ඩැන් තමයි මගේ හිතට සහනයක් ආවෙ....අපි කාමරයෙන් එලියට පැමිනි පසු සුසුමක් පිටකල අම්මා පවසනු ඇසුනි....අතීතයනම් අමතක උනත් කමක් නෑ වෙනලෙඩක් නැතුව.....තාත්තා පිලිතුරු වසයෙන් පැවසුවේය......අපෝ අක්කටනම් අතීතෙ අමතක වෙනවනම් තමා හොඳ .....මල්ලී පැවසූ විට.....ඒ මොකද පොඩිපුතේ....අම්මා ඇසුවාය.....ඒ මොකද කියල අම්ම දන්නව ඇතිනෙ.....ඔහු පිලිතුරු දුන්විට.....අම්මා සහ තාත්තා ඔහු දෙස බලා සිනාසෙනු දක්නට ලැබුනි....ඇයි මල්ලි මහෙම කිව්වෙ.....දේශානිගෙ අතීතෙ හොඳ නැද්ද....මට ගැටලුවක් ඇතිවිය.
අපි නැවත නිවස බලා පිටත්වී සුලුවෙලාවකින්.....අර ලමයටත් දැන් ගුනයි වගේලු මැටිල්ඩා.....තාත්තා කීවාය....ජේසු පිහිටෙන් ඒ දරුවත් ජීවත්වුනොත් හොදයි....කී ඇය....කොහොමද දන්නෙ ඇසුවාය....පාද්ර් කෝල් එකක් දාල කිව්ව....එත් මැටිල්ඩ ඒ දරුවට කකුල් දෙකම නැතුව තමා ජීවත්වෙන්න වෙන්නෙ....තාත්තා කනගාටුවෙන් යුතුව පැවසුවේය....අනේ අපරාදෙ ඒ දරුව....අම්මා දුකෙන් මෙන් කීවාය......ඒ දරුව ගැන අපි බලන්න ඕනැ මැටිල්ඩා.....කකුල් නැතත් ඒ දරුවට දුක් විදින්න දෙන්න හොදනෑ....තාත්තා කියනු ඇසුනි.....දැන් සනීපවෙන්නෙ මගෙ ශරීරෙ නේද ඒශරීරෙ සනීපවුනොත් මට ආයෙත් ඒ ශරීරෙට යන්න වෙයිද දන්නෙ නෑ......එහෙම උනොත් මට තමා කකුල් දෙකම නැතුව ජීවත්වෙන්න වෙන්නෙ....සිතුනු මට....ඊටපස්සෙ මේ දේශානිගෙ ශරීරෙට මොකදවෙන්නෙ යන සිතුවිල්ල ඇතිවිය....ඒ කට ආයෙත් දේශානි එයිද දන්නෙ නෑ....මට කකුල් දෙක නැතිවුනත් කමක් නෑ...ඒ ලමයට ආයෙත් මේ ගෙදරට එන්න පුලුවන් වෙනවනම්...මේ ජීවිතේ එයාගෙ සුපුරුදු ජීවිතේනෙ....නැත්නම් දෙශානි පවු....කල්පනාකලෙමි.
ටික දුරක් යනවිට අම්මේ පීස කමුද...මල්ලී යෝජනා කරනු ඇසුණි....එහෙත් එය තාත්තාට නොඇසුනු බැවින්.....මම දන්නෙ නෑ තාත්තට කියන්න.....කීවාය.....එය ඇසුනු තාත්තා....මොකක්ද මැටිල්ඩ.....ඇසුවේය....මේ පුතාට පීස කන්න ඕනැලු....අම්මා කීවිට.....මල්ලිට වැඩිය අක්කනෙ පීසවලට පෙරේත.....දැන් එයා සද්ද නෑ.....තාත්තා කීවිට.....දැන් නැතිවුනාට කරපු දේවල් මතක්වෙන්න පටන්ගත්තට පස්සෙ සද්ද කරයි.....අම්මා සිනාසෙමින් කීවාය....අම්මෝ....එහෙම නොවෙනවනම් හොදයි.....මල්ලී සෙමින් පවසනු ඇසුනි.....මීට කලකට පෙර පීස එකක් කා තිබුනත් මේවා කෑව කාලයක් මතක නොතිබුනු මට අද කන්න පුලුවන් යන සිතුවිල්ල නිසා සතුටක් ඇතිවිය.
පීස හට් එකක් අසල වාහනය නතර කල තාත්තා අපිට එහිතිබුනු වටිනාම පීසා අරන්දෙන්ටවිය.....ඒවායේ රස මීටකලින් කා තිබුනු පීස එකට වඩා රසවත් බව දැනෙන්ටවිය......ඉස්සර කාත්කවුරුවත් නැති ප්‍රියන්ත කොහොමද මේවගෙ වියදම් කරන්නෙ...කවුද එයාට මේවගේ රසවත් ආහාර අරන්දන්නෙ....මා සිතන්ටවුනෙමි.
මගේ අතීතය අමතක වී ඇතත් සිහියේ වෙනසක් නොමැතිබව දැනගත් අම්මා සහ තාත්තා සතුටින් සිටිනබව ඔවුන්ගේ මුහුනුවලින් දක්නට ලැබුනි....එහෙත් මල්ලී සිතන්නේ කුමක්දැයි ඔහු වැඩිපුර කතා නොකරන බැවින් දනගැනීමට අපහසුවිය. මොවුන් කෙතරම් සතුටුවුවද මට නැවත මගේ සිරුරට ගොස් පාද දෙක නොමැතිව ජීවත්වීමට සිදුවේවි යන සිතුවිල්ල නිසා දැඩි දුකකින් සිත පිරී තිබුණි..... ඉස්පිරිතාලෙ තියෙන මගෙ සරීරෙ අද ටිකක් හොඳනම් හෙට වෙනකොට ගොඩක් හොඳවෙයි.....ඊටපස්සෙ මට මේ සැප සම්පත් ඔකොම දාල යන්න වෙනව....දුක්බරව කල්පනා කලෙමි.
No comments:
Post a Comment