පල්ලියට ලගාවෙනවිට සවස හය පමනවිය. පල්ලියට ගොස් ආගමික කටයුතුවල නිරත වනවිට එදා මා පිරිමි ලමයෙක් ලෙස සිදුකල ඒ කටයුතු අද ගැහැනු ලමයෙකු ලෙස සිදුකරමින් සිටිනවිට අම්මා සහ තාත්තා පුදුමයෙන් බලන ආකාරය දුටුවෙමි. එහෙත් ඔවුන් කිසිවක් පැවසුවේ නැත.....ඉන් අනතුරුව අපි පාදර් හමුවීම සඳහා ඔහුගේ නිවස වෙත ගියෙමි.....ආ මේ මිස්ට විජේසිරිවර්ධන නෙ එන්න ඇවිත් වාඩිවෙන්න.....පැවසුවේය.....පියතුමා අසුන්ගත් පසු අපි වාඩිවුනෙමු....කොහොමද පාදර්....අර දරුවට.....තාත්තා ....ඇසුවේය......ඒ දරුවගෙ ජීවිතේ ගැන විස්වාසයක් නෑ මිස්ට විජේසිරිවර්ධන.....දෙවියන් වහන්සේගේ පිහිටෙන් ජීවත්වෙන්න ඉඩ ලැබුනත්......අබ්බගාතයෙක් හැටියට තමා ඉන්නවෙන්නෙ.....එතුමා කනගාටුවෙන් කියන්ට විය.....ඒ මොකද පාදර් අබ්බගාතයෙක් වගේ කිව්වෙ....අම්මා ඇසුවාය.......ඒ දරුවගෙ කකුල් දෙකම කැඩිල මිසිස් විජේවර්ධන......පාද්ර් කීවිට.....ඒව අපිට හදන්න බැරිවෙයිද...පුලුවන්නම් මම ඕනැ තරමක් වියදම් කරන්නම්....තාත්තා පැවසූවිට.....ඔහු දෙස කනගාටුවෙන් බැලූ පූජක තුමා ......මිස්ට විජේසිරිවර්දනගෙ පරිත්යාගයට ස්තූතිකරනව ඒත් මේ දරුවට තාම සිහිය ඇවිත් නෑනෙ.....ඩොක්ටස්ලගෙ තීරනේනම් කපල ඉවත් කරන්න වෙනව කියල...එතුමා පැවසූවිට...කකුල් දෙකම.....අම්මා ඇසුවේය.....ඔව්.....ඒක තමා මම කිව්වෙ ජීවත්වුනත් කකුල් නැතුව තමා ඉන්නවෙන්නෙ කියල...... එතුමා පැවසුවේය......ඇතිවූ දුකත් බියත් නිසා මට කිසිවක් හිතාගැනීමට නොහැකිවූ අතර අම්මා සහ තාත්තා කිසිවක් නොකියා කනගාටුවෙන් බලාසිටිනබව දක්නට ලැබුනි....දැන් එයාට සිහිය ආවොත් මාව ආයෙත් එයා වෙයි....ඊටපස්සෙ මට කකුල් දෙක නැතුව තමයි ජීවත්වෙන්න වෙන්නෙ....මගේ අම්මයි තාත්තයි නැතිවුනාට පස්සෙ.....මගෙ අත්දෙක කැඩුනවගේ වුනා.....දැන් කකුල්දෙකත් නැතිවෙයිද මන්ද......සිතුනු මට මා නොදැනීම ඇස්වලින් කදුලු බේරෙනු දනුනු මා අතේ තිබුනු ලේන්සුවෙන් කදුලු පිසදාගත්තෙමි......ඔයාල කනගාටුවෙන්න එපා දෙවියන්වහන්සේගේ කැමැත්ත ඕකනම් අපි ඒකට මුහුනදෙමු.....පියතුමා පැවසුවේය.....ඒදරුව වෙනුවෙන් මම ඕනැ දෙයක් කරන්න ලෑස්තියි පාද්ර්.....තාත්තා කනගාටු ස්වරූපයෙන් කීවේය.......තැන්කිවු...මිස්ට විජේසිරිවර්දන....මට හිතාගන්න බැරි... ඒවගෙ ගුන යහපත් දරුවෙකුට දෙවියන් වහන්සේ මේවගෙ දඬුවමක් දුන්නෙ ඇයි කියල...පැවසූ ඔහු මෙගේ ගුන ගැන පවසන්ටවිය.....දෙවියන් වහන්සේ එයාට දඩුවම් දුන්නෙ නෑ පාදර් සමහර විට එයාට හොඳක්වෙයි..එහෙම නැතුව දඩුවම් කලොත් කකුල් නැතුව ජීවත්වෙන්න වෙයි......මේ ගුන කථනය කරන ඒ ප්‍රියන්ත මමයි කියල කියන්නෙ කොහොමද......කිව්වත් පිලිගනීද......කල්පනාකල මා....... මට පාදර්එක්ක පුද්ගලිකව කතාකරන්න පුලුවන්ද ඇසුවෙමි.....මේ දරුවත් හොස්පිටල් එකේ ඉදන් ආව වෙලාවෙ ඉදන් පාදර්ව හම්බවෙන්න ඕනැ.....කියනව......කී අම්මා......සිහිය ආවගමනුත් ඇහුවෙ පාදර් ඇවිත් ආශිර්වාද කලාද කියල.....වැඩිදුරටත් පැවසුවේය.
සිනාසී මාදෙස බැලූ පියතුමා......එහෙනම් අපි පල්ලිය ඇතුලට යමු.....මේ දරුවට මාත් එක්ක පුද්ගලිකව කියන්න දෙයක් ඇතිනෙ...... පැවසූ එතුමා.....අපි එනකන් ඔයාල ඔහොම ඉන්න පවසා මා සමඟ පල්ලිය ඇතුලට ගියේය.....පාපෝච්චාරනයක් කරන්නද....එතුමා ඇසුවේය.....එහෙම දෙයක් නෙවෙයි පාදර්..... මට පාදර් එක්ක කියන්න පුද්ගලික දෙයක් තියෙනව ....එහෙනම් මෙහාට ඇවිත් වාඩිවෙන්නකො කී එතුමා අපේ කතාව කිසිවෙකුට නොඇසෙන තැනකට ගොස් පැවසුවේය.....මා බන්කුවක වාඩිවූ අතර එතුමා එතන තිබුනු ආසනයක වාඩිවිය. එහෙනම් කියන්න ඕනැ කාරනය කියන්න බලන්න.....එතුමා මා දෙස බලා කීවේය .
No comments:
Post a Comment