ඇඟ සෝදා අවසන්වූ මා සාලුව ගෙන පිසඳාගෙන ඇඳගෙන සිටි ඇදුම් ඇදගන්න සූදානන්වුනෙමි......දැන් ඉතින් මටත් අඳින්න වෙන්නෙ මේවගේ ගැහැනු ඇඳුම් තමා.....සිතමින් බ්‍රෙසියරය අතට ගෙන අම්මා ඇන්දවූ ආකාරයට ඇඳගත්තෙමි.....එහි පිටුපස ඇමිනීමට තරමක් අපහසු වුවද කෙසේ හෝ අමුනාගත්තෙමි......අනිත් ඇඳුම්ද ඇඳගත් මා.....කාමරයට ගොස් ඇදේ වාඩිවුනෙමි.....මාව මෙලෙස ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු සැහැල්ලුවෙන් සිටි මට සීතල වතුරින් ඇඟ සොදාගත් පසු තවත් සැහැල්ලුවක් දැනුනි......මා මෙතෙක් කල් ඇද පුරුදු පිරිමි ඇදුන් මෙන් නොව මෙම ගැහැනු ඇදුම්වලින්ද අමුතුම සනීපයක් ගෙනදෙන බව දැනුනි......ඇගට දැනුනු සැහැල්ලුවත් සනීපයත් නිසා...ඇදේ දිගාවී කොට්ටයක් තුරුලු කරගෙන එහාට මෙහාට පෙරලුනෙමි.....කෙල්ලෙක් වුනාම ඇඟට මෙච්චරටම සනීපද....පුදුමයෙන් කල්පනා කරන්ට වුනෙමි.
සුලු වෙලාවකින් දොර ඇරගෙන අම්මා එනබව දුටු මා ඇදේ වාඩිවුනෙමි ....පුතා නිදා ගත්තද....ඇය ඇසුවාය.....නෑ අම්මෙ.....ඇඟ ටිකක් හෝදගත්ත.....මම කීවිට.....ඒක තමා ළඟට ආවගමන් සුවඳ දැනුනෙ....ඒත් මම මොකද කියල බැලුව.....කී අම්මා......මීට පස්සෙ තනියම නාන්න යන්න එපා.....මට කතා කරන්න.... කීවාය......ඇයි අම්මෙ බාත්රූම් එක තියෙන්නෙ අතනනෙ.....මා එහි දොර දෙසට අතදිගුකර පෙන්වා කීවෙමි......ඒ වුනාට කමක් නෑ ඔයා මට කතාකරන්නකො.....අපි කතා කරමින් සිටින අතර තුර කවුදෝ මැදිවියේ ගැහැනු කෙනෙක් ට්‍රොලියක් තල්ලු කරගෙන කාමරය තුලට පැමින එය මා අසල නවතා පිට වූවාය......එය උඩ තිබුනේ තේ සහ කැවිලි වර්ගය.....කන්න පුතේ කී ඇය බිස්කට් එකක් රැගෙන කන්න ගත්තාය. මා කේක් කැබැල්ලක් ගෙන කෑමට පටන්ගත්තෙමි.....මට දැන් නාන්න හොද නැද්ද.....මා ඇසුවෙමි.....ඔය ඔලුවෙ ප්‍රස්නෙ හින්ද ඩොක්ටගෙන් අහලම නාන්න....ඇය කීවාය......මා අසලට පැමිනි තාත්තා දැන් කොහොමද පුතේ....ඇසුවේය......දැන්නම් මොකුත් අමාරුවක් නෑ තාත්තෙ.....මා ඔහුට පලමු වරට තාත්තා යනුවෙන් අමතා කීවෙමි.....බලන්න විජේ මෙයා තනියම බාත්රූම් එක ඇතුලට ගිහින් ඇගහෝදගෙනනෙ.....අම්මා කියන විට.....ඉතින් ඔයා පොඩ්ඩක් බලන්න එපායෑ.....ඔහු ඇයට දොස් කියන විලාසයෙන් පැවසුවේය.....මම හිතුවෙ නිදි කියල....ඇය සෙමින් කීවාය.....ඕකනෙ කියන්නෙ හිතල හරියන්නෙ නෑ කියල....ඔයා ටික දවසක් මේ දරුව ගාව ඉන්න.....ඔහු කීවේය.
මම දැන් යනව මැටිල්ඩ.... මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කතාකරන්න.....මගේ මුහුන සිපගත් ඔහු කාමරයෙන් පිටව ගියේය......අම්මේ අද මම පන්ති යනවද.....කියාගෙන මල්ලී කාමරයට ආවේය......මේ දවස් දෙකේ ඉස්කෝලෙ යන්නත් බැරිවුනානෙ.....යන්න පොඩි පුතේ.....ඇය කීවාය......ඔහු ආපසු ගිය විට පුතාටනන් තව දවස් කිහිපයක් ඉන්නවෙයි.....මා දෙස බලා කීවාය......මේ කතාවෙන් ඇගේ දුවද පාසැල් යනබව තේරුනි.....ඒත් කොහේ ඉස්කෝලෙටද යන්නෙ.....කොයි පන්තියෙද ඉගෙනගන්නෙ....මට ගැටලුවක්විය.
ටික වෙලාවක් මා අසල සිටි ඇය එලියට ගියාය. මා ඇගේ පොත් මේසය දෙසට ගොස් ඇගේ තොරතුරු දැනගැනීම සඳහා පොත් පත් පරීක්ෂා කරන්ට වුනෙමි.....මේ තියෙන්නෙ මෙයාගෙ නම......උදේසිකා දේශානී විජේසිරිවර්දන.....මෙයාට කතාකරන්න ඇත්තෙ උදේසිකා කියලද දේශානි කියලද.....මට ගැටලුවක් ඇතිවූවේ දැන් මට කතාකරන්නේද මේ නම් දෙකෙන් එකකින්බව දන්නා නිසාය.........දේශානි කියනවනම් හොදයි ඒ නම ලස්සනයි.....කල්පනා කරමින් තවත් පොත් බැලුවෙමි.... දොලහ වසර යනුවෙන් පොත්වල සඳහන් කර තිබුනු බැවින් ඇයද මා මෙන් උසස් පෙල පන්තියේ වුවද. මට පහල පන්තියේ බව දුටුවෙමි.....මොනවද මෙයා කල විෂයන්......පොත් පෙරලා බැලුවෙමි.....මෙයත් කරන්නෙ බයෝ නේද......හොඳ වෙලාවට මාත් කලේ බයෝනෙ.....මටනම් විභාගෙට තිබුනෙ තව මාස දෙකයි....ඒත් දැන් මෙයාට තව කල්තියෙනවනෙ.....මා සතුටින් කල්පනා කලෙමි.....දැන් මට මේ ලමය වෙනුවට ඉස්කෝලෙ ගියත් ගැටලුවක් නෑ.....ඒත්
No comments:
Post a Comment