දැන් කවද විතරද ඇන්ටි දේශානිව ඉස්කෝලෙ එවන්නෙ.....ඉශාරී අපි අසලට පැමිනි අම්මාගෙන් ඇසුවාය. ඉස්සෙල්ල ඩොක්ට කෙනෙක්ට පෙන්වන්න ඕනැනෙ. ඊටපස්සෙ තමා මොකක්ද කරන්න ඕනැ කියල තීරනය කරන්නෙ......අම්මා පැවසූ විට.....කවද්ද පෙන්වන්නෙ.....තරුශිකා ඇසුවාය.....මෙයාගෙ තාත්ත කිව්වෙ අද හවසම එක්ක යනව කියල ඩොක්ට එනව කියන්නෙ සවස හතටලුනෙ....ඒකටත් නවලෝකෙටෙ තමා යන්න වෙන්නෙ.....ඇය විස්තර කරනවිට අදසවස මාව වෛද්‍යය වරයෙකුට පෙන්වන බව දැනගත්තෙමි. ඉස්කෝලෙ යන්න කිව්වොත් දූලට පනිවිඩෙ කියන්නම්කො.....ඇය කීවිට....අපේ නොම්බර දේශානි ගාව තියෙනව.....කතාකරන්න.....ඉශාරි පැවසුවාය.....ඇක්සිඩන්ට් එක වෙලාවෙ මෙයාගෙ බෑග් එක එක්කෙනෙක් ඇහිදල දීල තිබුනනෙ. මගෙ හිතේ ඒ බෑග් එකේ පෝන් එක ඇති මට ඒක මෙයාට දෙන්න බැරිවුනානෙ....පැවසූ අම්මා බෑගය රැගෙන ඒම සඳහා යන අයුරු දුටුවෙමි....මේකෙ ඇති බලන්න ...අනතුර සිදුවූ අවස්ථාවේදී දේශානී පාවිච්චි කල බෑගය මට දී පැවසුවාය......මේකෙ ඇතුලෙ මොනව තියෙනවද දන්නෙ නෑ සිතමින් බෑගයට අතදමා සොයන විට පෝන් එකක් වැනි යමක් අතට අසුවූනිසා පිටතට ගත්තෙමි....හොදවෙලාවට එය මා සෙවූ ටෙලිපෝනය විය.....එය ඇපල් වර්ගයේ ඉතාමත් වටිනා එකක් බව දැකගැනීමට ලැබුනි.....මා එය අතට ගෙන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලත් පාස්වඩ් එකකින් අගුලුවැටී ඇතිබව පෙනෙන්ට තිබුනි.....ඇයි මොකද....මා එය ක්රියාත්මක කිරීමට උත්සාහකරනවිට මොකද පෝන් එක අවුල්වෙලාද ඉශාරි ඇසුවාය.....නෑ අනේ මේකෙ පාස්වාඩ් එක මතක නෑනෙ....මා කීවෙමි....හරි වැඩේ දැන් මොකද කරන්නෙ මනෝජි ඇසුවාය.....ඕක කවුරු හරි වැඩ්ඩෙකුට දීල ලොක් එක ඇරගම්මු.....කී ඉරේශා ඇගේ දුරකතන අන්කය කොලයක ලියා අම්මාට දුන්නාය....මේකට කතාකරන්නකො ඇන්ටි අනතුරුව කීවාය..
ටිකවෙලාවක් මා සමඟ කතාකරමින් සිටි ඔවුන් පිටත්විය. හවස පහවෙනකොට තාත්ත එනවයි කියල අපිට ලැස්තිවෙලා ඉන්න කිව්ව....දුවව ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්න....නවලෝකෙට යනව කිව්වෙ ටිකක් දුරයි....කී ඇය.....යනකොට ගවුමක් අදින්නෙ නැතුව සැහැල්ලු බ්ලවුස් එකකුයි සායකුයි ඇඳගන්න ....නැත්නම් ඩොක්ටට ඔයාව චෙක් කරන්න අමාරුවෙයි....කීවාය....දැන් වෙලාව තුනහමාර පමන වනනිසා නාන කාමරයට ගොස් ඇඟ සෝදාගත් මා අම්මා පැවසූ පරිදි දේශානි ගාව තිබුනු ඇදුම් වලින් සැහැල්ලු බ්ලවුසයක් සොයා ඇදගත්තෙමි.....සායක්ද ඇදගත් මා.....අම්මා අසලට ගොස් මෙහෙම හොදයිද ඇසුවෙමි. මගේ ඇදුම් දෙස තියුනු බැල්මක් හෙලූ ඇය.....අයියෝ මොනවද ඔය ඇඳලතියෙන්නෙ බ්ලවුස් එකට සාය ගැලපෙන්නෙ නෑනෙ ළමයෝ..කී ඇය..දැන් බලනකොට ඇදුම් මැච්කරන හැටිත් කියාදෙන්න වෙලානේ......සෙමින් පවසනු ඇසුනි.....මේ කෙල්ලො මොනවෙලාවට මොන ඇදුම් අදිනවද කියල කොල්ලෙක්වෙලා හිටිය මම කොහොමද ඕව ගැන දන්නෙ......අපිනම් අහුවිච්ච එක ඇදගත්ත.....මොකද කොල්ලන්ට මෙච්චර ඇදුම් තියනව කියලෑ.....සිතමින් අම්මා සමග මගේ කාමරයට ගියෙමි.....මෙන්න මේ සාය ඇදගන්න....ඇය මගේ බ්ලවුසයට ගැලපෙන සායක් සොයාදී පැවසුවාය.....ඇඳගෙන සිටි සාය ඉවත්කල මා එම සාය ඇදගෙන කැඩපත තුලින් බැලුවෙමි.....අම්මා කිව්ව එක හරි.... දැන්තමා ලස්සන.....සිතුනු මට.....දැන් ඉතින් ඇදුම් මැච්කරන හැටිත් ඉගෙනගන්න වෙනව.....කල්පනා කලෙමි.
මා එය ඇදගෙන සාලයට ගියවිට අම්මාද ලෑස්තිවෙනබව තේරුනි.....සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටි ඇය හිස පීරමින් සිටින අයුරු ඇගේ කාමරය අසලට යනවිට දැකගැනීමට ලැබුනි.....දුවගෙ කොන්ඩෙ පීරිල්ලනම් හරිනෑ පොඩ්ඩක් ඉන්නකො මම ලෑස්තිවෙනකන්.....මා දෙස බලා පැවසුවාය....අනේ මන්ද මේ කොන්ඩෙ කොහොම පීරනවද කියල....කොච්චර හොදට පීරගත්තත් අම්මට හරිනෑනෙ.....එයා පීරන විදිය ඉගෙනගන්න ටිකක් කල්යයි වගේ....මට සිතුනි.
අපි සූදානම්වී සිටිනවිට තාත්තා මල්ලී සමඟ ගෙදර පැමිනි අතර නැවත රෝහලකරා යෑමට සූදානම්විය.පහමාර වනවිට අපි පිටත්වූ අතර මල්ලීද අපිසමග පැමිනියේය. පැයක පමන කාලයකින් නවලෝකරෝහල කරා ලගාවීමට හැකිවිය. අපි යනවිට වෛද්‍යවරයා පැමින නොසිටිබැවින් ටිකවෙලාවක් සිටීමට සිදුවිය. ඔහු ස්නායු සම්බන්ද විසේසඤ වෛද්‍යවරයෙක් බව තේරුන් ගත්තෙමි. මාව මෙහාට එක්ක ඇවිත් තියෙන්නෙ මගේ මතකයට කුමක් වී ඇද්දැයි සොයා බැලීමට බව තේරුනි. එහෙත් දේශානිගේ පැරනි ජීවිතය ගැන නොදන්නවා වුවද මතකයේ ප්රස්නයක් නැතිබව දන්නේ මා පමනි.
No comments:
Post a Comment