මම කියන්නම් වැඩක්.....කිව්ව ඔහු.... ඔයාට සිද්ධ වුනු ඩේගැන මම ගෙදරට ඇත්තම කියන්නම්......අම්මෝ මටනම් බෑ එහෙ ගිහින් ඕව කියන්න....මම කෙල්ලෙක් විදියට එයාලට මුහුන දෙන්නෙ කොහොමද.....මම ඇහුව.......ඔයා එන්න ඕනැ නෑ.....මම ගිහින් හිමින් සැරේ කියන්නම්...ඔහු කිව්ව......ඔයාට ලගදිම මේ බේත හොයාගන්න පුලුවන්නම් කියන්න යන්න එපා....මම පැවසුවා.....මට ඒගැනනම් හරි උත්තරයක් දෙන්න බෑ.....මාත් හිතුවෙ නෑ මේ පෝමියුලා එක හදන්න මෙච්චර අමාරුවෙයිද කියල......ඔහු බලාපොරොත්තු සුන් වූවෙකු මෙන් කිව්ව.....කොයි එකටත් මම ලබන සතියෙ ගෙදර ගිහින් තත්වෙ බලාගෙන එන්නම්.......ඊට පස්සෙ මොකක් හරි තීරනයක් ගම්මු.....ඔහු තවදුරටත් පැවසුවා.
කිව්ව වගේ සෙනසුරාදා උදේ ඔහු ගෙදර ගියා......දැන් අපේ ගෙදරට මොනව කියයිද මන්ද .....ඔහු ගියාට පස්සෙ මගේ සිතට බයක් ඇතිවුනා......ඒත් වික්‍රම කියන්නෙ වැඩ අවුල් කරන කෙනෙක් නොවන හින්ද හිතට යම්කිසි සහනයක් ඇතිවුනා.....උදේ ගිය ඔහු රෑවෙනකොට ගෙදර ආව.......මම ඔයාගෙ ගෙදර ගියා.....අම්මෝ අම්ම ඔයාට පලු යන්න බැන්න....මගෙන් ඇහුව ඔයා මොකකට හරි පැටලිලාද කියල.....මම කිව්ව එහෙම එකක් නෑ කියල...දැන් මොකද කරන්නෙ වසන්ති....මේකට මොකක් හරි නොකලොත් ඔයාව හොයාගෙන මෙහටත් එයි.....ඔහු කිව්ව....එහෙම කිව්වද....මම ඇහුව.....තව දවස් කීපයක් බලල ආවෙ නැත්නම් එනව කියල අම්ම කිව්ව......එහෙම කිව්වද.....හරි වැඩේනෙ....දැන් මොකද කරන්නෙ මම බයෙන් ඇහුව.....දැන් වෙන කරන්න දෙයක් නෑ වසන්ති.....ඇත්තම කියන්න වෙනව.....වික්‍රම පැවසුවා.
මේ ගැටලුවෙන් බේරීමට වෙන ක්‍රමයක් නෑ කියල මට තේරුණා. වික්‍රම බෙහෙත සොයාගන්න දිනය දැනගැනිමටද නොහැකිවුනා. මොනව වුනත් මේක වික්‍රමට කියල විසඳා ගන්න ඕනැ කියල අවසානයේ මට තේරුනා.
දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ වික්‍රම .......ඔයා එන සති අන්තෙවත් ගෙදර ගිහින් මේ වැඩේ බේරුමක් කරන්න....මම කිව්ව.....ඒක තමයි වසන්ති මේක කොහොමද කියන්නෙ කියල මම මේ කල්පනා කරන්නෙ.....හරිම ප්‍රශ්නෙකට තමා අපිට මුහුන දෙන්න වුනේ.....මොකක් හරි ලෙඩක් හැදුනනම් කියන්න පුලුවන්......කෙල්ලෙක් උනා කියල කියන්නෙ කොහොමද....ඔහු කිව්ව. ....කොහොම වුනත් දැන් මේක හංගන්න බෑනෙ වික්‍රම .... කිව්ව මම ඕනැ දෙයක් උනාවෙ කියල කියල දාන්න.... කිව්ව.....කිව්ව කියමුකො එයාල මේක විශ්වාස කරයිද.....ඔහු කිව්ව.....ඒකත් ගැටලුවක් නේද..... මම ඇහුව.....කමක් නෑ වසන්ති මොනව උනත් මම ලබන සති අන්තෙ ගිහින් මේ ගැන කියනව......වික්‍රම ස්ථීර ලෙස කියන්න වුනා....
සති අන්තය වනවිට වික්‍රම ගෙදර යන්න සුදානම් වුනා. ප්‍රශ්නයක් නොවෙන විදියට මේ වැඩේ විසදන්න වික්‍රම....මම කිව්ව

No comments:
Post a Comment