වික්‍රම වැඩට ගියාට පස්සෙ මම ඔහු කියාදුන්න විදියට ඒව තියාගත්ත.... මීට ඉස්සර ගැහැනු අයට මේවගෙ දෙයක් වෙනව කියල අහල තිබුනත් අත්දැකිමෙන් දැනගන්න ලැබුනෙ අදයි......මට මුලදි බය හිතුනත් පහුවෙනකොට ඒ බය අඩුවුනා...පැඩ් එක තියාගෙන ඉන්න එක ඒතරම් ගානක් නැතිවුනා...ඒ හින්ද ගෙදර වැඩටික වෙනද වගේ කරගන්න පුලුවන් උනා.....පිරිමින්ට මේවගෙ කරදර වෙන්නෙ නෑනෙ.....මම පිරිමි ජීවිතයේ වටිනාකම ගැන කල්පනා කලා....
සවස ගෙදර ආව වික්‍රම....දැන් කොහොමද....මගෙන් ඇහුව....ගැටලුවක් නෑ....වික්‍රම මට මේගැන කියල දුන්න හින්ද හොදයි....මම කිව්ව....ඕක ගනන් ගන්න එපා වසන්ති ...අනිත් ගෑනු අය කිසි ගානක් නැතුව වැඩට යන්නෙ.....ගෑනු ලමයි ඉස්කෝලෙත් යන්නෙ....ඔයාට ටිකක් අමුතු වගේ දැන්නෙන්නෙ මේකට පුරුදු නැති හින්ද. මාස කීපයකට පස්සෙ ඕකට හුරුවෙයි.....ඔහු එය සාමාන්‍ය දෙයක් ලෙස අර්ථ දක්වමින් පැවසුව......දැන් කොහොමද ලබන වීක් එන්ඩ් එකේ ගමන.....තැනක් කල්පනා කලාද.... අපි රාත්‍රී ආහාර ගන්නා අතර තුර වික්‍රම ඇහුව.... කොහොමද වික්‍රම මේ අසනීපෙ තියාගෙන යන්නෙ..... මම ඇහුව.....ඕක අසනීපයක් නෙවෙයි කියල මම කිව්ව ඔයාට මේ ඉක්මනටම අමතක වුනාද.....ඔහු ඇහුව.....සොරි අසනීපයක් නෙවෙයි තමයි.....ඒත් වික්‍රම මේ විදියට යන්නෙ කොහොමද...මම ඇහුව.....ඔයාට මම කිව්ව නේද ඕක තියාගෙන ගෑණු ලමයි ස්කෝලවල යනව ...ගැහැනු අය වැඩට යනව කියල.....ඔහු මතක් කලා....ඒක තමා.... මේක එච්චර ගනන් ගන්න ඕනැ දෙයක් නෙවෙයි නේද.....මම කිව්ව....ඕකනේ බබෝ... ඔයාට දැන්නෙ තේරෙන්නේ.......ඔහු සිනාසෙමින් කිව්ව.....අනිත් එක නිමන්ති සෙනසුරාදා වෙන්න ඉස්සෙල්ල ඕක නවතිනව.....ඒ හින්ද ගැටලුවක් වෙන්නෙනෑ.....ඔහු තවදුරටත් කිව්වම......මම ඔහු කියල දුන්න විදියට දින ගනන් කරල ....ඇත්තම තමයි.....දවස් පහක් යනකොට ඉවර වෙනවනෙ....මම සතුටින් කිව්ව.
අපි හික්කඩුවෙ මුහුදෙ නාමු කියල පහුවදා මම වික්‍රමට යෝජනා කලා....ඒකනම් නියම අදහස....මාත් හිතාගෙන හිටියෙ ඔයත් එක්ක මුහුදෙ නාන්න යන්න.....ඔහු කිව්ව....දවස් දෙකම ඉම්මු මම හෝටෙල් එකක් බලන්නම් ඔහු කිව්ව....සිකුරාද රෑ මම දවස් දෙකට හරියන්න ඇදුම් ටික බෑක් එකට දාගත්ත...මීට ඉස්සර කොල්ල කාලෙ වගේ නෙවෙයි දැන් මට ගොඩක් ඇදුම් ගෙනියන්න වෙලා....බැක් එක පිරුනහම කල්පනා කලා. මේ වෙනකොට මෙගේ පලමු මාසික ක්‍රියාවලිය නතරවෙලා තිබුන හින්ද ඒක ගැන හිතන්න දෙයක් නැති බව තේරුනා.
සෙනසුරාදා උදේ අටට විතර ගෙදරින් පිටත්වුන අපි හික්කඩුව මුහුද අයිනෙ තිබුන හෝටලයක් ගාව වාහනය නතර කලා.... වික්‍රම මාත් එක්ක ඇතුලට ගියා.....ඔහු කාමර දෙකක් වෙන්කරනව අහගෙන හිටිය මම ...වික්‍රම පොඩ්ඩක් මෙහාට එන්නකො....මම ඔහුව එතැන හිටිය අයට නෑසෙන තැනකට එක්ක ගියා....මොකද....ඔහු මගෙන් ඇහුව.....ඇයි කාමර දෙකක්....මම ඇහුව.....ඔයාට එකයි මට එකයි....ඔහු කිව්ව....ඇයි අපි දෙන්නට එක කාමරේ ඉන්න බැරිද.....මම ඇහුව.....ඒක හරිනෑ නේද...වසන්ති.....ඔහු ඇහුව. ....මොකද හරි නැත්තෙ...අපිට එක ගෙදර ඉන්න පුලුවන්නම් එක කාමරේ ඉන්න බැරිද....මම ඇහුව.....ඔයා කියනවනම් ගන්නම් ඒත් මගෙ හිතට හරි නෑ....ඔහු කිව්ව.....මට ඔයාව විශ්වාසයි වික්‍රම ඔයා එක කාමරයක් ගන්න.....මම කිව්ව....ආයෙත් කවුන්ටරේ ගාවට ගිය ඔහු...කාමර දෙකක් එපා එකක් දෙන්න....ඩබල් කාමර එකක්....ෆුල් ඔප්සන් දෙන්න.....ඔහු කෑම සමගම එය වෙන්කලා.....අපි කාමරය තුලට ගියහම මම ඇදෙන් වාඩිවුනා....ඔයාට බය හිතෙන්නෙ නැද්ද වසන්ති...මා දිහා අමුතු විදියටට බැලුව ඔහු ඇහුව....ඇයි මෙකෙ යක්කු එහෙම ඉන්නවද.....මම ඇදේ ඇලවෙලා ඇහුව......යක්කුනම් නෑ තමයි ඒත් මම වගේ කොල්ලෙක් එක්ක ඉන්න.....ඔහු ඇහුව....මම දැන් කෙල්ලෙක් වෙලා හින්ද කොල්ලෙක් එක්ක ඉන්නනම් බයයි තමයි ....ඒත් මගෙ හොදම යාලුව එක්ක ඉන්නනම් බය නෑ..... කිව්ව මම.....මම දන්නව එයා මට කිසිම අනතුරක් කරන්නෙ නෑ කියල.....මම එහෙම කිව්වම ...වික්‍රම සතුටින් සිනාසෙනව දැක්ක.
දැන් අපි මෙහෙට ආවෙ නිදාගන්නද නාන්නද....මම ඇදගෙන ආව ඇදුම් පිටින් ඇදේ ඇලවෙලා ඉන්නකොට වික්‍රම ඇහුව.....දෙකටම.... කිව්ව මම ඇදෙන් නැගිටල ඇදුම් මාරු කරන්න හැදුවම....වික්‍රම කාමරේ මුහුද පැත්තෙ තිබුන කොරිඩෝ එකට ගියා......මට එදා පූල් එකේ නාන්න ගෙනත් දීල තිබුන නාන ඇදුම ඇදගත්ත. වික්‍රම කොල්ලෙක් හින්ද මුහුද ගාවට ගිහින් ඇදුම් මාරුකරගන්නව කියල කොට කලිසමත් අරගෙන යන්න ලෑස්තිවුනා.....මාත් නාල ඉවරවෙලා ඇදගෙන කාමරේට එන්න ගවුමක් ගත්ත..... ..

No comments:
Post a Comment