ටික වෙලාවකින් අපි අසලට පැමිනි සුරන්ජිත්....මොකද උපදෙස් ටිකක් අහගත්තද...සුරන්ජිත් ඇසුවේය....සිනාසුනු මා ලැජ්ජාසහගත ලෙස අහක බලා ගත්තෙමි.....ඕවට ලැජ්ජ වෙන්න දෙයක් නෑ....ඕවත් සාමාන්‍යය ජීවිතේට දැනගන්න ඕනැ දේවල්.....ඇය පැවසුවාය. ....පොඩි පුතේ ඔය දුවත් එක්ක මෙහාට එන්න ...මේ තාත්ත කතාකරනව.....අම්මාගේ කටහඬ ඇසුනු බැවින් අපි ඔව්න් අසලට ගියෙමු.....ඔයාල දන්නවද ඔයාල අද ආව මංගල කාර් එක කාගෙද කියල...ටික වෙලවක් කල්පනා කල සුරන්ජිත් ....ඒක බී එම් ඩබ්ලිවු එකක්නෙ...තත්තගෙ යාලුවෙකුගෙද....සුරන්ජිත් ඇසුවේය.....මම ඔයාල යාලුවන්ගෙ ඒවයෙ යවනවද එතකොට මගෙ තත්වෙ මොකක්ද....පැවසූ තාත්තා.....ඒක දැන් ඔයාලට මගෙන් තැග්ගක්......මෙන්න ඒකෙ පොතයි යතුරයි.....ඒවා අතට ගත් සුරන්ජිත් තාත්තාගේ දෙපා නමදින්ට විය මාද ඔහු අනුගමනය කරමින් තාත්තාගේ සහ අම්මාගේ දෙපා වැන්දෙමි....අක්කටද මෙලෙසම වාහනයක් තෑගිදුන් බව මට සිහිපත්විය.
පසුදින නැන්දලා සහ පුංචි අම්මලා නිවෙස් බලා යන නිසා අපි ගෙදරට ගියෙමු මේ ගමනට අම්මාද එකතුවිය.....අපි යනවිට ඔව්න් පිටත්විමට සූදානමින් සිටින බව දුටුවෙමු......අපි කැවුන් හැදුවෙ කෑම ජාති හැදුවෙ මෙහෙ ඉදන් තමයි...මොකුත් කඩෙන් ගෙනාවෙ නෑ....නැන්දා පැවසුවාය....කවුද හැදුවෙ නැන්දද පුන්චි අම්මද.....මා ඇසුවෙමි...අපි දෙන්නම....නැන්දා කීවාය....අපේ දුවටත් හොදට කැවුම් හදන්න පුලුවන්.....අම්මා කීවාය....අපේ අම්මටත් පුලුවන් එකේ එයාගෙ මිනිබිරියට්ත් බැරිවෙන්න බෑනෙ.....නැන්දා පැවසූ විට...අපේ නැතිවිච්ච අක්කටත් හොදට කෑම ජාති හදන්න පුලුවන්....පුන්චි අම්මා කීවාය....එහෙනම් දුවගෙ පරම්පරාවෙන් ආපු හැකියාවක්....අම්මා සිනාසෙමින් කීවාය. ....ඒවුනාට අක්කෙ අපේ දුවට මේ තරම් ලස්සනට සින්දු කියන්න පුලුවන් වුනේ කොහොමද.... අපේ පරම්පරාවෙ එහෙම කෙනෙක් හිටියෙ නෑනෙ......නැන්දා පැවසූ විට ...ඒක අපේ පරම්පරාවෙන් ආපු එකක්....මම දුවට සංගීතය ඉගැන්නුව.....අම්මා සතුටින් කීවාය....ඔවුන් පිටත්වූ පසු නිවස වසා දැමූ අපි නැවත ගෙදර ගියෙමු....
අක්කා නැවත හපුතලේට ගිය අතර අපේ කටයුතුද සාම්මාන්ය පරිදි සිදුවිය. අපි අයියා සහ නංගී යනුවෙන් අමතනු අසා සිටි අම්මා.....ඔයාල ඉස්සර ඔහොම කිව්වට කමක් නෑ දැන් ඔයාට කසාද බැදල...ඔයාල අයිය නංගි කියාගන්න එක ගැලපෙන්නෙ නෑ....එක්කො මහත්තය නෝන කියන්න එහෙම නැත්නම් නම කියල කතා කරන්න....මායි තාත්තයි කතා කරන්නෙ මම එයාට මහත්තය කියනව...එයා මට වත්සලා කියනව.....එය අසාසිටි මා ....මාත් අම්මවගේ මහත්තය කියන්නම්..අද කාලෙ හැටියට දූලට ගැලපෙන්නෙ නෑනෙ....සුරන්ජිත් කියන්න....අම්මා කීවිට...මම චතුරිකා කියනකො .....සුරන්ජිත් කීවේය. නිවස තුල වැඩකරුවන් සිටියද උදෑසන තේඑක මා අතින් පිලියෙල කිරීමට පටන්ගත්තෙමි....මා පිලියෙල කල තේ අම්මා අසලට ගෙනගිය පලමුදින.....මොකද දුවේ මේ ....ඇයි තන්ගච්චි නැද්ද ඇසුවාය......ඉන්නව අම්මෙ අද ඉඳන් මම තමයි උදේ තේ එක හදල ඔක්කොටම දෙන්නෙ.....මා කීවෙමි.....ඒ මොකද....ඇය ඇසුවාය.....එහෙම නැතුව බෑනෙ අම්මෙ දුවෙක් බිරිඳක් වශයෙන් මේ ගෙදරට මගේ යුතුකම් ඉටුකරන්න ඕනැ.....මා එසේ පවසනු අසා සිටි තාත්තා....මේවගෙ ලේලි කෙනෙක් ලබන්න ඔයාට පින් තියෙනව වත්සලා....තාත්තා පැවසුවේය.....ලේලි මෙයා ලේලි කෙනෙක් නෙවෙයි මහත්තය....මෙයා මගේ දුව...මගෙම දුව.....අම්මා වෙනදාමෙන් පැවසුවාය. මීට අමතරව මට නිවාඩු තිබෙන සැමවිටම ඉවීමේ කටයුතුත් කෑම වර්ග සෑදීමේ කටයුතුත් මගේ අතින් සිදුවිය. නිවස තුල ලස්සන කිරීමේ කටයුතු මගේ අතින් සිදුවූවද නිවසේ කිසිවෙකුගේවත් මා කරන කටයුතු වලට විරුද්දත්වයක් නොදක්වීව්ය.....දැන් මිදුල හරිම ලස්සනයිනෙ හරියට මල් වත්තක් වගේ.....ගෙදරට පැමිනි අක්කා පැවසුවාය.....ඕව කාගෙවත් වැඩ නෙවෙයි ලොකු දුවේ..... ඔයාගෙ නංගිගෙ වැඩ තමයි.....අම්මා සතුටින් කීවාය.

No comments:
Post a Comment