මම එලියට ගියාට පස්සෙ සායකින් සහ බ්ලවුසයකින් සැරසුනු ඇය කුස්සිය දිහාට ආව.....තැනින් තැන කහට පැල්ලම් සහ ඉරුනු තැන් තිබුනු එම පරන ඇදුම දුටු විට මගේ සිතට අනුකම්පාවක් ඇතිවුනා...මාව කෙල්ලෙක් උනාට පස්සෙ වික්‍රම මට කොච්චර ලස්සන ඇදුම් අරන්දීල තියෙනවද.....ඒව ඇදගෙන මම කොයි තරම් හැඩ බලනවද.....මෙයත් මම වගේම ගෑනියෙක්නෙ....මෙයත් ආස ඇති ලස්සන ඇදුමක් ඇදගෙන හැඩ බලන්න....මට සිතුන....මාගාව තියෙන ඇදුම් කිහිපයක් ඇයට දීමට හිතුනත් වික්‍රමගෙන් අහන් නැතුව එහෙම කරන එක හරි නෑ කියල හිතුන...දවල්ට කැමට තිබුනේ මට පමණක් ප්‍රමානවත් ආහාර නිසා ඇයද එකතු කරගෙන උයන්න පටන්ගත්ත....ඇය මට වඩා ඉවීමට දක්ෂ බවත් කඩිසර බවත් ඇගේ හැසිරීමෙන් දැනගත්ත.
සවස ගෙදර ආව වික්‍රම චිත්‍රගෙන් විස්තර අහන්න ගත්ත. ඇයගේ පඩි ගැන සාකච්චා කල පසු .....මගෙ වැඩ ගැන බලල සාධාරන ගානක් දෙන්නකො සර්.....ඇය කිව්ව...ඇයි වික්‍රම වැඩකාරයෙක් ගත්තෙ මම උයන කෑම හරි නැද්ද ....ඇය කුස්සියට ගියාට පස්සෙ මම වික්‍රමගෙන් ඇහුව.....අනේ නෑ වසන්ති.....ඔයා හැමදාම ගෙදර වැඩකාරි වගේ වැඩකරනව දැක්කම ...මට හිතුන ඒක හරිනෑ කියල.....මම හින්දයි ඔයාට මේ තත්වෙට වැටෙන්න උනේ....ඔහු කනගාටුවෙන් වගේ කියන්න උනා....මම ගෙදර වැඩටික කලාට ඕව ගැන කල්පනා කලේ නෑ වික්‍රම ...මම මේ වැඩටික කලේ බොහොම සතුටින්......මම කිව්වම.....ඒ විතරක් නෙවෙයි වසන්ති.... ඔයා දවල් දවසෙ ඉන්නෙ මේ ගෙදර තනියම.....ඔයාවගේ ලස්සන කෙල්ලෙක් තනියම ගෙදර ඉන්න එක ගැටලුවක් කියල මට තේරුනා....ඒක ගැනත් කල්පනා කරල තමයි මම ඔය තීරනේ ගත්තෙ.....ඔහු තවදුරටත් කිව්ව
ඇය වැඩට ඇවිත් දවස් දෙක තුනකින් මගෙන් ගවුන් කිහිපයක් දෙන්නද කියල වික්‍රමගෙන් ඇහුව.......ඔයාට ගැටලුවක් නැත්නම් දෙන්න.....කිව්ව ඔහු.....ඔයාට ඉක්මනට ආයෙත් කොල්ලෙක් වෙන්න පුලුවන් උනොත් ඔය ගවුන් වලින් වැඩක් නැනෙ.....සිනාසෙමින් කිව්ව....එහෙනම් ඔක්කොම ඇදුම් ටික එයාට දෙනව.....මම කිව්ව. මම ඇදුන් කිහිපයක් ඇයට දුන්නහම ලොකු නිදානයක් ලැබුන වගේ සතුටුවෙනව දැක්ක.....මට හිතුන මේවගේ වටිනා ඇදුම් කවදාවත් ඇයට අදින්න ලැබිල නෑ කියල....ඇය ඒවා ඇදගෙන මම වගේ හැඩබලනව දැක්කම මට ඇතිවුනු සතුට හිතාගන්න බැරිවුනා. ඇය ඉතාමත්ම හිතවත් කමින් සහ ඕනෑකමින් ගෙදර වැඩ සියල්ල කරන්න උනා...මට දැන් ඉස්සරවගේ උදේ පාන්දරින් නැගිටල කුස්සියට යන්න ඕනැ වුනේ නෑ....
No comments:
Post a Comment