ඇයගේ පොත්පත් ඇද බලමින් තව තවත් ඇගේ විස්තර සෙවීමට උත්සාහ ගත්තෙමි....මෙයාට බොයි ෆ්රෙන්ඩ් කෙනෙක් නෑ වගේ හිටියනම් මොනව හරි හෝඩුවාවක් හම්බවෙනව......මටත් ඉතින් ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියෙ නෑනෙ....හිටියෙ නැති එක හොදයි හිටියනම් එයා මට වුන දේට ගොඩක් දුක් වෙයි....දැන් මාවත් කෙල්ලෙක්වුන හින්ද මටත් එයාව ආස්සරේ කරන්න බැරිවෙන හින්ද මටත් දුක හිතෙයි.
මොනවද දුවේ හොයන්නෙ......අම්මාගේ කටහඩ ඇසුනු බැවින් මා ඒ දෙස බැලුවෙමි.....මොකුත් නෑ අම්මෙ උගන්නපු දේවල් මතක තියෙනවද කියල බැලුවෙ....මා පැවසූවිට......මොකද ඒවත් මතක නැද්ද .....ඇසුවාය......ඒවනම් මතකයි වගේ අම්මෙ.....මාත් ඉගෙන ගත්තේ මේ විෂයයන් බැවින් කීවෙමි.....ඒක ලොකු දෙයක්....නැත්නම් ඒවත් අලුතින් ඉගෙනගන්න වෙනව.....අම්මා සතුටින් කියනු ඇසුනි......ඉගෙනගත්ත ඒව හොදට මතක තියෙනවනම්...ඔයාගෙ අතීත විස්තර මතක නැතිවුනත් කමක් නෑ.....අම්මා තවදුරටත් පැවසුවාය....ඇයි අම්මෙ මගේ අතීතය එච්චර හොද නැද්ද.....දේශානිගේ අතීතය කොයි වගේ කෙනෙක්දැයි දැනගැනීම සදහා ඇසුවෙමි. ටිකක් කල්පනාකල ඇය.....දැන් ඔයාට ඒව අමතක වෙලානෙ තියෙන්නෙ දුවේ....දැන් ඔයා හොඳ ලමයෙක් විදියට ඉන්න....අපි ඔයාගෙ අමතක වෙලාතියෙන දේවල් කියාදෙන්නම්කෝ.....ඇය කීවාය......අම්මයි මල්ලිගෙයි හැසිරීමෙ හැටියට දේශානිගෙ අතීතය එච්චර හොද නෑ වගේ....මල්ලිත් කිව්වනෙ අක්ක එයාට නිතරම බනිනව කියල....මොකද දන්නෙ නෑ බනින්නෙ.....මල්ලි හරිම අහින්සකයි ඒවගෙම වැඩිය කතාකරන්නෙත් නෑ නිහඬ චරිතයක්......මා කල්පනා කලෙමි.
ඔයාගෙ පෝන් එක හදාගත්තද දුවේ.....දේශානිගේ පෝන් එක මේසය මත තිබෙනු දුටු අම්මා ඇසුවාය.....මේකෙ චාජ් එකත් බැහැල වගේ අම්මෙ චාජර් එකත් හොයාගන්න ඕනැ......ඒකත් මතක නැද්ද.....ඇසුවාය......චාජ් කලත් වැඩක් නෑනෙ ලොක් එක ඇරගන්න හැටි මතක නෑනෙ.....මා කීවිට.....ඕක කොහේවත් ලියාගෙනත් නැද්ද....ඇසුවාය....දන්නෙ නෑ අම්මෙ.....මා කීවෙමි. .....අනේ මන්ද අමතක වෙන ඒව ලියල තියාගන්න ඕනැනෙ......අම්මා දොස් කියන විලාසයෙන් පැවසුවාය.
අනේ මන්ද මට මේ විදියට දිගටම දේශානි වෙලා ඉන්න වුනොත් මොනමොන පැටලිලිවලට අහුවෙයිද කියල.....එක අතකින් බලනකොට....ඒ ප්රියන්තගෙ ජීවිතයට වඩා මාව මේවිදියට කෙල්ලෙක් උනත් මේ දේශානිගේ ජීවිතේ හොදයි වගේ...මේ පැටලිලි ටික ටිකෙන් ටික ලිහාගත්තම හොදට සැපවිදගෙන හරිම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්...මට සිතුනි.....මෙච්චර කල් කාත් කවුරුවත් නැතුව හිටිය මට දැන් අම්මෙක් තාත්තෙක් නෑදෑයො කට්ටියක් ඉන්නව......සතුටින් කල්පනා කලත් මගේ ශ්රීරය සනීපවුනොත් ආපහු යන්න වේවි යන සිතුවිල්ල නිසා දුකක් දැනුනි.
No comments:
Post a Comment