දුවට දැන් ලෙඩක් නැතිහින්ද ඉක්මනට ඉස්කෝලෙ යන්න පුලුවන්වෙයි. ඒත් ඔයාට කිසිදෙයක් මතක නැති හින්ද තමයි ගැටලුව.....කී අම්මා ඔයා ගිය ඉස්කෝලෙ මොකක්ද කියලවත් මතකද.... ඇසුවාය......මාරිස්ටලා ගර්ල් ඉස්කූල් නෙ.....මා කීවිට.....යන්තම් ඒක හරි මතක තියෙනව....සතුටින් කී ඇය....මොන පන්තියද......දොලහ වසරෙ බයෝ කරන්නෙ....විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙ.....දේශානිගේ එම විස්තර දැනගෙන සිටි මා මට මතක තියෙනවාක් මෙන් කියාගෙන ගියෙමි.....ඇති යන්තම් ඔයටිකවත් මතක තියෙනව....පැවසූ ඇය මගෙ දුවට ටිකෙන් ටික මතක්වෙයි...... මගේ හිස අතගාමින් කීවාය. ඇය තව දුරටත් ප්රස්න නොකිරීම වාසනාවක් විය.....අද නිදාගෙන ඉදල හෙට උදේ ඇහැරෙනකොට මම මෙහෙ නොවෙන්නත් පුලුවන්...එහෙම උනොත් මම ඉන්නෙ රෝහලේ ඇද උඩ කකුල් දෙකත් නැතුව.....මා බියෙනුත් කනගාටුවෙනුත් කල්පනා කලෙමි.
පසුදින පාන්දර අවදිවනවිට මා වටපිට බැලුවේ අද ඉන්නේ රෝහලේ ඇඳ මතදැයි සැකයෙනි. එහෙත් මා තවමත් ඉන්නේ මේ නිවස තුල දේශානි විදියට බව දුටුවිට සතුටක් ඇතිවිය......මාව ගියෙ නැත්තෙ එයාට තාම හරියට සිහිය ඇවිත් නැති හින්ද වෙන්න ඇති....කල්පනා කරමින්.....නාන කාමරය තුලට ගියෙමි.
මුහුන සෝදාගෙන එනවිට.... අදත් ගෙදර ඉන්න දුවේ....දැන් ඉතින් ලබන සතියෙ ඉඳන්ම ඉස්කෝලෙ යන්න.....අම්මා පැවසුවාය.....කිසිවක් නොකී මා අද ඇඳගැනීමට සුදුසු ඇදුමක් සොයන්ටවූවෙමි......ගවුමක් ඇඳගත්තොත් සාය බ්ලවුස් එක මැච්කරන්න ඕනැ නෑ.... සිතූ මා ගවුමක් ගෙන ඇදගත්තෙමි......දැන් මට බ්‍රෙසියරය ඇඳ පුරුදු බැවින් එය ඇඳගනීමේදී ඊයේමෙන් ගැටලුවක් ඇති නොවුනි......මගේ නාන කාමරයට ගිය අම්මා ටික වෙලාවකින් කාමරයෙන් පිටවුනාය. ගවුමෙන් සැරසුනු මා හැකි පමනින් කොන්ඩයද පීරාගෙන සාලය දෙසට ගියෙමි....එහි යනවිට ඊයේ මෙන් තේ ගෙනවිත් තිබුනු නිසා මගේ තේ එක පිලියෙල කරගෙන මල්ලිටද තේ එකක් හදාගෙන ඔහුගේ කාමරය තුලට ගියෙමි.....ඒ වනවිට ඔහුද අවදිවී සිටිබව දුටුවෙමි......ගුඩ් මෝනින් මල්ලී.....කී මා ඔහුට තේ එක දුන්නෙමි.....ගුඩ් මෝනින්.... කිව්ව මල්ලී අක්ක අදත් ඉස්කෝලෙ යන්නෙ නැද්ද..... ඇසුවේය.....මා සමග කතා නොකර සිටි මල්ලී අද මෙසේ කතා කිරීම ගැන සතුටක් ඇතිවිය....අම්ම කිව්වනෙ..ලබන සතියෙ ඉදම්ම යන්න කියල.....මා කීවිට....ඩොක්ට කිව්ව නේද අක්කට ලෙඩක් නෑ කියල.....ඒත් කිසිදෙයක් මතක නැනෙ....ඉතින් කොහොමද ඉස්කෝලෙ යන්නෙ....මල්ලී ඇසුවේය.....ඒක තමා මල්ලි....මා කනගාටුවෙන් යුතුව කියනවිට.....අක්ක බයවෙන්න එපා අක්කට ඉක්මනට මතක්වෙයි....තේ බොනගමන්කී ඔහු.....අක්කට හැම දෙයක්ම මතක් වෙනකොට මට තමයි ප්රස්නෙ.....දුකෙන් මෙන් සෙමින් කියන්ට විය....ඒ මොකද...මා ඇසුවෙමි.....අක්ක මට නිතරම බනිනව.....අහක බලාගෙන පැවසුවේය....ඔහු එසේ පැවසූ විලාසයට දුක හිතුනු මා....ඔහු අසලට ගොස් ඔහුගේ හිස අතගාමින්....මීට පස්සෙ මම එහෙම කරන්නෙ නෑ මල්ලි.... කීවෙමි.....ඔහුගේ මුවෙන් සිහින් සිනාවක් පලවූ ආකරය දුටුවෙමි.
ඔහු ඇඳගන්නා අතරතුර මා සාලයට ගියෙමි. තාත්තා ඊයේ මෙන් තේ පානයකරන අතර තුර පත්තර පුවත් බලනු දුටුවෙමි.....මා ඔහු අසලට ගියවිට ඔහු අසල වාඩිවෙනලෙස පවසා මාව තුරුලුකරගන්ට විය....ඩොක්ට කිව්වනෙ දුවට කිසි අමාරුවක් නෑ කියල....තව ටික දවසකින් ඉස්කෝලෙ යන්න පුලුවන් වෙයි.....ඔහු පැවසුවේය.....මෙයාල කියනව වගේ මට ඉස්කෝලෙ යන්න වෙයිද....කකුල් නැතුව ඉන්න වෙයිද....ඒත් කමක් නෑ ...මට හිතෙන්නෙ එතකොට මෙයාලගෙ නියම දුව දේශානි මෙයාලගාවට එයි....ඊට පස්සෙ මෙයාලට කිසිම ගැටලුවක් වෙන එකක් නෑ....මා කල්පනා කරන්ට වුනෙමි.
ටිකවේලාවකින් පාසැල් ඇදුමෙන් සැරසුනු මල්ලි අපි අසලට පැමින යන්නන් අම්මෙ යන්නම් තාත්තෙ...... කියා මා දෙසද බැලුවේය.....ඔහු කිසිවක් කියන්න ඉස්සර පරිස්සමින් ගිහින් එන්න මල්ලි කීවෙමි.....ඔහු මිදුල දෙසට යනවිට මාත් ඔහු පස්සෙන් ගියෙමි.....ඔහු වාහනයට ගොඩවූවිට.....ඔහු අසලට ගිය මා ...ජේසු පිහිටයි..... කීවෙමි....අක්කටත් ජේසු පිහිටයි ....පැවසූ ඔහු වාහනයේ දොර වැසුවේය.
No comments:
Post a Comment