අපි කෑම කන්න බුෆේ එකට යනකොට මගෙත් එක්ක යහලුවුන නංගිල කට්ටියත් ඇවිත් හිටිය....එයාල මාව අල්ලගෙන අපිත් එක්ක කෑකමු.....කිව්ව.....අපි කෑම බෙදාගෙන හයදෙනාටම වාඩිවෙන්න පුලුවන් තැනක් හොයාගත්ත....නංගිල ටික විහිලු කරකර කෑම ගත්ත....මට ඔවුන් එක්ක ඉන්න කොට විශාල සතුටක් දැනුන....මම සන්තෝසෙන් සිනාසෙමින් ඔව්න් එක්ක කෑම ගන්නව බලාගෙන හිටිය වික්‍රමගෙ සිතට සතුටක් ඇතිවෙන බව මට තෙරුනා. අපි සවස හෝටලයෙන් යන්න හදනකොට නංගිලට දුකක් දැනුන කියල මට තේරුනා මම එයාලගෙ මුහුනු ඉඹලා සමුගත්ත. අපි යනගමන් කඩේකින් ආප්ප අරන්ගිහින් රෑට කාල නින්දට ගියා.
වික්‍රම පහුවදා වැඩට ගියා. ඊයෙ මම සතුටින් ඉන්නකොට එයා හිතුවෙ මම කෙල්ලෙක් උනාට පස්සෙ වෙනදට වඩා සතුටින් ඉන්නෙ කියල ....මම කිව්වෙ නැත්නම් තව පොඩ්ඩෙන් පරීක්ෂණ කටයුතු නවත්වනව.....එහෙම උනානම් මට වෙන්නෙ හැමදාම ගැහැනියෙක් විදියට ඉන්න.....මම කල්පනා කලා. මේ සති අන්තෙ කොහේද යන්නෙ.....වැඩට ගිහින් ආවහම වික්‍රමගෙන් ඇහුව.....මේ සති අන්තෙ කොහේවත් නොගිහින් අර පරීක්ෂණේ වැඩේ ඉක්මන් කරන්න ඕනැ..කිව්ව ඔහු..මම හිතාගෙන හිටියෙ ඔයා සතුටින් ඉන්නෙ කියල...ඒත් මට ඊයෙ තේරුනා උඩින් සතුටින් ඉන්නව කියල පෙනුනට හිතයටින් දුක් වෙනව කියල.....මම කැමති නෑ මගේ යාලුව හිතෙන් දුක්වෙනවට ...ඒ හින්ද මේ වැඩේ ඉක්මන් කරන්න ඕනැ...ඔහු කනගාටුවෙන් වගේ කිව්ව.....එහෙනම් ආයෙත් සති අන්තෙ කොහේවත් යන්නෙ නැද්ද.....මම ඇහුව.....ඔයා සතුටු වෙන්නෙ නැතුව මම විතරක් සතුටු වෙලා වැඩක් නෑ වසන්ති......මේ කරන පරීක්ෂණ සාර්තක උනොත් අපි දෙන්නටම සතුටු වෙන්න පුලුවන් වෙයි.....කියල සිනාසුනු ඔහුගේ සිනහව තුල දුකක්ද ගැබ්වෙලා තිබුනු බව තේරුනා.....
මේ සති අන්තයේ ඔහු මාත් එක්ක වැඩිය කතාකිරීමටවත් එලියට නැවිත් දිගටම පරීක්ෂණ කටයුතු කරන බව තේරුනා..... මේ විදියට දිගටම වැඩ කරන්න ගියොත් වික්‍රමට මොකුත් ගැටලුවක් වෙයිද කියල මට බය හිතුන.....වික්‍රම මේ සති අන්තෙ අපි කොහේහරි යමු....මම යෝජනා කලා....මට එහෙමෙහෙ රවුන්ගහන්න නෙවෙයි මේ වැඩේ කොහොමද කරන්නෙ කියල කල්පනා කරන්නෙ....ඔහු හිසේ අත තියාගෙන දුක්බරව කිව්ව. ....මට ඔහු ගැන දුකක් වගේම බයකුත් ඇතිවුනා.....අනේ වික්‍රම මේ වැඩේට ඔයාට ඕනැ තරම් කාලයක් ගන්න මම එතකල් ඉන්නම්......අපි කොහේ හරි ගිහින් විනෝද වෙලා එමු.....මම ආයෙත් කිව්ව....මට මේ වැඩේ කරදරයක් නැතුව කරන්න දෙන්න වසන්ති....ඔයාට මේක ඕනැම කියනවනෙ.....ඔහු මට කවදාවත් නැතුව සැරෙන් කිව්ව.....බයත් දුකත් ඇතිවූ මගේ ඇස්වලට කදුලු පිරුනු බව තේරුනු මා ඇස්දෙක අතින් පිස දමමින් කාමරය තුලට ගොස් කොට්ටයට මුහුන හොවාගෙන අඩන්න ගත්ත.......සුලු මොහොතකින් මා අසලට පැමිනි වික්‍රම .....අඩන්න එපා වසන්ති මට පොඩ්ඩක් කේන්තිගියා....මගේ ඔලුව අතගාමින් කිව්ව......ඒ පෝමියුලා එක හොයාගන්න බැරුව මේදවස්වල මගේ ඔලුව අවුල් වෙලා ඉන්නෙ.....මට සමාවෙන්න වසන්ති....කිව්ව ඔහු අපි ලබන සති අන්තෙ කොහේ හරි යමු....ඔයා හොද තැනක් කියන්නකො......මගේ නලල සෙමින් සිප හිස අතගා ආපසු ගියේය....අනේ පවු වික්‍රම එයා මම ගැන කොයි තරම් වදවෙනවද.....මම දුක්බරව කල්පනා කලා....

No comments:
Post a Comment