මම කෙල්ලෙක් විදියට ලස්සනට ඇද පැලදගෙන ඉන්නව දකින්න වික්‍රම ගොඩක් කැමතියි කියල මට තෙරුනා. ඒ හින්ද මම මාලෙ එයා අතටම දීල මට පලන්දන්න කිව්වම එයා ගොඩක් සතුටින් ඒක අතට අරගෙන බෙල්ලෙ බැන්ද. දැන් තමයි කෙල්ලගෙ ලස්සන පේන්නෙ ....කරාබු දෙකත් දැම්මනම් තවත් ලස්සන වෙයි....වික්‍රම මගේ කන්පෙති වලින් අල්ලල සිනාසෙමින් කිව්ව...මම මොකුත් නොකිය මාලෙ අල්ලමින් ඒකෙ ලස්සන බැලුව.
මම මේ කල්පනා කලේ දැන් ඔයාට ලසන්ත කියල කතාකරන්න බෑ කියල....අපි රෑ කෑම කන අතරතුර වික්‍රම කිව්ව..... උඹ දැන් හදන්නෙ මගෙ නමත් වෙනස් කරන්නද.....මම ඇහුව.....දැන් ලසන්ත කියන පිරිමි නමෙන් කතාකරන්නෙ කොහොමද.....ඔහු ඇහුව....මගෙ ඔක්කොම වෙනස් කරපු එකේ දැන් ඕකත් වෙනස් කරහන්කො.....මම කිව්ව.....මම ලසන්ති කියල කතා කරන්නද....ඔහු ඇහුව.....අනේ මන්ද බන් උඹට ඕනැ විදියක කතා කරහන් මම කිව්ව....එහෙනම් ලසන්ති කියන්නම්....ඔහු කිව්ව.....ලසන්ති කියන්න එපා.....මම කිව්වම... ඇයි ඒ.... ඔහු ඇහුව.....ලසන්ත කෙල්ලෙක් වෙලා ලසන්ති කියනවද කියල මාව අදුනන අය හිතයි.....ඒ හින්ද වසන්ති වගේ නමක් කියහන්.....ඉතින් ඒක ඇත්තනෙ.....ලසන්තනෙ කෙල්ලෙක් උනේ...ඔහු කිව්ව......ඒක දන්නෙ අපි දෙන්න විතරනෙ.....මම කිව්වම....ඒකත් ඇත්ත තමයි...එහෙනම් වසන්ති කියන්නම්......ඔහු කිව්ව.
පහුවදා සෙනසුරාදා දිනයක් හින්ද වික්‍රම ගෙදර හිටිය.... වසන්තී.....අද ඔයාගෙ කන් විදිමු නේද.....උදේ ආහාරයෙන් පස්සෙ වික්‍රම ඇහුව.....උඹට ඕනැ එකක් කරහන් බන් මාව ආයෙ පිරිමියෙක් වෙන එක සිහිනයක් විතරයි කියල දැන් මට තේරෙනව.....මම බලා පොරොත්තු රහිතව කිව්ව.....එහෙම කියන්න එපා බන් මම අවුරුදු හතර පහක් ගිහින් හරි ඔයාව හිතපු තත්වෙට පත්කරනව..... දැඩි බලා පොරොත්තු සහගතව කිව්ව ඔහු..... එතකන් ඔයාව ලසනට තියාගන්න මම මේ හදන්නෙ...පැවසුව. ....දැන් කන්විදින්න මොකද කරන්න ඕනැ....මම ඇහුව....කරාබුදෙකත් අරන් මගෙ ලැබ් එකට එන්න....කිව්ව ඔහු ලැබ් එක ඇතුලට ගියා....මම කරාබු දෙකත් අරගෙන ඇතුලට යනකොට වික්‍රම කන් විදින කටුව සූදානම් කරමින් ඉන්න බව දැක්ක මට රිදෙයි කියල බය හිතුන....ඕකෙන් විදිනකොට රිදෙන්නෙ නැද්ද බන්....මම බයෙන් ඇහුව....බයවෙන්න එපා පොඩි කූබියෙක් කනව වගේ දැනෙයි.....මගේ කන්පෙත්ත විශබීජ නාශක වලින් සෝදන ගමන් කිව්ව....විදින ස්ථානය සලකුනු කල ඔහු....බෙහෙත් විදින කටුව කන්පෙත්තට තියල තදකරනව දැනුන.....රිද්දන්න එපා බන් කියනකොටම එයා විදලත් ඉවර බව තේරුනා.....විස බීජ නාශක වලින් සේදුව කරාබුවේ නැට්ට විද්ද තැනින් ඇතුලු කරල බෝලෙ කැරකෙව්ව.....මම හිතා හිටිය තරම් රිදුනෙ නැති හින්ද අනිත් එක විදින කොට බයක් දැනුනෙ නෑ.....දැන් මගේ කන්පෙති දෙකටම කරාබු දාල......මගෙ ගැහැනු කම දැන් තමා සම්පූරන වුනේ කියල මට හිතුන....

No comments:
Post a Comment