අනතුරේ පෙරලිය 12...........කෑමගෙන අවසන්කල මා සාලය දෙසට ගියෙමි......තාත්තා සැටියේ වාඩිවී රූපවහිනිය නරබමින් සිටින අයුරු දක්නට ලැබුනි......ඔහු අසල සිටීම අමුත්තක් ලෙස දැනුනු මා ආපසු හැරී කාමරය දෙසට පියමන් කරනු දුටු තාත්තා......ඇයි පුතේ ආපහු යන්නෙ එන්න මෙතැනින් වාඩිවෙන්න.... ඔහු අසලින් වාඩිවනසේ පැවසුවේය....වෙනදටත් දෙශානි ඔතැනින් වාඩිවෙනවද දන්නෙ නෑ....එහෙමනම් මටත් වාඩිවෙන්න වෙනව.....සිතුනු මා ඔහු අසලට ගොස් වාඩිවුනෙමි.....එහෙත් ඔහු අසල සිටීම අමුත්තක් විදියට තේරුනි....දැන් මගේ පුතාට හොඳයිද .....ඔහු මගේ ඉනවටා අතයවමින් මාව තුරුලට ගෙන ඇසුවේය.....දේශානිවත් මේ විදියට හුරතල් කරනව ඇති සිතුනු මා.....දැන්නම් මොකුත් අමාරුවක්නෑ වගේ..... මා පැවසුවෙමි....ඒකට කමක් නෑ ඔයා තවටික දවසක් කොහේවත් යන්නෙ නැතුව ගෙදරටවෙලා රෙස්ට් කරන්න......ඉස්කෝලෙට පනිවිඩයක් අරින්න පුලුවන්නෙ.....ඔයාට මග හැරෙන පාඩම් වලට ටියුසන් මාස්ටර් කෙනෙක් ගෙදරට ගෙන්වල හරි අහගන්න පුලුවන්නෙ පුතේ.....මා එතැන සිටිනවිට අම්මාද පැමිණ අපි අසල සැටියේ පුටුවක වාඩිවුනාය.....මොකද පුතා කියන්නෙ.....මම කිව්වෙ බියට්රිස්.....ටික දවසක් කොහේවත් යන්නෙ නැතුව රෙස්ට් කරන්න කියල.....තාත්තා කීවිට....කොහොමත් දැන්ම කොහේවත් යවන්න බෑනෙ විජේ.....ඉස්සෙල්ල මෙයාගෙ තත්වෙ බලන්න ඩොක්ටර් ට පෙන්වන්න ඕනැනෙ.....කීවාය.....අපි අසල පුටුවක වාඩිවූ මල්ලී රූපවාහිනියේ විකාශන මාරුකරන්ටවිය....එහි පියෝ ටී වී සම්බන්ධ තාවය තිබෙනබව මා දුටුවේ ඔහු වැඩසටහන් කිහිපයක් මාරුකරන විටදීය...... දැන් ඉතින් මටත් හොදට ෆිල්ම් බලන්න පුලුවන්වෙයි.....මා සතුටින් කල්පනා කලෙමි.....පොඩි පුතේ ප්‍රවුර්ති ටිකක් දාන්න දැන් වෙලාව හරි.....එවිට ඔහු ප්‍රවුර්ති තිබෙන චැනලයකට හරවා ආපසුගියේය....මල්ලි හොදයි වගේ තාත්ත කිව්ව ගමන් ඒ වැඩේ කලා....මා කල්පනාකලෙමි....ඔහු මාව තුරුලුකරගෙනම ප්රවුර්ති නරබන්ට විය.....අනේ මන්ද මරාගන්න ඒවයි මැරෙන ඒවයි ඇරෙන්න වෙන මොකුත් නෑනෙ....ඔහු ප්‍රවුර්තිවලට බනින්ටවිය.....මෙච්චර අක්සිඩන්ට් දානව පුතාගෙ අස්සිඩන්ට් එක දැම්මෙ නෑනෙ.....අම්මා කියනවිට.....මාද්ය කාරයන්ට ආරන්චිය ගිහින් නැතුව ඇති.....තාත්තා සිනාසෙමින් කීවේය.....ඔවුන් මොනවා කතා කලත් මා දේශානී ලෙස මොනවා කතාකරන්නදැයි හිතාගැමට නොහැකිවූ නිසා නිස්සබ්දව සිටියෙමි.....වෙනදට අපිත් එක්ක කියවන පුතා අද හරිම සයිලන්ස්.....පුතාට අමාරුනම් යමු මාත් එක්ක නිදාගන්න.....පුටුවෙන් නැගිට පැවසූ අම්මා මගේ අතින් අල්ලාගෙන කාමරයට ගියාය.......අද ඉදන් මාත් පුතා එක්ක නිදාගන්නෙ....තාත්ත කිව්ව පුතාව තනිකරන්න එපා කියල....පවසමින් ඇද සකස්කරන්ටවූවාය....තවමත් නිදිමත නොතිබුනත් ඇදේ දිගාවුනෙමි.....ඔහොම්මම නිදාගන්නද හදන්නෙ ඇදුම් මාරුකරගන්නෙ නැද්ද.....මා ඇදගෙන සිටි සාය බ්ලවුසය දෙස බලා පැවසුවාය.....ගැහැනු අය රෑට නියිට් ගවුන් අදින බව දන්නා මා නැවත නැගිට ගවුමක් සොයන්ට විය....ඇයි පුතේ ඔතැන එකක් තියෙන්නෙ ඒක ඇදගන්නකෝ.....ඇය කිව්වත් එය සොයාගැනීමට නොහැකිවූ බැවින් මා අසලට පැමිනි ඇය....ලස්සන දුහුල් ගවුමක් අතට ගෙන මේක දැක්කෙ නැද්ද ඇසුවාය.....මේක නයිට් ගවුමක්ද මම හිතුවෙ හොද ගවුමක් කියලනෙ.....සිතමින් එම ගවුම අතටගෙන.....ඇද සිටි සාය සහ බ්ල්වුසය ගලවන විට.....මෙච්චර වෙලා බ්රාඑකත් ඇදගෙනද හිටියෙ....ඇසුවාය....අම්ම මොනව කියනවද මන්ද කෙල්ලන්ගෙ ඇදුම් ගැන මම කොහොමද දන්නෙ.....සිතූ මා....බ්රා එක ඉවත්කර.....ගවුම ඇදගත්තෙමි.....එය මසා තිබුනු දුහුල් රෙද්ද නිසා තවත් සනීප දැනෙන්ට විය......ගැහැනු ජීවිතේට හුරුවෙන්න පුලුවන්වුනොත් මේ ජීවිතේ හරිම ශෝක් වගේ......මා ගවුම ආශාවෙන් අතගාමින් සිතුවෙමි. යට ඇදුම්ද ඉවත්කල මා නැවත ඇඳේ ඇලවී ඉස්සර මෙන් කකුල් දෙක උඩට නවාගත්තෙමි....ඔහොමද ගෑනු ලමයි නිදාගන්නෙ....දාන්න කකුල් දෙක පහලට.....මා කකුල් පහලට දැමූවිට....ඔහොම උඩුබැලිඅතට නිදාගන්නෙ නෑ.....දැන් මෙයාට මැනසුත් අමතක වෙලාවගේ.....ඒවත් උගන්වන්න වෙලා.....පැවසූ ඇය මා අසලින් ඇලවුනාය.
මාව තුරුලුකරගත් ඇය...අනේ පුතේ මම ටිකක් සැරෙන් කතාකලාට ගනන්ගන්න එපා.....පුතාට දැන් ඔක්කොම අමතක වෙලානෙ තියෙන්නෙ.....ටික දවසක් යනකොට ඔය ගතිය අඩුවෙයි.....පැවසූ ඇය....මගේ මුහුන සිපගන්ට වූවාය.....මගේ අම්මා නැතිවුනාට පසු අම්මා කෙනෙක්ට තුරුලුවූ පලමු දවස අදවිය......මගේ අම්මත් මාව මේවගේ තුරුලුකර ගත්තනෙ...මට මගේ අම්මා සිහිවිය...ඒ අම්මා අද නැතත් දැන් මගේ අම්ම වෙන්නෙ මෙයානෙ.....අද ඉදන් මට හම්බවෙන්නෙ මේ අම්මගේ උනුසුම තමා.....මා ඇයට තුරුලුවෙමින් සතුටින් කල්පනා කලෙමි.
අම්මෙ ඇයි අම්මෙ මට ඔයාල පුතා පුතා කියල කතාකරන්නෙ.....මම පුතෙක් නෙවෙයි දුවෙක්නෙ.....මගේ හිතේ තිබුනු ගැටලුව කීවෙමි......අදක ඊයෙක ඉදන් නෙවෙයිනෙ පුතේ එහෙම කතාකරන්නෙ....ඇයි පුතා එහෙම කතාකරනවට කැමති නැද්ද....ඇසුවාය.....ගැහැනු ලමයෙකුට දුව කියල කතාකරනකොට පුතා කියනවට වඩා ලස්සනයිනෙ අම්මෙ.....මා කීවෙමි....එහෙනම් අපි ඔයාට දුව කියල කතාකරන්නම්.....අම්මා පොරොන්දුවූවාය.
ඇයි අම්මෙ මල්ලි මාත් එක්ක කතාකරන්නෙ නැත්තෙ......අනිත් ගැටලුවද විසදාගැනීම සඳහා ඇසුවෙමි.....ඔයත් එක්ක කතාකරන්න පුලුවන්යෑ ඒ ළමයට හැමතිස්සෙම බනිනවනෙ. දන්නවනෙ මල්ලි වැඩිය කා එක්කවත් කහාකරන්නෙ නෑ කියල. එයා කාගෙන්වත් බැනුම් අහන්න කැමති ළමයෙක් නෙවෙයිනෙ ඒ හින්ද එයාට ඕනැ පාඩුවෙ ඉන්න......ඇය එසේ පැවසූ විට.....එහෙනම් දේශානි කියන්නෙ ටිකක් සැර පරුෂ කෙල්ලෙක් වෙන්න ඇති.....රූපෙ කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නෑ ඒවගෙ සැරනම්.....මා සිතන්ටවුනෙමි.....අනේ පවු මල්ලි...සිතූ මා...මීටපස්සෙ මම මල්ලිට එහෙම කරන්නෙ නෑ.....මල්ලිට කියන්න මාත් එක්ක කතාකරන්න කියල....මම ඇයට කීවෙමි.....ඒකනම් හොදයි....මම කියන්නම්.....අම්මා කීවාය.
No comments:
Post a Comment