.... අම්මෙ මට පල්ලියෙ පාදර් හම්බවෙන්න ඕනැ.....මා බත්කන ගමන් කීවෙමි....මොකද කවදාවත් නැතුව පල්ලිය මතක්වුනේ.....පුදුමයෙන් මෙන් පැවසූ අම්මා.....දෙවියන් වහන්සේ මතක් වෙන්නත් ලොකු දෙයක් වෙන්න ඕනැ.....ඇනුම් පදයක් මෙන් කී ඇය....මෙච්චර කාලයක් දෙවියන් වහන්සේටයි පල්ලියටයි....දොස් කියකිය හිටිය මිසක් .....නිකමටවත් ඒ පලතෙ ගියාද.....දැන්වත් විස්වාසද දෙවියන් වහන්සේගේ පිහිට තියෙනව කියල.....ඇය මෙසේ පවසන විට මේ දේශානි කැතලික් උනාට දෙවියන් වහන්සේ විස්වාස කරපු නැති කෙනෙක් වගේ.....විස්වාස නොකලත් කමක් නෑ දෙවියන් වහන්සේටයි...ආගමික පූජකවරුන්ටයි දොස් කියන්නෙ නැතුව.....මා ඇය කෙරෙහි කලකිරීමෙන් යුක්තව කල්පනා කලෙමි....දැන් එහෙම කියන්නෙ නෑ අම්මෙ....අම්මා කෑම ගනිමින් දොස් කියනවිට පැවසුවෙමි.....දැන්වත් දෙවියන් වහන්සේ ගැන විස්වාසයක් ඇතිවුනානම් ලොකු දෙයක්.....කී ඇය ඉන්නකො තාත්තට කතා කරල බලන්නම්....කීවාය.
කෑමෙන් පසු මා සාලය දෙසට පියමන් කලේ මේ නිවස ගැන තවදුරටත් වටහාගැනීමටය.....ඇඳ පැලඳගෙන සිටි මල්ලී බැගයද රැගෙන මිදුලට ගියේ පන්තියෑමට බව තේරුම්ගත්තෙමි.මෙයා පයිද දන්නෙ නෑ යන්නෙ ....යනුවෙන් සිතනවිටම....කලු පැහැති කාර්යක් පැමින ඔහු අසලින් නැවැත්වීය....අම්මේ මම යනවා කී ඔහු එයට ගොඩවිය.....මල්ලිට පන්ති යන්නත් වාහනයක් තියෙනවනෙ.....එයා ඉස්කෝලෙ යන්නෙත් මේකෙද දන්නෙ නෑ.....මා සිතන්ට වුනෙමි. ශාලය පුරා ඇස්යොමුකරනවිට.....ජේසුස් වහන්සේගේ පිලිරුවක් ඉදිරිපිට ඉටිපන්දමක් දැල්වෙනු දුටු මා ඒ අසලට ගොස් කුරුශය අදිමින් උන්වහන්සේට ස්තූති කලෙමි.....මා දෙස බලාසිටි අම්මාගේ මුවගට සිහින් සිනාවක් නැගුනේ මා මෙම කරන ක්රියාවට පුදුම සිතීමෙන් බව තේරුනි....දේශානි කවදාවත් මෙහෙම කරල නෑවගේ....මට සිතුනි.
පුතේ හවස පහවෙනකොට තාත්ත එනව කිව්ව....එයාටත් පාදර් හම්බවෙන්න ඕනැලු.....එතකොට මල්ලිත් එයිනෙ අපි ඔක්කොටම යන්න පුලුවන්.....පහවෙනකොට ලෑස්තිවෙලා ඉන්න කිව්ව.....අම්මා පැවසුවාය.....කාම්රයට ගිය මා පල්ලි යනවිට ඇදගෙන යෑමට ඇදුමක් සොයන්ටවුනෙමි.....ඉස්සරනම් කලිසමකුයි සර්ට් එකකුයි අදින්න තිබුන....දැන් එහෙම බෑනෙ......ලස්සන ගවුමක් අදින්න වෙනව.....මා දෙශානිගේ ඇදුම් එකින් එක බලන්ට වුනෙමි....රාක්කෙ විතරක් නෙවෙයි මේ කබඩ් එකෙත් ඇති....මා කබඩය ඇර බැලූවිට එහි වෛවාරන වර්ගයේ ඇදුන් පිරී තිබුනි....මා කිසිම කලක කාන්තා ඇදුන් අල්ලා නැතිවුනද අදදින් මාත් කෙල්ලෙක් වී ඇතිබව දැනගත් වෙලාවේ සිට ඒ ඇදුම් ගැන එතරම් අමුත්තක් නොතිබුනුනි....පල්ලියෙ පූජාව දවස්වලට මගේ වයසේ ගැහැනු ළමුන් ඇදගෙන එන ඇදුම් ගැන සිහිවිය.....එයාල ලස්සන ලස්සන ඇදුම් ඇදගෙන එනව හරියට සමනලියො වගේ...මා ඔව්න් දෙසා ආශාවෙන් බලා සිටි බව මතක් විය....මාත් අද ඒවගෙ ගවුමක් ඇදගෙන යන්න ඕනැ....සිතූ මම තව දුරටත් තෝරන්ටවුනෙමි....මේ ගවුන් අතර නිල්පාටට හුරු ගවුමක් අතට ගෙන දිගහැරියෙමි.....මේකනම් ලස්සනයි වගේ.......එය පපුව මත තියා කන්නාඩියෙන් බැලුවෙමි....මේක ඇදගෙන යන්න ඕනැ....සිතූ මම එය ඇදුම් රාක්කය මත තැබුවෙමි....
මා මෙසේ ඇදුම් තෝරනවිට කාමරයට පැමිනි අම්මා....මොනවද පුතේ හොයන්නෙ....ඇසුවාය.....පල්ලියට ඇදගෙන යන්න ගවුමක් අම්මෙ......කී මම.....මා තෝරාගත් ගවුම පෙන්වා.....මේක හොදයිද ඇසුවෙමි....ඕක මේසැරේ ඔයාගෙ බර්ත් ඩේ පාටියට ඇන්ද එක නේද..ඇසූ ඇය....ලස්සනයි......කීවාය.....මෙයාල එහෙනම් උපන්දින උත්සවත් ලොකුවට ගන්නව වගේ.....සිතූ මම....ලගදි ගන්න ඇති.....මම හිටියෙ නැත්නම් මෙයාගෙ පාටියට පස්සෙ මලගේත් ගන්න තිබුන.....මා කල්පනා කලත්....දැන් මගේ මලගේ නේද හෙට අනිද්දට ගන්නවෙන්නෙ......එතකොට දේශානිට මොකද වෙලා තියෙන්නෙ.....සමහර විට එයාගෙ ශරීරෙ මට දීල මැරෙන්න ඇති.....මා කනගාටුවෙන් යුතුව කල්පනාකලෙමි.......
No comments:
Post a Comment