Friday, April 26, 2019

අනතුරේ පෙරලිය 14...........දුවව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වනකන් කොහේවත් යවන්න බෑනෙ විජේ.... ඔයවිදියට ඉස්කෝලෙ යන්නත් බෑනෙ......අම්මා කීවාය.....අපි කතා කරමින් සිටින අතරතුර පාසැල් ඇදුමෙන් සැරසී සිටි මල්ලී බෑගයද කරේ එල්ලාගෙන අපි අසලට පැමිණ යන්නන් අම්මෙ යන්නම් තාත්තෙ කියා ගියා මිස මා සමඟ කතාකලේ නැත.....අනේ මන්ද මල්ලි වෙනදටත් මෙහෙම වෙන්න ඇති....දේශානි ට කියන්නෙ නැතුව ඇති.....සිතූ මා නැගිට ඔහු පිටුපසින් ගියෙමි......කෑම එක ගත්තද පොඩි පුතේ.....ඔහු යනවිට අම්මා ඇසුවාය....ඔහු පිටුපස බලමින් ...ඔව් අම්මෙ කියනවිට.....මාව දුටු ඔහු ...පුදුමයෙන් මෙන් මාදෙස බලා.....නැවත ගමන්කරන්ටවිය. මා ඔහු සමඟ මිදුලට බැස්සෙමි....ඊයේ පැමිණි වාහනය ඔහු අසල නතරකල පසු එයට ගොඩවී දොර වැසීමට සූදානම් වනවිය.....ගුඩ් බායි මල්ලි ජෙසු පිහිටයි.....මා කියනවිට....අක්කටත් ජේසු පිහිටයි පවසා දොරවැසුවේය.
              ටික වේලාවකට පසු අපි තිදෙනා එකට උදෑසන ආහාරය ගෙන ටිකවෙලාවකින් තාත්තා වැඩට පිටත්විය.....මා සාලයේ සැටියේ වාඩිවී රූපවාහිනියේ චිත්‍රපටපටි තිබෙන චැනල් සොයමින් හිතට හරියන එකක් සෙවුවෙමි.....මම මින් පෙර මෙසේ පියෝ ටී වී හෝ ඩයලොග් ටීවී නරබා ඇත්තේ සමහර යහලුවන්ගේ නිවෙස්වල සිට බව සිහිවිය.එහෙත් අද මගේම ලෙස මේවා නැරබීමට වාසනාව උදාවී ඇත...මේ ටිකේ ඉස්කෝලෙත් යන්නෙ නැති හින්ද හොදට ෆිල්ම් ටිකක් බලන්න පුලුවන්....සතුටින් කල්පනාකර ඉංග්‍රීසි චිත්රපටියක් නැරබිමට පටන්ගත්තා පමණි. මිදුලට වාහනයක් පැමිනි බව දුටු අම්මා දොර ඇරියාය.....අනේ නංගියේ දුවට දැන් කොහොමද.....අම්මා අසලට පැමිනි කාන්තාවක් ඇසුවාය.....දැන්නම් හොදයි ඒත්....කී අම්මා....කුමක් හෝ රහසින් කියනු පෙනුනි.....ඇත්තද කී ඇය ඇය සමඟ පැමිනි මහත්මයා සමග මා අසලට පැමිනියාය.......දුවට හොදයි කිවහම මට හරිම සන්තෝසයි....ඇය මාව තුරුලු කරගෙන මුහුන සිපගනිමින් පැවසුවාය....මා ඇයදෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවිට.....ඇයි දුවේ දුවට අපිව මතක නැද්ද......ඇසුවාය.....මා කිසිවක් නොකියා ඇය දෙස බලාසිටිනවිට.....ඇයි දුවේ දුවගෙ නැන්ද මතක නැද්ද......මම ඔයාගෙ තාත්තගෙ නංගි මේ මගෙ මහත්තය ඔයාගෙ මාම.....මට ඔව්න්ව හදුන්වාදෙමින් කතාකලාය.
                   වාඩිවෙන්න මල්ලි නන්ගිත් වාඩිවෙන්න.....අම්මා පැවසූවිට.....වාඩිවූ නැන්දා මාව ඇය අසලම තබාගෙන තුරුලුකරගන්ටවිය.....මදෑ අක්කෙ ජේසු පිහිටෙන් මේ තරමටවත් බේරුනු එක.....ඇය මගේ හිස අතගාමින් පැවසුවාය.....මෙයා වෙනුවෙන් අහින්සක ලමයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නවුනා.....අම්මා කියනවිට.....අයිය ඔක්කොම කිව්ව නන්ගියෙ....පවු ඒ අහින්සක ලමය....ජේසු පිහිටෙන් ඒ ලමයටත් හොදවෙන්න ඕනැ.....නැන්දා පැවසුවාය.....දැන් බලනකොට දේශානිට තව කොච්චර නෑදෑයො ඉන්නවද දන්නෙ නෑ...හරිම ප්රස්නෙ තමයි ඒ කවුරුවත්ම මම දන්නෙ නෑනෙ....දැන් ඉතින් කරන්න දෙයක් නෑ....පාදර් කිව්ව වගේ ඔක්කොම අමතකයි වගේ ඉන්න වෙනව......මා කල්පනාකලෙමි.
                               ලන්ඩන්වල ඉන්න මිහිරානි නංගි දන්නවද අක්කෙ මේ ගැන....නෑ නංගි ලොකු ගැටලුවක් වුනේ නැති හින්ද නංගිට කියන්න ගියෙ නෑ....කිව්වනම් කිව්ව ගමන් එනව....මගෙ නංගි මෙයාට ගොඩක් ආදරේනෙ......අපරාදෙනෙ නංගි.... දැන් ඉතින් පස්සෙ කියනව..කී ඇය...ඔන්නන් මට බනියි.....සිනාසෙමින් කීවාය......අපේ පුතයි දුවත් මේ ගැන දන්නෙ නෑ ප්රාන්ස් වලට කතාකරන්න හදලත් ඇවිත් බලල කතා කරනව කියල හිතාගත්ත.....මේ නැන්දගෙ දරුවො දෙන්නෙ ඉගෙනගන්නෙ ප්‍රන්සයේ වගේ....මා සිතුවෙමි.....ලොකු අයියත් දන්නෙ නැතුව ඇති.....නැන්දා පවසනවිට...මම හිතන්නෙ එයාටත් කියල නැද්ද කොහේද...අපේ එක්කෙනාගෙ සුවිඩන්වල  හෝටලේ සම්පූරනයෙන් රන්කරන්නෙ එයානෙ....කිව්වම ආවොත් පාඩුවෙන හින්ද කියල නැතුව ඇති....අම්මා කියනවිට.....එතකොට ස්විඩෙන් වලත් හෝටලයක් තියෙනවද.....පාදර් කිව්ව එක ඇත්ත මෙයාලනම් එසේ මෙසේ කෝටිපතියො නෙවෙයි වගේ.....මා කල්පනාකරන්ට වුනෙමි.
                    දැන් බලනකොට අම්මට නංගි කෙනෙක් ඉන්නව එයා ඉන්නෙ ලන්ඩන්වල.....තාත්තට  අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නව. ඒ නැන්දගෙ දුවයි පුතයි ඉන්නෙ ප්‍රන්සෙ .....එතකොට තාත්තගෙ අයිය දැන් මට වෙන්නෙ ලොකු තාත්ත එහෙම නැත්නම් මහප්ප....එයා ඉන්නෙ ස්විඩන් වල.....එතකොට එයා තාත්තගෙ හෝටලේ ජෙනරල් මැනේජ වෙන්න ඕනැ....ලොකු තාත්ත බැදලද දන්නෙ නෑ....ලන්ඩන් වල පුන්චි අම්මගෙ විස්තර කොහොමද දන්නෙ නෑ.....කොහොමද මම මේව හොයාගන්නෙ......කල්පනා කල මට අතීතය සම්පූරනයෙන් අමතක වුනා වගේ ඉන්න වෙනව.... කල්පනා කලෙමි.
                 සැහෙන වෙලාවක් අපිත් සමඟ ගතකල ඔවුන් දහවල් කෑම වේල ගත් පසු ආපසුගියේය. දැන්වත් ෆිල්ම් එකක් බලන්න පුලුවන්වෙයි වගේ ඔවුන් ගියපසු සැටියේ වාඩිවුනු මා....රූපවහිනිය දැමුවෙමි.....සුලු මොහොතකින් තවත් වාහනයක් නවතනු දුටු අම්මා දොර ඇරියාය.....දේශානී එක්කගෙන ආවද.....ඇන්ටි...ඔව්න් අසනු ඇසුනි.....අම්මා සෙමින් ඔව්න් සමග මොනවාදෝ කතාකරනු ඇසුනි.......මෙයාල කවුද දන්නෙ නෑ......මා සිතනවිට සුලු වෙලාවකින් නිවස තුලට පැමිනි ඔව්න් ..... දේශානී.....මොකක්ද අනේ ඔයාට වුනේ....මගේ වයසේ ගැහැනු ළමයි තිදෙනෙක් මා අසලට දුවගෙන ඇවිත් අසන්ටවිය. ....ඔවුන් කවුරුන්දැයි නොදන්නා මා ඔවුන්දෙස බලා සිටියෙමි.....ඔයාට අපිව මතක නැද්ද.....මම තමයි ඔයාගෙ හොදම යාලුව ඉශාරී....මේ මනෝජි....මේ ඉන්නෙ තරුෂිකා .....මතකද.....ඉශාරී ඔවුන්ව හදුන්වාදී ඇසුවාය......මා ඔව්න් දෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවිට....අනේ පවු කෙල්ලට මොකුත් මතක නෑ වගේ.....තරුශිකා සෙමින් කියනු ඇසුනි.

No comments: