සීයා 31...................................මට මේ වෙලවෙ ඒ කතාව කියන්න අමරුයි වෙනවෙලාවක කියන්නම්....... ඔහු තවදුරටත් කීවේය. ඔහු එසේ පැවසුවද ඔහුට දුකක් ගෙනදෙන එම පුවත මා නැවතවරක් ඇසීමට උත්සාහගත්තේ නැත......එයාට ඔන්නම් එයාම කවදහරි කියයි....එක අතකට මාව ආයෙත් කුසල් බව්ට පත්වුනොත් මේ කතාව අහල වැඩක් නෑනෙ.......මා සිතුවෙමි.
මාස දෙකක් පමන ගතවිය එදින අපේ විභගයේ ප්රතිඵල පැමිනෙන දිනය විය.....අද අපේ රිසල්ට් එනවලු නේද......එදින උදෙන්ම නිවසට පැමිනි කුසල් කීවේය.....කොහොමත් මම දන්නව අපි තුන්දෙනා පාස්වෙලා..... ඇති මම පැවසුවෙමි. තුන්දෙනා කිව්වෙ.....ඔහු ප්රස්නකලේය .....ඇයි ප්රනීත් .......මම මතක් කලෙමි. ...එයත් පාස් වෙලා ඇති....ඒකොල්ලත් හරිම හිත හොද කොල්ල......ඔහු කීවේය.....ආ මට අහන්න බැරි වුනානෙ ...එයා ඔයාගෙන් කරාටෙ ඉගෙන ගත්තද.......ඇසුවෙමි. ......මම බලකල නිසා ආව දැන් එය ප්රැක්ටිස් කරනව........ඔහු කීවිට.....එහෙනම් එයත් කවද හරි හොද ෆයිටර් කෙනෙක් වෙයි......මම කීවෙමි. .....ඔව් දිගටම කලොත් පුලුවන් .....ඔහු කීවේය......මෙතැන කතාකරකර ඉදල හරියන්නෙ නෑ ඉක්මනට යමු....කුසල් කීවේය......ඉන්න කුසල් මම ඉක්මනට ගැවුමක් ඇදගෙන එන්නම්...........මම කාමරයට ගොස් පාසැල් නිල ඇදුම ඇදගත්තෙමි.......මා කොන්ඩය පීරා ගොතන දෙස බලා සිටි කුසල්.......ශා....දැන් මටත් වැඩිය හොදට කොන්ඩෙ ගොතා ගන්නවනෙ......කීවේය........නැතුව බෑනෙ කුසල්.....මාව ආයෙත් කුසල් වෙන්න තව කීදවසක් බලා ඉන්න වෙයිද කියල කවුද දන්නෙ.....ඒ හින්ද ගැහැනු ලමයෙක් විදියට මගේ වැඩ කරගන්න පුරුදු වුනා.......මම පැවසුවෙමි.......ඒක හොදයි...පිරිමි ලමයෙක් උනා කියල මටත් දැන් ගානක්වත් නෑ......ඔහු කීවේය......මෙයානම් කොල්ලෙක් උන දව්සෙ ඉදන් කොච්චර සතුටින්ද ඉන්නෙ......මෙයාට ඔහොමම ඉන්න දෙනවනම් තවත් සතුටුවෙයි.....ඒත් මට බෑ එයාට එහෙම ඉන්න දෙන්න.........මම කිසිත් නොකියා කල්පනා කලෙමි......ලෑස්ති වූ මම කුසල් සමග පාසැල දෙසට ගමන් කලෙමු.......මේ වනවිටද දැන්වීම් පුවරුව අසල ලමුන් පිරී ඇති බව දුටුවෙමු.........ඒයි ඉන්දිකා ඔයා පාස් වෙලාලු......මා දුටු යෙහෙලියක් මගේ දෑතින් අල්ලාගෙන කීවාය.......ඔයා කොහොමද......මා ඇගෙන් ඇසුවෙමි.....ඔයා තරම් නෑ......මාත් ගොඩවගේ......ඇය කීවාය.......මම සතුටින් කුසල් දෙස බැලුවෙමි.....අපි දෙදෙනා කතා කරමින් සිටින අතර තුර ඔහු වේගයෙන් දැන්වීම් පුවරුව අසලට යනු දුටුවෙමි......මම යෙහෙලිය සමග එම ස්තානයට ගියත් එතැන ලමුන් වැඩිනිසා මා පැත්තකට වී සිටියෙමි......එහෙත් කුසල් ඔවුන්ව පීරාගෙන ගොස් ප්රතිපල සටහන් කර ගන්නා ආකාරය සිසුන් අතරින් දුටුවෙමි.......සුලු වෙලාවක් ගතවිය. ඔහු ලියාගත් කොලය අතේ තබාගෙන සිනාසෙමින් මාදෙසට පැමිනෙන අයුරු දුටුවෙමි........ඒයි ඉන්දිකා අපි තුන්දෙනාම හොදට පාස්.......මට ප්රතිපල පෙන්වමින් පැවසුවේය........මගේ සතුටේ සීමාවක් නොමැතිවිය.....සතුටේ වැඩිකමට..මට කුසල්ව සිප ගැනීමට සිතුනි එහෙත් මා දැන් ගැහැනු ලමයෙකි.......මට එසේ කිරීමට නොහැක.......මා ඔහු දෙස සතුටින් බලා සිටියෙමි.......මොකද බන් උබල දෙන්න ගල්ගැහිල වගේ බලා ඉන්නෙ........ප්රනීත්ගේ කටහඩ ඇසුනි......ඔහුව දුටු කුසල් ඔහුව තදින් බදා ගෙන මචන් අපි තුන්දෙනාම පාස් බන්......කීවේය......මාවත් කොල්ලෙක් උනානම් කුසල් මේ විදියටමනේ මාවත් බදාගෙන සතුට බෙදා ගන්නෙ.......මා ඔවුන් දෙදෙනා දෙස බලා කල්පනා කලෙමි.......මචන් මේ සතුටට අපි තුන්දෙනා ලොකු පාටියක් දාන්න ඕනැ......කොහොමත් ගෙදරට කිව්වොත් එයාල පාටියක් දායි......ප්රනීත් කීවේය. ....එහෙම වැඩක් නෑ බන් අපි තුන්දෙනා එකතුවෙලා පාටියක් දාමු....කුසල් යෝජනා කලේය.......දැන් කොහේද පාටිය දාන්නෙ......ප්රනීත් ඇසුවේය......වෙන කොහේවත් ඕනෙ නෑ බන් ඉන්දිකාගේ ගෙදර පුලුවන්......පැවසූ කුසල්......ඉන්දිකාට දැන් හොදට කෑම හදන්නත් පුලුවන්නෙ......කීවේය......ඇත්තද ඇසූ ප්රනීත් මේ මාස කීපයට කෑම හදන්නත් ඉගෙන ගත්තද.......මා දෙස බලා ඇසුවේය.......මම තමා ඒදවස්වල උයන්න අකමැති......මෙයා සීයගෙන් උයන හැටි හොදට ඉගෙනගෙන......මොකද අපේ සීයට හොදට උයන්න පුලුවන් එයා කෝකි වැඩෙත් ඉගෙනගෙන තියෙනවනෙ.......කුසල් කීවේය......ඕකනෙ මම නිතරම කියන්නෙ ඉන්දිකාට හොදට ගැලපෙන්නෙ ගැහැනු ජීවිතය කියල.......අනේ ප්ලීස් ඔයාල දෙන්න ආයෙත් මාරුව ඇරගන්න එපා ඔයාලගෙ ඔය ජීවිත ඔය දෙන්නට හොදට ගැලපෙනව.......ප්රනීත් අපි දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය......ඒක තමයි බන් මෙයා කැමති නෑනෙ....මාත් පොරොන්දු වෙලානෙ ඉන්නෙ ආපහු මාරුවෙනව කියල......කුසල් කියන්ට විය.........අනේ මන්දා අයෙත් ඉන්දිකා කොල්ලෙක් උනොත් ලොකු ගැටලුවක් වෙයි කියල මට හිතෙනව......ප්රනීත් කීවේය....... මොකක් වෙන්නද.......ප්රනීත් දෙස බැලූ මම ඇසුවෙමි......
No comments:
Post a Comment