අනතුරේ පෙරලිය 19...................දේශානිගේ එතරම් විස්තරයක් සොයා ගැනීමට නොඇකිවීම ගැන කල්පනා කරමින් එදා අනතුර දා ඇය රැගෙනගොස් තිබුනු අත්බෑගය පරික්ශාකරන්ට වුනෙමි.ඇය පාවිච්චිකල ලේන්සුව පනාව කුඩා කන්නාඩියක් කොන්ඩයට ගසන කටු කිහිපයක් සමග චාජරයද හමුවිය. චාජරේ හම්බවුන එකනම් ලොකු දෙයක්....එය අතටගෙන කල්පනාකලෙමි. එය තුල තවත් රහස් පොකැට් තිබුනු බැවින් ඒවාද විවුර්ත කර බැලුවෙමි. සල්ලි දමන පර්ස් එකක් තිබී එලියට ගෙන ඇතුලත බැලුවෙමි....ඇගේ හැදුනුම්පත සහ මුදල් වගයක්ද තිබුනි....මුදල් ටික එලියට ගත්මා....ගනන්කර බැලුවෙමි. එහි රුපියල් පන්දහසකට වැඩිමුදලක් තිබුණි....එදා මෙයා මේ සල්ලිත් අරගෙන මොනව හරි ගන්න යන්න ඇත්තෙ....කල්පනා කරමින් තවත් බලනවිට දුරකතන අංක ලියනලද කොල කිහිපයක්ද තිබුනි....මේව තිබුන කියල මම මෙයාල අදුනන්නෙ නෑනෙ....කල්පනා කරමින්....ආපසු දැමුවෙමි.තවත් පරීක්ෂා කිරීමට තිබුනේ ඇගේ ලියන මේසයේ තිබුනු ලාච්චු පරීක්ශා කරබැලීමය.....ඒවායේ යතුරු යතුරු කටේම තිබුනු බැවින් විවුර්ත කිරීමේ ගැටලුවක් නොමැතිවිය. ඒවායේ සමරු සටහන් පොත් කිහිපයක් තිබෙනු දක්නට ලැබුනි...මෙයා දිනපොතක් පාවිච්චි කලේ නැද්ද දන්නෙ නෑ.....සමහරු දිනපොත්වල සටහන් ලියනව....කල්පනා කල මා ඒවාද සෙවුවෙමි....එහෙත් එවැන්නක් හමුනොවුනි.....ලාච්චුව තුල පයිල් එකක් තිබී හමුවුන අතර එය පිටතට ගෙන බලුවෙමි....එය තුල තිබී මට අවශ්‍යයම දෙයක් හමුවිය. එය ඇයගේ උපැන්න සහතිකයේ පිටපතකි....මා එය කියවන්ට වුනෙමි....නම ක්ලිපට් විජේසිරිවර්ධනගේ උදේසිකා දේශානී .....තාත්තා....ක්ලිපට් විජේසිරිවර්දනගේ රොම්ලස්.....අම්මගෙ නම ජෙස්මී මාගරට් පෙරේරා......අම්මො..... යන්තම් ඇති අම්මයි තාත්තගෙයි නම්දෙකයි දේශානිගේ උපන්දිනෙයි දැනගන්න පුලුවන්වුනා.....සිතට සහනයක් ඇතිවිය......එහි තවත් දේවල් තිබුනු නිසා ඒවාද බැලුවෙමි.....දේශානි බස්කට් බෝල් ටීම් එකෙත් ඉන්නව....එහි සහතිකයක් දුටුමට තේරුනි.....අවුලක් නෑ මටත් පුලුවන්නෙ....මා කල්පනාකල්මි. මේ අතර සාමාන්ය පෙල විභාගයේ සහතිකයද හමුවිය.....වැඩ පහකටම ඒ නෙ.....මට වැඩ හයකට ඒ තිබුන මෙයත් මම තරමට බ්රයිට් කේස් එකක්වගේ.....සිතුනි.
තරමකට හෝ විස්තර හොයාගත් මා ඒවා තිබුනු ස්තානවලම තබා කැඩපත අසලට වී දේශානිගේ හැඩ බලන්ට වුනෙමි. කන්නඩි මේසය අසලතිබුනු පුටුවෙන් වාඩිවූ මා....ඇයගේ මුහුන දෙස බලා සිටියෙමි....ඇයගේ රූමත් මුහුන දකින විට ඇස්දෙක ඉවතට ගැනීමට නොසිතුනු මා මුහුන අතගාමින් ඒ දෙස ආශාවෙන් බලා සිටියෙමි. මම ප්‍රියන්ත කාලෙ මේවගේ ලඟටවෙලා කෙල්ලෙක් දිහා බලා හිටියනම් මොන මොන ඒව හිතට එයිද.....මගේ ලැප් එකෙන් ලස්සන කෙල්ලන්ගෙ වීඩියෝ බලන කොට මොනතරම් දේවල් හිතුනද.....එවැනි අවස්තාවල මගේ පුරුෂ ලිංගය රිජුවෙන ආකාරයත් කවුරුවත් නොමැති අවස්තාවල එය අතගාමින් සතුටු වූ ආකාරයත් සිහිවූ මාගේ දකුනු අත නොදැනුවත්වම කකුල් දෙක අතරට ගිය බව දැනුනි. එහෙත් අද මට රිජුවීමට පුරුෂ ලින්ගයක් නොමැති බව සිහිවූවේ එම හිස් පෙදෙස අතගාන විටදීය.....කෙල්ලෙක් උනාම ඒවගෙ සතුටක්නම් ගන්න බැරුව ඇති.....එක අතකට ඒකත් හොදයි....ඔය අනම් මනම් විකාර හිතන කොට නිතරම රිජුවෙන එකත් කරදරයක් නේ.....දැන් ඉතින් ඒ කරදරේ නෑ.....සතුටින් කල්පනා කලෙමි. ටික වෙලාවක් හැඩබලමින් සිටි මා නැවත සාලය දෙසට ගියෙමි. අම්මා පත්තරයක් බලමින් සිටිනු දක්නට ලැබුනි.....දුවේ තරුනි පත්තරේ ඇවිත් තියෙනව බලන්න....ඇය පුවත්පත මා දෙසට දිගුකර කීවාය.....දේශානි තරුනි බලනව ඇති.....දැන් මටත් මේවගේ කාන්තා පත්තර බලන්න වෙනව.....කල්පනා කල මා එය අතට ගෙන සැටියේ වාඩිවුනෙමි.එහි මුල් පිටුවේ තිබුනු රූමත් තැරුණියගේ රුවදෙස බලා දැන් මාත් මේවගෙ ලස්සන කෙල්ලෙක්නෙ....සතුටින් සිතුවෙමි. පත්තරය පෙරලා බලනවිට එහිතුල තිබුනු මැහුම් පාඩම් කැම සදන ආකාරය සහ රූපලාවන්‍ය ගැන ලිපි තිබුනු අතර දැන් මටත් ඉගෙනගන්න වෙන්නෙ මේව තමයි....කල්පනාකරන්ට වුනෙමි.මේ අතර කාන්තාවන්ට ආවානික ලෙඩරෝග ගැනද ලිපියක් තිබුනු අතර මා එම ලිපිය උනන්දුවෙන් කියෙවුවේ මාත් දැන් කාන්තාවක් වී ඇති නිසාය. ටිකවෙලාවක් පත්තරය බලා රූපවාහිණිය ක්රියාත්මක කර චිත්‍රපට සොයන්ටවුනෙමි.....සියලුම චැනල් වැඩකරමින් තිබුනු නිසා ටිකක් වෙලා සොයන්ට වුනෙමි. අන්තිමේදී එකක් සොයාගත් මා එය නරබන්ට වුනෙමි.....මේකෙ සවුන්ඩ් එක සවුන්ඩ් සිස්ටම් එකට දෙන්න තිබුනනම්....ෆිල්ම් හෝල් එකක වගේ බලන්න තිබුන....ඒත් ඒකට මෙයාල කැමතිද දන්නෙ නෑනෙ....සැකයක් ඇතිවිය.
සවස දෙක හමාර පමන වනවිට මල්ලි පාසැල් ගිය වාහනය පැමිනෙනු දුටුවෙමි....අද මල්ලිට පන්ති නැතුව ඇති...ඒකයි ඉක්මනට එන්නෙ.... සිතූ මම ඔහු හමුවීමට ඉදිරියට ගියෙමි.....මා දෙස බලා සිනාවක් පලකල ඔහු උඩතට්ටුවේ ඔහුගේ කාමරයට යන්ටවිය.....ඇති යන්තම්....අද මා දිහා බලල හිනාවුනා....ඇදුන් මාරුකරගත් ඔහු ආපසු සාලයට පැමිනි පසු.....අද පන්ති නැද්ද මල්ලි....ඇසුවෙමි.....අද පන්ති නෑනෙ අක්කෙ....හෙට උදේ තියන්නෙ....හෙට?...මා ප්‍රශ්නාර්තව ඇසුවෙමි.....හෙට සැටඩේනෙ අක්කෙ.....ඔහු පැවසුවේය.....අක්කට මතක නෑනෙ පොඩි පුතේ ඔයා මතක් කරල දෙන්න.....අම්මා කියනවිට.....එයට සිනාසුනු ඔහු කෑම කාමරය දෙසට ගියේය......
No comments:
Post a Comment