෙන්නගෙ මාරුව ඇරපු ගමන් දෙනව.......සීයා සිනාසෙමින් කීවේය.....අපේ මාරුව ගැන නෙවෙයි සීයෙ.....කුසල් අහන්නෙ......අපි විභාගෙ පාස්වුනාට පාටියක් දෙන්නෙ නැද්ද කියල.......ආ ඒකද?.....කොහොමත් ඔයදෙන්න විභාගෙ පාස්වෙනව කියල මම දන්නවනෙ.....ඉතින් සීය ඒකට කැමති නැද්ද......කුසල් ප්‍රශ්නාර්තව ඇසුවේය.......මොකද ලමයො මම කැමති නැත්තෙ...... ලමයිනේ විභාගෙ කියන්නෙ උගන්නන ටික පාඩම් කරගෙන විශය කරුනු ඉගෙන ගත්තාම විභාග පාස්වෙන්න පුලුවන්.....ඒත් ලෝකයට අලුත් දෙයක් ඉදිරිපත් කරන එක ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්.......ඒකට විභාග පාස්වීම අත්යාවසය කාරනයක් නෙවෙයි ඕනැ කෙනෙකුට අලුත් විදියට හිතන්න පුලුවන්නම් අලුත් නිර්මාන කරන්න පුලුවන්. අලුත් අදහස් ලෝකයට ඉදිරිපත් කරන්න පුලුවන්......ලෝකෙ හිටිය ශ්‍රේෂ්ඨ විද්යාඥයෝ දාර්ශනිකයෝ වැඩිදෙනෙක් ඔය ලොකු ලොකු විභාග පාස්කරපු අය නෙවෙයි. ඒත් එයාල අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් කලා......ඒ උනාට ලමයිනේ ....ඔයදෙන්නගෙ විභාග පාස්වීම ගැන මම සුලුවෙන් සලකන්නෙ නෑ ඒකත් ලොකු දෙයක්.......දැන් පුතාල ඒකට මගෙන් මොනවද බලා පොරොත්තුවෙන්නෙ..... ඇසූ සීයා......ඔය දෙන්නට දැන් අත්යාවසය දේ ඔයදෙනගෙ පැටලුම ලෙහාගන්න එකනෙ ඒක නැතුව වෙන එකක් කියන්න .....පැවසුවේය.........අපිට සීය ගානෙ පාටියක් දැම්මොත් ඒ ඇති......කුසල් කීවේය....හරි ලමයිනේ කවදද කීදෙනෙක් එනවද......මේ ඔක්කොම මගේ වියදමෙන්......සීයා සතුටින් පැවසුවේය....... ඔන්න ඉන්දිකා ඒ වැඩෙත් හරි.....දැන් පාටියට කෑම හදන්නෙ කවුද.......කුසල් මා දෙස බැලුවේය.......හරි හරි  ඒවැඩේ මම කරන්නම්......සීයා කෑම සැදීමට ඉදිරිපත් විය.....මාත් උදවුවෙනම්කො සීයේ මම පැවසුවෙමි.....මා දෙස බැලූ සීයා......අපේ ඉන්දිකා දුවනම් ඔහොම කියන්නෙ නෑ.......කීවේය......මම ඒදවස් වල ඔය උයන වැඩවලට කම්මැලිනෙ......කුසල් සින්නසෙමින් කීවේය. ඒකට දැන් ඉන්න දුව තනියම උනත් උයයි........සීයා මා දෙස බලා කීවේය.
                      අපේ විභාගය සමත්වීමේ ප්‍රිය සම්භාසනයට දිනයක් වෙන්කරගත් අපි මේ සදහා සහභාගී වනලෙස ප්‍රනීත් ටද ආරාධනා කලෙමු........වෙනත් කිසිවෙකුට මේ සදහා  ආරාධනා නොකල අතර සීයා එහිසියලු වියදම් දැරුවේය........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: