ටිකවෙලාවකින් උදෑසන තේ එක ගෙන ආබව දොරට තට්ටුකරන හඩින් දැනගත් සුරන්ජිත් දොර ඇරියේය.....වේටර් ලමයා තේ ටික මේසය මත තබා ආපසු ගියවිට......තාම මුහුන හෝදගන්නත් බැරුවුනා....මම එනකන් තේ එක බොන්න කී ඔහු නාන කාමරය තුලට ගියේය.....මා ඔහු පැමිනෙන තෙක් මුහුද දෙස බලාගෙන සිටියෙමි....මේ වනවිට මුහුදට හොදින් හිරුරැස් වැටී තිබුනි. මාලු බෝට්ටු වලින් සමහරක් වෙරලට ඇවිත් තිබුනු අතර ඒ අවට සෙනග රැස්වෙමින් මාලු මිලදී ගන්නා බව පෙනුනි. මුහුදු ලිහිනියන් බෝට්ටු අවට කැරකුනේ ඔවුන්ටද මාලුවෙක් දෙන්නෙක් ඉල්ලා ගැනීමේ අරමුනෙන් බව මට සිතුනි.....අපේ හෝටලයේ සහ අවට හෝටල් වල සිටින සුදු ජාතිකයන් වෙරලේ ඇවිදින අයුරු දුටුවෙමි.....ඔවුන්ගේ ඇදුම් දෙස බලූවිට ඔයටිකත් ඇන්දේ මොකටදැයි මට සිතුනි...ටික වෙලාවකින් සුරන්ජිත් එලියට පැමින තේ මේසය දෙස බලා......ඔයා තාම තේ බිව්වෙ නැද්ද.....ඇසුවේය.....අනේ නෑ අයියෙ ඔයා එනකන් හිටියෙ.....මම එනකන් ඉන්න ඔනැ නෑනෙ ඔයා බිව්වනම් ඉවරනෙ.....ඔහු මා අසලට පැමිනෙමින් කීවේය.....එහෙම හරිනෑනෙ....කී මා ජැනේලය අසලින් ඉවත්වීමට සූදානම් වන විට මගේ කරට අත දමාගත් ඔහු ජනේලයෙන් පිටත බලන්ට විය.....බලන්නකො අර සුද්දියො ටික......ඔහු කියනවිට.....මෙච්චර ලස්සන දේවල් තියෙනව මෙයාට එක පාරටම පෙනුනෙ සුද්දියො......මා කීවෙමි......මාත් පිරිමියෙක්නෙ ලමයො ඔහොම යන්තම් ඇඟ වැගෙන්න ඇදගෙන ඉන්න කොට බලන්න හිතෙන්නෙ නැද්ද..ඇසූ ඔහු..ඔයත් ඔහොම අදින්නකො......සිනාසෙමින් කීවේය..ඉකේයිය ශික්... මොනවද මේ කියන කතා..... කී මා පුරුද්දට මෙන් ඔහුට පහර දීමට අත ඔහු දෙසට ගෙන සොරි කියමින් එකවර නවතා ගත්තෙමි....මොකද නැවැත්තුවෙ.....ගහන්න ඔහු කීවේය.....ඒක හරි නෑනෙ අනේ....මා කීවෙමි....ගහන්න ගැහුවෙ නැත්නම් මම තරහයි.....ඔහු මුහුන පුලුටුකරගෙන අහක බලා ගත්තේය.....මා සෙමින් ඔහුගේ උරහිසට තට්ටු කලෙමි....ඔහොම මදි මට දැනුනෙවත් නෑ....මා තව ටික්ක් හයියෙන් තට්ටු කලෙමි.....ම්ම්ම්ම්....ඒකත් මදි....ඔහු කීවේය මම ටිකක් තදින් ගැසුවෙමි.....අන්න ඒකනම් ටිකක් හරි...කී ඔහු මා සමග තේමේසය කරා ගමන්කලේය.....මා ඔහුට තේ කෝප්ප්ය පිලියෙල කරදී මාද පානය කලෙමි.....අද අපි යන දිහා දන්නවද....ම්හු....මා නොදන්නා බව හගවමින් කීවේමි.....මම ඔයාව කොහේ එක්ක යයිද කියල ඔයා දන්නෙ නෑ....ඔහු නැවත ඇසුවේය....අනේ නෑ අයියෙ මට දැන ගන්න ඕනැත් නෑ.....ඔයා මාව අපායට එක්ක ගියත් මම සතුටින් යනව.....මා එසේ පැවසූ විට මාදෙස ආදරනිය බැල්මක් හෙලූ ඔහු.....අද අපි යන්නේ ....අපි දෙන්නටම හොදට මතක තියෙන දිහාවකට......කොහේද.... නුවර එලියෙද මා ඇසුවෙමි......නෑ.. ගියාම මතක් වෙයි.....ඔහු කීවේය.....
ටිකවෙලාවකින් මගේ ජංගම දුරකතනය නාදවිය..කොහොමද නංගි අක්කාගේ කට හඩ ඇසුණි ...හොදින් ඉන්නව අක්කෙ.....අම්මත් උදේ පාන්දරම කතා කලා මා ඇයට කීවෙමි.කෝ සුරන්ජිත් ඉන්නවද...ලග ඉන්නව අක්කෙ දෙන්නම්......මා ඔහුට දුරකතනය දුන්නෙමි.....අද උදේට කාල නවයට විතර මෙහෙන් පිටත් වෙනව අක්කෙ....එයා තාම දන්නෙ නෑ....දැන ගත්තොත් සර්ප්රයිස් එකක් වෙන්නෙ නෑනෙ......ඔහු සිනාසෙමින් කීවේය.....නෑ අක්කෙ එයා වෙන ගෑනු වගේ ප්රශ්නකරකර හොයන කෙනෙක් නෙවෙයි.....මම කියන දේ පිලිඅරගෙන ඔහේ ඉන්නව.....හරි අක්කෙ මම දෙන්නම්...ඔහු නැවත මගේ අතට දුරකතනය දුන්නේය....හලෝ අක්කේ.....මා කතා කලවිට.....මම මේ නයෝමි අක්ක කතා කරන්නෙ.....කොහොමද....ඇසුවාය......හොදින් ඉන්නව අක්කෙ.....මා කීවෙමි....මම ඇහුවෙ ඊයෙ රෑ තත්වය කොහොමද කියල.....ආ ඒකද...ලැජ්ජාවෙන් මෙන් ඇසූ මා......

No comments:
Post a Comment