අපි නිවසට ගිය විගස මාව බදාගෙන මුහුන සිපගත් අම්මා.....මම කිව්ව නේද දුවේ දුවට කවදාවත් වරදින්නෙ නෑ කියල.... දැන් ඉතින් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනැ....අන්නාසි වගේ සැරජාති කනව එහෙම නෙවෙයි.....ඇය නියෝග දෙන ආකාරයට පැවසුවේ මට ඇති දැඩි සෙනෙහසට බව තේරුනි.
දුවේ දුවට කන්න කැමති ඒව එහෙම තියනවනම් කියන්න......හිතේ තියාගෙන එහෙම ඉන්න එපා ඒක බබාට හොද නෑ.....අපි ඇදුම් මාරු කරගෙන සාලයට ගිය පසු අම්මා කීවාය.....අම්මෙ හෙට උදේට කිරිබත් හදමුද.....මා ඇසුවෙමි....ඕකනෙ මම කිව්වෙ....හිතේ තියාගෙන ඉන්නව මිසක් කියන්නෙ නෑ....මගේ කම්මුල අල්ලා මිරිකා කීවාය.....මගේ කම්මුල හොඳින් ඉස්සී තිබුනු බැවින් අම්මා සහ සුරන්ජිත් විටින් විට එසේ කරන බව මා දැනගෙන සිටියෙමි.....සුරන්ජිත් ඒවා සෙමින් සැපීමටද පුරුදුව සිටියේය.
දිනෙන්දින මගේ කුස විශාල වන්ටවිය. අපහසු තාවයන් ඇතිවූවද මා ගැහැනියක වශයෙන් සියලු අපහසුතාවයන් ඉවසාගෙන උත්තරීතර මවු පදවිය සඳහා සූදානම් වුනෙමි.....අපේ පවුලේ බාලයා මා බැවින් සියල්න්ගේ ආදරය සහ අවධානය මාවෙත යොමුවී තිබුණි. මේ නිසා කිසිම අඩුපාඩුවක් නොදැනුනි....ස්කෑන් පරීක්ෂාවකින් ලැබෙන්න සිටින්නේ දුවෙක් බව දැනගැනීමට ලැබුණි.....දින සම්පූරන වූවිට දියනිය බිහිවිය එදින ගැහැනියක් වසයෙන් මවක් වසයෙන් විදින්න සිදුවන ලොකුම වේදනාව විදීමට සිදුවූවද ගැහැණු ජීවිතය ගැන මගේ සිතතුල තිබුනු බලවත් කැමැත්ත බිදකින්වත් අඩුනොවීය.මට මවක් වීමටලැබීම ගැන ආඩම්බරයක් ඇතිවිය. සිගිත්තිය මාගේ පියයුරු වලින් කිරිඋරා බොනවිට ඇතිවන ආදර බර හැගීම මා පිරිමියෙක්ලෙස සිටියානම්වි කිසිම දිනක විදගැනීමට නොලැබෙන බව මා කල්පනා කලෙමි.
අපේ පවුලේ සියල්ලන්ටම කුඩා දරුදැරියන් සිටින බැවින් අම්මා ඉතාමත් සතුටින් සිටින බව දක්නට ලැබුනි..මට හිතෙන්නෙ..මේ චූටි පැටික්කිනම් දිවිය ලෝකෙ ඉදන් ආපු දිව්‍ය කුමාරියක්ම කියල තමයි.....මොකද එදා අර හාමුදුරුවො ආරාධනා කලානෙ පින්වත් කෙනෙක් මගෙ දුවගෙ කුසේ උපදින්න කියල....ඊට පස්සෙනෙ මේ දුව බඩට ආවෙ....අම්මා දුවව වඩාගෙන සිනාසෙමින්....කීවාය
දියනියට අවුරුදු දෙකක් පමන වනවිට මා නැවත අම්මා කෙනෙක් වීමේ ලකුනු පහල විය. මේ අතර මා නිමල් ලෙස සිටින සමයේ මා ළඟින් ඇසුරු කල යහලුවන් ගැන විටින් විට දැන ගැනීමට ලැබුණි. ඔව්න් ගෙන් සමහෙරෙක් හ්රගෙවල් වලවිය. සමහරු පාතාල කන්ඩායම් වලට එකතුවී මැර කටයුතු වල නිරත වන බව ආරන්චිවිය. මා මෙලෙස චතුරිකා බවට පත් නොවුනානම් මේ වනවිට මගේ තත්වය කුමක් විය හැකිදැයි කල්පනා කරන්ට වුනෙමි. එසේනම් මාත් මෙලහකට මැරයෙකි. නැතහොත් හිරගෙදරය එසේ නැතිනම් කාගේ අතින් හෝ මැරුම් කා ඇත..... මාව ගැහැනු ළමයෙක් බවට පත් කරල මට මේවගෙ තත්වයකට පත් කලාට ආත් අම්මට ගොඩාක් පින්දෙන්න ඕනැ.....මා කල්පනා කලෙමි..... ආත් අම්ම මට පාඩමක් උගන්වන්න කෙල්ලෙක් බවට පත් කල මුල් දිනවල මා සිතා සිටියේ ගැහැනු ජීවිතය යනු මහ මෝඩ කරදර කාරී කිසිම වැඩක් නැති ජරා ජීවිතයක් ලෙසටය. එහෙත් දිනෙන්දින එහි යම් සුන්ද්රත්වයක් ඇති බව අවභෝදවනවිට ගැහැනු කමට කෙතරම් ඇලුම්කලාද කියත හොත් මට පිරිමි ජීවිතය එපාම විය. මා අද නිතර ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකිනා තුරු උපදින උපදින සෑම ආත්මයකම මෙවැනි සුන්දර කාන්තාවක් වී ඉපදී සුරන්ජිත් ගේම බිරිද වීමටය.
නිමල් චතුරිකා බවට පත්වූ ආත් අම්මාගේ කතාව මින් අවසන් විය.

No comments:
Post a Comment