ආත් අම්ම මාව චතුරිකා විදියට තියාගන්න එකඟ වුන එක ලොකු දෙයක්. දැන් තියෙන එකම ප්රශ්නෙ උප්පැන්න සහතිකේ......ඒකෙත් චතුරිකා කියල වෙනස්කරගන්න පුලුවන්නම් නියමයි .....කාමරය තුලට ගිය මා කල්පනාකලෙමි.
ආත් අම්මා සමඟ කතිකා කරගත් පරිදි සඳුදා අපි කට්ටඩි අන්කල්ගේ නිවස බලා පිටත්වුනෙමු.....ටවුමට ගිය අපි බසයට නැග තවත් ගමකින් බැස එහි සිටත් තවත් බසයකින් යෑමට සිදුවිය.......දුවේ මෙතැන ඉදන් ටිකක් දුර පයින් තමා යන්න වෙන්නෙ.....ආත් අම්මේ පැවසුවාය....ආත් අම්මට අමාරු නැත්නම් මට ගානක් නැ...පැවසූ මා...මගේ උනන්දුව වැඩිකමට කෙතරම් දුරක් හෝ පයින් ගමන්කිරීමට තීරනය කරගතිමි. ආත් අම්මාට එතරම් වේගයෙන් ගමන්කිරීමට අපහසු බැවින් අපිට ගමන් කිරීමට සිදුවූවේ තරමක් සෙමිනි.....අවුවනෙ දුවේ කුඩයක් ගෙනාවෙ නැද්ද....ඇය කුඩය සෙවිල්ලමින් කීවාය.....මම ගෙනාව නෑ ආත් අම්මෙ..... මා කීවෙමි.. ගෑණු ලමයෙක් වුනාම කුඩයක් ගේන්න ඕනැනෙ....අවුවට පිච්චිලා මුහුන කලුවෙයි එන්න මේ කුඩේ යටට.....ඇය කීවාය.....ආත් අම්මා පවසන දේ සත්යයයකි....පිරිමි ලමයෙකු මෙන් නොව ගැහැනු ලමයෙකු වූ විට නිතර තමාගේ සිරුර ලස්සනට තබා ගන්න උනන්දු වෙන්න ඕනැ.....මට කුඩයක් ගෙන ඒමට බැරිවීම ගැන පසුතැවෙමින් කල්පනාකලෙමි.
කිලෝ මීටරයක් පමන දුරගෙවා කට්ටඩි අන්කල්ගේ නිවසට ලගාවුනෙමු....එය තරමක් පැරණි නිවසකි.....නිවස අසල දේවාල කිහිපයක් තිබෙනු දක්නට ලැබුනි....මේ අවට අමුතු ගුප්ත බවක් ඇතිබව මට සිතුනි....පිරිමින් සහ කාන්තාවන් කිහිපදෙනෙක් නිවස අසල සිටින බව පෙනුනි....නිවසේ දොරකඩ දෙසට ගිය ආත් අම්මා එතැන සිටි පුද්ගලයෙකුගෙන් කට්ටඩි මහතා සිටිනවාදැයි ඇසුවාය.....ඇතුලෙ කට්ටියක් එක්ක කතාකරකර ඉන්නව එයාල ආවහම ගිහින් හම්බවෙන්න එතකන් ඔය එලියෙන් වාඩිවෙලා ඉන්න....පැවසූ ඔහු කිසියම් වැඩකට එතැනින් ඉවත්විය.....අපි සුලු වේලාවක් වාඩිවී සිටිනවිට නිවස තිල සිටි අය පිටවිය.....අපි ඇතුලට ගියෙමු......කට්ටඩි අන්කල් පරන තාලයේ ඇදි පුටුවක වාඩිවී කන්නාඩි දෙකක් ඇස්වල දමගෙන....දින පොතක් බලමින් සිටින අයුරු දක්නට ලැබුබි.....කන්නඩිය අතරින් අපිදෙස බැලූ ඔහු වාඩිවන ලෙස අතින් සංඥා කලේය.....සුලු වෙලාවකින් කන්නාඩිය ගලවා දිනපොත අසල තිබුනු පැරනි තාලයේ කැටයම් කර ඇති ටීපෝව මත තබා අපි දෙස බැලුවේය......කට්ටඩි මහත්තයට මතකද දන්නෙ නෑ.....මීට අව්රුදු දෙහෙකට විතර ඉස්සර ඉරිබේරිය වත්තේ වැඩක් කලේ.....ආත් අම්මා කීවාය.....ඉරිබේරිය වත්තෙත් මම වැඩ වලට යනව තමා....ඒත් මට හරියට නිච්චි නෑ...... ඔහු කීවේය.....කට්ටඩි මහත්තයට මතක නැද්ද.....හිතුවක්කාර පිරිමි ලමයෙකුට වැඩක් කලේ....ආත් අම්මා කිවිට කල්පනාකල කට්ටාඩි අන්කල්.....එහෙම එකක් කලාවගේ මතකයි.....කී ඔහු.....දැන් ඒ ලමය හොදට ඉන්නවද.....ඇසුවේය......කට්ටඩි මහත්තයට පින්සිද්ද වෙන්න ඒ ලමය දැන් ගොඩක් හොදයි. මේසැරේ විභාගෙනුත් හොදට පාස්වෙලා....ආත් අම්මා සතුටින් කීවාය....කෝ ඒලමය එක්ක ආවෙ නැද්ද....ඔහු ඇසුවේය.....මේ ඉන්නෙ ඒලමය තමයි....මාව පෙන්වා කීවාය.....ලස්සන දුවෙක්නේ....මා දෙස බලා පැවසූ ඔහු.....පිරිමි ලමයෙකුට නේද ඒ වැඩේ කලා කිව්වෙ.....ඔහු ප්රශ්නකලේය ....එදාහිටිය පිරිමි ලමය තමයි මහත්ත්යො මේ ඉන්නේ.....ආත් අම්මා මාව පෙන්වා කීවාය.......හරි....හරි.....හාමිනේ මට දැන්නෙ මතක් උනේ.....මම ඒක කලේ අත්හදා බලන්නත් එක්ක.....ඒක ගොඩක් සාර්ථක වෙලා තියෙනවනේ.....ඔහු සතුටෙන් පවසන්ට විය.....දැන් මොකක්ද හාමිනේ මගෙන් කෙරෙන්න ඕනැ.....ආයෙමත් පිරිමි ලමයෙක් වෙන්න ඕනැ කියනවද.....ඔහු ඇසුවේය.

No comments:
Post a Comment