එදින සිට සතියකට දෙතුන් විටක් මේ ආකාරයට අපි සතුටු වුනෙමු....දිනෙන් දින අපි දෙදෙනාගේ ආදරය වැඩිවන්ට විය. අක්කා නොමැති නිසාදෝ අම්මා ගේ දැඩි සෙනෙහසක් සහ ආදරයක් මා කෙරේ දක්වන්ට විය.තාත්තා සහ ලොකු අයියාද මාකෙරෙහි වෙනදාටත් වඩා සෙනෙහස දක්වන්ට විය. අපිට නිතර මුනගැසීමට නොහැකිවූවද අක්කා නිතර මට කතාකරමින් සුවදුක් විමසන්ට වූවාය.නයෝමි අක්කාද මට නිතර කතා කරන්ට වූවේ ඇයද මට අදරය දක්වන නිසාය...අපි විහිලු තහලු කරමින් සතුටින් කාලය ගතකලෙමු.....දැන් මගෙ නංගි ඉස්සට වඩා මහත්වෙලා පාටත් වැටිල ලස්සන වෙලා.....අපේ නිවසට පැමිනි අක්කා කීවාය.....මම විතරක් නෙවෙයි අක්කත් ලස්සන වෙලා....මා කීවෙමි.....සතුටින් ඉන්න කොට ඔහොම තමයි ලමයිනේ....අම්මා අපි දෙස බලා කීවාය....ඔන්න දැන් අක්කට පාඩුවක් වෙන්න යන්නෙ....සුරන්ජිත් කීවේය....ඒ මොකක්ද......අක්කා පුදුමයෙන් මෙන් ඇසුවාය.....දැන් චතුරිකා නංගිට තව අක්ක කෙනෙක් ඉන්නව......ඔහු සිනාසෙමින් කීවේය.....නයෝමි අක්කා මට ගොඩක් ආදරේ තමයි...ඒත් අක්කට තියෙන ආදරේනම් පොඩ්ඩක්වත් අඩුකරන්නෙ නෑ... මගෙ අක්කෙ....මා ඇයව තුරුලුකර ගනිමින්....කීවෙමි.
මේ වනවිට අක්කා රැකියාවෙන් අස්වී ඇය බැන්ද අයියා සමග හපුතලේ පිහිටි නිවසට ගොස් සිටියාය.....දුවේ දැන් ඔයා හපුතලේ ඉන්න එකේ අපේ පැක්ට්‍රියේ එකවුන් කරන්න පුලුවන්නෙ.. ඒක පලනය කරගෙන ඉන්නත් පුලුවන්නෙ.ඔයාට දැන් ලැබෙන්නෙ කොටස් මුදල් විතරනෙ....මෙහෙම කලොත් හොද පඩියකුත් ගන්න පුලුවන්....පිට කාගෙවත් නෙවෙයිනෙ ඔයාලගෙම පැක්ට්රියනෙ.....තාත්තා අක්කාට යෝජනා කලේය. අක්කා එයට කැමතිවිය......මේනිසා අක්ක කලමනාකරන අධයක්ෂකාවක් වසයෙන් එම කර්මාන්ත ශලාවේ වැඩ බාර ගත්තාය....එදින එම උත්සවය සදහා අපි සැවෝම එහි ගියෙමු....එය පලාතේ තිබුනු විශාල තේ කර්මාන්ත ශාලාවක් බව දුටුවේ එහිදීය. වත්තේ පිහිටි බංගලාවද පිහිටා තිබුනේ ඉතාමත් මනස්කාන්ත ස්ථානයකය.....කොහොමද අපේ වත්තෙ බංගලාව.....සුරන්ජිත් ඇසුවේය.....හරිම ලස්සනයි අයියෙ අපි දෙන්නට මෙහෙ ඉන්න ඇත්නම්.....මා කීවෙමි.....මෙහෙ පදිංචි වෙන්න අපිට බෑනෙ නිවාඩුවෙලාවක අපි මෙහෙ ඉදල විනෝද වෙලා යමු.....ඔහු පැවසුවේය....
අයියලාගේ විවාහ උත්සවය කොළඹ ඉහල පෙලේ හෝටලයක පැවැත්වීය. මා එයට සහභාගී වූවේ ඔසරියක් ඇදගෙනය එයට හේතුව මා ඔසරිය අදිනවාට සුරන්ජිත් ඉතාමත් කැමති නිසාය. සුරන්ජිත් පමනක් නොව මා ගැහැනු ලමයෙක් බවට පත්වූ දින සිට ඔසරියට සහ සාරියට දැඩි කැමැත්තක් ඇතිවී තිබුනි....එදින මා අසලට පැමිණි ....විනෝදනී අක්කා.....දැන් ලොකු අයියගෙ වැඩෙත් හරි... දැන් තියෙන්නෙ ඔය දෙන්නගෙ වැඩෙ....මගේ සහ සුරන්ජිත්ගේ අත්වලින් අල්ලාගත් ඇය කීවාය....අපිට ආරංචියි නංගිගෙත් උත්සවේ ලගයි කියල...සුරන්ජිත් ඇසුවේය...කවුද කිව්වෙ....ඇය ඇසුවාය.....නැන්ද කිව්වෙ...ඔහු පැවසුවේය....ලැජ්ජාවෙන් මෙන් බිම බලාගත් ඇය....දැනට කතාකරල තියෙන්නෙ අයියෙ.... තාම කාටවත් මේක ගැන කිව්වෙ නෑ....එයා ඩොක්ට කෙනෙක් ...අපේ තාත්ත.... මාමගෙන් එයා ගැන අහල තියෙනව වැරැද්දක් නෑලු....මාත් ටිකක් ආස්සරේ කලා එයා හොද කෙනෙක් වගේ පේන්නෙ....ඇය විස්තර කරන්ට වූවාය......අක්කට ගොඩක් හොදකෙනෙක් හම්බවෙන්න ඕනැ අක්කෙ....මා දැඩි සෙනහසෙන් යුක්තව ඇයගේ අත තදින් අල්ලාගෙන පැවසුවෙමි....මේ සුරන්ජිත් අයිය කියන්නෙ.... ගොඩක් හොද කෙනෙක් නංගි මෙයා නංගිව ගොඩක් හොදට බලාගනියි නංගිත් හොදින් මෙයාට සලකන්න......ඇය අපි දෙදෙනාගේ දෑත් එක්කරමින් පැවසුවෙ පැරනි තරහා සම්පූරනයෙන් අමතක කරමිනි.....දැන් නංගිගෙ උපාධීයට තව කොච්චර කල් තියෙනවද අක්කා ඇසුවාය...තව අවුරුදු දෙකක් විතර තියෙනව අක්කෙ ලගදි ටෙලිකොම් එකෙ ට්‍රේනින් දානව කිව්ව සුරන්ජිත් අයිය ඉන්න තැන හදා ගත්තොත් ලේසියි.....මා කීවෙමි....අයියෙ මෙයාට එතැන හදල දෙන්නකො.....ඇය සුරන්ජිත්ගෙන් ඉල්ලුවාය.....පුලුවන් වෙයි.... ඔහු පැවසුවේය.....

No comments:
Post a Comment