මා මෙතෙක් කල් පිරිමියෙකු වසයෙන් ජීවත්වී එකවරම ගැහැණු ලමයෙක් බවට පත්වීම නිසා ඇඟට දැනුනු සැහැල්ලුවත් ඇඳගත් දුහුල් නයිට් ගවුමෙන් දැනුනු සනීපයත්. අම්මාගේ ආදර උනුසුමත් නිසා මට හොඳින් නින්දගොස් තිබුනු බව දැනුනේ එලිවෙන ජාමයේ ඇසුනු කුරුල්ලානේ මිහිරි නාදයෙනි.අම්මාට තවමත් නින්දගොස් තිබුනු අතර මා නාන කාමරය තුලට ගියෙමි.....මට ආයෙත් කවදාවත් ඉස්සරවගේ හිටගෙනනම් මුත්‍රා කරන්න බැරිවෙයි වගේ....සිතුනු මා කොමඩයේ වාඩිවුනත් පුරුෂ ලින්ගය නැතිවීම ගැන එතරම් දුකක් ඇතිනොවුනි....වෙනසකට තිබුනේ මුතරා කිරීමෙන් අනතුරුව එම පෙදෙස පිරිසිදු කිරීම පමනයි. දෙශානි භාවිතා කල දත් බෙහෙත්වලින් දත්මැද මුහුන සෝදාගත් මා ඇදුම් රාක්කය දෙසට ගොස් පෙරදින ඇදසිටි ඇදුම් ඇදගත්තෙමි. ඇදේ වාඩිවී හිරි අරිමින් සිටි අම්මා....පුතා උදෙන්ම නැගිටලා ඇදුනුත් ඇදගෙනනෙ....මා දෙස බලා කීවාය.....ඇයි අම්මෙ ආයෙත් මට පුතා කියන්නෙ....මම දුවෙක්නෙ.....මම කීවිට....ආ පුරුද්දට අමතක උනා....දුවනේ....ඇය සිනාසෙමින් කියන්ටවිය.....ඇයි දුවේ ඊයෙ ඇන්ද ඒවම අදින්නෙ වෙන එකක් ඇදගන්න.....දුවට ඕනැතරම් ඇදුම් තියෙන්නෙ.....මගේ ඇදුම් දෙස බලා පැවසූ ඇය....නාන කාමරය තුලට ගියාය....දේශානී....හැමදාම වෙන වෙන ඇදුම් අදිනව ඇති....සිතූ මා වෙනත් ඇදුමක් සොයන්ටවුනෙමි...ඊයෙ ඇන්දෙ සාය බ්ලවුස් එක අද ගවුමක් අදින්න ඕනැ....සිතූ මා ගවුමක් තෝරාගෙන ඇදගෙන කන්නඩියෙන් හැඩබලන්ට වුනෙමි...කොන්ඩෙත් අවුල්වෙලා.....ඊයෙ අම්මෙ පීරුව වගේ පීරගන්න ඕනැ ....සිතූ මම පීරන්න පටන්ගත්විට.....මා අසලට පැමිනි අම්මා.....මගෙන් පනාව ගෙන පීරීමට පටන්ගත්තාය.....මීට වඩා කොන්ඩෙ දිගට තිබුනනම් ලස්සනයි නේද අම්මෙ.....ඇය පීරන දෙස කැඩපතින් බලාසිටි මා ඇසුවෙමි.....එයට සිනසුනු අම්මා....ඔයාමනෙ ලමයෝ කොන්ඩෙ දිගට තියෙන එක කරදරයි කියල කප්පව ගත්තෙ....ඒදවස්වල ඔයාට කොච්චර ලස්සන දිග කොන්ඩයක්ද තිබුනෙ....මමනම් කැමතිවුනේ නෑ කපනවට....ඔයාගෙ බලේට කපාගත්ත මිසක්....ඇය නෝක්කඩු ස්වරූපයෙන් පවසන්ට වූවාය......මට දැන් හිතෙනව අම්මෙ ඒතිබුන විදියට ආයෙත් වවන්න....හරි හරි ඔයාගෙ කැමත්තක් කී ඇය.....කොන්ඩයට කටුගසමින් එය තවත් හැඩකරන්ට වූවාය.
මල්ලි ඉස්කෝලෙ යන්න නැගිටලාද දන්නෙ නෑ....පැවසූ ඇය කාමරයෙන් පිට වූ පසු මාත් සාලය දෙසට ගියෙමි......ඇය උඩ තට්ටුවට නගිනු දුටු මා ඇය පසු පස ගියේ මල්ලී සිටින කාමරය බලාගැනීම සදහාය....පොඩි පුතා නැගිටලාද වසා තිබුනු දොරට කිහිපවිටක් තට්ටු කර දොර ඇරියාය....නැගිටලානෙ මම හිතුවෙ තාම නිදි ඇති කියල....ඇය කාමරය තුලට යනගමන් කීවාය.....මුහුන සෝදාගෙන සිටි ඔහු සාලුවෙන් මුහුන පිස දමමින් අම්මා දෙස බලා.....මා දෙස පුදුමයෙන් මෙන් බලනු දුටුවෙමි......ගුඩ් මොනින් මල්ලියේ.....ඔහු දෙස බලා පැවසූ විට......මොනින් යනුවෙන් සෙමින් පවසා නැවත බයෙන් මෙන් මාදෙස බැලුවාය......ටිකක් සනීප වෙනකන් අක්කට මේ දවස් ටිකේ ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ...අම්මා කීවාය......මල්ලී අම්මාගේ කනට කර කුමක් හෝ කියනු දුටුවෙමි......එයට සිනාසුනු අම්මා....අක්ක දැන් පරන දේවල් අමතක කරනනෙ පුතේ.....මීට පස්සෙ ඔයාට බනින එකක් නෑ.....කී ඇය....මල්ලි අහනව අක්ක කවදාවත් නැතුව ගුඩ් මෝනින් කිව්වෙ ඇයි කියල.....මා දෙස බලා සිනාසෙමින් කීවාය....දේශානි කෙල්ලෙක් උනාට හරි නරකයිනෙ......කෙල්ලෙක් උනාම කරුනාවන්ත බවක් තියෙන්න ඕනැනෙ මේ ඉන්නෙ තමන්ගෙන්ම මල්ලි නේද....මා ඔහුගේ අහින්සක මුහුන දෙස බලා කල්පනා කලෙමි.....ඔහු පසැල් යෑම සඳහා සූදානම් වීමට පටන්ගත් බැවින් අපි පහලට ගියෙමු. මේ වනවිට අපේ උදෑසන තේ ට්‍රොලියක තබා සාලයයේ තබා තිබෙන ආකාරය දුටුවෙමි.......මට තේ වත්කරගෙන බොන්න යනුවෙන් පැවසූ අම්මා.....තේ දෙකක් පිලියෙල කරගෙන වෙනත් කාමරයක් දෙසට යනු දුටුවෙමි....තාත්තගෙ තේ එක වෙන්න ඇති අරන් යන්නෙ.....සිතූ මම.......මල්ලිටත් තේඑකක් හදල ගිහින් දෙන්න ඕනැ එතකොට මල්ලිව යාලුකරගන්න පුලුවන් .....කල්පනා කල මා.....මල්ලිටද තේ එකක් හදාගෙන ඔහුගේ කාමරය තුලට ගියෙමි......මල්ලිට තේ එකක් ගෙනාව ....මම කීවිට.....පුදුමයෙන් මෙන් බැලූ ඔහු එය අතට ගත්තේය.....එය මේසය මත තබා පොත් තෝරනවිට ඔහුගේ ඇදමත වාඩිවූ මා මගේ තේ පානය කිරීමට පටන්ගත්තෙමි....ඔහු කිසි කතාවක් නොමැතිව පොත් තෝරනබව දුටු මා.....මල්ලි කෑම කාල නෙවෙයිද ඉස්කෝලෙ යන්නෙ.....ඇසුවෙමි....වෙනදටත් මම කාලනෙවෙයිනෙ යන්නෙ....අපි දෙන්නම් කෑම අරන්නෙ යන්නෙ....දේශානිද උදෑසන අහාරය රැගෙන යනබව ඔහුගේ කතාවෙන් තේරුම්ගත්තෙමි...අසන දෙයට පිලිතුරු දෙනවා මිස වැඩි කතාවක් නැතුව සිටි නිසා තේබී අවසන් කල පසු මා ඔහුගේ හිස් කෝප්පය රැගෙන යෑනට සූදානම් වනවිට.....අක්ක ඕව අරන් යන්න ඕනැ නෑ....ගෙදර වැඩකරන අය ඉන්නෙ ඕව කරන්න තමයි.....මේ නිවසේ සියලු දේටම වැඩකරුවන් සිටිනබව දැනගත්තේ එවිටය.....මේක ඉතින් කෝටිපතියෙකුගෙ ගෙයක්නෙ....මට කල්පනාවුනි....මා පානය කල කෝප්පය රැගෙන යනවිට අතින් උදුරාගත් ඔහු මෙහෙන් තියන්නෙ අක්කෙ.....ඕක අරන්යයි..කියා ඔහුගේ කෝප්පය අසලින් තිබ්බේය.
මේ මල්ලි නරක කෙනෙක් නෙවෙයි දේශානි තමයි මල්ලිට හිරිහැරකරල ඇත්තෙ....කල්පනා කරමින් සාලයට යනවිට තාත්තා තේ පානය කරන අතරතුර රූපවාහනිය නරබමින් පත්තර පුවත් බලන ආකාරය දුටුවෙමි....පුතා අද ඉස්කෝලෙ යන්නෙ නෑනෙ නේද...මාව දුටු ඔහු ඇසුවේය.....මට කියන්න බැරිවුනානෙ විජේ....මෙයා කියනවනෙ මෙයාට මීටපස්සෙ පුතා කියල කතාකරන්න එපා කියල ....දුව කියන්නලුනේ....ඔහු අසල සිටි අම්ම පැවසුවේය.....එහෙමත් එකක්ද....සිනාසෙමින් පැවසූ ඔහු....එහෙනම් දුව කියන්නම්කො....කී ඔහු මෙහෙට එන්න දුව කියමින් මට අඩගැසුවේය.....ඊයේ මෙන් මා ඔහු අසල වාඩිවූ පසු......දැන් දුව මේ දවස් ටිකේ ඉස්කෝලෙ යන්නෙ නෑ නෙ නේද....තුරුලට ගෙන ඇසුවේය.
No comments:
Post a Comment