දිය ඇල්ල දැක ගැනීමට ලැබුනේ කන්ද උඩදීය.....අපි පහලට ගොස් දිය ඇල්ල නැරබුවෙමු...මට නොදැනීම සුරන්ජිත් මගේ චායාරූප කිහිපයක් ගත් බව දුටුවත් මා නොදන්නාක් මෙන් සිටියෙමි.....අපි සියලු දෙනා දිය ඇල්ල දෙසින් ඉහලට පැමින ටික වේලාවක් එම ස්තානයේ තිබුනු ගස් මුලක වාඩිවී ගිමන් හැරියෙමු.....මාත් අක්කාත් සුරන්ජිත් යන තිදෙනාම එක ස්ථානයක වාඩිවී සිටි අතර අනිත් අය වාඩිවී සිටියේ අපිට ටිකක් දුරිනි....පොඩ්ඩක් ඔය දෙන්න ඔහොම ඉන්න...... මම ටක් ගාල එන්නම්...... කී අක්කා අපි අසලින් ඉවත්විය......කොහේද මේ අක්ක හදිස්සියෙ ගියේ.....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි.....මොකක් හරි මතක් වෙලා අම්ම ගාවට යන්න ඇති......ඔහුගේ පිලිතුර විය......නංගි හිතනවද දන්නෙ නෑ මම නංගිත් එක්ක තරහවෙලා කතාකරන්නෙ නෑ කියල......ටික වෙලාවකින් ඔහු කීවේය......අයිය මාත් එක්ක මොකට තරහවෙන්නද .....මා ඇසුවෙමි....දිගු සුසුමක් පිටකල ඔහු......නංගිට කල්පනාකරල බලන්න ඕනැ කිව්ව හින්ද.....මම මේගැන කිසි දෙයක් කියන්නෙ නෑ.....නංගි ඕනැතරම් කාලයක් ගන්න......මම නංගිට කවදාවත් බලකරන්නෙ නෑ......මේ ඔක්කොමල හිතාගෙන ඉන්නෙ මට කෙල්ලො පෙන්නන්න බෑ කියල......මට පෙන්වන්න බැරි කෙල්ලො වගේ ඉන්න කෙල්ලො මිසක් නංගි වගේ කෙල්ලන්ව නෙවෙයි. උපත්තියෙන් කෙල්ලෙක් උනාට හොද ගැහැනු ගති නැත්නම් එයාල කෙල්ලො නෙවෙයි...නංගියේ........ඔහු පැවසුවේය.....මට නංගි වගේ එක්කෙනෙක් හම්බවුනේ නැත්නම් කවදාවත් බදින්නෙත් නෑ......ඔහු තව දුරටත් පැවසුවේය......එහෙම කියන්න එපා අයියෙ........ මේ ලෝකෙ ඕනැතරම් හොද ගැහැනු ලමයි ඉන්නව......මා කීවෙමි.......ඉන්න පුලුවන් ඒත් මම මෙච්චර කාලෙකට දැක්ක එකම එක්කෙනා ඔයා....අදත් මම නංගිගෙන් ඉල්ලන්නෙ අවුරුදු දහයක් ගිහින් හරි මා ගැන අදහසක් ඇතිවුනොත් කියන්න කියල ....ඔහු කීවේය.
ඇයි දෙයියනේ සුරන්ජිත් අයිය මට මේතරම් ආදරේ......මටත් එයාව දැක්කම පුදුම ආදරයක්නෙ ඇතිවෙන්නෙ....අනේ මට මෙයාගෙ තුරුල්ලෙ හැමදාම ඉන්න පුලුවන්නම්......ඒත් මට එහෙම කරන්න පුලුවන්ද.....මම පිරිමියෙක්නෙ.....කොයි වෙලාවෙ හරි මාව ආයෙත් පිරිමියෙක් වෙයි.....මට නැවත ඒ ගැන මතක්වීමෙන් දුකක් ඇතිවිය.

No comments:
Post a Comment