ආ ඩොක්ට වික්‍රම ඔයත් මෙහෙට ආවද...කාලෙකින් දැක්කෙ......ඔහුව දුටු පුද්ගලයෙක් ඇහුව.... අපි මේ ලන්ච් එකකට ආවබන්..රත්නෙ...ඔහු එහෙම කිව්වම මට හිතුනෙ මේ දෙන්න යාලුවො කියල....මම හිතාගෙන හිටියෙ උඹ කවදාවත් බදින එකක් නෑ කියලනෙ....අපිටත් හොරෙන් බැන්ද නේද....ඔහු මාදෙසද බලා පැවසුවා....අනේ නෑ බන් මේ මගෙ ගර්ල් ෆ්රෙන්ඩ්.....වික්‍රම එහෙම කිව්වම සිනාසුනු ඔහු......බදින්නෙ නැති අය ගර්ල් ෆ්රෙන්ඩ් ල ආස්සරේ කරන එකනම් එච්චර හොද නෑ.....ඔහු සිනාසෙමින් කිව්ව....මම ඒ දවස්වල එහෙම හිතාගෙන හිටිය තමයි....දැන් ඒ අදහස අත හැරල තියෙන්නෙ. .....එහෙනන් කමක් නෑ හැබැයි උඹල බදින දාට අපිටත් කියහන්.... සිනාසෙමින් කිව්ව ඔහු වෙනත් ස්ථානයකට ගියා....අපි කම්පස් යන කාලෙ රත්නෙත් එක්ක තමා බෝඩිමේ හිටියෙ....මම මෙඩිකල් කොලේජ් යනකොට එයා කොළඹ කැම්පස් ගියා....මිනිහ මාර විහිලු කාරය...ඔයා හිටිය හින්ද වැඩිය මොකුත් කියන්නෙ නැතුව ගියේ.. නැත්නම් තව ඒව කියනව.....ඒ වුනාට හරි හිත හොද මනුස්සය...ඔහු යහලුවා ගැන කියන්ට වුනා.
මම ලස්සනට ඇදල ඉන්නව දකින්න කැමතියි කිව්වෙ ඇයි...වික්‍රම.....මම ඇහුව....ඔහු මාදිහා බලල.....ඔයා කෙල්ලෙක් උනාට පස්සෙ හරිම ලස්සනයි වසන්ති. ඔයා ලස්සනට ඇදල ඉන්න කොට ඒ ලස්සන තවත් වැඩිවෙනව.....මට මතක නෑ ඔයාවගේ ලස්සන කෙල්ලෙක් මම මීට ඊස්සර දැකල තියෙනවද කියල. මම ආසම කෙල්ලගෙ රූපෙ ඔයාගාව තියෙනව.....ඒත් වසන්ති...... ඔයාගෙ ඔය සුන්දර ලස්සන රූපෙ කවද වෙනකන් දකින්න ලැබෙයිද කියල මම දන්නෙ නෑ.....කනගාටුවෙන් වගේ කිව්ව වික්‍රම ...මට ඊට වඩා වටිනව මගෙ අතින් වුන වැරැද්ද හදාගන්න එක.....ඒ හින්ද මම කොහොමහරි අර බේත හොයාගෙන ඔයාව ආපහු කොල්ලෙක් කරනව....මගේ කැමත්තට වැඩිය මට ඒක වටිනව......ඔහු කිව්ව. ඔයා කිව්ව නේද කවදාවත් බදින්නෙ නෑ කියල....මම ඇහුව.....එහෙම කිව්වනම් තමයි......ඔයා වගේ කෙනෙක් හම්බවුනොත් බඳිනවා ඒත් මට හිතන්න බෑ...වසන්ති ඔයා වගේ කෙනෙක් හම්බවෙයිද කියල.....ඒ වුනාට වසන්ති මම ජීවිත කාලෙටම තනිකඩව හිටියත් ඔයාව ආපහු කොල්ලෙක් කරනව....ඔහු එසේ පැවසුවේ අවංක හදවතින්ම බව මට හිතුන.
අපි ආපහු ගෙදර යනකොට සවස පහ විතර වුනා...ඇදුම් මාරුකරගත්ත මම උයන්න කුස්සියට ගියා...වික්‍රම කුස්සියට ඇවිත් පුටුවක් උඩින් වාඩිවෙලා මම කරන වැඩ දිහා බලා හිටිය....ඔයාගෙ පරීක්ෂණ වැඩ ඉවරද .....මම ඇහුව....අද පොඩ්ඩක් විවේක අරගෙන හෙට ඉදන් පටන්ගන්නව ඔහු කිව්ව....ඔව් ඒක හොඳයි කල්පනා කරල වැඩිවෙලා මොලේ අමාරුව එහෙම හැදුනොත් මාවත් අමාරුවෙ වැටෙනවනෙ......මම සිනාසෙමින් කිව්ව.....එහෙනම් ඉතින් ඔයාට වෙන්නෙ හැමදාම ඔය විදියට ඉන්න තමා...කිව්ව ඔහු....නරකත් නෑ හොද කොල්ලෙකුගෙ කරේ එල්ලෙන්න හම්බවුනොත්..... සිනාසෙමින් කිව්ව. ...අනේ යනව යන්න මට කොල්ලො ඕනැ නෑ මට ඕනැ ආපහු කොල්ලෙක් වෙලා කෙල්ලෙක්ව කසාද බැදගන්න.....මම කිව්ව....ඉතින් ඒක හරි තමා...ඒත් මම කිව්වෙ මගේ මොලේ නරක්වුනොත් ඔයාට වෙනදේ....ඔහු කිව්ව....එහෙනන් ඉතින් වෙන මොනව කරන්නද.....මම කිව්ව.

No comments:
Post a Comment