Friday, April 26, 2019

අනතුරේ  පෙරලිය 20...................මාද ඔහු පසුපස ගියෙමි.....ඔහු කෑම බෙදාගන්නා අතරතුර....අක්ක කෑවද...ඇසුවේය......ඔව් මල්ලි අම්මයි මායි කෑව.....මා පිලිතුරුදුන්නෙමි....අද කොහේවත් නොගිහින් කාමරේ සිටම කෑමකනු දුටුමට පුදුම හිතුනි.....ඇයි දන්නෙ නෑ අද මෙතැන ඉදන් කන්නෙ....මා කල්පනා කලෙමි.....මල්ලි කන්න ආසම මොනවද.....මා ඇසුවේ ඔහුත් සමග තවදුරටත් කතා කිරීමේ අරමුනෙනි......ඇයි අක්කෙ....ඔහු ඇසුවේය.....නිකන් දැනගන්න ඇහුවෙ..කී මම...මමනම් කැමති චිකන් ඉස්ටුවලට.....කීවෙමි.....ඒවුනාට අක්ක නිතරම ඉල්ලන්නෙ ඉස්සො ඩෙවිල්නෙ.....ඔහු එසේ පැවසූවිට දේශානිගේ ප්රියතම ආහාරය  ඉස්සො ඩෙවිල් බව මතක තබා ගත්තෙමි....ඇත්තද මට කිසි දෙයක් මතක නෑ මල්ලි.....මා කීවිට....ඒක හොදයි අපිට කරදරයක් නෑ.....ඔහු සෙමින් පවසනු මට යන්තමින් ඇසුනි....දේශානි මෙයාලට කරදරයක් වෙලාද දන්නෙ නෑ ඉඳලා තියෙන්නෙ....සිතූ මම.....ඉතින් මල්ලි කිව්වෙ නෑනෙ මල්ලිගෙ කෑම මොනවද කියල...මා මතක්කලෙමි....මට ඉතින් විශේෂයක් නෑනෙ අක්කෙ....ඔහු පැවසූ විට....පීස වලටනම් කැමතියි නේද....ඇසුවෙමි....එදා බඩගිනි හින්දනෙ ඉල්ලුවෙ....අක්කනෙ ඒව හැමතිස්සෙම ඉල්ලන්නෙ.....ඔහු කීවේය......මල්ලි මොකුත් ඉල්ලන්නෙ නැත්ද...මා ඇසුවෙමි..කාටවත් කරදර කරන්න ඕනැ නෑනෙ අක්කෙ දෙන දෙයක් කාල මගේ පාඩුවෙ මම ඉන්නව.....ඔහු එසේ කියනවිට මට ඔහු ගැන දුක හිතුනි......අම්මයි තාත්තයි දෙශානි ගැන හොයල බලනව මිසක් මේ මල්ලි ගැන හොයන්නෙ නැද්ද දන්නෙ නෑ....අනේ පවු...මට සිතුනි.
                  කෑම ගෙන අවසන් කල ඔහු සාලයට ගොස් සැටියේ වාඩිවී රූපවාහිනී යන්ත්‍රය ක්රියාත්මක කරන්ට විය....මල්ලි ඕකෙ සවුන්ඩ් සිස්ටම් එකට දාන්න බැරිද.....ඔහු අසලින් වාඩිවූ මා ඇසුවෙමි......පුලුවන් අක්කමනෙ කැමති නැත්තෙ.....දාපුගමන් මට බනිනව.....ඔහු අමනාපයෙන් මෙන් මාදෙස බලා පැවසුවේය..... අද දාන්නකො...මා කීවෙමි.....ඔන්න මට බනින්න එහෙම එපා....කී ඔහු එහි සවුන්ඩ් සිස්ටම් එක ක්රියාත්මක කලේය.....සබ්දෙ අඩුකරල හොඳ ඉංග්ලිශ් ෆිල්ම් එකක් දාන්න..මා කීවෙමි...හොද පයිට් තියෙන ඩී වී ඩී එකක් තියෙනව ඒක දාන්නද.....ඔහු ඇසුවේය....ඉතින් දාන්නකෝ..... මා කිවිට එතැන තිබුනු ලාච්චුවෙන් තැටි කිහිපයකින් එකක් දැමුවේය.....මේක හොදයිද....ඔහු ඇසුවේය....හොදයි සබ්දෙ තව පොඩ්ඩක් වැඩිකරන්න මා කීවෙමි.....දැන්නම් හෝල් එකක බලනව වගේ...මා එය නරඹන අතරතුර කල්පනා කලෙමි...මල්ලීද එය සතුටින් නරඹන අයුරු දුටුවෙමි......අක්කයි මල්ලියි ෆිල්ම් බලනව වගේ.....ඔන්න ඔහොම තමයි සහෝදරයො වුනාම ඉන්න ඕනැ.....කාමරයේ නිදා සිට අපි අසලට පැමිනි අම්මා කීවාය......අක්ක දැන් හරි වෙනස් නේද අම්මෙ.....මල්ලී කියනු ඇසුනි.
                   චිත්‍රපටය නරඹා අවසන්වූ පසු මල්ලී ඔහුගේ කාමරයට ගිය අතර....මා නා ගැනීම සඳහා නාන කාමරය තුලට ගියෙමි....එහෙත් මට තවමත් නෑමට හොදනැද්ද යන ගැටලුව ඇතිවිය.....මේ නිසා මා අම්මා හමුවීමට ගියෙමි.....ඩොක්ට කිව්වනෙ මොකුත් ලෙඩක් නෑ කියල ඒහින්ද නාන්න.....මේ දවස්ටිකේම නෑවෙත් නෑනෙ.....ඇය කීවාය.....නාන කාමරය තුලට ගිය මා සියලු ඇදුම් ගලවා නිරුවත්ව නෑමට පටන්ගත්තෙමි....කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො නානකොට කොච්චර ලස්සනද.....එහි තිබුනු කැඩපතින් මගේ රුව බලමින් කල්පනකරන්ට වුනෙමි......මටත් වාසනාව ලැබුනනෙ මේවගේ ලස්සන කෙල්ලෙක් වෙලා නාන ගමන් එයාගෙ ලස්සන රූපෙ දකින්න.....මගේ සිතට සතුටක් ඇතිවිය.....නාගත් මා ඇගසහ කොන්ඩය හොදින් පිසදමාගෙන....අලුත් ගවුමක් ඇදගත්තෙමි....දැන්නම් ඇඟට හරිම සනීපයි.....මම ප්රියන්ත කාලෙ මෙච්චර සනීපයක් තිබුනෙ නෑ....සිතමින් ....මල්ලීගේ කාමරය දෙසට ගියෙමි......ඔහුගේ කාමරයේ දොර වසා තිබුනු බැවින් මා කිහිපවරක් තට්ටු කරමින් කතාකලෙමි....එන්න අක්කෙ ඔහුගේ කටහඩ ඇසුනු නිසා මා ඇතුලට ගියෙමි.....ඔහු පාසැල් වැඩ කරනු දුටු මා ....මල්ලි වැඩ වගේ මම යන්නම් කියනවිට....හෙට පන්තියෙ වැඩ වගයක් තිබුන ඒක කලා.... අක්ක ඇදෙන් වාඩිවෙන්න...ඔහු පැවසුවේය....ඔහු අසලට ගිය මා ඔහුගේ මේසයේ තිබුනු පොත් කිහිපයක් පෙරලමින් බලන්ට වුනෙමි.....අක්කට ඉස්කෝලෙ පාඩනුත් මතක නැතුව ඇති නේද ...ඔහු වැඩකරන අතරතුර ඇසුවේය.....හැබැයි ඒවනම් මතකයි......අනිත් ඒව තමයි මතක නැත්තෙ.....මා කීවිට .....එහෙනම් මේ ගාන හදන්න බලන්න......ඔහුගේ පොතේ තිබුනු ගානක් පෙන්වන්ටවිය.....මා එය ඉක්මනින් හදන විට මාදෙස පුදුමයෙන් මෙන් බැලූ ඔහු.....පුදුමයිනෙ අක්කට මේව මතකයි අනිත් ඒව තමා මතක නැත්තෙ....පැවසුවේය......ඒක තමා මල්ලි මටත් පුදුම.....මා කීවෙමි....මට මල්ලිගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ආවෙ....මල්ලි ඔය වැඩටික ඉවර කරන්නකො.....මා කීවෙමි......ප්රශ්නයක් නෑ අහන්න අක්කෙ.....ඔහු කීවේය....මල්ලිගෙ වැඩවලට භාධාවක්නෙ මල්ලි....මා කීවිට .....ගැටලුවක් නෑ මේ වැඩේ හරි ලේසිඑකක්...ඔහු කීවේය.

අනතුරේ  පෙරලිය 19...................දේශානිගේ එතරම් විස්තරයක් සොයා ගැනීමට නොඇකිවීම ගැන කල්පනා කරමින් එදා අනතුර දා ඇය රැගෙනගොස් තිබුනු අත්බෑගය පරික්ශාකරන්ට වුනෙමි.ඇය පාවිච්චිකල ලේන්සුව පනාව කුඩා කන්නාඩියක් කොන්ඩයට ගසන කටු කිහිපයක් සමග චාජරයද හමුවිය.   චාජරේ හම්බවුන එකනම් ලොකු දෙයක්....එය අතටගෙන කල්පනාකලෙමි. එය තුල තවත් රහස් පොකැට් තිබුනු බැවින් ඒවාද විවුර්ත කර බැලුවෙමි. සල්ලි දමන පර්ස් එකක් තිබී එලියට ගෙන ඇතුලත බැලුවෙමි....ඇගේ හැදුනුම්පත සහ මුදල් වගයක්ද තිබුනි....මුදල් ටික එලියට ගත්මා....ගනන්කර බැලුවෙමි. එහි රුපියල් පන්දහසකට වැඩිමුදලක් තිබුණි....එදා මෙයා මේ සල්ලිත් අරගෙන මොනව හරි ගන්න යන්න ඇත්තෙ....කල්පනා කරමින් තවත් බලනවිට දුරකතන අංක ලියනලද කොල කිහිපයක්ද තිබුනි....මේව තිබුන කියල මම මෙයාල අදුනන්නෙ නෑනෙ....කල්පනා කරමින්....ආපසු දැමුවෙමි.තවත් පරීක්ෂා කිරීමට තිබුනේ ඇගේ ලියන මේසයේ තිබුනු ලාච්චු පරීක්ශා කරබැලීමය.....ඒවායේ යතුරු යතුරු කටේම තිබුනු බැවින් විවුර්ත කිරීමේ ගැටලුවක් නොමැතිවිය. ඒවායේ සමරු සටහන් පොත් කිහිපයක් තිබෙනු දක්නට ලැබුනි...මෙයා දිනපොතක් පාවිච්චි කලේ නැද්ද දන්නෙ නෑ.....සමහරු දිනපොත්වල සටහන් ලියනව....කල්පනා කල මා ඒවාද සෙවුවෙමි....එහෙත් එවැන්නක් හමුනොවුනි.....ලාච්චුව තුල පයිල් එකක් තිබී හමුවුන අතර එය පිටතට ගෙන බලුවෙමි....එය තුල තිබී මට අවශ්‍යයම දෙයක් හමුවිය. එය ඇයගේ උපැන්න සහතිකයේ පිටපතකි....මා එය කියවන්ට වුනෙමි....නම ක්ලිපට් විජේසිරිවර්ධනගේ උදේසිකා දේශානී  .....තාත්තා....ක්ලිපට් විජේසිරිවර්දනගේ රොම්ලස්.....අම්මගෙ නම  ජෙස්මී මාගරට් පෙරේරා......අම්මො..... යන්තම් ඇති අම්මයි තාත්තගෙයි නම්දෙකයි දේශානිගේ උපන්දිනෙයි දැනගන්න පුලුවන්වුනා.....සිතට සහනයක් ඇතිවිය......එහි තවත් දේවල් තිබුනු නිසා ඒවාද බැලුවෙමි.....දේශානි බස්කට් බෝල් ටීම් එකෙත් ඉන්නව....එහි සහතිකයක් දුටුමට තේරුනි.....අවුලක් නෑ මටත් පුලුවන්නෙ....මා කල්පනාකල්මි. මේ අතර සාමාන්ය පෙල විභාගයේ සහතිකයද හමුවිය.....වැඩ පහකටම ඒ නෙ.....මට වැඩ හයකට ඒ තිබුන මෙයත් මම තරමට බ්රයිට් කේස් එකක්වගේ.....සිතුනි.
                  තරමකට හෝ විස්තර හොයාගත් මා ඒවා තිබුනු ස්තානවලම තබා කැඩපත අසලට වී දේශානිගේ හැඩ බලන්ට වුනෙමි. කන්නඩි මේසය අසලතිබුනු පුටුවෙන් වාඩිවූ මා....ඇයගේ මුහුන දෙස බලා සිටියෙමි....ඇයගේ රූමත් මුහුන දකින විට ඇස්දෙක ඉවතට ගැනීමට නොසිතුනු මා මුහුන අතගාමින් ඒ දෙස ආශාවෙන් බලා සිටියෙමි. මම ප්‍රියන්ත කාලෙ මේවගේ ලඟටවෙලා කෙල්ලෙක් දිහා බලා හිටියනම් මොන මොන ඒව හිතට එයිද.....මගේ ලැප් එකෙන් ලස්සන කෙල්ලන්ගෙ වීඩියෝ බලන කොට මොනතරම් දේවල් හිතුනද.....එවැනි අවස්තාවල මගේ පුරුෂ ලිංගය රිජුවෙන ආකාරයත් කවුරුවත් නොමැති අවස්තාවල එය අතගාමින් සතුටු වූ ආකාරයත් සිහිවූ මාගේ දකුනු අත නොදැනුවත්වම කකුල් දෙක අතරට ගිය බව දැනුනි. එහෙත් අද මට රිජුවීමට පුරුෂ ලින්ගයක් නොමැති බව සිහිවූවේ එම හිස් පෙදෙස අතගාන විටදීය.....කෙල්ලෙක් උනාම ඒවගෙ සතුටක්නම් ගන්න බැරුව ඇති.....එක අතකට ඒකත් හොදයි....ඔය අනම් මනම් විකාර හිතන කොට නිතරම රිජුවෙන එකත් කරදරයක් නේ.....දැන් ඉතින් ඒ කරදරේ නෑ.....සතුටින් කල්පනා කලෙමි. ටික වෙලාවක් හැඩබලමින් සිටි මා නැවත සාලය දෙසට ගියෙමි. අම්මා පත්තරයක් බලමින් සිටිනු දක්නට ලැබුනි.....දුවේ තරුනි පත්තරේ ඇවිත් තියෙනව බලන්න....ඇය පුවත්පත මා දෙසට දිගුකර කීවාය.....දේශානි තරුනි බලනව ඇති.....දැන් මටත් මේවගේ කාන්තා පත්තර බලන්න වෙනව.....කල්පනා කල මා එය අතට ගෙන සැටියේ වාඩිවුනෙමි.එහි මුල් පිටුවේ තිබුනු රූමත් තැරුණියගේ රුවදෙස බලා දැන් මාත් මේවගෙ ලස්සන කෙල්ලෙක්නෙ....සතුටින් සිතුවෙමි. පත්තරය පෙරලා බලනවිට එහිතුල තිබුනු මැහුම් පාඩම් කැම සදන ආකාරය සහ රූපලාවන්‍ය ගැන ලිපි තිබුනු අතර දැන් මටත් ඉගෙනගන්න වෙන්නෙ මේව තමයි....කල්පනාකරන්ට වුනෙමි.මේ අතර කාන්තාවන්ට ආවානික ලෙඩරෝග ගැනද ලිපියක් තිබුනු අතර මා එම ලිපිය උනන්දුවෙන් කියෙවුවේ මාත් දැන් කාන්තාවක් වී ඇති නිසාය. ටිකවෙලාවක් පත්තරය බලා රූපවාහිණිය ක්රියාත්මක කර චිත්‍රපට සොයන්ටවුනෙමි.....සියලුම චැනල් වැඩකරමින් තිබුනු නිසා ටිකක් වෙලා සොයන්ට වුනෙමි. අන්තිමේදී එකක් සොයාගත් මා එය නරබන්ට වුනෙමි.....මේකෙ සවුන්ඩ් එක සවුන්ඩ් සිස්ටම් එකට දෙන්න තිබුනනම්....ෆිල්ම් හෝල් එකක වගේ බලන්න තිබුන....ඒත් ඒකට මෙයාල කැමතිද දන්නෙ නෑනෙ....සැකයක් ඇතිවිය.
                     සවස දෙක හමාර පමන වනවිට මල්ලි පාසැල් ගිය වාහනය පැමිනෙනු දුටුවෙමි....අද මල්ලිට පන්ති නැතුව ඇති...ඒකයි ඉක්මනට එන්නෙ.... සිතූ මම ඔහු හමුවීමට ඉදිරියට ගියෙමි.....මා දෙස බලා සිනාවක් පලකල ඔහු උඩතට්ටුවේ ඔහුගේ කාමරයට යන්ටවිය.....ඇති යන්තම්....අද මා දිහා බලල හිනාවුනා....ඇදුන් මාරුකරගත් ඔහු ආපසු සාලයට පැමිනි පසු.....අද පන්ති නැද්ද මල්ලි....ඇසුවෙමි.....අද පන්ති නෑනෙ අක්කෙ....හෙට උදේ තියන්නෙ....හෙට?...මා ප්‍රශ්නාර්තව ඇසුවෙමි.....හෙට සැටඩේනෙ අක්කෙ.....ඔහු පැවසුවේය.....අක්කට මතක නෑනෙ පොඩි පුතේ ඔයා මතක් කරල දෙන්න.....අම්මා කියනවිට.....එයට සිනාසුනු ඔහු කෑම කාමරය දෙසට ගියේය......
අනතුරේ  පෙරලිය 18..........අපි තාත්තා සමඟ උදෑසන ආහාර ගැනීමෙන් අනතුරුව ඔහු වැඩට ගියපසු මා ඊයේ මෙන් චිත්‍රපටියක් බැලීම සඳහා වාඩිවුනෙමි.....ටිකවෙලාවක් චැනල් මාරුකරමින් නැරබුවත් හිතට හරියන එකක් නොලැබුනු බැවින් කාමරයට ගියෙමි. තවදුරටත් දෙශානීගෙ තොරතුරු සොයාගැනීම සඳහා පරීක්ෂා කරනවිට ඇයගේ ලැප් ටොප් පරිගනකය දුටුවෙමි....මේකෙ මොනව තියෙනවද දන්නෙ නෑ....සිතුනු මා එය ක්රියාත්මක කලෙමි.....මේකෙත් පාස්වර්ඩ් තියෙනවද දන්නෙ නෑ....සිතූ මම ඒ දෙස බලා සිටියෙමි.....යන්තම් ඇති ඒකනම් වැඩකරනව වගේ.....එය බූට් වෙන ආකාරය බලා සිටියෙමි....අවසානයේදී ඇය එහි ගබඩා කරගෙන තිබුනු චායා රූප නරබන්ටවුනෙමි.....අම්මයි තාත්තයි මල්ලියි ඇරුනම අනිත් කවුරුවත් අදුනන්නෙ නෑ.....දේශානි සමග සිටි අය දෙස බලමින් කල්පනා කලෙමි......මෙයා පිටරටත් ගිහින් තියෙනව වගේ.....කොහේ ඉදන් ගත්ත ඒවද මන්ද හරිම ලස්සනයි.....සිතූ මට....ඇයගේ පුන්චි අම්මා ලන්ඩන් වල පදින්චිවී ඇතිබව මතක් විය. මෙයාල ස්විඩන් වලටත් යනව ඇති......මට කල්පනාවිය....දේශානිට පේස් බුක් එකකුත් ඇති සිතමින් එය නැරබුවෙමි. එහෙත් එයට ඇතුලුවන මුරපද නොදන්නා මට එයට ඇතුලුවීමට නොහැකිවිය. මේක දැනගන්නෙ කොහොමද...... කල්පනා කලෙමි.....සමහරවිට මෙයාගෙ හොදම යාලුව කිව්ව ඉෂානී දන්නව ඇති...එයා දැන්නම් ඉස්කෝලෙ ගිහින් ඇති....හවසටවත් කෝල් එකක් දාල අහන්න ඕනැ....දේශානිගෙ පෝන් එකෙනුත් ගොඩක් දෙවල් දැනගන්න පුලුවන් ඒත් ඒකත් ලොක්කරලනෙ.....ලොක් අරින්න පුලුවන් අය ඉන්නව ඒ කාටහරි දුන්නොත් හරි.....මා කල්පනාකලෙමි......ඇගේ පරිගනකයේ තිබුනු පයිල් කිහිපයක් ඇර බැලුවෙමි....ඒවායේ විශය කරුනු මෙන්ම වෙනත් දෙවල්ද තිබුණි. මගේ ලැප් ටොප් එක හොදවෙලාවට ලොක් කරල තියෙන්නෙ. දැන් මම නැති හින්ද ඒකෙ තියෙන සමහර ඒව කවුරුහරි දැක්කොත් මම ඉවරයි. ඒත් ඉශානිගෙ එකේ ඒවගෙ දේවල් නෑ වගේ.....මට සිතුනි.....කෙල්ලන්ට ඉතින් කොල්ලන්ට වගේ එච්චර අසහනයක් නෑනෙ.....සිතුනු මට...දැන් මාත් කෙල්ලෙක් වෙලා හින්ද කෙල්ලන්ගෙ ලස්සනයි නිරුවතයි බලන්න ඕනැ නෑ වගේ....ඒව බැලුව කියල ඉස්සර වගේ කිසිම හැගීමක් එන්නෙත් නෑ.....මට සිතුනි.
                            ඇයගේ පොත්පත් ඇද බලමින් තව තවත් ඇගේ විස්තර සෙවීමට උත්සාහ ගත්තෙමි....මෙයාට බොයි ෆ්රෙන්ඩ් කෙනෙක් නෑ වගේ හිටියනම් මොනව හරි හෝඩුවාවක් හම්බවෙනව......මටත් ඉතින් ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියෙ නෑනෙ....හිටියෙ නැති එක හොදයි හිටියනම් එයා මට වුන දේට ගොඩක් දුක් වෙයි....දැන් මාවත් කෙල්ලෙක්වුන හින්ද මටත් එයාව ආස්සරේ කරන්න බැරිවෙන හින්ද මටත් දුක හිතෙයි.
                              මොනවද දුවේ හොයන්නෙ......අම්මාගේ කටහඩ ඇසුනු බැවින් මා ඒ දෙස බැලුවෙමි.....මොකුත් නෑ අම්මෙ උගන්නපු දේවල් මතක තියෙනවද කියල බැලුවෙ....මා පැවසූවිට......මොකද ඒවත් මතක නැද්ද .....ඇසුවාය......ඒවනම් මතකයි වගේ අම්මෙ.....මාත් ඉගෙන ගත්තේ මේ විෂයයන්  බැවින් කීවෙමි.....ඒක ලොකු දෙයක්....නැත්නම් ඒවත් අලුතින් ඉගෙනගන්න වෙනව.....අම්මා සතුටින් කියනු ඇසුනි......ඉගෙනගත්ත ඒව හොදට මතක තියෙනවනම්...ඔයාගෙ අතීත විස්තර මතක නැතිවුනත් කමක් නෑ.....අම්මා තවදුරටත් පැවසුවාය....ඇයි අම්මෙ මගේ අතීතය එච්චර හොද නැද්ද.....දේශානිගේ අතීතය කොයි වගේ කෙනෙක්දැයි දැනගැනීම සදහා ඇසුවෙමි. ටිකක් කල්පනාකල ඇය.....දැන් ඔයාට ඒව අමතක වෙලානෙ තියෙන්නෙ දුවේ....දැන් ඔයා හොඳ ලමයෙක් විදියට ඉන්න....අපි ඔයාගෙ අමතක වෙලාතියෙන දේවල් කියාදෙන්නම්කෝ.....ඇය කීවාය......අම්මයි මල්ලිගෙයි හැසිරීමෙ හැටියට දේශානිගෙ අතීතය එච්චර හොද නෑ වගේ....මල්ලිත් කිව්වනෙ අක්ක එයාට නිතරම බනිනව කියල....මොකද දන්නෙ නෑ බනින්නෙ.....මල්ලි හරිම අහින්සකයි ඒවගෙම වැඩිය කතාකරන්නෙත් නෑ නිහඬ චරිතයක්......මා කල්පනා කලෙමි.
                  ඔයාගෙ පෝන් එක හදාගත්තද දුවේ.....දේශානිගේ පෝන් එක මේසය මත තිබෙනු දුටු අම්මා ඇසුවාය.....මේකෙ චාජ් එකත් බැහැල වගේ අම්මෙ චාජර් එකත් හොයාගන්න ඕනැ......ඒකත් මතක නැද්ද.....ඇසුවාය......චාජ් කලත් වැඩක් නෑනෙ ලොක් එක ඇරගන්න හැටි මතක නෑනෙ.....මා කීවිට.....ඕක කොහේවත් ලියාගෙනත් නැද්ද....ඇසුවාය....දන්නෙ නෑ අම්මෙ.....මා කීවෙමි.  .....අනේ මන්ද අමතක වෙන ඒව ලියල තියාගන්න ඕනැනෙ......අම්මා දොස් කියන විලාසයෙන් පැවසුවාය.
                           අනේ මන්ද මට මේ විදියට දිගටම දේශානි වෙලා ඉන්න වුනොත් මොනමොන පැටලිලිවලට අහුවෙයිද කියල.....එක අතකින් බලනකොට....ඒ ප්රියන්තගෙ ජීවිතයට වඩා මාව මේවිදියට කෙල්ලෙක් උනත් මේ දේශානිගේ ජීවිතේ හොදයි වගේ...මේ පැටලිලි ටික ටිකෙන් ටික ලිහාගත්තම හොදට සැපවිදගෙන හරිම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්...මට සිතුනි.....මෙච්චර කල් කාත් කවුරුවත් නැතුව හිටිය මට දැන් අම්මෙක් තාත්තෙක් නෑදෑයො කට්ටියක් ඉන්නව......සතුටින් කල්පනා කලත් මගේ ශ්රීරය සනීපවුනොත් ආපහු යන්න වේවි යන සිතුවිල්ල නිසා දුකක් දැනුනි.                    

අනතුරේ  පෙරලිය 17.......... අපි නිවසට පැමිණෙනවිට රාත්‍රී දහය පමනවිය. ඇඳගෙන සිටි ඇදුම් ඉවත්කල මා ඊයේ අම්මා තෝරාදුන් නයිට් ගවුම ඇඳගෙන ඇදේ ඇලවුනෙමි.....ඇදුම් මාරුකරගෙන සිටි අම්මා මගේ කාමරය තුලට පැමින....මා දෙසබලා....අදත් කකුල්දෙක උඩ තියාගෙන....දාගන්නව පල්ලෙහාට....කී ඇය ඇදේ වාඩිවුනාය.....ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ....මම පිරිමියෙක් විදියට පුරුදුවුන විදිය තමා මේ...දැන් ඉතින් මේ විදිය වෙනස්කරගන්න වෙනව....සිතූ මම....සොරි අම්මෙ කියමින් කකුල් පහත්කරමින් පැත්තකට ඇලවුනේ උඩු බැලි අතට නිදාගැනීමද ගැහැනු ලමයෙකුට නුසුදුසු බව ඊයේ රාත්‍රියේ පැවසූ නිසාය.
                දුවට දැන් ලෙඩක් නැතිහින්ද ඉක්මනට ඉස්කෝලෙ යන්න පුලුවන්වෙයි. ඒත් ඔයාට කිසිදෙයක් මතක නැති හින්ද තමයි ගැටලුව.....කී අම්මා ඔයා ගිය ඉස්කෝලෙ මොකක්ද කියලවත් මතකද.... ඇසුවාය......මාරිස්ටලා ගර්ල් ඉස්කූල් නෙ.....මා කීවිට.....යන්තම් ඒක හරි මතක තියෙනව....සතුටින් කී ඇය....මොන පන්තියද......දොලහ වසරෙ බයෝ කරන්නෙ....විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙ.....දේශානිගේ එම විස්තර දැනගෙන සිටි මා මට මතක තියෙනවාක් මෙන් කියාගෙන ගියෙමි.....ඇති යන්තම් ඔයටිකවත් මතක තියෙනව....පැවසූ ඇය මගෙ දුවට ටිකෙන් ටික මතක්වෙයි...... මගේ හිස අතගාමින් කීවාය. ඇය තව දුරටත් ප්රස්න නොකිරීම වාසනාවක් විය.....අද නිදාගෙන ඉදල හෙට උදේ ඇහැරෙනකොට මම මෙහෙ නොවෙන්නත් පුලුවන්...එහෙම උනොත් මම ඉන්නෙ රෝහලේ ඇද උඩ කකුල් දෙකත් නැතුව.....මා බියෙනුත් කනගාටුවෙනුත් කල්පනා කලෙමි.
                      පසුදින පාන්දර අවදිවනවිට මා වටපිට බැලුවේ අද ඉන්නේ රෝහලේ ඇඳ මතදැයි සැකයෙනි. එහෙත් මා තවමත් ඉන්නේ මේ නිවස තුල දේශානි විදියට බව දුටුවිට සතුටක් ඇතිවිය......මාව ගියෙ නැත්තෙ එයාට තාම හරියට සිහිය ඇවිත් නැති හින්ද වෙන්න ඇති....කල්පනා කරමින්.....නාන කාමරය තුලට ගියෙමි.
                  මුහුන සෝදාගෙන එනවිට.... අදත් ගෙදර ඉන්න දුවේ....දැන් ඉතින් ලබන සතියෙ ඉඳන්ම ඉස්කෝලෙ යන්න.....අම්මා පැවසුවාය.....කිසිවක් නොකී මා අද ඇඳගැනීමට සුදුසු ඇදුමක් සොයන්ටවූවෙමි......ගවුමක් ඇඳගත්තොත් සාය බ්ලවුස් එක මැච්කරන්න ඕනැ නෑ.... සිතූ මා ගවුමක් ගෙන ඇදගත්තෙමි......දැන් මට බ්‍රෙසියරය ඇඳ පුරුදු බැවින් එය ඇඳගනීමේදී ඊයේමෙන් ගැටලුවක් ඇති නොවුනි......මගේ නාන කාමරයට ගිය අම්මා ටික වෙලාවකින් කාමරයෙන් පිටවුනාය. ගවුමෙන් සැරසුනු මා හැකි පමනින් කොන්ඩයද පීරාගෙන සාලය දෙසට ගියෙමි....එහි යනවිට ඊයේ මෙන් තේ ගෙනවිත් තිබුනු නිසා මගේ තේ එක පිලියෙල කරගෙන මල්ලිටද තේ එකක් හදාගෙන ඔහුගේ කාමරය තුලට ගියෙමි.....ඒ වනවිට ඔහුද අවදිවී සිටිබව දුටුවෙමි......ගුඩ් මෝනින් මල්ලී.....කී මා ඔහුට තේ එක දුන්නෙමි.....ගුඩ් මෝනින්.... කිව්ව මල්ලී අක්ක අදත් ඉස්කෝලෙ යන්නෙ නැද්ද..... ඇසුවේය.....මා සමග කතා නොකර සිටි මල්ලී අද මෙසේ කතා කිරීම ගැන සතුටක් ඇතිවිය....අම්ම කිව්වනෙ..ලබන සතියෙ ඉදම්ම යන්න කියල.....මා කීවිට....ඩොක්ට කිව්ව නේද අක්කට ලෙඩක් නෑ කියල.....ඒත් කිසිදෙයක් මතක නැනෙ....ඉතින් කොහොමද ඉස්කෝලෙ යන්නෙ....මල්ලී ඇසුවේය.....ඒක තමා මල්ලි....මා කනගාටුවෙන් යුතුව කියනවිට.....අක්ක බයවෙන්න එපා අක්කට ඉක්මනට මතක්වෙයි....තේ බොනගමන්කී ඔහු.....අක්කට හැම දෙයක්ම මතක් වෙනකොට මට තමයි ප්රස්නෙ.....දුකෙන් මෙන් සෙමින් කියන්ට විය....ඒ මොකද...මා ඇසුවෙමි.....අක්ක මට නිතරම බනිනව.....අහක බලාගෙන පැවසුවේය....ඔහු එසේ පැවසූ විලාසයට දුක හිතුනු මා....ඔහු අසලට ගොස් ඔහුගේ හිස අතගාමින්....මීට පස්සෙ මම එහෙම කරන්නෙ නෑ මල්ලි.... කීවෙමි.....ඔහුගේ මුවෙන් සිහින් සිනාවක් පලවූ ආකරය දුටුවෙමි.
                                 ඔහු ඇඳගන්නා අතරතුර මා සාලයට ගියෙමි. තාත්තා ඊයේ මෙන් තේ පානයකරන අතර තුර පත්තර පුවත් බලනු දුටුවෙමි.....මා ඔහු අසලට ගියවිට ඔහු අසල වාඩිවෙනලෙස පවසා මාව තුරුලුකරගන්ට විය....ඩොක්ට කිව්වනෙ දුවට කිසි අමාරුවක් නෑ කියල....තව ටික දවසකින් ඉස්කෝලෙ යන්න පුලුවන් වෙයි.....ඔහු පැවසුවේය.....මෙයාල කියනව වගේ මට ඉස්කෝලෙ යන්න වෙයිද....කකුල් නැතුව ඉන්න වෙයිද....ඒත් කමක් නෑ ...මට හිතෙන්නෙ එතකොට මෙයාලගෙ නියම දුව දේශානි මෙයාලගාවට එයි....ඊට පස්සෙ මෙයාලට කිසිම ගැටලුවක් වෙන එකක් නෑ....මා කල්පනා කරන්ට වුනෙමි.
                               ටිකවේලාවකින් පාසැල් ඇදුමෙන් සැරසුනු මල්ලි අපි අසලට පැමින යන්නන් අම්මෙ යන්නම් තාත්තෙ...... කියා මා දෙසද බැලුවේය.....ඔහු කිසිවක් කියන්න  ඉස්සර පරිස්සමින් ගිහින් එන්න මල්ලි කීවෙමි.....ඔහු මිදුල දෙසට යනවිට මාත් ඔහු පස්සෙන් ගියෙමි.....ඔහු වාහනයට ගොඩවූවිට.....ඔහු අසලට ගිය මා ...ජේසු පිහිටයි..... කීවෙමි....අක්කටත් ජේසු පිහිටයි ....පැවසූ ඔහු වාහනයේ දොර වැසුවේය.

අනතුරේ  පෙරලිය 16.......... වෛද්‍යවරයා පැමිනි පසු අපේ වාරය පැමිනෙන තුරු බලාසිට ඔහු මුනගැසුනෙමු....තාත්තා මට වූ සිද්ධිය පැහැදිලි කල අතර වෛද්යවරයා   මගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්ටවිය දේශානිගේ අතීතය හැර අනිකුත් ප්‍රශ්නවලට උත්තර දුන්නෙමි....මට පේනවිදියටනම් ෂොක් එකට අතීතය අමතක වෙලා තිබුනට වෙන ගැටලුවක් නෑ වගේ....සිහි නැතිවෙලා හිටිය හින්ද කොයි එකටත් සී ටී ස්කෑන් එකක් කරල බලමු. ඒකට ටිකක් ගානක් යයි ගැටලුවක් නෑනෙ...ඔහු තාත්තාට කීවේය......ඔහු එසේ පැවසුවේ තාත්තා කවුරුදැයි හදුනාගෙන නොමැති නිසා බව තේරුනි....ගැටලුවක් නෑ ඩොක්ට...අපි කරගෙන එන්නම්....ඔහු කීවේය......ඉන්පසු අපි ගියේ එම පරීක්ශනය කරන ස්ථානයටය......මෙයාල වැඩක් නැතිව සල්ලි වියදම් කරනව.....මට ඇති ලෙඩක්නෑ....කමක් නෑ තාත්තට ඕනැතරම් සල්ලි තියෙනවනෙ....මා කල්පනාකලෙමි.මාව ස්කෑන් යන්ත්‍රය තුලට දැමූ පසු හිසේ වාර්ථා ගන්නාබව තේරුනි. මේවයෙනම් ලෙඩක් පේන්න නෑ..පැවසූ එතැන සිටි වෛද්‍යවරයා ..මෙයාට තියෙන්නෙ හොද ඔලුවක් ....සිනාසෙමින් විහිලුකලේය.....අපි නැවත වෛද්‍යවරයා මුනගැසීමට ගියෙමු.....එය හොදින් පරීක්ශාකල ඔහු මේකෙනම් ගැටලුවක් නෑ.....මෙයාට තියෙන්නෙ කම්පනය විතරයි...ඒක හින්ද තමයි පරන දේවල් අමතක වෙලා තියෙන්නෙ....ටිකදවස යනකොට ඒක හරියයි.....වැඩිය කරදර කරන්නෙ නැතුව නිදහසේ ඉන්න දෙන්න.....ඔහු පැවසුවේය......ලෙඩක් නැතිබව මාත් දන්නව....ඒත් කොච්චර නිදහසේ හිටියත් ඒ දේශානිගෙ මතකයන්නම් කවදාවත් මටනම් ගන්න බැරිබව මම දැනගෙන සිටියෙමි.
         ඩැන් තමයි මගේ හිතට සහනයක් ආවෙ....අපි කාමරයෙන් එලියට පැමිනි පසු සුසුමක් පිටකල අම්මා පවසනු ඇසුනි....අතීතයනම් අමතක උනත් කමක් නෑ වෙනලෙඩක් නැතුව.....තාත්තා පිලිතුරු වසයෙන් පැවසුවේය......අපෝ අක්කටනම් අතීතෙ අමතක වෙනවනම් තමා හොඳ .....මල්ලී පැවසූ විට.....ඒ මොකද පොඩිපුතේ....අම්මා ඇසුවාය.....ඒ මොකද කියල අම්ම දන්නව ඇතිනෙ.....ඔහු පිලිතුරු දුන්විට.....අම්මා සහ තාත්තා ඔහු දෙස බලා සිනාසෙනු දක්නට ලැබුනි....ඇයි මල්ලි මහෙම කිව්වෙ.....දේශානිගෙ අතීතෙ හොඳ නැද්ද....මට ගැටලුවක් ඇතිවිය.
               අපි නැවත නිවස බලා පිටත්වී සුලුවෙලාවකින්.....අර ලමයටත් දැන් ගුනයි වගේලු මැටිල්ඩා.....තාත්තා කීවාය....ජේසු පිහිටෙන් ඒ දරුවත් ජීවත්වුනොත් හොදයි....කී ඇය....කොහොමද දන්නෙ ඇසුවාය....පාද්ර් කෝල් එකක් දාල කිව්ව....එත් මැටිල්ඩ ඒ දරුවට කකුල් දෙකම නැතුව තමා ජීවත්වෙන්න වෙන්නෙ....තාත්තා කනගාටුවෙන් යුතුව පැවසුවේය....අනේ අපරාදෙ ඒ දරුව....අම්මා දුකෙන් මෙන් කීවාය......ඒ දරුව ගැන අපි බලන්න ඕනැ මැටිල්ඩා.....කකුල් නැතත් ඒ දරුවට දුක් විදින්න දෙන්න හොදනෑ....තාත්තා කියනු ඇසුනි.....දැන් සනීපවෙන්නෙ මගෙ ශරීරෙ නේද ඒශරීරෙ සනීපවුනොත් මට ආයෙත් ඒ ශරීරෙට යන්න වෙයිද දන්නෙ නෑ......එහෙම උනොත් මට තමා කකුල් දෙකම නැතුව ජීවත්වෙන්න වෙන්නෙ....සිතුනු මට....ඊටපස්සෙ මේ දේශානිගෙ ශරීරෙට මොකදවෙන්නෙ යන සිතුවිල්ල ඇතිවිය....ඒ කට ආයෙත් දේශානි එයිද දන්නෙ නෑ....මට කකුල් දෙක නැතිවුනත් කමක් නෑ...ඒ ලමයට ආයෙත් මේ ගෙදරට එන්න පුලුවන් වෙනවනම්...මේ ජීවිතේ එයාගෙ සුපුරුදු ජීවිතේනෙ....නැත්නම් දෙශානි පවු....කල්පනාකලෙමි.
              ටික දුරක් යනවිට අම්මේ පීස කමුද...මල්ලී යෝජනා කරනු ඇසුණි....එහෙත් එය තාත්තාට නොඇසුනු බැවින්.....මම දන්නෙ නෑ තාත්තට කියන්න.....කීවාය.....එය ඇසුනු තාත්තා....මොකක්ද මැටිල්ඩ.....ඇසුවේය....මේ පුතාට පීස කන්න ඕනැලු....අම්මා කීවිට.....මල්ලිට වැඩිය අක්කනෙ පීසවලට පෙරේත.....දැන් එයා සද්ද නෑ.....තාත්තා කීවිට.....දැන් නැතිවුනාට කරපු දේවල් මතක්වෙන්න පටන්ගත්තට පස්සෙ සද්ද කරයි.....අම්මා සිනාසෙමින් කීවාය....අම්මෝ....එහෙම නොවෙනවනම් හොදයි.....මල්ලී සෙමින් පවසනු ඇසුනි.....මීට කලකට පෙර පීස එකක් කා තිබුනත් මේවා කෑව කාලයක් මතක නොතිබුනු මට අද කන්න පුලුවන් යන සිතුවිල්ල නිසා සතුටක් ඇතිවිය.
              පීස හට් එකක් අසල වාහනය නතර කල තාත්තා අපිට එහිතිබුනු වටිනාම පීසා අරන්දෙන්ටවිය.....ඒවායේ රස මීටකලින් කා තිබුනු පීස එකට වඩා රසවත් බව දැනෙන්ටවිය......ඉස්සර කාත්කවුරුවත් නැති ප්‍රියන්ත කොහොමද මේවගෙ වියදම් කරන්නෙ...කවුද එයාට මේවගේ රසවත් ආහාර අරන්දන්නෙ....මා සිතන්ටවුනෙමි.
              මගේ අතීතය අමතක වී ඇතත් සිහියේ වෙනසක් නොමැතිබව දැනගත් අම්මා සහ තාත්තා සතුටින් සිටිනබව ඔවුන්ගේ මුහුනුවලින් දක්නට ලැබුනි....එහෙත් මල්ලී සිතන්නේ කුමක්දැයි ඔහු වැඩිපුර කතා නොකරන බැවින් දනගැනීමට අපහසුවිය. මොවුන් කෙතරම් සතුටුවුවද මට නැවත මගේ සිරුරට ගොස් පාද දෙක නොමැතිව ජීවත්වීමට සිදුවේවි යන සිතුවිල්ල නිසා දැඩි දුකකින් සිත පිරී තිබුණි..... ඉස්පිරිතාලෙ තියෙන මගෙ සරීරෙ අද ටිකක් හොඳනම් හෙට වෙනකොට ගොඩක් හොඳවෙයි.....ඊටපස්සෙ මට මේ සැප සම්පත් ඔකොම දාල යන්න වෙනව....දුක්බරව කල්පනා කලෙමි.

අනතුරේ  පෙරලිය 15..........       කිසිම කලෙක ගැහැනු ලමුන් සමඟ මෙතරම් ළඟින් ඉඳගෙන කතාකර නොමැති මට මෙය  අමුතුම අත්දකිමක් විය. ඔව්න් මගේ අත්වලින් සහ උරහිස් වලින් අල්ලන විට යම්ලැජ්ජා සීලී බවක් ඇතිවුවද දැන් මාත් ඔව්න් මෙන් ගැහැණු ලමයෙක් බැවින් එසේ ලැජ්ජාවීමට කරුනක් නොමැතිබව තේරුනි. ඔවුන් දේශානි සමග කලකී දේවල් ගැන කතා කරමින් ඒවා මතක් කරවීමට උත්සාහ ගත් අතර ඉශාරී ළඟ තිබුනු අයි පෑඩ් එකගෙන අපේ පොටෝ පෙන්වමින් අතීතය මතක් කරවීමට තවතවත් උත්සාහගන්ටවිය. .මා නොදන්නා දේවල්  මතක් කිරීම කෙසේවත් කල නොහැකිබව දන්නේ මා පමණි. එහෙත් ඔව්න් කලකී දේවල් අසා ගැනීම නිසා මට දේශානි වශයෙන් දිගටම ජීවත්වෙන්න වුවහොත් ඒවා ප්රයෝජනවත් විය හැකි බැවින් විස්තරකරමින් අසාගත්තෙමි.
               දැන් කවද විතරද ඇන්ටි දේශානිව ඉස්කෝලෙ එවන්නෙ.....ඉශාරී අපි අසලට පැමිනි අම්මාගෙන් ඇසුවාය. ඉස්සෙල්ල ඩොක්ට කෙනෙක්ට පෙන්වන්න ඕනැනෙ. ඊටපස්සෙ තමා මොකක්ද කරන්න ඕනැ කියල තීරනය කරන්නෙ......අම්මා පැවසූ විට.....කවද්ද පෙන්වන්නෙ.....තරුශිකා ඇසුවාය.....මෙයාගෙ තාත්ත කිව්වෙ අද හවසම එක්ක යනව කියල ඩොක්ට එනව කියන්නෙ සවස හතටලුනෙ....ඒකටත් නවලෝකෙටෙ තමා යන්න වෙන්නෙ.....ඇය විස්තර කරනවිට අදසවස මාව වෛද්‍යය වරයෙකුට පෙන්වන බව දැනගත්තෙමි. ඉස්කෝලෙ යන්න කිව්වොත් දූලට පනිවිඩෙ කියන්නම්කො.....ඇය කීවිට....අපේ නොම්බර දේශානි ගාව තියෙනව.....කතාකරන්න.....ඉශාරි පැවසුවාය.....ඇක්සිඩන්ට් එක වෙලාවෙ මෙයාගෙ බෑග් එක එක්කෙනෙක් ඇහිදල දීල තිබුනනෙ. මගෙ හිතේ ඒ බෑග් එකේ පෝන් එක ඇති මට ඒක මෙයාට දෙන්න බැරිවුනානෙ....පැවසූ අම්මා බෑගය රැගෙන ඒම සඳහා යන අයුරු දුටුවෙමි....මේකෙ ඇති බලන්න ...අනතුර සිදුවූ අවස්ථාවේදී දේශානී පාවිච්චි කල බෑගය මට දී පැවසුවාය......මේකෙ ඇතුලෙ මොනව තියෙනවද දන්නෙ නෑ සිතමින් බෑගයට අතදමා සොයන විට පෝන් එකක් වැනි යමක් අතට අසුවූනිසා පිටතට ගත්තෙමි....හොදවෙලාවට එය මා සෙවූ ටෙලිපෝනය විය.....එය ඇපල් වර්ගයේ ඉතාමත් වටිනා එකක් බව දැකගැනීමට ලැබුනි.....මා එය අතට ගෙන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලත් පාස්වඩ් එකකින් අගුලුවැටී ඇතිබව පෙනෙන්ට තිබුනි.....ඇයි මොකද....මා එය ක්රියාත්මක කිරීමට උත්සාහකරනවිට මොකද පෝන් එක අවුල්වෙලාද ඉශාරි ඇසුවාය.....නෑ අනේ මේකෙ පාස්වාඩ් එක මතක නෑනෙ....මා කීවෙමි....හරි වැඩේ දැන් මොකද කරන්නෙ මනෝජි ඇසුවාය.....ඕක කවුරු හරි වැඩ්ඩෙකුට දීල ලොක් එක ඇරගම්මු.....කී ඉරේශා ඇගේ දුරකතන අන්කය කොලයක ලියා අම්මාට දුන්නාය....මේකට කතාකරන්නකො ඇන්ටි අනතුරුව කීවාය..
                ටිකවෙලාවක් මා සමඟ කතාකරමින් සිටි ඔවුන් පිටත්විය. හවස පහවෙනකොට තාත්ත එනවයි කියල අපිට ලැස්තිවෙලා ඉන්න කිව්ව....දුවව ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්න....නවලෝකෙට යනව කිව්වෙ ටිකක් දුරයි....කී ඇය.....යනකොට ගවුමක් අදින්නෙ නැතුව සැහැල්ලු බ්ලවුස් එකකුයි සායකුයි ඇඳගන්න ....නැත්නම් ඩොක්ටට ඔයාව චෙක් කරන්න අමාරුවෙයි....කීවාය....දැන් වෙලාව තුනහමාර පමන වනනිසා නාන කාමරයට ගොස් ඇඟ සෝදාගත් මා අම්මා පැවසූ පරිදි දේශානි ගාව තිබුනු ඇදුම් වලින් සැහැල්ලු බ්ලවුසයක් සොයා ඇදගත්තෙමි.....සායක්ද ඇදගත් මා.....අම්මා අසලට ගොස් මෙහෙම හොදයිද ඇසුවෙමි. මගේ ඇදුම් දෙස තියුනු බැල්මක් හෙලූ ඇය.....අයියෝ මොනවද ඔය ඇඳලතියෙන්නෙ බ්ලවුස් එකට සාය ගැලපෙන්නෙ නෑනෙ ළමයෝ..කී ඇය..දැන් බලනකොට ඇදුම් මැච්කරන හැටිත් කියාදෙන්න වෙලානේ......සෙමින් පවසනු ඇසුනි.....මේ කෙල්ලො මොනවෙලාවට මොන ඇදුම් අදිනවද කියල කොල්ලෙක්වෙලා හිටිය මම කොහොමද ඕව ගැන දන්නෙ......අපිනම් අහුවිච්ච එක ඇදගත්ත.....මොකද කොල්ලන්ට මෙච්චර ඇදුම් තියනව කියලෑ.....සිතමින් අම්මා සමග මගේ කාමරයට ගියෙමි.....මෙන්න මේ සාය ඇදගන්න....ඇය මගේ බ්ලවුසයට ගැලපෙන සායක් සොයාදී පැවසුවාය.....ඇඳගෙන සිටි සාය ඉවත්කල මා එම සාය ඇදගෙන කැඩපත තුලින් බැලුවෙමි.....අම්මා කිව්ව එක හරි.... දැන්තමා ලස්සන.....සිතුනු මට.....දැන් ඉතින් ඇදුම් මැච්කරන හැටිත් ඉගෙනගන්න වෙනව.....කල්පනා කලෙමි.
                    මා එය ඇදගෙන සාලයට ගියවිට අම්මාද ලෑස්තිවෙනබව තේරුනි.....සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටි ඇය හිස පීරමින් සිටින අයුරු ඇගේ කාමරය අසලට යනවිට දැකගැනීමට ලැබුනි.....දුවගෙ කොන්ඩෙ පීරිල්ලනම් හරිනෑ පොඩ්ඩක් ඉන්නකො මම ලෑස්තිවෙනකන්.....මා දෙස බලා පැවසුවාය....අනේ මන්ද මේ කොන්ඩෙ කොහොම පීරනවද කියල....කොච්චර හොදට පීරගත්තත් අම්මට හරිනෑනෙ.....එයා පීරන විදිය ඉගෙනගන්න ටිකක් කල්යයි වගේ....මට සිතුනි.
                     අපි සූදානම්වී සිටිනවිට තාත්තා මල්ලී සමඟ ගෙදර පැමිනි අතර නැවත රෝහලකරා යෑමට සූදානම්විය.පහමාර වනවිට අපි පිටත්වූ අතර මල්ලීද අපිසමග පැමිනියේය. පැයක පමන කාලයකින් නවලෝකරෝහල කරා ලගාවීමට හැකිවිය. අපි යනවිට වෛද්‍යවරයා පැමින නොසිටිබැවින් ටිකවෙලාවක් සිටීමට සිදුවිය. ඔහු ස්නායු සම්බන්ද විසේසඤ වෛද්‍යවරයෙක් බව තේරුන් ගත්තෙමි. මාව මෙහාට එක්ක ඇවිත් තියෙන්නෙ මගේ මතකයට කුමක් වී ඇද්දැයි සොයා බැලීමට බව තේරුනි. එහෙත් දේශානිගේ පැරනි ජීවිතය ගැන නොදන්නවා වුවද මතකයේ ප්රස්නයක් නැතිබව දන්නේ මා පමනි.

අනතුරේ පෙරලිය 14...........දුවව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වනකන් කොහේවත් යවන්න බෑනෙ විජේ.... ඔයවිදියට ඉස්කෝලෙ යන්නත් බෑනෙ......අම්මා කීවාය.....අපි කතා කරමින් සිටින අතරතුර පාසැල් ඇදුමෙන් සැරසී සිටි මල්ලී බෑගයද කරේ එල්ලාගෙන අපි අසලට පැමිණ යන්නන් අම්මෙ යන්නම් තාත්තෙ කියා ගියා මිස මා සමඟ කතාකලේ නැත.....අනේ මන්ද මල්ලි වෙනදටත් මෙහෙම වෙන්න ඇති....දේශානි ට කියන්නෙ නැතුව ඇති.....සිතූ මා නැගිට ඔහු පිටුපසින් ගියෙමි......කෑම එක ගත්තද පොඩි පුතේ.....ඔහු යනවිට අම්මා ඇසුවාය....ඔහු පිටුපස බලමින් ...ඔව් අම්මෙ කියනවිට.....මාව දුටු ඔහු ...පුදුමයෙන් මෙන් මාදෙස බලා.....නැවත ගමන්කරන්ටවිය. මා ඔහු සමඟ මිදුලට බැස්සෙමි....ඊයේ පැමිණි වාහනය ඔහු අසල නතරකල පසු එයට ගොඩවී දොර වැසීමට සූදානම් වනවිය.....ගුඩ් බායි මල්ලි ජෙසු පිහිටයි.....මා කියනවිට....අක්කටත් ජේසු පිහිටයි පවසා දොරවැසුවේය.
              ටික වේලාවකට පසු අපි තිදෙනා එකට උදෑසන ආහාරය ගෙන ටිකවෙලාවකින් තාත්තා වැඩට පිටත්විය.....මා සාලයේ සැටියේ වාඩිවී රූපවාහිනියේ චිත්‍රපටපටි තිබෙන චැනල් සොයමින් හිතට හරියන එකක් සෙවුවෙමි.....මම මින් පෙර මෙසේ පියෝ ටී වී හෝ ඩයලොග් ටීවී නරබා ඇත්තේ සමහර යහලුවන්ගේ නිවෙස්වල සිට බව සිහිවිය.එහෙත් අද මගේම ලෙස මේවා නැරබීමට වාසනාව උදාවී ඇත...මේ ටිකේ ඉස්කෝලෙත් යන්නෙ නැති හින්ද හොදට ෆිල්ම් ටිකක් බලන්න පුලුවන්....සතුටින් කල්පනාකර ඉංග්‍රීසි චිත්රපටියක් නැරබිමට පටන්ගත්තා පමණි. මිදුලට වාහනයක් පැමිනි බව දුටු අම්මා දොර ඇරියාය.....අනේ නංගියේ දුවට දැන් කොහොමද.....අම්මා අසලට පැමිනි කාන්තාවක් ඇසුවාය.....දැන්නම් හොදයි ඒත්....කී අම්මා....කුමක් හෝ රහසින් කියනු පෙනුනි.....ඇත්තද කී ඇය ඇය සමඟ පැමිනි මහත්මයා සමග මා අසලට පැමිනියාය.......දුවට හොදයි කිවහම මට හරිම සන්තෝසයි....ඇය මාව තුරුලු කරගෙන මුහුන සිපගනිමින් පැවසුවාය....මා ඇයදෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවිට.....ඇයි දුවේ දුවට අපිව මතක නැද්ද......ඇසුවාය.....මා කිසිවක් නොකියා ඇය දෙස බලාසිටිනවිට.....ඇයි දුවේ දුවගෙ නැන්ද මතක නැද්ද......මම ඔයාගෙ තාත්තගෙ නංගි මේ මගෙ මහත්තය ඔයාගෙ මාම.....මට ඔව්න්ව හදුන්වාදෙමින් කතාකලාය.
                   වාඩිවෙන්න මල්ලි නන්ගිත් වාඩිවෙන්න.....අම්මා පැවසූවිට.....වාඩිවූ නැන්දා මාව ඇය අසලම තබාගෙන තුරුලුකරගන්ටවිය.....මදෑ අක්කෙ ජේසු පිහිටෙන් මේ තරමටවත් බේරුනු එක.....ඇය මගේ හිස අතගාමින් පැවසුවාය.....මෙයා වෙනුවෙන් අහින්සක ලමයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නවුනා.....අම්මා කියනවිට.....අයිය ඔක්කොම කිව්ව නන්ගියෙ....පවු ඒ අහින්සක ලමය....ජේසු පිහිටෙන් ඒ ලමයටත් හොදවෙන්න ඕනැ.....නැන්දා පැවසුවාය.....දැන් බලනකොට දේශානිට තව කොච්චර නෑදෑයො ඉන්නවද දන්නෙ නෑ...හරිම ප්රස්නෙ තමයි ඒ කවුරුවත්ම මම දන්නෙ නෑනෙ....දැන් ඉතින් කරන්න දෙයක් නෑ....පාදර් කිව්ව වගේ ඔක්කොම අමතකයි වගේ ඉන්න වෙනව......මා කල්පනාකලෙමි.
                               ලන්ඩන්වල ඉන්න මිහිරානි නංගි දන්නවද අක්කෙ මේ ගැන....නෑ නංගි ලොකු ගැටලුවක් වුනේ නැති හින්ද නංගිට කියන්න ගියෙ නෑ....කිව්වනම් කිව්ව ගමන් එනව....මගෙ නංගි මෙයාට ගොඩක් ආදරේනෙ......අපරාදෙනෙ නංගි.... දැන් ඉතින් පස්සෙ කියනව..කී ඇය...ඔන්නන් මට බනියි.....සිනාසෙමින් කීවාය......අපේ පුතයි දුවත් මේ ගැන දන්නෙ නෑ ප්රාන්ස් වලට කතාකරන්න හදලත් ඇවිත් බලල කතා කරනව කියල හිතාගත්ත.....මේ නැන්දගෙ දරුවො දෙන්නෙ ඉගෙනගන්නෙ ප්‍රන්සයේ වගේ....මා සිතුවෙමි.....ලොකු අයියත් දන්නෙ නැතුව ඇති.....නැන්දා පවසනවිට...මම හිතන්නෙ එයාටත් කියල නැද්ද කොහේද...අපේ එක්කෙනාගෙ සුවිඩන්වල  හෝටලේ සම්පූරනයෙන් රන්කරන්නෙ එයානෙ....කිව්වම ආවොත් පාඩුවෙන හින්ද කියල නැතුව ඇති....අම්මා කියනවිට.....එතකොට ස්විඩෙන් වලත් හෝටලයක් තියෙනවද.....පාදර් කිව්ව එක ඇත්ත මෙයාලනම් එසේ මෙසේ කෝටිපතියො නෙවෙයි වගේ.....මා කල්පනාකරන්ට වුනෙමි.
                    දැන් බලනකොට අම්මට නංගි කෙනෙක් ඉන්නව එයා ඉන්නෙ ලන්ඩන්වල.....තාත්තට  අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නව. ඒ නැන්දගෙ දුවයි පුතයි ඉන්නෙ ප්‍රන්සෙ .....එතකොට තාත්තගෙ අයිය දැන් මට වෙන්නෙ ලොකු තාත්ත එහෙම නැත්නම් මහප්ප....එයා ඉන්නෙ ස්විඩන් වල.....එතකොට එයා තාත්තගෙ හෝටලේ ජෙනරල් මැනේජ වෙන්න ඕනැ....ලොකු තාත්ත බැදලද දන්නෙ නෑ....ලන්ඩන් වල පුන්චි අම්මගෙ විස්තර කොහොමද දන්නෙ නෑ.....කොහොමද මම මේව හොයාගන්නෙ......කල්පනා කල මට අතීතය සම්පූරනයෙන් අමතක වුනා වගේ ඉන්න වෙනව.... කල්පනා කලෙමි.
                 සැහෙන වෙලාවක් අපිත් සමඟ ගතකල ඔවුන් දහවල් කෑම වේල ගත් පසු ආපසුගියේය. දැන්වත් ෆිල්ම් එකක් බලන්න පුලුවන්වෙයි වගේ ඔවුන් ගියපසු සැටියේ වාඩිවුනු මා....රූපවහිනිය දැමුවෙමි.....සුලු මොහොතකින් තවත් වාහනයක් නවතනු දුටු අම්මා දොර ඇරියාය.....දේශානී එක්කගෙන ආවද.....ඇන්ටි...ඔව්න් අසනු ඇසුනි.....අම්මා සෙමින් ඔව්න් සමග මොනවාදෝ කතාකරනු ඇසුනි.......මෙයාල කවුද දන්නෙ නෑ......මා සිතනවිට සුලු වෙලාවකින් නිවස තුලට පැමිනි ඔව්න් ..... දේශානී.....මොකක්ද අනේ ඔයාට වුනේ....මගේ වයසේ ගැහැනු ළමයි තිදෙනෙක් මා අසලට දුවගෙන ඇවිත් අසන්ටවිය. ....ඔවුන් කවුරුන්දැයි නොදන්නා මා ඔවුන්දෙස බලා සිටියෙමි.....ඔයාට අපිව මතක නැද්ද.....මම තමයි ඔයාගෙ හොදම යාලුව ඉශාරී....මේ මනෝජි....මේ ඉන්නෙ තරුෂිකා .....මතකද.....ඉශාරී ඔවුන්ව හදුන්වාදී ඇසුවාය......මා ඔව්න් දෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවිට....අනේ පවු කෙල්ලට මොකුත් මතක නෑ වගේ.....තරුශිකා සෙමින් කියනු ඇසුනි.

අනතුරේ පෙරලිය  13...........දුවට දැන් ඇත්තටම පරනදේවල් කිසිදෙයක් මතක නැද්ද ...අම්මා මාව තුරුලටගෙන මගේ හිස අතගමින් ඇසුවාය.....මතක නෑ අම්මෙ.....ප්‍රියන්ත වසයෙන් මගේ අතීතය මතක තිබුනත් පියතුමාගේ උපදෙස් අනුව එසේ කීවෙමි.....කමක් නෑ දුවේ පහුවෙනකොට මතක් වෙයි....ඇය කීවාය.
            මා මෙතෙක් කල් පිරිමියෙකු වසයෙන් ජීවත්වී එකවරම ගැහැණු ලමයෙක් බවට පත්වීම නිසා ඇඟට දැනුනු සැහැල්ලුවත් ඇඳගත් දුහුල් නයිට් ගවුමෙන් දැනුනු සනීපයත්. අම්මාගේ ආදර උනුසුමත් නිසා මට හොඳින් නින්දගොස් තිබුනු බව දැනුනේ එලිවෙන ජාමයේ ඇසුනු කුරුල්ලානේ මිහිරි නාදයෙනි.අම්මාට තවමත් නින්දගොස් තිබුනු අතර මා නාන කාමරය තුලට ගියෙමි.....මට ආයෙත් කවදාවත් ඉස්සරවගේ හිටගෙනනම් මුත්‍රා කරන්න බැරිවෙයි වගේ....සිතුනු මා කොමඩයේ වාඩිවුනත් පුරුෂ ලින්ගය නැතිවීම ගැන එතරම් දුකක් ඇතිනොවුනි....වෙනසකට තිබුනේ මුතරා කිරීමෙන් අනතුරුව එම පෙදෙස පිරිසිදු කිරීම පමනයි. දෙශානි භාවිතා කල දත් බෙහෙත්වලින් දත්මැද මුහුන සෝදාගත් මා ඇදුම් රාක්කය දෙසට ගොස් පෙරදින ඇදසිටි ඇදුම් ඇදගත්තෙමි. ඇදේ වාඩිවී හිරි අරිමින් සිටි අම්මා....පුතා උදෙන්ම නැගිටලා ඇදුනුත් ඇදගෙනනෙ....මා දෙස බලා කීවාය.....ඇයි අම්මෙ ආයෙත් මට පුතා කියන්නෙ....මම දුවෙක්නෙ.....මම කීවිට....ආ පුරුද්දට අමතක උනා....දුවනේ....ඇය සිනාසෙමින් කියන්ටවිය.....ඇයි දුවේ ඊයෙ ඇන්ද ඒවම අදින්නෙ වෙන එකක් ඇදගන්න.....දුවට ඕනැතරම් ඇදුම් තියෙන්නෙ.....මගේ ඇදුම් දෙස බලා පැවසූ ඇය....නාන කාමරය තුලට ගියාය....දේශානී....හැමදාම වෙන වෙන ඇදුම් අදිනව ඇති....සිතූ මා වෙනත් ඇදුමක් සොයන්ටවුනෙමි...ඊයෙ ඇන්දෙ සාය බ්ලවුස් එක අද ගවුමක් අදින්න ඕනැ....සිතූ මා ගවුමක් තෝරාගෙන ඇදගෙන කන්නඩියෙන් හැඩබලන්ට වුනෙමි...කොන්ඩෙත් අවුල්වෙලා.....ඊයෙ අම්මෙ පීරුව වගේ පීරගන්න ඕනැ ....සිතූ මම පීරන්න පටන්ගත්විට.....මා අසලට පැමිනි අම්මා.....මගෙන් පනාව ගෙන පීරීමට පටන්ගත්තාය.....මීට වඩා කොන්ඩෙ දිගට තිබුනනම් ලස්සනයි නේද අම්මෙ.....ඇය පීරන දෙස කැඩපතින් බලාසිටි මා ඇසුවෙමි.....එයට සිනසුනු අම්මා....ඔයාමනෙ ලමයෝ කොන්ඩෙ දිගට තියෙන එක කරදරයි කියල කප්පව ගත්තෙ....ඒදවස්වල ඔයාට කොච්චර ලස්සන දිග කොන්ඩයක්ද තිබුනෙ....මමනම් කැමතිවුනේ නෑ කපනවට....ඔයාගෙ බලේට කපාගත්ත මිසක්....ඇය නෝක්කඩු ස්වරූපයෙන් පවසන්ට වූවාය......මට දැන් හිතෙනව අම්මෙ ඒතිබුන විදියට ආයෙත් වවන්න....හරි හරි ඔයාගෙ කැමත්තක් කී ඇය.....කොන්ඩයට කටුගසමින් එය තවත් හැඩකරන්ට වූවාය.
                    මල්ලි ඉස්කෝලෙ යන්න නැගිටලාද දන්නෙ නෑ....පැවසූ ඇය කාමරයෙන් පිට වූ පසු මාත් සාලය දෙසට ගියෙමි......ඇය උඩ තට්ටුවට නගිනු දුටු මා ඇය පසු පස ගියේ මල්ලී සිටින කාමරය බලාගැනීම සදහාය....පොඩි පුතා නැගිටලාද වසා තිබුනු දොරට කිහිපවිටක් තට්ටු කර දොර ඇරියාය....නැගිටලානෙ මම හිතුවෙ තාම නිදි ඇති කියල....ඇය කාමරය තුලට යනගමන් කීවාය.....මුහුන සෝදාගෙන සිටි ඔහු සාලුවෙන් මුහුන පිස දමමින් අම්මා දෙස බලා.....මා දෙස පුදුමයෙන් මෙන් බලනු දුටුවෙමි......ගුඩ් මොනින් මල්ලියේ.....ඔහු දෙස බලා පැවසූ විට......මොනින් යනුවෙන් සෙමින් පවසා නැවත බයෙන් මෙන් මාදෙස බැලුවාය......ටිකක් සනීප වෙනකන් අක්කට මේ දවස් ටිකේ ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ...අම්මා කීවාය......මල්ලී අම්මාගේ කනට කර කුමක් හෝ කියනු දුටුවෙමි......එයට සිනාසුනු අම්මා....අක්ක දැන් පරන දේවල් අමතක කරනනෙ පුතේ.....මීට පස්සෙ ඔයාට බනින එකක් නෑ.....කී ඇය....මල්ලි අහනව අක්ක කවදාවත් නැතුව ගුඩ් මෝනින් කිව්වෙ ඇයි කියල.....මා දෙස බලා සිනාසෙමින් කීවාය....දේශානි කෙල්ලෙක් උනාට හරි නරකයිනෙ......කෙල්ලෙක් උනාම කරුනාවන්ත බවක් තියෙන්න ඕනැනෙ මේ ඉන්නෙ තමන්ගෙන්ම මල්ලි නේද....මා ඔහුගේ අහින්සක මුහුන දෙස බලා කල්පනා කලෙමි.....ඔහු පසැල් යෑම සඳහා සූදානම් වීමට පටන්ගත් බැවින් අපි පහලට ගියෙමු. මේ වනවිට අපේ උදෑසන තේ ට්රොලියක තබා සාලයයේ තබා තිබෙන ආකාරය දුටුවෙමි.......මට තේ වත්කරගෙන බොන්න යනුවෙන් පැවසූ අම්මා.....තේ දෙකක් පිලියෙල කරගෙන වෙනත් කාමරයක් දෙසට යනු දුටුවෙමි....තාත්තගෙ තේ එක වෙන්න ඇති අරන් යන්නෙ.....සිතූ මම.......මල්ලිටත් තේඑකක් හදල ගිහින් දෙන්න ඕනැ එතකොට මල්ලිව යාලුකරගන්න පුලුවන් .....කල්පනා කල මා.....මල්ලිටද තේ එකක් හදාගෙන ඔහුගේ කාමරය තුලට ගියෙමි......මල්ලිට තේ එකක් ගෙනාව ....මම කීවිට.....පුදුමයෙන් මෙන් බැලූ ඔහු එය අතට ගත්තේය.....එය මේසය මත තබා පොත් තෝරනවිට ඔහුගේ ඇදමත වාඩිවූ මා මගේ තේ පානය කිරීමට පටන්ගත්තෙමි....ඔහු කිසි කතාවක් නොමැතිව පොත් තෝරනබව දුටු මා.....මල්ලි කෑම කාල නෙවෙයිද ඉස්කෝලෙ යන්නෙ.....ඇසුවෙමි....වෙනදටත් මම කාලනෙවෙයිනෙ යන්නෙ....අපි දෙන්නම් කෑම අරන්නෙ යන්නෙ....දේශානිද උදෑසන අහාරය රැගෙන යනබව ඔහුගේ කතාවෙන් තේරුම්ගත්තෙමි...අසන දෙයට පිලිතුරු දෙනවා මිස වැඩි කතාවක් නැතුව සිටි නිසා තේබී අවසන් කල පසු මා ඔහුගේ හිස් කෝප්පය රැගෙන යෑනට සූදානම් වනවිට.....අක්ක ඕව අරන් යන්න ඕනැ නෑ....ගෙදර වැඩකරන අය ඉන්නෙ ඕව කරන්න තමයි.....මේ නිවසේ සියලු දේටම වැඩකරුවන් සිටිනබව දැනගත්තේ එවිටය.....මේක ඉතින් කෝටිපතියෙකුගෙ ගෙයක්නෙ....මට කල්පනාවුනි....මා පානය කල කෝප්පය රැගෙන යනවිට අතින් උදුරාගත් ඔහු මෙහෙන් තියන්නෙ අක්කෙ.....ඕක අරන්යයි..කියා ඔහුගේ කෝප්පය අසලින් තිබ්බේය.
                 මේ මල්ලි නරක කෙනෙක් නෙවෙයි දේශානි තමයි මල්ලිට හිරිහැරකරල ඇත්තෙ....කල්පනා කරමින් සාලයට යනවිට තාත්තා  තේ පානය කරන අතරතුර රූපවාහනිය නරබමින් පත්තර පුවත් බලන ආකාරය දුටුවෙමි....පුතා අද ඉස්කෝලෙ යන්නෙ නෑනෙ නේද...මාව දුටු ඔහු ඇසුවේය.....මට කියන්න බැරිවුනානෙ විජේ....මෙයා කියනවනෙ මෙයාට මීටපස්සෙ පුතා කියල කතාකරන්න එපා කියල ....දුව කියන්නලුනේ....ඔහු අසල සිටි අම්ම පැවසුවේය.....එහෙමත් එකක්ද....සිනාසෙමින් පැවසූ ඔහු....එහෙනම් දුව කියන්නම්කො....කී ඔහු මෙහෙට එන්න දුව කියමින් මට අඩගැසුවේය.....ඊයේ මෙන් මා ඔහු අසල වාඩිවූ පසු......දැන් දුව මේ දවස් ටිකේ ඉස්කෝලෙ යන්නෙ නෑ නෙ නේද....තුරුලට ගෙන ඇසුවේය.

අනතුරේ පෙරලිය 12...........කෑමගෙන අවසන්කල මා සාලය දෙසට ගියෙමි......තාත්තා සැටියේ වාඩිවී රූපවහිනිය නරබමින් සිටින අයුරු දක්නට ලැබුනි......ඔහු අසල සිටීම අමුත්තක් ලෙස දැනුනු මා ආපසු හැරී කාමරය දෙසට පියමන් කරනු දුටු තාත්තා......ඇයි පුතේ ආපහු යන්නෙ එන්න මෙතැනින් වාඩිවෙන්න.... ඔහු අසලින් වාඩිවනසේ පැවසුවේය....වෙනදටත් දෙශානි ඔතැනින් වාඩිවෙනවද දන්නෙ නෑ....එහෙමනම් මටත් වාඩිවෙන්න වෙනව.....සිතුනු මා ඔහු අසලට ගොස් වාඩිවුනෙමි.....එහෙත් ඔහු අසල සිටීම අමුත්තක් විදියට තේරුනි....දැන් මගේ පුතාට හොඳයිද .....ඔහු මගේ ඉනවටා අතයවමින් මාව තුරුලට ගෙන ඇසුවේය.....දේශානිවත් මේ විදියට හුරතල් කරනව ඇති සිතුනු මා.....දැන්නම් මොකුත් අමාරුවක්නෑ වගේ..... මා පැවසුවෙමි....ඒකට කමක් නෑ ඔයා තවටික දවසක් කොහේවත් යන්නෙ නැතුව ගෙදරටවෙලා රෙස්ට් කරන්න......ඉස්කෝලෙට පනිවිඩයක් අරින්න පුලුවන්නෙ.....ඔයාට මග හැරෙන පාඩම් වලට ටියුසන් මාස්ටර් කෙනෙක් ගෙදරට ගෙන්වල හරි අහගන්න පුලුවන්නෙ පුතේ.....මා එතැන සිටිනවිට අම්මාද පැමිණ අපි අසල සැටියේ පුටුවක වාඩිවුනාය.....මොකද පුතා කියන්නෙ.....මම කිව්වෙ බියට්රිස්.....ටික දවසක් කොහේවත් යන්නෙ නැතුව රෙස්ට් කරන්න කියල.....තාත්තා කීවිට....කොහොමත් දැන්ම කොහේවත් යවන්න බෑනෙ විජේ.....ඉස්සෙල්ල මෙයාගෙ  තත්වෙ බලන්න ඩොක්ටර් ට පෙන්වන්න ඕනැනෙ.....කීවාය.....අපි අසල පුටුවක වාඩිවූ මල්ලී රූපවාහිනියේ විකාශන මාරුකරන්ටවිය....එහි පියෝ ටී වී සම්බන්ධ තාවය තිබෙනබව මා දුටුවේ ඔහු වැඩසටහන් කිහිපයක් මාරුකරන විටදීය...... දැන් ඉතින් මටත් හොදට ෆිල්ම් බලන්න පුලුවන්වෙයි.....මා සතුටින් කල්පනා කලෙමි.....පොඩි පුතේ ප්‍රවුර්ති ටිකක් දාන්න දැන් වෙලාව හරි.....එවිට ඔහු ප්‍රවුර්ති තිබෙන චැනලයකට හරවා ආපසුගියේය....මල්ලි හොදයි වගේ තාත්ත කිව්ව ගමන් ඒ වැඩේ කලා....මා කල්පනාකලෙමි....ඔහු මාව තුරුලුකරගෙනම ප්රවුර්ති නරබන්ට විය.....අනේ මන්ද මරාගන්න ඒවයි මැරෙන ඒවයි ඇරෙන්න වෙන මොකුත් නෑනෙ....ඔහු ප්‍රවුර්තිවලට බනින්ටවිය.....මෙච්චර අක්සිඩන්ට් දානව පුතාගෙ අස්සිඩන්ට් එක දැම්මෙ නෑනෙ.....අම්මා කියනවිට.....මාද්ය කාරයන්ට ආරන්චිය ගිහින් නැතුව ඇති.....තාත්තා සිනාසෙමින් කීවේය.....ඔවුන් මොනවා කතා කලත් මා දේශානී ලෙස මොනවා කතාකරන්නදැයි හිතාගැමට නොහැකිවූ නිසා නිස්සබ්දව සිටියෙමි.....වෙනදට අපිත් එක්ක කියවන පුතා අද හරිම සයිලන්ස්.....පුතාට අමාරුනම් යමු මාත් එක්ක නිදාගන්න.....පුටුවෙන් නැගිට පැවසූ අම්මා මගේ අතින් අල්ලාගෙන කාමරයට ගියාය.......අද ඉදන් මාත් පුතා එක්ක නිදාගන්නෙ....තාත්ත කිව්ව පුතාව තනිකරන්න එපා කියල....පවසමින් ඇද සකස්කරන්ටවූවාය....තවමත් නිදිමත නොතිබුනත් ඇදේ දිගාවුනෙමි.....ඔහොම්මම නිදාගන්නද හදන්නෙ ඇදුම් මාරුකරගන්නෙ නැද්ද.....මා ඇදගෙන සිටි සාය බ්ලවුසය දෙස බලා පැවසුවාය.....ගැහැනු අය රෑට නියිට් ගවුන් අදින බව දන්නා මා නැවත නැගිට ගවුමක් සොයන්ට විය....ඇයි පුතේ ඔතැන එකක් තියෙන්නෙ ඒක ඇදගන්නකෝ.....ඇය කිව්වත් එය සොයාගැනීමට නොහැකිවූ බැවින් මා අසලට පැමිනි ඇය....ලස්සන දුහුල් ගවුමක් අතට ගෙන මේක දැක්කෙ නැද්ද ඇසුවාය.....මේක නයිට් ගවුමක්ද මම හිතුවෙ හොද ගවුමක් කියලනෙ.....සිතමින් එම ගවුම අතටගෙන.....ඇද සිටි සාය සහ බ්ල්වුසය ගලවන විට.....මෙච්චර වෙලා බ්රාඑකත් ඇදගෙනද හිටියෙ....ඇසුවාය....අම්ම මොනව කියනවද මන්ද කෙල්ලන්ගෙ ඇදුම් ගැන මම කොහොමද දන්නෙ.....සිතූ මා....බ්රා එක ඉවත්කර.....ගවුම ඇදගත්තෙමි.....එය මසා තිබුනු දුහුල් රෙද්ද නිසා තවත් සනීප දැනෙන්ට විය......ගැහැනු ජීවිතේට හුරුවෙන්න පුලුවන්වුනොත් මේ ජීවිතේ හරිම ශෝක් වගේ......මා ගවුම ආශාවෙන් අතගාමින් සිතුවෙමි. යට ඇදුම්ද ඉවත්කල මා නැවත ඇඳේ ඇලවී ඉස්සර මෙන් කකුල් දෙක උඩට නවාගත්තෙමි....ඔහොමද ගෑනු ලමයි නිදාගන්නෙ....දාන්න කකුල් දෙක පහලට.....මා කකුල් පහලට දැමූවිට....ඔහොම උඩුබැලිඅතට නිදාගන්නෙ නෑ.....දැන් මෙයාට මැනසුත් අමතක වෙලාවගේ.....ඒවත් උගන්වන්න වෙලා.....පැවසූ ඇය මා අසලින් ඇලවුනාය.
                     මාව තුරුලුකරගත් ඇය...අනේ පුතේ මම ටිකක් සැරෙන් කතාකලාට ගනන්ගන්න එපා.....පුතාට දැන් ඔක්කොම අමතක වෙලානෙ තියෙන්නෙ.....ටික දවසක් යනකොට ඔය ගතිය අඩුවෙයි.....පැවසූ ඇය....මගේ මුහුන සිපගන්ට වූවාය.....මගේ අම්මා නැතිවුනාට පසු අම්මා කෙනෙක්ට තුරුලුවූ පලමු දවස අදවිය......මගේ අම්මත් මාව මේවගේ තුරුලුකර ගත්තනෙ...මට මගේ අම්මා සිහිවිය...ඒ අම්මා අද නැතත් දැන් මගේ අම්ම වෙන්නෙ මෙයානෙ.....අද ඉදන් මට හම්බවෙන්නෙ මේ අම්මගේ උනුසුම තමා.....මා ඇයට තුරුලුවෙමින් සතුටින් කල්පනා කලෙමි.
                     අම්මෙ ඇයි අම්මෙ මට ඔයාල පුතා පුතා කියල කතාකරන්නෙ.....මම පුතෙක් නෙවෙයි දුවෙක්නෙ.....මගේ හිතේ තිබුනු ගැටලුව කීවෙමි......අදක ඊයෙක ඉදන් නෙවෙයිනෙ පුතේ එහෙම කතාකරන්නෙ....ඇයි පුතා එහෙම කතාකරනවට කැමති නැද්ද....ඇසුවාය.....ගැහැනු ලමයෙකුට දුව කියල කතාකරනකොට පුතා කියනවට වඩා ලස්සනයිනෙ අම්මෙ.....මා කීවෙමි....එහෙනම් අපි ඔයාට දුව කියල කතාකරන්නම්.....අම්මා පොරොන්දුවූවාය.    
                   ඇයි අම්මෙ මල්ලි මාත් එක්ක කතාකරන්නෙ නැත්තෙ......අනිත් ගැටලුවද විසදාගැනීම සඳහා ඇසුවෙමි.....ඔයත් එක්ක කතාකරන්න පුලුවන්යෑ ඒ ළමයට හැමතිස්සෙම බනිනවනෙ. දන්නවනෙ මල්ලි වැඩිය කා එක්කවත් කහාකරන්නෙ නෑ කියල. එයා කාගෙන්වත් බැනුම් අහන්න කැමති ළමයෙක් නෙවෙයිනෙ ඒ හින්ද එයාට ඕනැ පාඩුවෙ ඉන්න......ඇය එසේ පැවසූ විට.....එහෙනම් දේශානි කියන්නෙ ටිකක් සැර පරුෂ කෙල්ලෙක් වෙන්න ඇති.....රූපෙ කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නෑ ඒවගෙ සැරනම්.....මා සිතන්ටවුනෙමි.....අනේ පවු මල්ලි...සිතූ මා...මීටපස්සෙ මම මල්ලිට එහෙම කරන්නෙ නෑ.....මල්ලිට කියන්න මාත් එක්ක කතාකරන්න කියල....මම ඇයට කීවෙමි.....ඒකනම් හොදයි....මම කියන්නම්.....අම්මා කීවාය.                                                

අනතුරේ පෙරලිය 11...........දැන් ඔයලමයගෙ හිස පාරෙ වැදිල දවස් දෙකක් සිහි නැතිවෙලා හිටියනෙ. ඔයාට පුලුවන් ඒ සිද්ධිය ප්‍රයෝජනයට අරගෙන ඔය ගැටලුව විසදගන්න....පැවසූ එතුමා....හිසවනමින් කල්පනාකර.....ඔයාට අතීතය අමතකවුනවිදියට ඉන්න.....පැවසුවේය....මට ඇත්තටම අතීතය අමතක වෙලා නෑනෙ පාදර් ප්‍රියන්ත වසයෙන් කල කී දේවල් හොඳට මතකයි.....මා කීවිට...මා දෙස බලා සිනාසුනු එතුමා...ඒ ප්‍රියන්ත විදියටනෙ දරුවෝ....ඔයා දැන් ඒ ප්රියන්ත වෙලා හිටිය කියල කාටවත් කියන්න යන්න එපා....ඔයාගෙ දැන් නම මොකද කිව්වෙ....ඔහු ඇසුවිට.....දේශානී....කීවෙමි......දැන් ඔයා ඒ දේශානී....දේශානිට අතීතය අමතක වෙලා කියල හැගෙන විදියට ඉන්න.....කීවේය....එයාගෙ අතීතය හැගෙන විදියට ඉන්න ඕනැ නෑ...මම කොහොමත් එයාගෙ අතීතය ගැන දන්නෙ නෑ.....මම පැවසුවෙමි...ඔව් ඒක හරි....කී එතුමා....අන්න ඒ දන්නෙ නැති එක අනතුර හින්ද සිද්දවුන දෙයක් විදියට පෙන්වන්න උත්සාහ ගන්න....උපදෙස් දුන්නේය.....දැන් එයාල හිතාගෙන ඇත්තෙත් ඒ විදියට වෙන්න ඕනැ පාදර්.....අනතුරෙන් පසුව ඔවුන් මට සැලකූ ආකාරය සිහිපත්වී කීවෙමි.....ආන්න හරි... එයාලට ඒ විදියට හිතාගන්න ඉඩ හරින්න....ඔයා මීට ඉස්සර ප්රියන්ත කියල නිකමටවත් හගවන්න යන්න එපා...එතුමා කීවේය.....බැරිවෙලාවත් මම එහෙම කිව්වොත් මම දැන් එයාලගෙ හිටපු දුව නෙවෙයි කියල එයාල ගොඩක් දුක්වෙයි නෙද පාදර්....මම කීවිට....එයාල ඔයා කියන කතාව පිලිගත්තොත් එහෙම වෙන්න පුලුවන්.....ඒක තවත් ගැටලු රාසියක ආරම්භයක් වෙන්නත් පුලුවන්....ඒ හින්ද මේක ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ඔය ලමය එයාලගෙ දුව විදියට ඉන්න...එතකොට කවුරුවත් දන්නෙ නෑ.... අපි දෙන්න විතරයි මේ රහස දන්නෙ.....මාත් මේක කාටවත් කියන්න යන්නෙ නෑ....කිව්වත් මේ පාදර්ගෙ ඔලුව නරක්වෙලා කියල හොස්පිටල් එක්ක යයි...පවසා සිනාසුනේය.....පාදර් කියන විදියට ඉන්නම් කී මම තව ගැටලුවක් තියෙනව කීවෙමි....ඒ මොකක්ද.....ඔහු මා දෙස ගැටලුකාරීලෙස බලා ඇසුවේය......දැන් ප්‍රියන්තගෙ ශරීරෙ මරනින් බේරිලා හොදවුනොත් මොකක්වෙයිද.....ආයෙත් මට ඒ ප්‍රියන්ත වෙන්න වෙයිද......මම ඇසූවිට.....ඇයි ඔය ලමය කැමති නැද්ද ආයෙත් ප්‍රියන්ත වෙන්න.....එතුමා ඇසුවේය......අකමැත්තක්ම නෙවෙයි පාදර් ඊට පස්සෙ මට ජීවත්වෙන්න වෙන්නෙ කකුල්දෙක නැතුව.....මා කීවිට.....කල්පනාවක නිරතවූ එතුමා.....ඩොක්ටර්ස්ල කියන විදියට මමනම් හිතන්නෙ නෑ ජීවත් වෙයි කියල....ඒත් එහෙම උනොත්...ඔහු කල්පනාකරන්ට විය.....කමක් නෑ පාදර් එතකොට ඒලමයට ආයෙත් මාව වෙලා ගෙදෙට්ට යන්න පුලුවන්නෙ.....මම කකුල් නැතුව හරි ජීවත්වෙන්න බලන්නම්....මම පැවසූ විට.....කනගාටුවෙන් මෙන් මාදෙස බැලූ එතුමා....බයවෙන්න එපා අපි ඔයලමය අතරමන් කරන්නෙ නෑ....විජේසිරිවර්දන මහත්තය පොරොන්දුවුනානෙ ප්‍රියන්තට ඕනැ විදියට වියදම් කරන්නම් කියල....ඔයා බය නැතුව ඉන්න.....එතුමා පැවසුවේය.....මා සුලුවෙලාවක් කල්පනා කරමින් සිටිනවිට.....මේව ඉතින් දෙවියන් වහන්සේගේ කැමත්ත අනුව සිද්දවෙන දේවල්නෙ..පවසා...මොකක් හරි තව ගැටලුවක් තියෙනවද.....ඇසුවේය.....වෙනනම් මොකුත් නෑ පාදර්...මේ පවුලෙ විස්තර ටිකක් දැනගන්නයි ඕනැ. මේ මල්ලිගෙ නම යන ස්කෝලෙ මේ මොකුත් දන්නෙ නෑ.....මා කීවිට.....හරි මම ඒකටත් විසදුමක් දෙන්නම් ....කී එතුමා....අම්මයි තාත්තයි බලාගෙන ඇති අපි යමු නේද අසමින් නැගිටින්ට විය.....මාද ඔහු පසුපස ගමන් කරන විට කිහිප දෙනෙක් පල්ලිය තුල යාච්ඤා වල නිරතවී සිටිනබව දක්නට ලැබුනි. .....අපි නැවත එතුමාගේ නිවස තුලට ගියෙමු.....මේ දුවට පාපොච්චාරනයක් තිබුන ඒක කලා...එතුමා කීවිට....ඒකනම් ලොකු දෙයක් පාදර් මීට පස්සෙවත් පල්ලිය ම්තක්වෙන්නෙ නැතෑ...අම්මා සතුටින් යුතුව කීවාය......පොඩි පුතාගෙ නම මොකක්ද...එයට සිනාසුනු පියතුමා මල්ලි දෙස බලා ඇසුවේය......විකුම්.....ඔහු කීවේය.....දැන් විකුම් පුතා.....කීයෙ පන්තියෙද.....නවය වසර පාදර්.....කොයි ඉස්කෝලෙටද යන්නෙ.....සෙන්ට් පෝල් ඉන්ටර් නැශනල් ස්කූල්...ඔහු උජාරුවට මෙන් කීවේය......මිස්ට විජේසිරිවර්දන මට ඔයාලට කියන්න දෙයක් තියෙනව.....දුව එතකල් පල්ලියට ගිහින් ඉන්නවද.....පියතුමා මට පැවසූවිට මා පල්ලියට තුලට ගියෙමි....ඒතුල කිහිප දෙනක් සිටි නිසා මට බයක් හෝ තනියක් නොදැනුනි.....ඉස්සර වගේ නෙවෙයි දැන් මම ලස්සන ගැහැනු ලමයෙක් හින්ද.....මේ කරුවල වැටෙන වෙලාවෙ තනියම පාලු තැන්වල ඉන්න හොදනෑ.....බන්කුවක වාඩිවී කල්පනා කලෙමි.....පාදර්මෙයාලට මොනව කියයිද දන්නෙ නෑ.....මට අතීතයෙ ගොඩක් දේවල් අමතක වෙලා කියල කියයි.....එහෙම වුනොත් මට ගැටලුවක් වෙන්නෙ නෑ....මා තවදුරටත් කල්පනාකලෙමි.....
                 ටික වෙලාවක් ගතවිය. අම්මා මාව සොයාගෙන පල්ලිය තුලට පැමිනෙනු දුටු මා ඇය ඉදිරියට ගියෙමි.....යමු නේද පුතේ.... ඇය කතාකලාය....අපි පියතුමාගෙන් සමුගෙන නිවස බලා පිටත්වූවෙමු.......කාමරයට ගිය මා ගවුම ඉවත්කර දවල් ඇඳසිටි ඇඳුම් ඇඳගත්තෙමි.....ඉස්සර වාගෙ නෙවෙයි දැන් මේ ගැහැණු ඇඟ හරිම සැහැල්ලුයි.....මේ ඇදුම් ඇදගෙන ඉන්නකොට අමුතුම ලෝකෙකට ගියාවගේ....මා කැඩපත අසල සිට හැඩබලමින් කල්පනා කරන්ට වුනෙමි.....කෙල්ලන්ගෙ ලෝකෙ හරිම සුන්දර ලෝකයක්....දැනුනු එම සුන්දරත්වය විදගනිමින් මා සතුටින් කැරකෙන විට.....එන්න පුතේ කෑම කන්න....අම්මා කාමරය තුලට පැමින කතාකර.....ඇයි ඕක ඇදගත්තෙ හවුස් කෝට් එක ඇදගත්තනම් සැහැල්ලුනෙ වෙනදට ඔයා මේ වෙලාවට අදින්නෙ ඒවනෙ.....පැවසුවාය.....හවුස් කෝට් කියන්නෙ මොකක්ද....මා ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කලෙමි.....දැන් ඔය හොදා කෑම කාලම ඇදගන්න.....කී ඇය මා සමග කෑම කාමරයට ගියාය. මේ වනවිට තාත්තා කෑමගනිමින් සිටි අතර මල්ලී බෙදාගනිමින් සිටියේය. මට පිගානක් දුන් අම්මා...බෙදාගන්න කීවාය..... ඉදි ආප්ප සහ පිට්ටු ඇතිබව දුටු මා ඉදිආප්ප බෙදාගෙන පරිප්පු සහ මස් කෑල්ලක් දාගෙන කෑමට පටන්ගත්තෙමි.....කෑම බෙදාගත් මල්ලී දහවල් මෙන් කාමරයෙන් පිටවිය....... මෙයා කොහේ ඉදන්ද දන්නෙ නෑ...කෑම කන්නෙ....මා කල්පනා කලෙමි.   .

Thursday, April 25, 2019

අනතුරේ පෙරලිය 10...........මටනම් විශ්වාසනෑ පාදර්...... මම මේ කියන කතාව මේලෝකෙ කවුරුවත් විශ්වාස කරයිද කියල....මේක ගැන දන්නව ඇත්තෙ දෙවියන් වහන්සේ පමනයි..ඒක තමා දෙවියන් වසන්සේගේ නියෝජිතයෙකු වූ ඔබවහන්සේ හොයගෙන ආවෙ....ගවුරවාවිතව පැවසූ මා දෙවියන් වහන්සේට ස්තූති කරමින් කතාව පටන්ගන්න හදනවිට.....විශ්වාස කරනවද නැද්ද කියල බලන්න...ඔය ලමයගෙ කතාව කියන්න බලන්න......පැවසුවේය.
              මා කතාව පටන්ගත්තෙමි.....මේ හැමෝම හිතාගෙන ඉන්නෙ...ඒහොස්පිටල් එකේ මරනාසන්නව ඉන්නෙ මේ ගැහැණු ලමයව බේරගත්ත පිරිමිලමය කියල.....මා කීවිට....ඉතින් ඒක ඇත්තනෙ වෙන කෙනෙක් ඔයලමයව බේරගන්න පැන්නෙ නෑනෙ.....පියතුමා කීවේය......වෙන කෙනෙක් නෙවෙයි පාදර්.....මමයි ඒ ලමයව බේරගන්න පැනල ඒලමයව පාර අයිනට තල්ලුකලේ.....මා එසේ කීවිට මාදෙස පුදුමයෙන් මෙන් බැලූ පියතුමා.....මා විහිලුවක් කලාක් මෙන් සිනාසී......එතකොට ඔයලමය ඔයලමයම බේරගත්ත.....අර හැප්පිලා ජීවිතයත් මරනයත් අතර ඉන්නෙ.....වෙන කෙනෙක්.....ප්රස්නාර්තව ඇසූවිට......ඒ ඉන්නෙත් මමම තමයි.....කීවිට....නැවත සිනාසුනු එතුමා......ඒ ගැහැනු ලමයව බේරගත්තෙත් ඔයලමය.....බේරුන ගැහැණු ලමයත් ඔයලමයමයි.....හැප්පිලා අසාද්‍ය වෙලා ඉන්නෙත් ඔයලමයමයි.......නැවත විහිලුවක් ඇසුවාක් මෙන් සිනාසුනු එතුමා මා දෙස තියුනු ඇසක් යොමුකර ......හිස බිම වැදිල ඔය ලමය දවස් දෙකක් සිහිය නැතුව හිටිය නේද?.....දිගු සුසුමක් පිටකර ඇසූ එතුමා.....හරි කමක් නෑ ඔයලමයගෙ කතාව කියන්නකො.....විහිලුවට මෙන් සිනාසීම නතරකර පවසා මාදෙස කරුනාබරව බලනු දුටුවෙමි.....මමනම් හිතන්නෙ නෑ මේ කතාව මෙතුමත් පිලිගනියි කියල....මෙතුම හිතාගෙන ඉන්නෙ මගේ හිස පාරෙ වැදිල සිහිය නැතුව හිටිය හින්ද මම ඔල්මාදෙන් දොඩවනව කියල.......ඒත් කමක් නෑ කියනව...... හිතාගත් මම කතාව පැවසීමට තීරනය කලෙමි.
                මම තමයි පාදර් ඒ ප්‍රියන්ත. එදා මම පන්තියන්න හිතාගෙන බස් එක එනකල් හෝල්ට් එකේ හිටිය. එතකොට තමයි මම දැක්කෙ ගැගැනුලමයෙක් පාර පනිනව එතකොටම දැක්ක හයියෙන් වාහනයක් එනව කලබලවුන පාරට මම පාරට පැනල ඒ ලමයව පාර අයිනට තල්ලු කලා ඒවෙලාවෙම මට දැනුන කාරෙක මගේ ඇඟේ හැප්පෙනව එච්චරයි මට මතක. ඊටපස්සෙ මට සිහිය ආවම මම හිටියෙ රෝහලක කියල තේරුනා.ඒත් මට  තේරුනේ නෑ මාව මේ විදියට ගෑහැණූ ලමයෙක් වෙලා කියල. ඒත් එයාගෙ අම්ම මාගාව ඉන්නව දැක්කම මට හිතුනෙ.....පාදර් කවුරු හරි මාගාව මගෙ සාත්තුවට තියෙල ඇති කියල....ඒත් පාදර්...මේ ගැහැනු ළමයගෙ ගෙදෙට්ට ගියාට පස්සෙ තමයි මට තේරුනේ මාව ඒ ගැහැනු ලමය බවට පත්වෙලා කියල.....මට සිදුවූ එම සිද්ධිය විස්තර කර....මගේ අම්මයි තාත්තයි නැතිවුනාට පස්සෙ පාදර්ර් තමයි. මාව අනාත නොකර අද මේ තත්වෙට පත්කලේ....අද ඒ මගේ ශරීරෙ හොස්පිටල් එකේ ජීවිතෙත් මරනෙත් අතර සටනක ඉන්නවලු....මා කනගාටුවෙන් යුක්තව කියනවිට.....පුදුමෙන් මෙන් මා දෙස බලා....ඇත්තටම මෙහෙම දෙයක් වෙලානම් ඒක පුදුම වැඩක්නෙ....කවුරුවත් විශ්වාස කරන එකක් නෑ....එතුමා පැවසූවිට.....මා ප්‍රියන්ත වසයෙන් කල කී දෑ සිහිපත් කරමින් මා ඒ ප්‍රියන්ත බව ඒත්තුගැන්වීමට මහන්සිගත්තෙමි.....දැන්නම් මට තේරෙනව ඔය ලමය කියන්නෙ ඇත්ත කියල....ඒත් මේක ගැන කාටවත් කියන්න අමාරුයි...කිව්වට විස්වාස කරන එකකුත් නෑ....ගැටලුකාරීව පැවසූ එතුමා......දැන් ඔයලමය කනගාටුවෙනවද පිරිමි ලමයෙක් විදියට හිටිය ඔයා ගැහැනු ලමයෙක් උනාට.....ප්රශ්නකලේය.....එහෙම කනගාටුවක්නම් දැනෙන්නෙ නෑ පාදර්.....ඒත් මට මේ විදියට ජීවත්වෙන්න තේරෙන්නෙ නෑ.....මේ ගෙදර අය ගැන දන්නෙ නෑ.....යන්තම් මේලමයගෙ නමයි ඉගෙනගන්න පාසැලයි දැනගත්ත....නම උදේසිකා දේශානී විජේසිරිවර්දන....ඉගෙනගන්නෙ මාරිස්ටෙලා විද්යාලෙ.....මම කීවිට.......ඒක ප්රිවෙට් එකක් නේද.....ඇසූ එතුමා......විජේසිරිවර්දන මහත්තය කියන්නෙ ලන්කාවෙ ඉන්න කෝටිපති වියාපාරිකයෙක් එයාට වියාපාර රාසියක් තියනව.....අම්ම තාත්ත නැතුව හිටිය ඔයාට ඔහාට යන්න පුලුවන්වෙන්න ලැබුන එක දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක් කියල හිතාගන්න...එතුමා පැවසුවේය.......මාව ගැහැනු ලමයෙක් වුනා කියල කනගාටුවක් දැනෙන්නෙ නෑ පාදර්...ඒත් ඒලමයගෙ අතීතය දන්නෙ නැතුව මම කොහොමද එයා වගේ ජීවත්වෙන්නෙ....මම ඇසූ විට....ඒකත් ගැටලුවක් තමයි......කී එතුමා සුලුවෙලාවක් කල්පනාකර.....මම ඕකට හොද පිලියමක් කියන්නම්....පැවසුවේය......එතුමා එසේ පැවසූවිට මා බලාපොරොත්තු සහගතලෙස එතුමා දෙස බැලුවෙමි.        

අනතුරේ පෙරලිය 9...........සුලු වෙලාවකින් තාත්තා මල්ලී සමඟ ඔහුගේ වාහනයේ පැමිණි බව දුටු අතර මල්ලී ගිය වාහනය පෙනෙන්ට තිබුනේ නැත......මල්ලි යනකොට ගියෙ වෙන කාගෙ හරි වාහනයක වෙන්න ඇති....සිතූ මම ඔව්න් ලැහැස්තිවී පැමිනෙන තුරු සාලයටවී සිටියෙමි......සුලුවේලාවකින් පැමිනි මල්ලී.....මමනම් ලෑතියි.....අම්මාට කීවේය.....අත ඉනේ තබාගෙන  ඔහු දෙස බැලූ ඇය....ඕව ඇඳගෙනද පල්ලි යන්න හදන්නෙ.....යනව යනව ගිහින් හොඳ එකක් ඇඳගෙන එනව....කියන්ටවූවාය......පල්ලි යන්නද?...පුදුමයෙන් මෙන් අසා...මම හිතුවෙ වෙන කොහේහරි කියල....පැවසුවේය......මායි අක්කයි මේ විදියට ඇදගෙන ඉන්නකොටවත් තේරුනේ නැත්ද වැදගත් ගමනක් යන්නෙ කියල.....අක්කනම් අල්ලපු ගෙදෙට්ට යනකොටත් යන්නෙ වැදගත් ගමනක් යනව වගේ හැඩවෙලානෙ.....පල්ලියට යන්නෙ කියල කියන්න එපායෑ......මල්ලී නෝක්කඩු ස්වරූපයෙන් පවසා කාමරයට ගියේය......තාත්තා වෙනත් ඇදුමක් ඇදගෙන පැමිනෙනු දුටුවෙමි.....පුතාට මොකද එක පාරට පල්ලි යන්න හිතුනෙ.....තාත්තා ඇසුවේය.....මට පාද හම්බවෙන්න ඕනැ තාත්තෙ.....මා කියනවිට......අර කියමනක් තියෙනවනෙ මොකක් හරි උනාම තමයි දෙවියන් බුදුන් සිහිවෙන්නෙ කියල.....අම්මා සිනාසෙමින් කියන විට.....කොහොමවුනත් පුතාට පල්ලි යන්න හිතුන එක හොඳයි.....තාත්තා පැවසුවේය.....මල්ලීද හොද ඇදුමක් ඇදගෙන පැමිනි පසු අපි තාත්තා පැමිනි ප්රාඩෝ රථයට ගොඩවුනෙමු....නගරයේ සුපිරි වෙලද සැලක් අසල රථය නතර කල ඔහු රියදුරු මහතාසමඟ ඇතුලට ගොස් ටිකවෙලාවකින් පාර්සල් කිහිපයක්  රැගෙන ඇවිත් නැවත ගමන පිටත්විය....පාදර් ට තෑගි අරන් වගේ.....මා සතුටින් සිතුවෙමි.
                  පල්ලියට ලගාවෙනවිට සවස හය පමනවිය. පල්ලියට ගොස් ආගමික කටයුතුවල නිරත වනවිට එදා මා පිරිමි ලමයෙක් ලෙස සිදුකල ඒ කටයුතු අද ගැහැනු ලමයෙකු ලෙස සිදුකරමින් සිටිනවිට අම්මා සහ තාත්තා පුදුමයෙන් බලන ආකාරය දුටුවෙමි. එහෙත් ඔවුන් කිසිවක් පැවසුවේ නැත.....ඉන් අනතුරුව අපි පාදර් හමුවීම සඳහා ඔහුගේ නිවස වෙත ගියෙමි.....ආ මේ මිස්ට විජේසිරිවර්ධන නෙ එන්න ඇවිත් වාඩිවෙන්න.....පැවසුවේය.....පියතුමා අසුන්ගත් පසු අපි වාඩිවුනෙමු....කොහොමද පාදර්....අර දරුවට.....තාත්තා ....ඇසුවේය......ඒ දරුවගෙ ජීවිතේ ගැන විස්වාසයක් නෑ මිස්ට විජේසිරිවර්ධන.....දෙවියන් වහන්සේගේ පිහිටෙන් ජීවත්වෙන්න ඉඩ ලැබුනත්......අබ්බගාතයෙක් හැටියට තමා ඉන්නවෙන්නෙ.....එතුමා කනගාටුවෙන් කියන්ට විය.....ඒ මොකද පාදර් අබ්බගාතයෙක් වගේ කිව්වෙ....අම්මා ඇසුවාය.......ඒ දරුවගෙ කකුල් දෙකම කැඩිල මිසිස් විජේවර්ධන......පාද්ර් කීවිට.....ඒව අපිට හදන්න බැරිවෙයිද...පුලුවන්නම් මම ඕනැ තරමක් වියදම් කරන්නම්....තාත්තා පැවසූවිට.....ඔහු දෙස කනගාටුවෙන් බැලූ පූජක තුමා ......මිස්ට විජේසිරිවර්දනගෙ පරිත්යාගයට ස්තූතිකරනව ඒත් මේ දරුවට තාම සිහිය ඇවිත් නෑනෙ.....ඩොක්ටස්ලගෙ තීරනේනම් කපල ඉවත් කරන්න වෙනව කියල...එතුමා පැවසූවිට...කකුල් දෙකම.....අම්මා ඇසුවේය.....ඔව්.....ඒක තමා මම කිව්වෙ ජීවත්වුනත් කකුල් නැතුව තමා ඉන්නවෙන්නෙ කියල......   එතුමා පැවසුවේය......ඇතිවූ දුකත් බියත් නිසා මට කිසිවක් හිතාගැනීමට නොහැකිවූ අතර අම්මා සහ තාත්තා කිසිවක් නොකියා කනගාටුවෙන් බලාසිටිනබව දක්නට ලැබුනි....දැන් එයාට සිහිය ආවොත් මාව ආයෙත් එයා වෙයි....ඊටපස්සෙ මට කකුල් දෙක නැතුව තමයි ජීවත්වෙන්න වෙන්නෙ....මගේ අම්මයි තාත්තයි නැතිවුනාට පස්සෙ.....මගෙ අත්දෙක කැඩුනවගේ වුනා.....දැන් කකුල්දෙකත් නැතිවෙයිද මන්ද......සිතුනු මට මා නොදැනීම ඇස්වලින් කදුලු බේරෙනු දනුනු මා අතේ තිබුනු ලේන්සුවෙන් කදුලු පිසදාගත්තෙමි......ඔයාල කනගාටුවෙන්න එපා දෙවියන්වහන්සේගේ කැමැත්ත ඕකනම් අපි ඒකට මුහුනදෙමු.....පියතුමා පැවසුවේය.....ඒදරුව වෙනුවෙන් මම ඕනැ දෙයක් කරන්න ලෑස්තියි පාද්ර්.....තාත්තා කනගාටු ස්වරූපයෙන් කීවේය.......තැන්කිවු...මිස්ට විජේසිරිවර්දන....මට හිතාගන්න බැරි... ඒවගෙ ගුන යහපත් දරුවෙකුට දෙවියන් වහන්සේ මේවගෙ දඬුවමක් දුන්නෙ ඇයි කියල...පැවසූ ඔහු මෙගේ ගුන ගැන පවසන්ටවිය.....දෙවියන් වහන්සේ එයාට දඩුවම් දුන්නෙ නෑ පාදර් සමහර විට එයාට හොඳක්වෙයි..එහෙම නැතුව දඩුවම් කලොත්  කකුල් නැතුව ජීවත්වෙන්න වෙයි......මේ ගුන කථනය කරන ඒ ප්‍රියන්ත මමයි කියල කියන්නෙ කොහොමද......කිව්වත් පිලිගනීද......කල්පනාකල මා....... මට පාදර්එක්ක පුද්ගලිකව කතාකරන්න පුලුවන්ද ඇසුවෙමි.....මේ දරුවත් හොස්පිටල් එකේ ඉදන් ආව වෙලාවෙ ඉදන් පාදර්ව හම්බවෙන්න ඕනැ.....කියනව......කී අම්මා......සිහිය ආවගමනුත් ඇහුවෙ පාදර් ඇවිත් ආශිර්වාද කලාද කියල.....වැඩිදුරටත් පැවසුවේය.
                 සිනාසී මාදෙස බැලූ පියතුමා......එහෙනම් අපි පල්ලිය ඇතුලට  යමු.....මේ දරුවට මාත් එක්ක පුද්ගලිකව කියන්න දෙයක් ඇතිනෙ...... පැවසූ එතුමා.....අපි එනකන් ඔයාල ඔහොම ඉන්න පවසා මා සමඟ පල්ලිය ඇතුලට ගියේය.....පාපෝච්චාරනයක් කරන්නද....එතුමා ඇසුවේය.....එහෙම දෙයක් නෙවෙයි පාදර්..... මට පාදර් එක්ක කියන්න පුද්ගලික දෙයක් තියෙනව ....එහෙනම් මෙහාට ඇවිත් වාඩිවෙන්නකො කී එතුමා අපේ කතාව කිසිවෙකුට නොඇසෙන තැනකට ගොස් පැවසුවේය.....මා බන්කුවක වාඩිවූ අතර එතුමා එතන තිබුනු ආසනයක වාඩිවිය. එහෙනම් කියන්න ඕනැ කාරනය කියන්න බලන්න.....එතුමා මා දෙස බලා කීවේය .

අනතුරේ පෙරලිය 8...........සවස හතර පමණ වනවිට මා ඇඳුම් ඇදගැනීමට පටන්ගත්තේ මේ නොපුරුදු ඇදුම් ඇඳගැනීමට ප්‍රමාද වේයයි තිබුනු බිය නිසාය. රෝහලෙන් එනවිට ඇඳසිටි බෙරෙසියරයත් යටසායත් ඇඳගත්තේ සුලු වෙලාවක් ඇඳසිටි නිසා ඒවා කිලුටුවී නැති බැවිනි....ඉන් අනතුරුව මා තෝරාගත් ගවුම ඇඳගෙන කැඩපත අසලට ගොස් එය හරියට ඇඳගත්තා දැයි දැනගැනීම පිණිස පරීක්ෂා කලෙමි.....පෙනුමෙන්නම් හරි වගේ....ඒත් මේ කෙල්ලන්ගෙ ඇදුම් වල ඉස්සරහ පස්ස හොයන්නත් අමාරුනේ....කොල්ලන්ගෙ ඒවනම් කිසි ගැටලුවක් නෑ.....සිතමින් පරීක්‍ෂා කරනවිට මෙම ගවුමට දේශානී තවත් ලස්සන වී ඇති ආකාරය දක්නට ලැබුණි....දෙශානි කියන්නෙ කොච්චර ලස්සන කෙල්ලෙක් ද මම හිටියෙ නැත්නම් අද ඉතුරුවෙන්නෙ මේ කෙල්ලගෙ මලකඳ විතරයි.....ඒත් මේ කෙල්ල හින්ද  ඉස්පිරිතාලෙ තියෙන මගේ ශරිරෙ කොයිවෙලාවෙ හරි මලකඳක් වෙයි...දුක් බරව කල්පනාකලත්..ඒත් මම මැරුනෙ නෑනෙ....සිතට සතුටක් ඇතිවිය.....දොස්තරලගෙ පිහිටෙන් ඉස්පිරිතාලෙ තියෙන මගේ ශරීරෙ හොඳවුනොත් මොකක් වෙයිද.....එකවරම ගැටලුවක් ඇතිවිය.....මට ආපහු ඒශරීරෙ හම්බවෙයිද....එක අතකට එහෙම උනොත් හොඳයි... එතකොට දේශානිට ආයෙත් මෙහෙ ජීවත්වෙන්න පුලුවන්වෙයි. මට ආයෙත් සුපුරුදු විදියට කොල්ලෙක්වෙලා පල්ලියට යන්න පුලුවන්.....මා සිතන්ට වුනෙමි.
                                   දෙශානි හොඳට රූපලාවන්‍යය පාවිච්චි කර ඇතිබව කන්නාඩි මේසය මත තිබෙන උපකරනවලින් පෙනෙන්ට තිබුනි.....ඒත් මම මේව පාවිච්චි කරන්න දන්නෙ නෑනෙ.... ඒවා අල්ලමින් සිතූ මා එතැන තිබුනු පවුඩර් වලින් පවුඩර් ස්වල්පයක් අතට හලාගෙන මුහුන පුරා ගාගත්තෙමි. තොල්සායම් නිය ආලේපන කිහිපයක් තිබුනත් ඒවා ආලේප කිරීමට නොදන්නා නිසා නොගත්තෙමි.....මේ විදියට දිගටම ඉන්නවුනොත් මේව පාවිච්චි කරන හැටි ඉගෙනගන්න වෙයි.....ඒත් කොහොමද ඉගෙනගන්නෙ.....මෙයාල හිතාඉන්නෙ මම ඇත්තටම දෙශානි කියල....දේශානිට මේව තේරෙන්නෙ නෑ කිව්වොත් අවුලක් වෙයි...මට නොතේරෙන බව පැවසීමට බය හිතුනි.....මට හැකි ආකාරයට ඇගේ කෙටි කොන්ඩය පීරාගත් මා අම්මා අසලට ගියේ මගේ හැඩවීමේ අඩුපාඩුවක් පවසාවි යයි සැකයෙනි....ආ ඔයා මේ ඉක්මනටම ලෑස්තිත්වුනාද....මා දෙස බලා පැවසූ ඇය....අයියෝ පුතේ කොන්ඩෙ ඔහොමද පීරන්නෙ.....ඇය එසේ පවසන විට මගේ කොන්ඩය පීරාගැනීමේ අඩුපාඩුවක් ඇතිබව තේරුනු බැවින් හිස අතගාමින්.....අනේ මන්ද කෙල්ලො කොන්ඩ පීරන හැටි මම කොහොමද දන්නෙ....කල්පනා කලෙමි. සිනාසෙමින් මගේ කාමරට ගිය ඇය පනාව රැගෙන ඇවිත් කොන්ඩය පීරීමට පටන්ගත්තාය....මටත් දැන් ඉගෙනගන්න වෙනව අම්ම පීරන විදියට පීරල කොන්ඩෙ හදාගන්න.....සිතූ මා ඇය කොන්ඩය සකස්කල පසු කන්නාඩිය අසලට ගොස් එහි හැඩ බැලුවෙමි....කෙල්ලෙක් උනාම මොනතරන්නම්  දේවල් තියෙනවද ඉගෙනගන්න.....මම ගතකල පිරිමි ජීවිතේට වඩා සම්පූරනයෙන්ම වෙනස් ජීවිතයක්නෙ......අනේ මන්ද මාව ආයෙත් හොදවෙලා ඒ ශරීරෙ හම්බවුනේ නැත්නම් මේව කොහොම ඉගෙනගන්නවද කියල....කොහොම ගැහැනු ජීවිතේට හුරුවෙනවද කියල.....මට සියුම් බියක් දැනුනි.
                 ලැස්තිවී අවසන් වූ මා සාලයේ සෙටියේ වාඩිවුනෙමි.....එය ඉදිරියේ විශාල ප්‍රමානයේ එල් ඊ ඩී රූපවාහනී යන්ත්‍රයක් දුටුවෙමි.....මම ටීවී බලල තිබුනට මෙච්චර විශාල එකකින් බලල නෑ....මේකෙන් බලනකොට ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලනව වගේ ඇති. මා එය දෙස බලමින් කල්පනා කලෙමි. ඒ අසල විශාල බෆල් දෙකක් තිබුනු අතර නවීන පන්නයේ ඩ් වී ඩී යන්ත්‍රයක්ද තිබුණි.  මේකෙන් සින්දු අහනකොට සන්ගීත සංදර්ශනේකට ගියාවගේ ඇති....මා සින්දු සහ චිත්තරපටි බැලීමට බෙහෙවින් ඇලුම්කරන බැවින් කල්පනා කල මට දිගටම මේ විදියට ඉන්න පුලුවන් වුනොත්.මේ ටී වී එකෙන් ෆිල්ම් බලන්නයි... හොඳට සින්දු අහන්නයි පුලුවන්නම් මාව කෙල්ලෙක් වුනත් කමක් නෑ.....සිතට සතුටක් ඇතිවිය.....ඒත් මේව ඔපරේට් කරන තැන් කොහේද දන්නෙ නෑ...සිතූ මා ඒවා අසලට ගොස් ඒවායේ ස්විච් අමුනා ඇති ආකාරය පරීක්ෂා කලෙමි. ඉන්පසු ඒවායේ දුරස්ත පාලක කොහේදැයි සෙවුවෙමි. ඒවා සැටිය අසල ටීපෝව මත තිබෙන බව දුටු මට සතුටක් ඇතිවිය. එහෙත් ඒවා පනගැන්වීමට නොගියේ සමහර නිවෙස්වල මෙවැනි නවීන උපකරන තිබුනත් ඔවුන් ඒවා එතරම් පාවිච්චි නොකරන නිසාය.......මේ ගෙදර අයත් ඒවගේද දන්නෙ නෑ.....කල්පනා කල මා නැවත සැටියේ වාඩිවී දුරස්ත පාලක අතටගෙන ඒවා ක්රියාත්මකවන ස්විච් ගැන යම් අවභෝදයක් ලබාගන්ට වුනෙමි.
                 ඔක්කොම හරිද පුතේ...තව පොඩ්ඩකින් තාත්තයි මල්ලියි එයි....අම්මාගේ කටහඬ ඇසුනු බැවින් මා ඒදෙස බැලුවෙමි.බ්ල්වුසයකින් සහ සායකින් සැරසී සිටි ඇය.....මින් පෙර දුටුවාට වඩා ලස්සන වී ඇතිබව තේරුනි....මුහුන ලස්සනවී තොල් දෙකද පැහැපත් වී තිබුනු ආකාරයට ඇගේ මුහුනට මේකප් එකක් කරගෙන ඇතිබව දුටුවෙමි.....ඇයි පුතේ තොල්වලට මොකුත් ගාගත්තෙ නැද්ද.....ඇසුවාය...මම නොදන්න දේවල් කරන්න ගිහින් අනාගන්නෙ නැතුව මෙහෙම ඉන්න එක හොදයි.....සිතූ මම...ඕව ඕනෙ නෑ අම්මෙ... මෙහෙම හොදයි..... කීවෙමි....ගෙදරින් පිට කඩේට යනකොටත්  ගාගෙන යන එකේ අද මොකද......ඇසූ ඇය.....අපි යන්නෙ පල්ල්ලියට පන්සලකට නෙවෙයි.....බවුද්දයොනම් පන්සල් යනකොට චාම්ව යන්නෙ.....කී ඇය මා දෙස බලා සුලුවේලවක් කල්පනා කර....එන්න පුතේ කියා මට කතාකලාය.....මා ඇය පසුපස ගියෙමි.....අපි ඇතුලුවුනේ මා සිටි කාමරයටය......මාව කන්නඩි මේසය අසලට කැඳවා තොල් දෙකෙහි තොල් සායම් ආලේප කරන්ට වූවාය. ඉන්පසු එතන මේකප් වලින් යම්යම් දේවල් රැගෙන මුහුනේ ගාන්ටවිය.....ඇහි බැම දෙකද සකස් කල ඇය.....දැන් හරි....තාත්තල මෙලහට එනව ඇති ඇගේ අතේ බැඳී ඔරලෝසුව දෙස බලා කියමින් කාමරයෙන් පිටවූවාය.
අනතුරේ පෙරලිය 7...........මම කොහොමද මේ විදියට ස්කෝලෙ යන්නෙ....මෙයා අදුනන කිසිම කෙනෙක් මම අදුනන්නෙත් නැ....සිතමින් තවදුරටත් පොත් බලනවිට පාසැලේ නම අසුවිය. මාරිස්ටලා ගර්ල් ස්කූල්....මෙයා යන්නෙ මාරිස්ටලා එකටද....ඒක ප්‍රයිවට් එකක්නෙ....මා එම පාසැල ගැන දන්නා බැවින් කල්පනාකලෙමි....එතකොට මෙයාලත් අපි වගේ ක්රිස්තියන්ද...එහෙමනම් හොඳයි ...වෙන ආගමකනම් තමයි ප්‍රශ්නේ .....මා පොත් අවුස්සමින් ජෙසුස් වහන්සේගේ පින්තූරයක් තිබේදැයි බැලුවෙමි.....එහෙත් ඇයගේ කාමරේවත් කිසිම තැනකවත් ආගමික සලකුනක් නොතිබුනි....මාරිස්ටලා යනවනම් කැතලික් වෙන්න ඕනැ.....මා කල්පනාකලෙමි. මා මෙසේ පොත් අවුස්සමින් සිටිනවිට...එන්න පුතේ කෑම කන්න.....අම්මා කතාකලාය. මා ඇය සමග කෑම ගන්නා ස්තානය දෙසට ගියෙමි.....මේක ලොකු ගෙයක් නෙ....මා යන අතරතුර කල්පනා කරන්ටවුනෙමි.....කෑම කාමරේට යනවිට....කෑම මේසය කැමවලින් පිරී තිබුණි .....චූටි බේබිට කතා කලේ නැද්ද සුනීතා....අම්මා කෑම මේසය සකසමින් සිටි තැනැත්තියගෙන් ඇසුවාය....තව පොඩ්ඩකින් කනව කිව්ව මැඩම්....ඇය කීවාය.....පන්ති යන්නත් තියෙනවනෙ මේ ලමය නොකා යන්නද හදන්නෙ.....කී ඇය මල්ලී හොයාගෙන යන ආකාරය දුටුවෙමි. ..........අපේ ලොකු බේබි බේරුන එක ලොකු වාසනාවක්.....කී ඇය මට පිගානක් දුන්නාය.....මා පිඟාන අතටගත්විට.....අර පිරිමි ලමය පවු නේද බේබි....ජීවිතෙත් විස්වාස නැහැල්ලු නේද.....කනගාටුවෙන් මෙන් පවසනවිට ....ඒක තමා...මා කෙටියෙන් කීවෙමි....ටිකවෙලාවකින් අම්මා සමග පැමිනි මල්ලී බත් බෙදාගෙන කාමරයෙන් එලියට ගියේය.....වෙනදටත් මල්ලි මෙතැන ඉදන් නෙවෙයිද දන්නෙ නෑ කන්නෙ....මා සිතුවෙමි....අම්මා බත් බෙදාගන්නා අතරතුර මාද බෙදාගත්තෙමි.....කෑම මේසයේ මස් මාලු සමග වියන්ජන වර්ග කිහිපයක් තිබුනේ ඔවුන්ගේ ධනවත්කම විදහා පාමිනි.....මට දිගටම මෙහෙ ඉන්න පුලුවන් වුනොත් හොඳට කන්න පුලුවන්.....ඒවා බෙදාගනිමින් කල්පනාකලේ ඉස්සර මෙතරම් කෑම වේලක් ලැබෙන්නේ කලාතුරකින් බැවිනි.
.... අම්මෙ මට පල්ලියෙ පාදර් හම්බවෙන්න ඕනැ.....මා බත්කන ගමන් කීවෙමි....මොකද කවදාවත් නැතුව පල්ලිය මතක්වුනේ.....පුදුමයෙන් මෙන් පැවසූ අම්මා.....දෙවියන් වහන්සේ මතක් වෙන්නත් ලොකු දෙයක් වෙන්න ඕනැ.....ඇනුම් පදයක් මෙන් කී ඇය....මෙච්චර කාලයක් දෙවියන් වහන්සේටයි පල්ලියටයි....දොස් කියකිය හිටිය මිසක් .....නිකමටවත් ඒ පලතෙ ගියාද.....දැන්වත් විස්වාසද දෙවියන් වහන්සේගේ පිහිට තියෙනව කියල.....ඇය මෙසේ පවසන විට මේ දේශානි කැතලික් උනාට දෙවියන් වහන්සේ විස්වාස කරපු නැති කෙනෙක් වගේ.....විස්වාස නොකලත් කමක් නෑ දෙවියන් වහන්සේටයි...ආගමික පූජකවරුන්ටයි දොස් කියන්නෙ නැතුව.....මා ඇය කෙරෙහි කලකිරීමෙන් යුක්තව කල්පනා කලෙමි....දැන් එහෙම කියන්නෙ නෑ අම්මෙ....අම්මා කෑම ගනිමින් දොස් කියනවිට පැවසුවෙමි.....දැන්වත් දෙවියන් වහන්සේ ගැන විස්වාසයක් ඇතිවුනානම් ලොකු දෙයක්.....කී ඇය ඉන්නකො තාත්තට කතා කරල බලන්නම්....කීවාය.
කෑමෙන් පසු මා සාලය දෙසට පියමන් කලේ මේ නිවස ගැන තවදුරටත් වටහාගැනීමටය.....ඇඳ පැලඳගෙන සිටි මල්ලී බැගයද රැගෙන මිදුලට ගියේ පන්තියෑමට බව තේරුම්ගත්තෙමි.මෙයා පයිද දන්නෙ නෑ යන්නෙ ....යනුවෙන් සිතනවිටම....කලු පැහැති කාර්යක් පැමින ඔහු අසලින් නැවැත්වීය....අම්මේ මම යනවා කී ඔහු එයට ගොඩවිය.....මල්ලිට පන්ති යන්නත් වාහනයක් තියෙනවනෙ.....එයා ඉස්කෝලෙ යන්නෙත් මේකෙද දන්නෙ නෑ.....මා සිතන්ට වුනෙමි. ශාලය පුරා ඇස්යොමුකරනවිට.....ජේසුස් වහන්සේගේ පිලිරුවක් ඉදිරිපිට ඉටිපන්දමක් දැල්වෙනු දුටු මා ඒ අසලට ගොස් කුරුශය අදිමින් උන්වහන්සේට ස්තූති කලෙමි.....මා දෙස බලාසිටි අම්මාගේ මුවගට සිහින් සිනාවක් නැගුනේ මා මෙම කරන ක්රියාවට පුදුම සිතීමෙන් බව තේරුනි....දේශානි කවදාවත් මෙහෙම කරල නෑවගේ....මට සිතුනි.
පුතේ හවස පහවෙනකොට තාත්ත එනව කිව්ව....එයාටත් පාදර් හම්බවෙන්න ඕනැලු.....එතකොට මල්ලිත් එයිනෙ අපි ඔක්කොටම යන්න පුලුවන්.....පහවෙනකොට ලෑස්තිවෙලා ඉන්න කිව්ව.....අම්මා පැවසුවාය.....කාම්රයට ගිය මා පල්ලි යනවිට ඇදගෙන යෑමට ඇදුමක් සොයන්ටවුනෙමි.....ඉස්සරනම් කලිසමකුයි සර්ට් එකකුයි අදින්න තිබුන....දැන් එහෙම බෑනෙ......ලස්සන ගවුමක් අදින්න වෙනව.....මා දෙශානිගේ ඇදුම් එකින් එක බලන්ට වුනෙමි....රාක්කෙ විතරක් නෙවෙයි මේ කබඩ් එකෙත් ඇති....මා කබඩය ඇර බැලූවිට එහි වෛවාරන වර්ගයේ ඇදුන් පිරී තිබුනි....මා කිසිම කලක කාන්තා ඇදුන් අල්ලා නැතිවුනද අදදින් මාත් කෙල්ලෙක් වී ඇතිබව දැනගත් වෙලාවේ සිට ඒ ඇදුම් ගැන එතරම් අමුත්තක් නොතිබුනුනි....පල්ලියෙ පූජාව දවස්වලට මගේ වයසේ ගැහැනු ළමුන් ඇදගෙන එන ඇදුම් ගැන සිහිවිය.....එයාල ලස්සන ලස්සන ඇදුම් ඇදගෙන එනව හරියට සමනලියො වගේ...මා ඔව්න් දෙසා ආශාවෙන් බලා සිටි බව මතක් විය....මාත් අද ඒවගෙ ගවුමක් ඇදගෙන යන්න ඕනැ....සිතූ මම තව දුරටත් තෝරන්ටවුනෙමි....මේ ගවුන් අතර නිල්පාටට හුරු ගවුමක් අතට ගෙන දිගහැරියෙමි.....මේකනම් ලස්සනයි වගේ.......එය පපුව මත තියා කන්නාඩියෙන් බැලුවෙමි....මේක ඇදගෙන යන්න ඕනැ....සිතූ මම එය ඇදුම් රාක්කය මත තැබුවෙමි....
මා මෙසේ ඇදුම් තෝරනවිට කාමරයට පැමිනි අම්මා....මොනවද පුතේ හොයන්නෙ....ඇසුවාය.....පල්ලියට ඇදගෙන යන්න ගවුමක් අම්මෙ......කී මම.....මා තෝරාගත් ගවුම පෙන්වා.....මේක හොදයිද ඇසුවෙමි....ඕක මේසැරේ ඔයාගෙ බර්ත් ඩේ පාටියට ඇන්ද එක නේද..ඇසූ ඇය....ලස්සනයි......කීවාය.....මෙයාල එහෙනම් උපන්දින උත්සවත් ලොකුවට ගන්නව වගේ.....සිතූ මම....ලගදි ගන්න ඇති.....මම හිටියෙ නැත්නම් මෙයාගෙ පාටියට පස්සෙ මලගේත් ගන්න තිබුන.....මා කල්පනා කලත්....දැන් මගේ මලගේ නේද හෙට අනිද්දට ගන්නවෙන්නෙ......එතකොට දේශානිට මොකද වෙලා තියෙන්නෙ.....සමහර විට එයාගෙ ශරීරෙ  මට දීල මැරෙන්න ඇති.....මා කනගාටුවෙන් යුතුව කල්පනාකලෙමි.......

අනතුරේ පෙරලිය 6...........කොල්ලන්ගෙ ඇඟ වගේ නෙවෙයිනෙ කෙල්ලන්ගෙ ඇඟ සුරුබුහුටිනෙ... ඒ හින්ද වෙන්න ඇති......වෙනදා එල්ලෙමින් තිබුනු පුරුෂ ලිංගික පද්ධතිය නොමැති නිසා එම ස්ථානයෙන් හිස්බවක් සහ සැහැල්ලුවක් දැනෙන්ට විය. වතුර සවර් එක ඇරිය පසු සීතල ජල ධාරාව ගලා එන්ට විය. මා හිස නොතෙමී සිරුර එම ජල ධරාව දෙසට ගෙනගියෙමි. සිරුර සිසිල් කරමින් ජලය ඇඟ පුරා ගලායන්ටවිය...මුලින් සීතල දැනුනත් සුලුවෙලාවකින් ඇඟට සනීපයක් ඇතිබව දැනුනි. මා සිරුර අතගාමින් ඇඟ හොදාගන්ටවුනෙමි. .....ඉස්සර මගේ හම වගේ මෙවෙයි මේ හමනම් හරිම සිනිඳුයි අතගාන්නත් ආසයි.....සිතමින් ජලය බේරෙන සිරුර පුරා අතගාමින් හෝදන්ට වුනෙමි. සබන් තිබුනු ස්ථානයෙන් සුවඳ සබන් කැටයක් අතටගත් මා සිරුර පුරා සබන් තවරාගත්තෙමි....දැන්නම් ඉස්සෙල්ල්ටත් වඩා හම සිනිදුයි.....සබන් නිසා ලෙහෙසියෙන් ලෙස්සායන සම දෙස බලා කල්පනා කලෙමි.
        ඇඟ සෝදා අවසන්වූ මා සාලුව ගෙන පිසඳාගෙන ඇඳගෙන සිටි ඇදුම් ඇදගන්න සූදානන්වුනෙමි......දැන් ඉතින් මටත් අඳින්න වෙන්නෙ මේවගේ ගැහැනු ඇඳුම් තමා.....සිතමින් බ්රෙසියරය අතට ගෙන අම්මා ඇන්දවූ ආකාරයට ඇඳගත්තෙමි.....එහි පිටුපස ඇමිනීමට තරමක් අපහසු වුවද කෙසේ හෝ අමුනාගත්තෙමි......අනිත් ඇඳුම්ද ඇඳගත් මා.....කාමරයට ගොස් ඇදේ වාඩිවුනෙමි.....මාව මෙලෙස ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු සැහැල්ලුවෙන් සිටි මට සීතල වතුරින් ඇඟ සොදාගත් පසු තවත් සැහැල්ලුවක් දැනුනි......මා මෙතෙක් කල් ඇද පුරුදු පිරිමි ඇදුන් මෙන් නොව මෙම ගැහැනු ඇදුම්වලින්ද අමුතුම සනීපයක් ගෙනදෙන බව දැනුනි......ඇගට දැනුනු සැහැල්ලුවත් සනීපයත් නිසා...ඇදේ දිගාවී කොට්ටයක් තුරුලු කරගෙන එහාට මෙහාට පෙරලුනෙමි.....කෙල්ලෙක් වුනාම ඇඟට මෙච්චරටම සනීපද....පුදුමයෙන් කල්පනා කරන්ට වුනෙමි.
                        සුලු වෙලාවකින් දොර ඇරගෙන අම්මා එනබව දුටු මා ඇදේ වාඩිවුනෙමි ....පුතා නිදා ගත්තද....ඇය ඇසුවාය.....නෑ අම්මෙ.....ඇඟ ටිකක් හෝදගත්ත.....මම කීවිට.....ඒක තමා ළඟට ආවගමන් සුවඳ දැනුනෙ....ඒත් මම මොකද කියල බැලුව.....කී අම්මා......මීට පස්සෙ තනියම නාන්න යන්න එපා.....මට කතා කරන්න.... කීවාය......ඇයි අම්මෙ බාත්රූම් එක තියෙන්නෙ අතනනෙ.....මා එහි දොර දෙසට අතදිගුකර පෙන්වා කීවෙමි......ඒ වුනාට කමක් නෑ ඔයා මට කතාකරන්නකො.....අපි කතා කරමින් සිටින අතර තුර කවුදෝ මැදිවියේ ගැහැනු කෙනෙක් ට්රොලියක් තල්ලු කරගෙන කාමරය තුලට පැමින එය මා අසල නවතා පිට වූවාය......එය උඩ තිබුනේ තේ සහ කැවිලි වර්ගය.....කන්න පුතේ කී ඇය බිස්කට් එකක් රැගෙන කන්න ගත්තාය. මා කේක් කැබැල්ලක් ගෙන කෑමට පටන්ගත්තෙමි.....මට දැන් නාන්න හොද නැද්ද.....මා ඇසුවෙමි.....ඔය ඔලුවෙ ප්රස්නෙ හින්ද ඩොක්ටගෙන් අහලම නාන්න....ඇය කීවාය......මා අසලට පැමිනි තාත්තා දැන් කොහොමද පුතේ....ඇසුවේය......දැන්නම් මොකුත් අමාරුවක් නෑ තාත්තෙ.....මා ඔහුට පලමු වරට තාත්තා යනුවෙන් අමතා කීවෙමි.....බලන්න විජේ මෙයා තනියම බාත්රූම් එක ඇතුලට ගිහින් ඇගහෝදගෙනනෙ.....අම්මා කියන විට.....ඉතින් ඔයා පොඩ්ඩක් බලන්න එපායෑ.....ඔහු ඇයට දොස් කියන විලාසයෙන් පැවසුවේය.....මම හිතුවෙ නිදි කියල....ඇය සෙමින් කීවාය.....ඕකනෙ කියන්නෙ හිතල හරියන්නෙ නෑ කියල....ඔයා ටික දවසක් මේ දරුව ගාව ඉන්න.....ඔහු කීවේය.
            මම දැන් යනව මැටිල්ඩ.... මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කතාකරන්න.....මගේ මුහුන සිපගත් ඔහු කාමරයෙන් පිටව ගියේය......අම්මේ අද මම පන්ති යනවද.....කියාගෙන මල්ලී කාමරයට ආවේය......මේ දවස් දෙකේ ඉස්කෝලෙ යන්නත් බැරිවුනානෙ.....යන්න පොඩි පුතේ.....ඇය කීවාය......ඔහු ආපසු ගිය විට පුතාටනන් තව දවස් කිහිපයක් ඉන්නවෙයි.....මා දෙස බලා කීවාය......මේ කතාවෙන් ඇගේ දුවද පාසැල් යනබව තේරුනි.....ඒත් කොහේ ඉස්කෝලෙටද යන්නෙ.....කොයි පන්තියෙද ඉගෙනගන්නෙ....මට ගැටලුවක්විය.
             ටික වෙලාවක් මා අසල සිටි ඇය එලියට ගියාය. මා ඇගේ පොත් මේසය දෙසට ගොස් ඇගේ තොරතුරු දැනගැනීම සඳහා පොත් පත් පරීක්ෂා කරන්ට වුනෙමි.....මේ තියෙන්නෙ මෙයාගෙ නම......උදේසිකා දේශානී විජේසිරිවර්දන.....මෙයාට කතාකරන්න ඇත්තෙ උදේසිකා කියලද දේශානි කියලද.....මට ගැටලුවක් ඇතිවූවේ දැන් මට කතාකරන්නේද මේ නම් දෙකෙන් එකකින්බව දන්නා නිසාය.........දේශානි කියනවනම් හොදයි ඒ නම ලස්සනයි.....කල්පනා කරමින් තවත් පොත් බැලුවෙමි....  දොලහ වසර යනුවෙන් පොත්වල සඳහන් කර තිබුනු බැවින් ඇයද මා මෙන් උසස් පෙල පන්තියේ වුවද. මට පහල පන්තියේ බව දුටුවෙමි.....මොනවද මෙයා කල විෂයන්......පොත් පෙරලා බැලුවෙමි.....මෙයත් කරන්නෙ බයෝ නේද......හොඳ වෙලාවට මාත් කලේ බයෝනෙ.....මටනම් විභාගෙට තිබුනෙ තව මාස දෙකයි....ඒත් දැන් මෙයාට තව කල්තියෙනවනෙ.....මා සතුටින් කල්පනා කලෙමි.....දැන් මට මේ ලමය වෙනුවට ඉස්කෝලෙ ගියත් ගැටලුවක් නෑ.....ඒත්

අනතුරේ පෙරලිය 5...........මා සුලු වෙලාවක් වාඩිවී සිටින විට..... ඇයි පුතේ මොකක් හරි අමාරුවක්ද.....අම්මා ඇසුවාය.........නෑ අම්මෙ.....මොකුත් අමාරුවක් නෑ.....මා කිවෙමි......එහෙනම් කාමරේට ගිහින් ඇදුම් මාරුකරගන්න.....ඇය එසේ කියනවිට.....මට කොහේද මෙහෙ කාමර තියෙන්නෙ......ඒත් පාදර් කිව්වද දන්නෙ නෑ ටික දවසක් මෙහෙ තියාගන්න කියල.....ඒත් මෙයාල කාමරේ පෙන්නුවෙ නෑනෙ......මම පුදුමයෙන් වටපිට බැලුවෙමි.....මා වටපිට බලනවිට මල්ලී කුමක් හෝ ඇයට සෙමින් කියන අයුරු දුටුවෙමි......ඒ සමගම මා අසලට පැමිණි ඇය.....එන්න පුතේ කියමින්....මගේ අතින් අල්ලාගෙන කාමරයක් දෙසට රැගෙනයන්න විය.එම කාමරයට ඇතුලුවූ විට එය සෑම පහසුකමක්ම ඇති සුඛෝපබෝගි කාමරයක් යන හැඟීම ඇතිවිය.....මේකද දන්නෙ නෑ මේදවස් ටිකට මට දෙන්න වෙන්කල කාමරේ.....මා කල්පනාකලෙමි......ඇදුන් මාරුකරගන්න පුතේ...... කිව්ව ඇය ආපසුකලේය.ඇය ගිය පසු මා කාමරය වටපිට ඇහැයවමින් පරීක්ෂා කරමින් ඇදේ වාඩිවුනෙමි.ඇදේ මෙට්ටය ඉතාමත් සැපපහසු බව වාඩිවූපසු දැකගන්ට ලැබුනි......ඇදුන් මරුකරන්න කිව්වට මගේ ඇදුන් කොහේද තියෙන්නෙ.....වටපිට බලනවිට ඇදුම් රාක්කය මත ඇදුන් කිහිපයක් ඇතිබව දුටුවෙමි. මා එතැනට ගොස් ඒවා බැලුවෙමි....ඒත් ඒ ඇදුම් පිරිමි ඇදුම් නොව ගැහැනු ඇදුම් බව දුටුවෙමි.....මම මේව අදිනවයෑ....කෝ මගේ ඇදුම්.....මගේ පිරිමි ඇදුම් ටික හොයනවිට කන්නාඩි මේසයේ කන්නාඩිය දෙසට ඇසගියබව තේරුනේ එය තුලින් මගේ රුව දුටුවිටදීය.එය තුලින් ඉතාමත් රූමත් ගැහැනු ලමයෙකුගේ රුවක් දිස්වූ නිසා මා එය අසලට ගොස් එම රුව දෙස හොදින් බැලුවෙමි......මේ ලමය වගේ ලමයෙක්ව නේද මම එදා බේරගත්තෙ......මම ඇය දෙස හොදින් බලමින් කල්පනාකලෙමි.....පුදුමයි මාව එයාවගේ වුනේ කොහොමද.....ඇත්තටම මේ මමමද......ඇදගෙන සිටි ගවුම ගලවා සිරුර නැරබුවෙමි......ඇදගෙන සිටි සුදුපැහැති බ්රෙසියරය තුලින් ඇගේ පිරිපුන් පියයුරු යුවල දැකගැනීමට ලැබුනි.....අනතුරෙන් පස්සෙ පපුව ඉදිමිලා කියල හිතා හිටියට ඇත්තටම තියෙන්නෙ පියයුරු දෙකක්නෙ ......කල්පනා කල මගේ අත නොදැනුවත්වම කකුල් දෙක අතරට ගියේ එතැනට කුමක් සිදුවී ඇත්දැයි දැනගැනීම සදහාය.එහෙත් එම ස්ථනයේ හිස්බවක් ඇතිබව තේරුනු නිසා ඇදගෙන සිටි යට සාය පහත්කර යට කලිසමද පහත්කර කන්නඩිය තුලින් නැරඹුවෙමි ......මයි ගෝඩ්... මගේ එක නැතිවෙලා නේද....මාව කෙල්ලෙක්වෙලා.....කලබලයට පත්වූ මට සෙමින් කියවුනි......එතකොට මේ තියෙන්නෙ ඒ ලමය ජීවත්වුන ගෙදර කාමරේද.....මාව එක්ක ආවෙ ඒ ලමයගෙ අම්මයි තාත්තයි මල්ලියිද.....මේකනම් පුදුමයක්....මේවගෙ දේවල් වෙන්න පුලුවන්ද.....මා එම පුරුෂ ලිංගයෙන් හිස්වුනු ස්ථානය  අතගාමින් කල්පනාකලෙමි......මෙයාල මට පුතා පුතා කියල කතාකලාට දැන් මම මෙයාලගෙ දුවෙක්නෙ......දැන් මෙයාල හිතාගෙන ඉන්නෙ ....ඇත්තටම මම මෙයාලගෙ දුව කියල.....එහෙම නෑ කිව්වොත් මෙයාලට දුක හිතෙයි.....අනේ පවු එයාලගෙ හිත් නරක්කරන්න හොද නෑ.....මම මෙයාලගෙ දුව විදියට ඉන්න ඕනැ.....කල්පනාකල මා නැවත ඇදුම් රාක්කය දෙසට ගියෙමි......එහි නොයෙක් ආකාරයේ ගැහැනු ඇදුම් තිබුනු අතර කුමක් අදින්නදැයි ගැටලුවක් ඇතිවිය.....සුලු වෙලාවකින් පුතේ යන හඩින් කතාකරමින් අම්මා දොරට තට්ටුකරන හඬ ඇසුනු නිසා මා යට සාය සහ බෙසියරය පමනක් ඇදසිටි නිසා ඒවා වැහෙන්න ගැලවූ ගැවුම පපුවට අල්ලාගෙන දොර ඇරියෙමි.ඇතුලට පැමිනි අම්මා මා දෙස හොදින් බලා.....තාම ඇදුම් මාරුකරගත්තෙ නැද්ද ඇසුවාය.....මේ ප්රස්නය නිසා වික්ශිප්තව සිටි මා කිසිවක් නොකියා ඇය දෙස බැලුවෙමි......ඇදුම් රාක්කය අසලට ගිය ඇය.....ඇයගේ දුව වෙනදා අදින ඇදුම් කිහිපයක් රැගෙන මා අසලට ආවාය.....මා ඇදසිටි බ්රෙසියරය ඉවත් කල ඈ වෙනත් බ්‍රෙසියරයක් අන්දවා එයට උඩින් බ්ලවුසයක් ඇන්දුවාය....ඇදසිටි යට සාය ඉවත්කල පසු කලිසමක් වැනි ඇදුමක් අන්දන්ට විය....ඇයි අම්මෙ සායක් නැද්ද......මා දැන් කෙල්ලෙක් බව දන්නා නිසා ඇසුවෙමි.....තියෙනව...පුතා උදේ ඇහුවනෙ කලිසමක් නැද්ද කියල ඒකයි මේක අන්දවන්න හැදුවෙ.....කමක් නෑ අම්මෙ සායක් ඇදගන්නම්.....මා කීවිට....ඇය සායක් ඇන්දුවාය......දැන් පුතා පොඩ්ඩක් ඇලවෙලා ඉන්න තව පොඩ්ඩකින් තේ ගෙනත්දෙන්නම් කිව්ව ඇය නැවත කාමරයෙන් පිටවුනාය.
                 ඇය ගියපසු කන්ණාඩිය අසලට ගිය මා මගේ හැඩ බලන්ටවූවෙමි.....ශා ...මෙයානම් හරිම ලස්සන කෙල්ලෙක්නෙ......කොන්ඩෙත් තව දිගට තිබුනනම් තවත් ලස්සන වෙනව....මා එහාට මෙහට නැවෙමින් තවදුරටත් ඇගේ හැඩ නරඹන්ට වූවෙමි.මේ අතර මුත්‍රා බරක් දැනුනු නිසා කාමරයේ තිබුනු නාන කාමරය තුලට ගියෙමි.උනුවතුර බාත් ටැබ් වැනි උපකරන දුටුවිට එය ඉතාමත් නවීනපන්නයේ එකක් බව තේරුම් ගත්තෙමි.  මුත්‍රා කිරීමට සූදානම් උනත් දැන් ඉස්සර වගේ පිරිමියෙකු මෙන් මුත්‍රා කිරීමට නොහැකි බව තෙරුම් ගත්මා යට කලිසම පහත්කර කොමඩයේ වාඩිවුනෙමි. සුලුවෙලවකින් මුත්‍රා පහවෙන බව දැනුනු අතර එය ඉස්සරට වඩා වෙනස් බව දැනුනි.... ඉස්සරට වඩා ලේසියෙන්ම මුත්‍රා යනව වගේ....සිතුනු මට....දැන් අර තිබුනු දිග බටේ නෑනෙ.....ඒක හින්ද ලේසියෙන් යනව ඇති...ඉස්සර මුත්රාකර අවසන් භාගයේදී කිහිප සැරයක් නවත නවතා මුත්‍රා කිරීමට සිදුවූවද අද එකවරම මුත්රා කිරීම අවසන්වූ බව තේරුනි. එහෙත් එම ස්තානය මුත්රාවලින් තෙත්වුනු බැවින් සෝදාගැනීමට සිදුවිය. මෙම නාන කානරේ දුටුවිට මට නා ගැනීමට සිතුනි. එහෙත් හිසට යම් පහරක් වැදී ඇතිබැවින් හිස පෙදෙස තෙමීම ගැන සැකයක් ඇතිවිය.....ඔලුව තෙමන්න හොදද දන්නෙ නෑ.....හිස අතගාමින් කල්පනා කලෙමි........කොයි එකටත් ඇඟවත් හෝදගන්නව.....හිතූ මා....සබන් තිබේදැයි බැලුවෙමි....සුවඳ සබන් කැට කිහිපයක් සමග සැම්පු වර්ග කාන්තාවන් ඇග ගල්වන දියර සහ ක්රීම් වර්ග ඒ තුල ඇතිබව දුටුවෙමි. සිරුර පිසදා ගැනීම සදහා විශාල තුවායක්ද තිබුනි......මා ඇදුම් ගලවා නිරුවත්වුනෙමි.....නග්න සිරුර දෙස බැලූ මට ඇයගේ හැඩකාර කාන්තා සිරුර හොදින් දිස්වුනි .....හොදින් වර්දනය වී තිබුනු පියයුරු දෙක අතගෑවෙමි....මේ දෙක ලොකු වුනාට ඇඟට කිසි අපහසුවක් දැනෙන්නෙ නෑ....මා ඒවා තවදුරටත් නරඹමීන්  කල්පනා කලෙමි.....පෙර තිබුනු පුරුෂ ලිංගය නොමැති නිසා එම ස්ථානයෙන් හිස්බවක් දිස්විය.....මට සිහිය ආව වෙලේ ඉදම් මීටඉස්සර කවදාවත් නොතිබුනු ඇඟට සැහැල්ලු ගතියක් දැනෙන්නෙ.....මාව මේ විදියට කෙල්ලෙක් උන හින්දද......මා නග්න සිරුර අතගාමින් කල්පනාකලෙමි...

අනතුරේ පෙරලිය 4.......මා මෙලෙස ගැහැණු ඇදුම් ඇඳීමට සිතතුල ලැජ්ජාවක් ඇතිවුවද ඉස්සරට වඩා සැහැල්ලුවක් දැනෙනබව තේරුනි.....මේ ඇදුම් පිරිමි ඇදුම් වලට වඩා සැහැල්ලු හින්ද ඒවගේ දැනෙනව ඇති.....මා ඇදගෙන සිටි ගවුම අතගාමින් සිතුවෙමි.....දැන් මම මෙහෙම ඇඳගෙන එලියට යනකොට සමනලයෙක් යනවකියල මිනිස්සු හිනාවෙයිද දන්නෙ නෑ.....කල්පනා කරනවිට.....සාත්තු සේවිකාවක් කාමරයේ සිටි පිරිමි එක්කෙනාට බිල් පත ගෙනත්දුන් බව දැකගන්න ලැබුනි....ඔයාල ලෑස්තිවෙලා ඉන්න මම මේක ගෙවල එන්නම්....පැවසූ ඔහු කාම්රයෙන් පිටවිය......අම්මා සියලු දේවල් බෑග්වලට අහුරා ආපසු යෑමට සූදානම් වනු දක්නට ලැබුනි......සුලුවේලාවක් ගතවූපසු ඔහු ආපසු පැමින එහෙනම් යමුනේද පුතේ.....මගෙන් අසා ඇදුන් බෑගය අතට ගත් අතර.....අනිකුත් සුලු දේවල් ඔහු සමග පැමිනි මල්ලී අතට ගත්තේය......මගේ උරහිසෙන් අල්ලාගත් අම්මා යමු පුතේ කීවාය.....මා ඇය සමග යන්ට වුනෙමි.....පුතාට අපහසු නම් වීල් චොයා එකක් ගෙන්න ගම්මු.....යනගමන් ඇය කීවාය....නෑ අම්මෙ මොකුත් අපහසුවක් නෑ....මා කීවෙමි......නැවත හිසේ කැරකිල්ල හැදේවියයි සැක සිතුනු මා සෙමින් ඇයසමග ගමන්කලෙමි....අපි යනවිට බොහො පිරිසක් අපි දෙසට එනබව දුටු මට... මෙයාල මාදිහා බලල කොල්ලෙක් ගවුන් ඇදගෙන යනව කියල හිනාවෙයි....මට චකිතයක් ඇතිවිය.එහෙත් ඔව්න් මාදෙස බැලුවත් කිසිම ගනනක් නොමැතිව යනවිට.....මෙයාල හිතනව ඇති මම ඇත්තටම කෙල්ලෙක් කියල....හිතුනු මට.....මම ගවුන් ඇන්දම ඇත්ත කෙල්ලෙක් වගේ ලස්සන ඇති....ගියගමන් කන්නාඩියෙන් බලන්න ඕනැ.....සිතාගත්තෙමි......එලියට ගිය පසු වාහනයක් පැමිනෙන තුරු බලා සිටින්ට සිදුවිය...එහෙත් මා දෙස බලන කිසි කෙනෙක්ගේ මුහුනුවල අමුත්තක් නොපෙන්වීම මගේ සිතට සැනසුමක් විය......සුලු වෙලාවකින් ප්‍රාඩෝ වර්ගයේ නවීන රථයක් අපි ඉදිරිපිට නවතනු දුටු ඔවුන් මාව එක්කගෙන එම රථය දෙසට යන්ටවිය......මේක ගොඩක් වටින වාහනයක්නෙ....මේක මේ මහත්තයගෙ වෙන්න ඇති....දැන් බලනකොට මෙයා ලොකු සල්ලි කාරයෙක්නෙ....පාදර්ගෙ කීමට මෙයාද දන්නෙ නෑ රෝහල්ගාස්තු ගෙවුවෙ......මා කල්පනාකලෙමි.
                අර දරුවගෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ විජේ......මා අසල වාඩිවී සිටි අම්මා විජේ නමින් හදුන්වමින් රියදුරු අසල ආසනයේ වාඩිවීසිටි මහත්මයාගෙන් ඇසුවාය.....අනේ මන්ද මැටිල්ඩ.....තාම අයි සී යූ එකේලු.....ඒලමයගෙ ජීවිතේ සුවර් නෑ කියල තමයි අද උදෙත් පාදර්ගෙන් ඇහුවම කිව්වෙ.....අනේ පවු ඒලමය හිටියෙ නැත්නම් අපේ දරුවගෙ ජීවිතේනෙ නැතිවෙන්නෙ....අම්මා මාව තුරුලුකරගෙන කනගාටුවෙන් මෙන් කීවාය.....මොනවද මේ මෙයාල කියන්නෙ......ඒලමයව බේරගන්න මමනෙ පාරට පැන්නෙ.....ඒ වුනාට මෙයාල කියන්නෙ......ඒලමය පාරට පැනල මාව බේරගත්ත කියලනෙ.....එහෙම වෙන්නෙ කොහොමද....මෙයාලට කවුරු හරි වැරදි ආරන්චියක් දීල වගේ.....කල්පනා කලත් එය නිවැරදි කිරීමට නොගියෙමි.....මම මෙයාට කොච්චර කියනවද පාර පනින කොට දෙපැත්ත හොදට බලල පනින්න කියල......කෝ අපි කියන ඒව කනකටවත් ගන්නෙ නෑනෙ......අම්මා දොස් කියන්ට වූවාය......දැන් ඉතින් පාඩම් ඉගෙන ගත්තනෙ.....දැන්වත් හැදෙන්නෙ නැතෑ.....එම මහත්තයා කීවේය.....මෙයා පාඩම් ඉගෙන ගත්තෙ අර අහින්සක ලමයෙක්ව බිල්ලට දීල.....අම්මා කියන විට.....දැන් ගිය දේ ගියා මැටිල්ඩා......ඉස්සරහටවත් හොදට ඉන්න කියන්න.....ඔහු කීවේය.......මෙයාල මේ මොනවද මේ කියවන්නෙ....මෙයාල මම දැකලවත් නෑ......ඉතින් කොහොමද මට අවවාද දෙන්නෙ.....අනික මම කොහොමත් පරිස්සමින් තමයි පාරවල් පනින්නෙ......මා ගැටලු සහගතව කල්පනාකරන්ට වුනෙමි.....මේ අනතුරෙන් පස්සෙ මගෙ ඔලුව හොල්මන් වෙලාද දන්නෙ නෑ මේවගෙ දේවල් ඇහෙන්නෙ.....මා හිස සොලවා අතගෑවෙමි.....එහෙත් මට කිසිවක් හිතාගැනීමට නොහැකිවිය.
          ටික වෙලාවකින් වාහනය යන දිසාව දෙස බැලුවෙමි.....එහෙත් එය ගමන් කරන්නෙ පල්ලිය තිබෙන පාරේ නොවන බව තේරුනි.....ඇයි අම්මෙ පල්ලියට යන්නෙ නැද්ද.....මා කාන්තාවගෙන් ඇසුවෙමි.......මොකද මේ හදිස්සියෙ පල්ලිය මතක්වුනේ..... යන්න ඔන්නම් ගෙදර ගිහින් යමු.....ඇය කීවාය.....පල්ලිය මතක් නොකර පුලුවන්ද මම ඉන්නෙ පල්ලියෙනෙ.....සිතූ මම.....මෙයාල මාව මෙයාලගෙ ගෙදෙට්ට එක්ක ගිහින් ඊට පස්සෙ පල්ලියට එක්කයයි.....මා කල්පනාකරන්ට වුනෙමි.
         තව ටිකක් දුර ගිය වාහනය එල්කාඩෝ දොරක් සවිකර තිබුනු සුවිසල් නිවසක තාප්පය අසල නතරකර. දුරස්ථ පාලකය උපයෝගී කරගනිමින් එම දොර අරිනු දැක ගැනීමට ලැබුනි.....වත්ත ඇතුලට ගිය පසු එය නවීන පන්නයට අනුව ගොඩනගා තිබුනු සුවිසාල දෙමහල් ගොඩනැගිල්ලක් බව දක්නට ලැබුනි ......මට හිතෙන්නෙ මෙයාල එසේ මෙසේ සල්ලිකාරයෝ නෙවෙයි......මා පුදුමයෙන් යුතුව නිවස සහ මිදුල දෙස බලන්ටවුනෙමි.....නිවස තුල සිටි අයෙක් වාහනය දෙසට ඇවිත් අපි ගෙන ආ බෑග් සහ අනිකුත් උපකරන නිවස තුලට රැගෙන ගිය අතර අම්මා මාව අල්ලගෙන නිවස තුලට එක්ක යන්ට විය......මේක ගෙයක්ද එහෙම නැත්නම් දිවිය මාලිගාවක්ද......මා නිවසතුල තිබුනු වෛවර්න උපකරන සහ ගෘහ භාන්ඩ දෙස බලමින් කල්පනා කරමින් අසල තිබුනු පුටුවේ වාඩිවී ඔවුන් මාව නැවත පල්ලියට රැගෙනයනතුරු බලා සිටියෙමි....

අනතුරේ පෙරලිය 3.......දැන් ගැටලුවක් නැති හින්ද අද ගෙදරයන්න පුලුවන් .....පැවසූ වෛද්‍යවරයා මගේ වෛද්‍ය සටහන් පයිල් එකේ සටහන් වගයක් ලියන්ටවිය......ටිකෙට් කැපුව වගේ....දැන් ආපහු යන්න පුලුවන්......මා සතුටින් කල්පනාකලෙමි......මෙය පුද්ගලික රෝහලක් බව බැලූ බැල්මට තේරුම් ගියමට එයට මුදල් ගෙවීමට සිදුවන බව සිහිවිය.....සමහර විට පාදර් මෙයාලට සල්ලි දෙන්න ඇති ගෙවන්න කියල.....මා සිතන්ට වුනෙමි......දැන් පුතාට ගෙදර යන්න පුලුවන්නෙ.... තාත්ත සල්ලි ගෙවල එනකන් මේ ඇදුම් ඇදගන්න......ඇය මෙසේ කීවිට......පිරිමි පුද්ගලයා සහ පිරිමි ළමයා කාමරයේ නොසිටි බැවින් ඔවුන් මුදල් ගෙවීම සදහා ගොස් ඇති බව තේරුම්ගත්තෙමි.....ඒත් තාත්ත කිව්වෙ කාටද....මා කල්පනා කලෙමි.....අර ඇවිත් හිටිය ලමයගෙ තාත්ත හින්ද එහෙම කියන්න ඇති.....මට සිතුනි.
           බෑගයෙන් ඇදුන් කිහිපයක් ඇඳ උඩ තැබූ ඇය.....මේටික ඇදගන්න .....පවසා මාව වැසෙනසේ තිරය වැසුවාය....මා ඇදුන් ටික දිග හැර බැලුවෙමි....මොනවද මේ......මෙතැන තියෙන්නෙ ගැහැනු ලමයි අඳින ඇඳුම්නෙ......මා ඒවා දිගහැර බලා කල්පනා කලෙමි.......ඇයි අම්මෙ කලිසම් තිබුනෙ නැද්ද.....මම තිරය මෑත්කර ඇයගෙන් ඇසුවෙමි....මේ වෙලාවෙ ඩෙනිම් අදින්නබෑනෙ පුතේ ඕව පහසුනෙ ඕව අදින්න.....ඇය පැවසුවාය......මේ ඇදුම් අතර බ්‍රෙසියරයක් තිබුනු බැවින් එය අතට ගෙන.....මගේ පපුව ඉදිමිලා හින්ද ඇඳගන්න වෙන්න ඇති මේක දෙන්න ඇත්තෙ.....කල්පනා කරමින් සිටිනවිට.....තාම බිල හදල නෑ මැටිල්ඩ ...තව පොඩ්ඩක් වෙලා ඉන්න වෙයි.....තාත්තා යනුවෙන් හැදින්වූ පුද්ගලයා කියනු ඇසුනි.....පුතාට යන්න ලෑස්තිවෙන්න කිව්ව......කාන්තාව කියනු ඇසුනි.....ඇදුම් තියෙනවද?.....පිරිමි පුද්ග්ලයාගේ කටහඬ ඇසුනි.....කොයි වෙලාවෙ ගෙදර යන්න කියයිද කියල ඇදුන් ටික බෑක් එකේ තියාගෙන හිටියෙ.....කාන්තාවගේ පිලිතුරු දෙනු ඇසුනි.....තාම අදිනවද පුතේ....ඇසූ කාන්තාව තිරය මෑත්කර මා දෙස බැලුවාය......ඒ වනවිටත් මා බ්‍රෙසියරය  අත තබාගෙන කල්පනාකරමින් සිටියෙමි......මොකද පුතේ ඔය ඇදුම් ටික දිහා බලාගෙන ඉන්නෙ.....ඉක්මන් කරල ඇදගන්නකො......තව පොඩ්ඩකින් යන්න පුලුවන්වෙයි....කී ඇය නැවත තිරය වසා පිටතට ගියාය.....දරුවට කල්පනාව මදි ඇති පොඩ්ඩක් ඔයා ගිහින් උදවුකරන්න.....පිරිමි පුද්ගලයා කියනු ඇසුනි.....එවිට මා අසලට පැමිනි කාන්තාව.....දෙන්න මම අන්දන්න.....කී ඇය මගේ අතේ තිබුනු බ්රෙසියරය ඇඳ උඩින් තබා.....කාන්තාවන් අඳින සුදු පැහැති යට සායක් අන්දන්ට විය.....මොකක්ද මෙයාල මට කරන්න හදන්නෙ මාව ගැහැනු ළමයෙක් වගේ අන්දන්න නේද හදන්නෙ.....ඇයි අම්මෙ මම හිටිය කාමරේ කලිසන් තිබුනෙ නැද්ද......මගේ කාමරයේ කලිසම් තිබුනු බව මතක්වූ මා ඇසුවෙමි.....ඔය කලිසන් අදිනවට වඩා මේක ලේසිනෙ පුතේ.....ඇය මා ඇදසිටි ඇදුම හිසෙන් ගලවන අතරතුර කීවාය.....මට හිතෙන්නෙ කලබලේට මගෙ ඇදුම් ටික අරන් එන්න බැරිවුන හින්ද මෙයාගෙ ඇදුම් අන්දනව වගේ.......මගෙ පපුව ඉදිමිලා කියල දැක්ක හින්ද තමයි මෙයා මට බ්‍රෙසියර් එකකුත් දුන්නෙ.....ඇඳ සිටි ඇදුම ඉවත් කල පසු ඉදිමී විශාලවී තිබුනු පපුව දෙස බලා කල්පනාකලෙමි.......බ්රෙසියරය අතට ගත් ඇය මගේ ඉදිමී තිබුනු පියයුරු දෙක උඩින් බ්‍රෙසියරයේ කප් දෙක තබා උරහිස් පටි අතරට අත්දෙක රින්ගවන්ට විය.....ඒව උරහිස මත තබා....පිටුපසින් එහි ගාන්චු අමුනන අයුරු දැනුනි......එය ඇන්ද පසු මාවත් නියම ගැහැනු ලමයෙකු ලෙස පෙනෙන බව දුටු නිසා අමුතු ලැජ්ජාකාරී බවක් සිතතුල ඇතිවිය......ඉන්පසු ඇය ගවුමක් වැනි ඇදුමක් මගේ හිසෙන් අන්දන්ට විය......මේ ගෑනු එක්කෙනා මගෙ කමිසයක් වත් ගෙනත් නෑ වගේ.....මේ ඔක්කොම මෙයාගෙ ඇදුම්ද කොහෙද....පල්ලියෙ පාදර්ටවත් කල්පනාවුනේ නැද්ද මන්ද මගේ ඇදුන් ගෙනියන්න කියන්න.....දැන් මේ විදියට කෙල්ලෙක් වගේ ඇදගෙනනෙ මට පාරෙ යන්න වෙන්නෙ......ශික් ලැජ්ජවෙ බෑ....මේ විදියට මාව දැක්කාම මිනිස්සු හිතයි මාත් සමනලයෙක් කියල......මේ අම්මනම් මාර වැඩ කරන්නෙ....කමක් නෑ පල්ලියට ගියාට පස්සෙ ඇඳගන්නව......මා සිතුවෙමි.....පුතේ මේකත් ඇඳගන්න.....මාදෙසට යට කලිසමක් දිගුකර පැවසුවාය....මේ මොකක් ද ....මේකත් ගැහැනු අදින එකක් නෙ.....සිතූ මම දැන් ඔක්කොම ඇඳල තියෙන්නෙ ගැහැනු ඇදුම්නෙ ඔන්න ඔහේ මේකත් ඇදගන්නව.....සිතූ මා එය ඇඳගත්තෙමි......ශා මේක ඇන්දම හරි සනීපයිනෙ කොල්ලන්ගෙ ඒව වගේ නෙවෙයිනෙ....එහි තිබුනු දුහුල් රෙද්ද නිසා අමුතු සනීපයක් ඇතිවූ බැවින් එසේ සිතුනි.....ඉන් අනතුරුව ඇය මගේ කොන්ඩය පීරන්ට වූවාය. තරමක් කොටට තිබුනු මගේ කොන්ඩය තිබුනාට වඩා දිගුවී ඇතිබව පීරන විට තේරුනි....එය ගෙලදක්වා දිගුවී ඇතිබව පෙනෙන්ට තිබුනි...පුදුමයි....මේ දවස් දෙකට කොන්ඩෙ මෙච්චර දිගට වැවුනද.....වෙන්න බෑ මාස ගානක් මට සිහිනැතිවෙලා ඉදල තියෙනව...... දවස් දෙකක් කිව්වට මාස දෙකක්වත් ඉන්න ඇති......මා කල්පනා කලෙමි. කොන්ඩය පීරා කොන්ඩා කටුගැසූ ඇය මගේ මුහුනේ පියරු ආලේප කර.....සැන්ට් කුප්පියක් ගෙන ඒවාද ඇඟට ඉස්සින්ට විය....මා මින් පෙර මෙවැනි සැන්ට් පාවිච්චි  කර නොමැති නමුත් මින් විහිදුනු සුවදට මා බෙහෙවින් ඇලුම් කලෙමි......