ඇගේ මෙම පැහැදිලි කිරීම මගේ හිතට වදදෙන්ට වුනේ මා සාමාන්‍යය ගැහැනු කෙනෙක් නොවන නිසාය....මගෙ අඩුපාඩු තියාගෙන මම පිරිමියෙක් එක්ක විවාහ වුන එක මගෙයි වැරැද්ද......අපරාදෙ අහිංසක සුරන්ජිත් මම හින්ද අමාරුවෙ වැටුන....මම මේ බවක් දන්නවනම් කීයටවත් කසාද බදින්නෙ නෑ.....දැන් නයෝමි අක්ක මාව පරීක්ෂණ වලට එක්ක යයි ...එතකොට මගෙ ඇග ඇතුලෙ මොකක් හරි අඩුපාඩුවක් තියෙනව කියල අහුවුනොත් මොකද කරන්නෙ.....මට මෙච්චර ආදරේ කරන අම්මත් මාව අයින්කරයි... පිරිමියෙක් ගැනියෙක් උනා කියල ගෑනුන්ට වගේ දරුවො හම්බවෙන්නෙ නැතුව ඇති.......මා දුක්බරව කල්පනා කරන්ට වුනෙමි.
නයෝමි අක්ක කියනව චතුරිකා...... පොඩ්ඩක් ඔයාව පරීක්ෂා කරල බලමු කියල....සුරන්ජිත් පැව්සුවෙය....තව ටිකක් බලමු නේද සුරන්ජිත්....තව මට වයසත් තියෙනවනෙ......මා එය මගහරවමින් කතා කලේ මගේ අඩුපාඩුව හොදින් දන්නා නිසාය....අම්මගෙ හිතෙත් ලොකු ආශාවක් තියෙනව ඒ හින්ද නයෝමි අක්ක කියන එක ගැනත් බලමු නේද......සුරන්ජිත් පැවසුවේය.....මට ඔහුගේ වචන වලට පිටින් යන්නත් බැරිය....මගේ අඩුපාඩු ඇතිනිසා යෑම්ටද නොහැකිය....
දින ගනනක් ගත වුවද සුරන්ජිත් මට නොයෝමි පැවසූ දෙයට බලකලේ නැත.....එහෙත් මගේ සිත තුල මහත් බරගතුයක් තිබුනි.....දුව ඉස්සර වගේ නෙවෙයි....දැන් හරි වෙනස්...දුව ඉස්සර අපිත් එක්ක විහිලු තහලු කරකර හරි සතුටින් හිටියෙ...දැන් නිතරම දුකෙන් වගේ කල්පනා කරකර ඉන්නෙ....ඔයාල අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද....දිනක් අම්මා ඇසුවාය....නෑ අම්මෙ එහෙම එකක් නෑ.....මා එසේ පැවසූ විට .....මොකද පුතේ මොකක් හරි ගැටලුවක්ද.....ඇය සුරන්ජිත්ගෙන් ඇසුවාය.....අපි අතරෙ එහෙම ගැටලුවක් නෑ අම්මෙ....කී ඔහු.... දරුවෙක් ලැබෙන්නත් වෙලාවක් එන්න ඕනැ අම්මෙ.....අපිට ඕනැ ඕනැ වෙලාවවට දරුවො ලැබෙන්නෙ නෑනෙ අම්මෙ.....ඔහු පවසන්ට විය.....ඕකටද ඔය කල්පනා කර කර ඉන්නෙ.....පැවසූ ඇය මා අසලට පැමින.....සුරන්ජිත් පුතා කියන එක ඇත්ත දුවේ අපි තවටිකක් ඉවසගෙන ඉම්මු.....ඔයා ඔහොම දුකෙන් ඉන්න එපා මගෙ දුවේ....වෙනද වගේ සතුටින් ඉන්න....ඇය මගේ හිස අතගාමින් පැවසුවාය....අනේ අම්මේ....මා හඩමින් ඇගේ උකුල මත ඇලවුනෙමි.....මොකද දුවේ.....මගේ මොකුත් අඩුවක්ද දන්නෙ නෑ අම්මෙ ....මා අඩමින් කීවෙමි....මගෙ දුවට එහෙම එකක් නෑ කියල මට විශ්වාසයි දුවේ.....මොකුත් ගැටලුවක් තියෙනවනම් ඒක අපි බලමු.....මොකද අපේ කියල ඩොක්ටස්ල තුන්දෙනෙක්ම ඉන්නවනෙ.....ඇය කීවාය. ඇය එසේ පැවසු විට මගේ හිත තුල තිබුනු බිය ගතිය තරමක් අඩුවිය.....එහෙත් මගේ අඩුපාඩු ඔහුවුනොත් කුමක් වෙයිද.
නයෝමි දුව කියනව....චතුරිකා දුවට බබාල නැති එක ගැන මෙඩිකල් චෙකප් එකක් කරමු කියල.....තාත්තා අම්මාට පවසනු ඇසුනි......ඒක තමා මහත්තය මාත් කිව්වෙ....මොකක් හරි ගැටලුවක් තියෙනවනම් බලාගන්න පුලුවන්නෙ.....අම්මා කීවාය.....තාත්තාගේ උවමනව මත කාන්තා රෝග පිලිබද විසේසඤ වෛද්‍යවරයෙක් මුනගසීමට සිදුවිය.....මා පිරිමියෙක් වී සිට ගෑනියෙක් බවට පත්වී ඇති නිසා එය අසුවේදැයි මගේ සිත තුල දැඩි බියක් ඇතිවිය. එහෙත් එන දෙයකට මුහුණදීමට සූදානමින් වෛද්‍යවරයා මුනගැසිමට ගියෙමි.

No comments:
Post a Comment