අනතුරේ පෙරලිය 8...........සවස හතර පමණ වනවිට මා ඇඳුම් ඇදගැනීමට පටන්ගත්තේ මේ නොපුරුදු ඇදුම් ඇඳගැනීමට ප්‍රමාද වේයයි තිබුනු බිය නිසාය. රෝහලෙන් එනවිට ඇඳසිටි බෙරෙසියරයත් යටසායත් ඇඳගත්තේ සුලු වෙලාවක් ඇඳසිටි නිසා ඒවා කිලුටුවී නැති බැවිනි....ඉන් අනතුරුව මා තෝරාගත් ගවුම ඇඳගෙන කැඩපත අසලට ගොස් එය හරියට ඇඳගත්තා දැයි දැනගැනීම පිණිස පරීක්ෂා කලෙමි.....පෙනුමෙන්නම් හරි වගේ....ඒත් මේ කෙල්ලන්ගෙ ඇදුම් වල ඉස්සරහ පස්ස හොයන්නත් අමාරුනේ....කොල්ලන්ගෙ ඒවනම් කිසි ගැටලුවක් නෑ.....සිතමින් පරීක්ෂා කරනවිට මෙම ගවුමට දේශානී තවත් ලස්සන වී ඇති ආකාරය දක්නට ලැබුණි....දෙශානි කියන්නෙ කොච්චර ලස්සන කෙල්ලෙක් ද මම හිටියෙ නැත්නම් අද ඉතුරුවෙන්නෙ මේ කෙල්ලගෙ මලකඳ විතරයි.....ඒත් මේ කෙල්ල හින්ද ඉස්පිරිතාලෙ තියෙන මගේ ශරිරෙ කොයිවෙලාවෙ හරි මලකඳක් වෙයි...දුක් බරව කල්පනාකලත්..ඒත් මම මැරුනෙ නෑනෙ....සිතට සතුටක් ඇතිවිය.....දොස්තරලගෙ පිහිටෙන් ඉස්පිරිතාලෙ තියෙන මගේ ශරීරෙ හොඳවුනොත් මොකක් වෙයිද.....එකවරම ගැටලුවක් ඇතිවිය.....මට ආපහු ඒශරීරෙ හම්බවෙයිද....එක අතකට එහෙම උනොත් හොඳයි... එතකොට දේශානිට ආයෙත් මෙහෙ ජීවත්වෙන්න පුලුවන්වෙයි. මට ආයෙත් සුපුරුදු විදියට කොල්ලෙක්වෙලා පල්ලියට යන්න පුලුවන්.....මා සිතන්ට වුනෙමි.
දෙශානි හොඳට රූපලාවන්‍යය පාවිච්චි කර ඇතිබව කන්නාඩි මේසය මත තිබෙන උපකරනවලින් පෙනෙන්ට තිබුනි.....ඒත් මම මේව පාවිච්චි කරන්න දන්නෙ නෑනෙ.... ඒවා අල්ලමින් සිතූ මා එතැන තිබුනු පවුඩර් වලින් පවුඩර් ස්වල්පයක් අතට හලාගෙන මුහුන පුරා ගාගත්තෙමි. තොල්සායම් නිය ආලේපන කිහිපයක් තිබුනත් ඒවා ආලේප කිරීමට නොදන්නා නිසා නොගත්තෙමි.....මේ විදියට දිගටම ඉන්නවුනොත් මේව පාවිච්චි කරන හැටි ඉගෙනගන්න වෙයි.....ඒත් කොහොමද ඉගෙනගන්නෙ.....මෙයාල හිතාඉන්නෙ මම ඇත්තටම දෙශානි කියල....දේශානිට මේව තේරෙන්නෙ නෑ කිව්වොත් අවුලක් වෙයි...මට නොතේරෙන බව පැවසීමට බය හිතුනි.....මට හැකි ආකාරයට ඇගේ කෙටි කොන්ඩය පීරාගත් මා අම්මා අසලට ගියේ මගේ හැඩවීමේ අඩුපාඩුවක් පවසාවි යයි සැකයෙනි....ආ ඔයා මේ ඉක්මනටම ලෑස්තිත්වුනාද....මා දෙස බලා පැවසූ ඇය....අයියෝ පුතේ කොන්ඩෙ ඔහොමද පීරන්නෙ.....ඇය එසේ පවසන විට මගේ කොන්ඩය පීරාගැනීමේ අඩුපාඩුවක් ඇතිබව තේරුනු බැවින් හිස අතගාමින්.....අනේ මන්ද කෙල්ලො කොන්ඩ පීරන හැටි මම කොහොමද දන්නෙ....කල්පනා කලෙමි. සිනාසෙමින් මගේ කාමරට ගිය ඇය පනාව රැගෙන ඇවිත් කොන්ඩය පීරීමට පටන්ගත්තාය....මටත් දැන් ඉගෙනගන්න වෙනව අම්ම පීරන විදියට පීරල කොන්ඩෙ හදාගන්න.....සිතූ මා ඇය කොන්ඩය සකස්කල පසු කන්නාඩිය අසලට ගොස් එහි හැඩ බැලුවෙමි....කෙල්ලෙක් උනාම මොනතරන්නම් දේවල් තියෙනවද ඉගෙනගන්න.....මම ගතකල පිරිමි ජීවිතේට වඩා සම්පූරනයෙන්ම වෙනස් ජීවිතයක්නෙ......අනේ මන්ද මාව ආයෙත් හොදවෙලා ඒ ශරීරෙ හම්බවුනේ නැත්නම් මේව කොහොම ඉගෙනගන්නවද කියල....කොහොම ගැහැනු ජීවිතේට හුරුවෙනවද කියල.....මට සියුම් බියක් දැනුනි.
ලැස්තිවී අවසන් වූ මා සාලයේ සෙටියේ වාඩිවුනෙමි.....එය ඉදිරියේ විශාල ප්‍රමානයේ එල් ඊ ඩී රූපවාහනී යන්ත්‍රයක් දුටුවෙමි.....මම ටීවී බලල තිබුනට මෙච්චර විශාල එකකින් බලල නෑ....මේකෙන් බලනකොට ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලනව වගේ ඇති. මා එය දෙස බලමින් කල්පනා කලෙමි. ඒ අසල විශාල බෆල් දෙකක් තිබුනු අතර නවීන පන්නයේ ඩ් වී ඩී යන්ත්‍රයක්ද තිබුණි. මේකෙන් සින්දු අහනකොට සන්ගීත සංදර්ශනේකට ගියාවගේ ඇති....මා සින්දු සහ චිත්තරපටි බැලීමට බෙහෙවින් ඇලුම්කරන බැවින් කල්පනා කල මට දිගටම මේ විදියට ඉන්න පුලුවන් වුනොත්.මේ ටී වී එකෙන් ෆිල්ම් බලන්නයි... හොඳට සින්දු අහන්නයි පුලුවන්නම් මාව කෙල්ලෙක් වුනත් කමක් නෑ.....සිතට සතුටක් ඇතිවිය.....ඒත් මේව ඔපරේට් කරන තැන් කොහේද දන්නෙ නෑ...සිතූ මා ඒවා අසලට ගොස් ඒවායේ ස්විච් අමුනා ඇති ආකාරය පරීක්ෂා කලෙමි. ඉන්පසු ඒවායේ දුරස්ත පාලක කොහේදැයි සෙවුවෙමි. ඒවා සැටිය අසල ටීපෝව මත තිබෙන බව දුටු මට සතුටක් ඇතිවිය. එහෙත් ඒවා පනගැන්වීමට නොගියේ සමහර නිවෙස්වල මෙවැනි නවීන උපකරන තිබුනත් ඔවුන් ඒවා එතරම් පාවිච්චි නොකරන නිසාය.......මේ ගෙදර අයත් ඒවගේද දන්නෙ නෑ.....කල්පනා කල මා නැවත සැටියේ වාඩිවී දුරස්ත පාලක අතටගෙන ඒවා ක්‍රියාත්මකවන ස්විච් ගැන යම් අවභෝදයක් ලබාගන්ට වුනෙමි.
ඔක්කොම හරිද පුතේ...තව පොඩ්ඩකින් තාත්තයි මල්ලියි එයි....අම්මාගේ කටහඬ ඇසුනු බැවින් මා ඒදෙස බැලුවෙමි.බ්ල්වුසයකින් සහ සායකින් සැරසී සිටි ඇය.....මින් පෙර දුටුවාට වඩා ලස්සන වී ඇතිබව තේරුනි....මුහුන ලස්සනවී තොල් දෙකද පැහැපත් වී තිබුනු ආකාරයට ඇගේ මුහුනට මේකප් එකක් කරගෙන ඇතිබව දුටුවෙමි.....ඇයි පුතේ තොල්වලට මොකුත් ගාගත්තෙ නැද්ද.....ඇසුවාය...මම නොදන්න දේවල් කරන්න ගිහින් අනාගන්නෙ නැතුව මෙහෙම ඉන්න එක හොදයි.....සිතූ මම...ඕව ඕනෙ නෑ අම්මෙ... මෙහෙම හොදයි..... කීවෙමි....ගෙදරින් පිට කඩේට යනකොටත් ගාගෙන යන එකේ අද මොකද......ඇසූ ඇය.....අපි යන්නෙ පල්ල්ලියට පන්සලකට නෙවෙයි.....බවුද්දයොනම් පන්සල් යනකොට චාම්ව යන්නෙ.....කී ඇය මා දෙස බලා සුලුවේලවක් කල්පනා කර....එන්න පුතේ කියා මට කතාකලාය.....මා ඇය පසුපස ගියෙමි.....අපි ඇතුලුවුනේ මා සිටි කාමරයටය......මාව කන්නඩි මේසය අසලට කැඳවා තොල් දෙකෙහි තොල් සායම් ආලේප කරන්ට වූවාය. ඉන්පසු එතන මේකප් වලින් යම්යම් දේවල් රැගෙන මුහුනේ ගාන්ටවිය.....ඇහි බැම දෙකද සකස් කල ඇය.....දැන් හරි....තාත්තල මෙලහට එනව ඇති ඇගේ අතේ බැඳී ඔරලෝසුව දෙස බලා කියමින් කාමරයෙන් පිටවූවාය.
No comments:
Post a Comment