Thursday, April 25, 2019

අනතුරේ පෙරලිය 4.......මා මෙලෙස ගැහැණු ඇදුම් ඇඳීමට සිතතුල ලැජ්ජාවක් ඇතිවුවද ඉස්සරට වඩා සැහැල්ලුවක් දැනෙනබව තේරුනි.....මේ ඇදුම් පිරිමි ඇදුම් වලට වඩා සැහැල්ලු හින්ද ඒවගේ දැනෙනව ඇති.....මා ඇදගෙන සිටි ගවුම අතගාමින් සිතුවෙමි.....දැන් මම මෙහෙම ඇඳගෙන එලියට යනකොට සමනලයෙක් යනවකියල මිනිස්සු හිනාවෙයිද දන්නෙ නෑ.....කල්පනා කරනවිට.....සාත්තු සේවිකාවක් කාමරයේ සිටි පිරිමි එක්කෙනාට බිල් පත ගෙනත්දුන් බව දැකගන්න ලැබුනි....ඔයාල ලෑස්තිවෙලා ඉන්න මම මේක ගෙවල එන්නම්....පැවසූ ඔහු කාම්රයෙන් පිටවිය......අම්මා සියලු දේවල් බෑග්වලට අහුරා ආපසු යෑමට සූදානම් වනු දක්නට ලැබුනි......සුලුවේලාවක් ගතවූපසු ඔහු ආපසු පැමින එහෙනම් යමුනේද පුතේ.....මගෙන් අසා ඇදුන් බෑගය අතට ගත් අතර.....අනිකුත් සුලු දේවල් ඔහු සමග පැමිනි මල්ලී අතට ගත්තේය......මගේ උරහිසෙන් අල්ලාගත් අම්මා යමු පුතේ කීවාය.....මා ඇය සමග යන්ට වුනෙමි.....පුතාට අපහසු නම් වීල් චොයා එකක් ගෙන්න ගම්මු.....යනගමන් ඇය කීවාය....නෑ අම්මෙ මොකුත් අපහසුවක් නෑ....මා කීවෙමි......නැවත හිසේ කැරකිල්ල හැදේවියයි සැක සිතුනු මා සෙමින් ඇයසමග ගමන්කලෙමි....අපි යනවිට බොහො පිරිසක් අපි දෙසට එනබව දුටු මට... මෙයාල මාදිහා බලල කොල්ලෙක් ගවුන් ඇදගෙන යනව කියල හිනාවෙයි....මට චකිතයක් ඇතිවිය.එහෙත් ඔව්න් මාදෙස බැලුවත් කිසිම ගනනක් නොමැතිව යනවිට.....මෙයාල හිතනව ඇති මම ඇත්තටම කෙල්ලෙක් කියල....හිතුනු මට.....මම ගවුන් ඇන්දම ඇත්ත කෙල්ලෙක් වගේ ලස්සන ඇති....ගියගමන් කන්නාඩියෙන් බලන්න ඕනැ.....සිතාගත්තෙමි......එලියට ගිය පසු වාහනයක් පැමිනෙන තුරු බලා සිටින්ට සිදුවිය...එහෙත් මා දෙස බලන කිසි කෙනෙක්ගේ මුහුනුවල අමුත්තක් නොපෙන්වීම මගේ සිතට සැනසුමක් විය......සුලු වෙලාවකින් ප්‍රාඩෝ වර්ගයේ නවීන රථයක් අපි ඉදිරිපිට නවතනු දුටු ඔවුන් මාව එක්කගෙන එම රථය දෙසට යන්ටවිය......මේක ගොඩක් වටින වාහනයක්නෙ....මේක මේ මහත්තයගෙ වෙන්න ඇති....දැන් බලනකොට මෙයා ලොකු සල්ලි කාරයෙක්නෙ....පාදර්ගෙ කීමට මෙයාද දන්නෙ නෑ රෝහල්ගාස්තු ගෙවුවෙ......මා කල්පනාකලෙමි.
                අර දරුවගෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ විජේ......මා අසල වාඩිවී සිටි අම්මා විජේ නමින් හදුන්වමින් රියදුරු අසල ආසනයේ වාඩිවීසිටි මහත්මයාගෙන් ඇසුවාය.....අනේ මන්ද මැටිල්ඩ.....තාම අයි සී යූ එකේලු.....ඒලමයගෙ ජීවිතේ සුවර් නෑ කියල තමයි අද උදෙත් පාදර්ගෙන් ඇහුවම කිව්වෙ.....අනේ පවු ඒලමය හිටියෙ නැත්නම් අපේ දරුවගෙ ජීවිතේනෙ නැතිවෙන්නෙ....අම්මා මාව තුරුලුකරගෙන කනගාටුවෙන් මෙන් කීවාය.....මොනවද මේ මෙයාල කියන්නෙ......ඒලමයව බේරගන්න මමනෙ පාරට පැන්නෙ.....ඒ වුනාට මෙයාල කියන්නෙ......ඒලමය පාරට පැනල මාව බේරගත්ත කියලනෙ.....එහෙම වෙන්නෙ කොහොමද....මෙයාලට කවුරු හරි වැරදි ආරන්චියක් දීල වගේ.....කල්පනා කලත් එය නිවැරදි කිරීමට නොගියෙමි.....මම මෙයාට කොච්චර කියනවද පාර පනින කොට දෙපැත්ත හොදට බලල පනින්න කියල......කෝ අපි කියන ඒව කනකටවත් ගන්නෙ නෑනෙ......අම්මා දොස් කියන්ට වූවාය......දැන් ඉතින් පාඩම් ඉගෙන ගත්තනෙ.....දැන්වත් හැදෙන්නෙ නැතෑ.....එම මහත්තයා කීවේය.....මෙයා පාඩම් ඉගෙන ගත්තෙ අර අහින්සක ලමයෙක්ව බිල්ලට දීල.....අම්මා කියන විට.....දැන් ගිය දේ ගියා මැටිල්ඩා......ඉස්සරහටවත් හොදට ඉන්න කියන්න.....ඔහු කීවේය.......මෙයාල මේ මොනවද මේ කියවන්නෙ....මෙයාල මම දැකලවත් නෑ......ඉතින් කොහොමද මට අවවාද දෙන්නෙ.....අනික මම කොහොමත් පරිස්සමින් තමයි පාරවල් පනින්නෙ......මා ගැටලු සහගතව කල්පනාකරන්ට වුනෙමි.....මේ අනතුරෙන් පස්සෙ මගෙ ඔලුව හොල්මන් වෙලාද දන්නෙ නෑ මේවගෙ දේවල් ඇහෙන්නෙ.....මා හිස සොලවා අතගෑවෙමි.....එහෙත් මට කිසිවක් හිතාගැනීමට නොහැකිවිය.
          ටික වෙලාවකින් වාහනය යන දිසාව දෙස බැලුවෙමි.....එහෙත් එය ගමන් කරන්නෙ පල්ලිය තිබෙන පාරේ නොවන බව තේරුනි.....ඇයි අම්මෙ පල්ලියට යන්නෙ නැද්ද.....මා කාන්තාවගෙන් ඇසුවෙමි.......මොකද මේ හදිස්සියෙ පල්ලිය මතක්වුනේ..... යන්න ඔන්නම් ගෙදර ගිහින් යමු.....ඇය කීවාය.....පල්ලිය මතක් නොකර පුලුවන්ද මම ඉන්නෙ පල්ලියෙනෙ.....සිතූ මම.....මෙයාල මාව මෙයාලගෙ ගෙදෙට්ට එක්ක ගිහින් ඊට පස්සෙ පල්ලියට එක්කයයි.....මා කල්පනාකරන්ට වුනෙමි.
         තව ටිකක් දුර ගිය වාහනය එල්කාඩෝ දොරක් සවිකර තිබුනු සුවිසල් නිවසක තාප්පය අසල නතරකර. දුරස්ථ පාලකය උපයෝගී කරගනිමින් එම දොර අරිනු දැක ගැනීමට ලැබුනි.....වත්ත ඇතුලට ගිය පසු එය නවීන පන්නයට අනුව ගොඩනගා තිබුනු සුවිසාල දෙමහල් ගොඩනැගිල්ලක් බව දක්නට ලැබුනි ......මට හිතෙන්නෙ මෙයාල එසේ මෙසේ සල්ලිකාරයෝ නෙවෙයි......මා පුදුමයෙන් යුතුව නිවස සහ මිදුල දෙස බලන්ටවුනෙමි.....නිවස තුල සිටි අයෙක් වාහනය දෙසට ඇවිත් අපි ගෙන ආ බෑග් සහ අනිකුත් උපකරන නිවස තුලට රැගෙන ගිය අතර අම්මා මාව අල්ලගෙන නිවස තුලට එක්ක යන්ට විය......මේක ගෙයක්ද එහෙම නැත්නම් දිවිය මාලිගාවක්ද......මා නිවසතුල තිබුනු වෛවර්න උපකරන සහ ගෘහ භාන්ඩ දෙස බලමින් කල්පනා කරමින් අසල තිබුනු පුටුවේ වාඩිවී ඔවුන් මාව නැවත පල්ලියට රැගෙනයනතුරු බලා සිටියෙමි....

No comments: